Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පොලිතින් තහනම්

‍පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා ඒ පිළිබඳව තම අදහස් දක්වා සිටියේ මේ ආකාරයෙනි.මධ්‍යම පරිසර අධිකාරිය ‍පොලිතින් තහනම පිළිබඳව නොයෙකුත් ප්‍රචාරණ වෙළෙඳ දැන්වීම් ඉදිරිපත් කරලා නිකරුණේ ජනතාව බය කරන්න හදනවා. අපි දැනුම් දුන්නා අපේ නිෂ්පාදන මාස තුන හතරක ඒවා අපි ළඟ තියෙනවා කියලා. ඒත් අපිට ඒ වෙනුවෙන්වත් කාලයක් දුන්නේ නැහැ. ඒ වගේම පරිසර හිතකාමිය කියන ‍පොලිතින් අවුරුදු තුනකට විතර පිටරටින් ගෙන්වන්න අවසර ඉල්ලනවා. මේ තුළින් අපේ ශ්‍රමිකයන්ට විශාල අර්බුදවලට මුහුණ පාන්නටත් සිද්ධ වෙලා. අපි කියන්නේ නැහැ ‍පොලිතින් තහනම් කරන්න එපා කියලා. අපි කියන්නේ අපට අපි ළඟ තිබෙන ‍පොලිතින් වෙනුවෙන් කාලයක් දෙන්න කියලා. මේ විදියට වසර 40ක් පුරා පැවැති අපේ නිෂ්පාදනයන්, කර්මාන්තකරුවන් වගේම ශ්‍රමිකයන්ට මේක විශාල අසාධාරණයක්. කාලයත් එක්කම ‍පොලිතින්වලට විකල්ප සොයනවා වෙනුවට මේ වගේ එකපාරටම ‍පොලිතින් තහනම ක්‍රියාවට නැංවීම ප්‍රායෝගික නැහැ.
දැනට භාවිතයේ පැවැති ‍පොලිතින් තහනමත් සමගම ආහාර පැකට්වලද මිල ගණන් රුපියල් දහයකින් වැඩිවිය හැකි බවට මේ වනවිට තැනින් තැන ඇසෙන්නට ලැබේ. මේ පිළිබඳවත් ‍පොලිතින් තහනම ක්‍රියාවට නැංවීම ගැනත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පෙන්වා දුන්නේ මෙවන් අදහසකි.
ලන්ච් ෂීට් තහනම් කළොත් රු.10කින් කෑම පැකට් එකේ මිල ඉහළ යන්න පුළුවන් අපි දකින විදිහට ‍පොලිතින් තහනම් කිරීම වරදක් නැහැ.එහෙත් ලන්ච් ෂීට් තහනම් කිරීම බරපතළ ගැටලුවක්. ලන්ච්ෂීට් එක කියන්නේ කෑම පැකට් එකක් විකුණන අහිංසක මනුස්සයෙක්ට අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් ලන්ච් ෂීට් එක තහනම් කළොත් මේ වගේ කී දෙනෙක්ගේ ආදායම් මාර්ගය නතර වෙනවද? අනිත් එක මධ්‍යම පරිසර අධිකාරිය ‍පොලිතින් තහනම් කළේ හිතුමතේට. මීට අදාළ ශ්‍රමිකයන්ව නිසි පරිදි දැනුවත් කරන්නේ නැතුව මේ වගේ හිතුමතේට තීරණ ගැනීම බලවත් අසාධාරණයක් නේද කියන එක අපි ප්‍රශ්න කරනවා. හඳුන්වා දුන්නා කියන ලන්ච් ෂීට් එකේ සටහන්වෙලා තිබෙන්නේ මයික්‍රෝ 30 කියලා. ඒ වගේම මිලත් රු. 5ටත් වඩා වැඩියි. ඒකේ මිලත් වැඩියි. නිසි ප්‍රමිතියකුත් නැහැ. ඒ වගේම තමයි අපිට ලන්ච් ෂීට් තහනම් කරනවා කියලා කලින් දැනුවත් කිරීමක් කරලත් නැහැ. අනිත් එක අපි අහනවා ඔය කියන විදියට ඩෙංගු බෝ වෙන්නේ ලන්ච් ෂීට්වලින් විතරද කියලා. එහෙනම් ඉතින් බිස්කට් පැකට්, රින්සෝ පැකට්, ෂැම්‍පෝ පැකට්වල ඇසුරුමුත් තහනම් කරන්න ඕනනේ. අපි කිව්වා අපි ලන්ච් පැකට් ටික විකුණලා ඒ ‍පොලිතින් එකතු කරලා දෙන්නම්. එතකොට ඒවා ප්‍රතිචක්‍රීයකරණය කරලා තව ප්‍රයෝජනයක් ගන්න පුළුවන්නේ කියලා. එහෙත් මධ්‍යම පරිසර අධිකාරිය ඊට ඉඩ දුන්නේ නැහැ. බදු ගහලා මුදල් සපයන්නත්, මධ්‍යම පරිසර අධිකාරිය මේ වගේ හොඳ වැඩක් කළානේ කියන නම අරගන්නත් තමයි මේ වගේ අවිධිමත් විදිහට ‍පොලිතින් තහනම් කරපු බවයි අපිට නම් හිතෙන්නේ. මෙහෙම ලන්ච් ෂීට් එක තහනම් වුණොත් ඉස්සරහට කෑම පැකට් එකක මිලත් රුපියල් දහයකින් වැඩි කරන්න සිද්ධ වේවි.
