Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගුරු පාරෙන් බෝ මළුවට කෘතිය තරුණ භික්ෂුන්ට හස්තසාර වස්තුවක්

අද සම්භාවනීයත්වයට පත්ව සිටින සංඝපීතෘෘන් වහන්සේලා කුඩා අවධියේ සිට දුෂ්කරතා විඳගෙන පැමිණි ගමන් මග හෙළිකරන ගුරු පාරෙන් බෝ මළුවට කෘතිය තරුණ භික්ෂු පරපුරට හස්තසාර වස්තුවක් බඳු යැයි කොළඹ මාළිගාකන්දේ විදේ‍යා්දය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත බලංගොඩ සෝභිත නාහිමියෝ පැවැසූහ. 
ලක්බිම පුවත්පතේ ප්‍රධාන උප කර්තෘ ධර්ම ශ්‍රී තිලකවර්ධන මහතා විසින් ප්‍රකට යතිවරුන්ගේ අප්‍රකට කතා ඇසුරින් රචනා කළ ගුරු පාරෙන් බෝ මළුවට කෘතිය මරදාන සාහිත ‍පොත් පියසේදී එළි දැක්වීමේ අවස්ථාවේදී බලංගොඩ සෝභිත නාහිමියෝ එසේ පැවැසූහ. 
කොටුගොඩ ධම්මාවාස මහනාහිමි, නාපාන පේමසිරි මහනාහිමි, ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමි, දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමි, වේඬරුවේ උපාලි අනුනාහිමි, වැලිමිටියාවේ කුසලධම්ම නාහිමි, බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, දිවියාගහ යසස්සි නාහිමි, වල්‍පොළ පියනන්ද නාහිමි, මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි, පල්‍ලේගම හේමරතන නාහිමි, මිල්ලානේ සිරියාලංකාර නාහිමි, කොට‍පොළ අමරකිත්ති හිමි, අගලකඩ සිරිසුමන හිමි යන ස්වාමීන් වහන්සේලා සිය පූජනීය ජීවිතය ගොඩනගාගත් දුෂ්කර මාවත පිළිබඳව මෙම කෘතියෙන් හෙළිදරව් වේ. 
ග්‍රන්ථයේ මුල්පිටපත ධර්ම ශ්‍රී තිලකවර්ධන මහතා හා ග්‍රන්ථයේ ප්‍රකාශක සාහිත ‍පොත් පියස නිර්මාතෘ චාමික මුණසිංහ මහතා විසින් විදේ‍යා්දය පරිවේනාධිපති නාහිමි ඇතුළු සඟරුවනට පූජා කළහ. 
මෙහිදී කෙටි අනුශාසනාවක් කළ විදේ‍යා්දය පරිවේණාධිපති බලංගොඩ සෝභිත නාහිමියෝ ගුරුපාරෙන් බෝ මළුවට කෘතිය ඉතා සිත්ගන්නා සුලු ආකාරයෙන් ලියා තිබෙනවා. මනසට කිසිදු අපහසුවකින් තොරව කිහිපවරක්ම කියවීමට කැමැත්ත ඇතිවන ආකාරයට කෘතිය සම්පාදනය කරලා තිබෙනවා.
අද ඉතාම පූජනීයත්වයට පත්ව සිටින අපගේ ගරුතර නායක ස්වාමීන් වහන්සේලාගේ ජීවිත ගමන් මග හරිම දුෂ්කරයි.
ඇතැම් විට අධ්‍යාපනය ලැබිමට පවා පහසුකම් නොමැතිව වගේම ඉන්න හිටින්නට තැන් පවා නැතිව උන්වහන්සේලා තම ජීවිත ජයගෙන තිබුණා. යළි ගිහි ගෙදරට යාමට පවා පෙළඹෙන ප්‍රශ්න ආවත් ඒ සියල්ල විඳගෙන හැඟීම්වලට නොව බුද්ධියට මුල්තැන දීමෙන් අද ඒ පූජනීය ජීවිත අපට ආදර්ශයක් සපයා තිබෙනවා. සිය ‍ලේඛන කලා දිවිය ඔස්සේ ධර්ම ශ්‍රී තිලකවර්ධන මහතා සිදුකරන ශාසනික මෙහෙවර අප නිරන්තරයෙන්ම අගයනවා. ඔහුට දෙස් විදෙස් සම්භාවනීය මහ සංඝරත්නයේ ප්‍රසාදය හිමිවී තිබෙනවා. මෙම නව ග්‍රන්ථය වත්මන් සහ අනාගත භික්ෂු පරපුරට ආදර්ශයක් බව විශේෂයෙන් කිව හැකියි.” 
 
