Coss Ear2
lakbima.lk
COSS Ear 1

ලොතරැයියත් හොරට ගහලාද?

බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ජාතික ලොතරැයි මණ්ඩලයට එරෙහිව පසුගිය දිනෙක මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. ඒ ජාතික ලොතරැයි මණ්ඩලය නිකුත් කළ එක්තරා ලොතරැයියක් ව්‍යාජ බව පවසමිනි. මෙම ප්‍රකාශයත් සමග ජාතික ලොතරැයි මණ්ඩලය එම ප්‍රකාශය පිළිබඳව ‍පොලීසිය වෙත පැමිණිල්ලක් ගොනු කළේය. ඒ මන්ත්‍රීවරයාගේ එකී ප්‍රකාශයට විරුද්ධවය. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසන ආකාරයට ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ඔහුට විරුද්ධ පැමිණිල්ල ගොනු කර ඇත්තේ ඔහු විසින් ව්‍යාජ ලෙස ලොතරැයි පත් මුද්‍රණය කර ඒවා මහජනතාව පෙන්වමින් ජනතාව නොමඟ හරින බව පවසමිනි. 
කෙසේ නමුත් මේ පිළිබඳ අදහස් දක්වන මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසන්නේ මෙවැනි කතාවකි. 
ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ප්‍රකාශිත 1429 වැනි වාරයේ ගොවිසෙත ලොතරැයි පත් තමයි 'මම මාධ්‍ය වෙත පෙන්නුවේ. එම ලොතරැයි පත මට මහජනතාව විසින් ලබා දුන් ඒවා. එම ලොතරැයි පත්වල සමහර ලොතරැයි රු. 30 යන්න සඳහන් වෙලා තිබෙනවා. තවත් එකක රුපියල් 20 යන්නත් තවත් එකක කිසිම මිලක් සඳහන් වෙන්නේ නැහැ. මෙම ලොතරැයි පත් මුද්‍රණය කරලා තිබුණේ රවි කරුණානායක ඇමැතිවරයා මුදල් ඇමැතිව සිටි සමයේදීයි. ඔහු විසින් ලොතරැයි පත් සඳහා බොහො දේ සිදු කළා. ලොතරැයි මිල ඉහළ දැමීම, බදු පැනවීම්, දිනුම් ඇදීම් ප්‍රමාණ පහළ දැමීම් සිදු කළා. මෙසේ දිගින් දිගටම ලොතරැයි මුද්‍රණය පිළිබඳ තිබුණු ප්‍රශ්න හේතුවෙන් 2016 වසරේදී රජයේ විගණකාධිපති විසින් පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළා. එම වාර්තාවේ ලොතරැයි මුද්‍රණය පිළිබඳ තිබෙන දෝෂ පිළිබඳ දැක්වෙනවා.
මේ සියලු කරුණු රටට අනාවරණය කිරීම උදෙසා තමන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේය.
මන්ත්‍රීවරයා නගන චෝදනාව පිළිබඳව හා ලොතරැයිපත්වල වංචාවන් සිදුව ඇතිදැයි යන්න පිළිබඳව ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සුනිල් ගුණවර්ධනගෙන් අප කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ඔවුන්ගේ අනුදැනුම ඇතිව එවැනි ව්‍යාජ ටිකට්පත් නිකුත් කර නොමැති බවයි.
අපගේ අනුදැනුම ඇතිව කිසිවිටෙක මෙවැනි ව්‍යාජ ටිකට්පත් මුද්‍රණය කරන්නේ නැහැ. අපි දිනකට ටිකට්පත් ලක්ෂ 30ක්් මුද්‍රණය කරනවා. එම ටිකට්පත් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හා තවත් පෞද්ගලික ආයතන හතරක තමයි මුද්‍රණය කරන්නේ. මුද්‍රණ කටයුතුවලදී ඇතැම් විට මුද්‍රණ දෝෂ සිදුවීමේ හැකියාව තිබෙනවා. අපි නිකුත් කරන ලොතරැයි පත් එකින් එක බලන්නේ නැහැ. ඒවා ටිකට් පත් හාරසීයේ බණ්ඩල විදිහටයි අපට ලැබෙන්නේ. අපි එහිදී සිදු කරනුයේ අහඹු ලෙස ටිකට් පත් තෝරාගෙන පරීක්ෂා කිරීම පමණයි. නමුත් ව්‍යාජ ටිකට් පතක් නම් අපට ඒවා සොයා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අදාළ අංක හා බාකෝඩ් මත. අපි විකුණන සෑම ටිකට් පතකම දත්ත අප ළඟ තිබෙනවා. මෙම ව්‍යාජ යැයි පවසන ටිකට් පත් පරීක්ෂා කිරීමට අප බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියා. නමුත් ඔහු ඒවා අපට ලබා දුන්නේ නැහැ. එසේ ලබා දුන්නේ නම් අපිට එම ටිකට් පත් අප විසින් නිකුත් කළාද නැතිනම් ව්‍යාජ ඒවාද යන්න ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙනවා. පසුව අප මේ පිළිබඳව ‍පොලීසිය වෙත පැමිණිල්ලක් කරනු ලැබුවා.