එහෙම නැතිනම් කඩෙන් කෑම පැකට් ගන්න බැරි තත්ත්වයක් පවා ඇතිවෙන්න පුළුවන්. මොකද ඉතින් කෑම කඩ වහන්න වුණත් ඉඩ තියෙන නිසා අපිත් එක්ක විවෘත විවාදයකට එන්න කියලා අපි මධ්‍යම පරිසර අධිකාරියට ආරාධනා කරනවා. මේ විදිහට කඩිමුඩියේ ‍පොලිතින් තහනම් කිරීම ගැන අපි අප්‍රසාදය පළ කරනවා.
‍පොලිතින් තහනම පිළිබඳවත් ඉන් පාරිභෝගිකයාට මුහුණ දීමට සිදුවෙන අවස්ථාව ගැනත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දුන්නේ මේ ආකාරයෙනි.
තහනම හොඳයි.
එහෙත් සාධාරණ ලෙස කළ යුතුයි ඇත්තටම අපි පාරිභෝගිකයන් විදිහට ‍පොලිතින් භාවිතයට ගන්නේ 1980-1982 අතර කාලයේදී. ලොව ප්‍රථම ‍පොලිතින් කර්මාන්ත ශාලාව ආරම්භ වෙන්නේ 1958 කැලිෆෝනියාවේදී. ඉතින් ගෝනි, පන් වෙනුවට අපේ රට විකල්පයක් විදිහට ‍පොලිතින් භාවිතයට හුරුවුණා. ඉතින් අපි දකින විදිහට ‍පොලිතින් තහනම් කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ‍පොලිතින් පරිසරයට අහිතකරයි. ඒ කියන්නේ ‍පොලිතින් අනාරක්ෂිතයි කියන එක.
‍පොලිතින් නිෂ්පාදකයන්ගේ පැත්තෙන් ගැටලු තියෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය විකල්ප යෙදීමට හෝ ඒ වෙනුවෙන් නිසි ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීමේ වගකීම රජය සතුව තිබෙනවා. ඒ වගේම ලන්ච්ෂීට් තහනම් කළා කියලා කෑම පැකට් එකක මිල රුපියල් දහයකින් වැඩි කිරීම සුදුසු නැහැ. වෙන රටවල ලන්ච් ෂීට් ප්‍රමිතියකින් යුක්තයි. එහෙත් අපේ රටේ දැනට භාවිත වෙන ලන්ච් ෂීට් ශරීරයට බෙහෙවින්ම අහිතකරයි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විදිහට ‍පොලිතින් තහනමට ලක් කළ යුතු දෙයක් විදිහට අපි දකිනවා. පාරිභෝගිකයාගේ පැත්තෙන් යම් යම් අපහසුතා ඇතිවෙන්න පුළුවන්. නමුත් ඒ අපහසුතාව අපේ ආරක්ෂාව වෙනුවෙන් නම් පරිසර හිතකාමීත්වය වෙනුවෙන් නම් ඒ කැප කිරීම අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ වගේම අද තාක්ෂණය කොයි තරම් දියුණුද ඉතින් අපිට ඒ තාක්ෂණයම යොදලා කඩදාසි, පන් වගේ මලු නිපදවන්න පුළුවන්නේ. මේ තුළින් අලුත් කර්මාන්ත නිෂ්පාදන අපේ රටේ ගොඩනැගේවි. ලන්ච් ෂීට් වෙනුවට කෙසෙල් කොළ, නෙළුම් කොළ භාවිත කළොත් ඒ ආශ්‍රිතවත් අපට ආදායම් උපයන්න පුළුවන් වේවි. ‍පොලිතින් නිෂ්පාදකයන්ට යම් අසාධාරණයක් වෙලා තිබෙනවා නම් ඒ වෙනුවෙන් මැදිහත් වීමට රජය වගබලා ගන්න ඕනේ. එහෙත් ‍පොලිතින් තහනම් කිරීම කළ යුතු දෙයක්.
අප සොයා බැලූ ආකාරයට ‍පොලිතින් තහනම් කිරීම ඇතැම් පාර්ශ්වයන්ට බලපෑමක් ඇති කර තිබෙන්නේය. තවත් පාර්ශ්ව ‍පොලිතින් තහනම් කළයුතු බවත් නමුත් එය කළ යුත්තේ නිසි ක්‍රමවේදයකට අනුව බවත් පෙන්වා දෙන්නේය.

සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 686

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 528

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 563

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 2434

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 4522

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 4283

Please publish modules in offcanvas position.