කොළඹ මහානාම විදුහ‍ලේ ආචාර්ය සියඹලාගොඩ ධම්මින්ද හිමි -  “සංඝ පීතෘෘන්වහන්සේලාගේ ගමන් මග අපගේ ජීවිතවලට පූර්වාදර්ශයක්. අප සැම විටම ආදර්ශයට ගන්නේ මේ උත්තරීතර ජීවිතයි. අද විවිධ ගැටලුවලට මුහුණ දෙන තරුණ භික්ෂුන් වහන්සේලා ඒ ප්‍රශ්න තුළ අතරමං වෙනවා. නමුත් අපගේ සංඝ පීතෘෘන් වහන්සේලා තමන්වහන්සේලාට ආ ගැටලු ක්‍රමානුකූලව විසඳාගෙන දුෂ්කර මාවතක් ඔස්සේ පැමිණි ආකාරය මේ ග්‍රන්ථය ඔස්සේ හෙළිදරව් කර තිබෙනවා. කවදත් මහ සඟරුවනට හිතෛෂීව කටයුතු කරන ධර්ම ශ්‍රී මහතා අපේ රටේ සම්භාවනීය මහ සංඝ සභා කිහිපයකින්ම ගෞරව සම්මාන ලැබූ අයෙක් බව සිහිපත් කළ යුතුයි.” 
 
ග්‍රන්ථයේ කර්තෘ ධර්ම ශ්‍රී තිලකවර්ධන මහතා - “අතීතයේ සිටම සඟරුවන පිළිබඳව විවිධ චරිත කතා ලියැවී තිබෙනවා. ඒත් ඒ සම්ප්‍රදායානුකූල චරිත කතාවලින් ඔබ්බට ගොස් මෙම ග්‍රන්ථය රචනා කිරීමට මට හැකිවුණා. විශේෂයෙන් අපගේ මහ සඟරුවන සමග මාගේ තිබෙන මනා සබඳතාව නිසා චරිත කතා පෙළ සාර්ථකව ලිවීමට මට හැකිවුණා. අද උතුම් ජීවිත ගත කරන මේ සංඝ පීතෘෘන් වහන්සේලා අතීතයේ විඳි දුක්ගැහැට කල්පනා කරන විට මට මහ පුදුමයකුත් ඇතිවෙනවා.”
සිංගප්පූරුවේ ක්වීන් ලිංග් විහාරයේ ආගමික උපදේශක යටමලගල සුමනසාර, කැනඩාවේ ටොරොන්ටෝ විහාර දහම් පාස‍ලේ ප්‍රධානාචාර්ය උඩුපීහිල්‍ලේ විමලබුද්ධි, මුල්‍ලේගම ආර්ය නිකේතන පිරිවනේ නියෝජ්‍ය පරිවේණාධිපති මැදගම පඤ්ඤාරතන, විදේ‍යා්දය පිරිවනේ ආචාර්ය වල්‍පොළ පියරතන, සුභද්‍රාරාම පිරිවෙනේ ආචාර්ය පැළෑනේ ධම්මකුසල, මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආචාර්ය කිරිලිපනේ මංගල, මඩකඩ පිච්චමල් සේනාසනයේ දොරවක සුසීම, හෝකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානවාසී බැද්දේවෙල ධම්මකිත්ති යන හිමිවරු ඇතුළු සඟරුවන සහ නීතීඥ බුද්ධික වංශරත්න මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1696

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2062

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4883

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2904

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1673

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2546

Please publish modules in offcanvas position.

Web Analytics