Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ස්වර්ණ පුස්තක සම්මානය "හද පලුව තනි තරුව"ට හිමිවෙයි

ශ්‍රී ලංකා ‍පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මගින් සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානෝත්ස්වය - 2017අති උත්කර්ශවත් අන්දමින් ඊයේ ( 09) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යයන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දි පැවැත්විණ.

එහිදි නිශ්ශංක විජේමාන්න විසින් රචිත , විදර්ශන ප්‍රකාශකයින් විසින් ප්‍රකාශිත "හද පලුව තනි තරුව" කෘතිය ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබිය.

සම්මාන උළෙ‍ලේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රවිනිශ්වයකාර ප්‍රියසත් ඩෙප් මහතා සහභාගි විය.

ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබු නිශ්ශංක විජේමාන්න මහතාට රුපියල් හත් ලක්ෂ පනස් දහසක් වටිනා මුදල් ත්‍යාගයක් සහ ස්වර්ණ පුස්තක සම්මානය හිමි විය.

මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උළෙ‍ලේ අවසන් විනිශ්වය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ මහචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා වන අතර එහි සාමාජිකයින් ලෙස ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ‍‍‍ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි තිලකරත්න කුරුවිට බණ්ඩාර, ආචාර්ය ටියුඩර් වීරසිංහ සහභාගි වූහ.

ස්වර්ණ පුස්තක සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ 11වන වරට ය.

මෙහිදි මෙම සම්මන උළෙ‍ලේ අවසන් වටය නියෝජනය කළ සෙසු කෘතින් වූයේ සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත  සිය සිය පත් සිය , කීර්ති වැලිසරගේ විසින් රචිත  ගරුඩ මුහුර්තය, කත්‍යානා අමරසිංහ විසින් රචිත  වණ්න දාසි, ශාමෙන් ජයකොඩි විසින් රචිත  ප්‍රංශ පෙම්වතා  යන කෘතින් ය.

මෙම අවසන් වට නියෝජනය කළ සියලුම කතුවරුන් වෙත රුපියල් ලක්ෂය බැගින් වු මුදල් ත්‍යාගයක් ද මෙහිදි පිරිනමනු ලැබිණ.

ඒ අතර එම කෘතින් ප්‍රකාශයට පත් කළ ප්‍රකාශන ආයතන අගයමින් සුමිත්‍රා රාහුබද්ධ ප්‍රකාශන, සරසවි ප්‍රකාශන, සූරිය ප්‍රකාශන ආයතන අධිපතිවරුන් වෙත ද මෙහිදි සම්මානයෙන් පිදුම් ලබනු ලැබිම විශේෂත්වයක් විය.

පද්මිණි මාතරගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 686

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 528

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 563

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 2434

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 4522

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 4283

Please publish modules in offcanvas position.