මෙම ලොතරැයි පත් පිළිබඳ ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා එසේ පවසද්දී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සමන් ජයසිංහ පවසන්නේ වෙනත් අදහසකි.
මෙම සිදුවීම අප ආයතනයට සම්බන්ධ ටිකට් පතක් පිළිබඳ සිදුවීමක් නොවෙයි. අපේ ආයතනය තුළින් කිසි විටක මෙවැනි දෙයක් සිදුවන්න බැහැ. 
ඒ අපි උපරිම ආරක්ෂා හා තාක්ෂණය යොදාගෙන මෙම ටිකට්පත් වෙළෙඳ‍පොළට නිකුත් කරන නිසා. අපි ටිකට්පත් නිරන්තර පරීක්ෂාවට ලක් කරනවා. අපි අතින් මෙවැනි දේ සිදු වීමේ හැකියාව නැහැ. නමුත් ඇතැම් විට මුද්‍රණයේදී මෙවැනි දේ සිදුවීමේ හැකියාව පවතිනවා. ඒත් අපි අපගේ අලෙවි නියෝජිතයන් දැනුවත් කරලා තිබෙන්නේ සැක කටයුතු ටිකට් පතක් හමු වුණොත් එය විකුණන්නේ නැතිව අප වෙත ලබා දෙන ලෙස. ඒ වාගේ අපි විශාල දිනුම් ඇදීම් සහිත ටිකට් පත් සඳහා මුදල් ලබා දෙන්නේ අදාළ පරීක්ෂණ හා රස පරීක්ෂණ වාර්තාවලින් පසුවයි. ඒ වාගේම සෑම ටිකට් පතක් පිළිබඳවම තොරතුරු ඇතුළත් අදාළ බාකෝඩ් අංක අපි පරිගණක ගත කරලා තිබෙන්නේ. එම නිසා අපගේ ලොතරැයි පත් ඉතාම සුරක්ෂිතයි.
මෙම සිදුවීම පිළිබඳ මේ වන විට ශ්‍රී ලංකා ‍පොලීසියේ වංචා විමර්ශන අංශය විසින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත. පසුගිය 12 වැනි දින මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගෙන්ද වංචා විමර්ශන අංශය විසින් ප්‍රකාශයක් ලබාගත් බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි. එසේම මෙම විමර්ශනයේදී මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව මෙම ටිකට් පත් පිළිබඳ විද්‍යුත් මාධ්‍යවල පළවූ දර්ශන ලබා ගැනීමට පියවර ගෙන ඇති බවත් ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවැසුවේ තමන් සතුව තිබූ එවැනි ටිකට් පත් කිහිපයක් වංචා විමර්ශන අංශය වෙත ලබා දුන් බවයි.
මේ වන විටත් මෙම ටිකට්පත් ව්‍යාජ ලෙස සැකසූ ඒවා ද නැතිද යන්න පිළිබඳ සොයා ගැනීමට හැකිවී නැත. තවමත් මෙම ටිකට් පත් පිළිබඳ පරීක්ෂණ සිදුවේ. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සහ ජාතික ලොතරැයි මණ්ඩලය විවිධ ප්‍රකාශ කළද මහජනතාව නම් පවසන්නේ කොපමණ ලොතරැයි පත් මිලදී ගත්තද දිනුමක් දකින්නට ලැබෙන්නේ  හාවා හඳ දකින්නාක් මෙන් කලාතුරකින් බවය.
 
ශිරෝමි රත්නායක 

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 692

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1267

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1100

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 848

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5534

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3653

Please publish modules in offcanvas position.