Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයීය රිදී ජුබිලිය අතිඋත්කර්ෂවත්ව

ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය ආරම්භකර වසර 25ක් පිරීම නිමිත්තෙන් හා එම ආයතනයේ නිර්මාතෘ ආචාර්ය තවලම ධම්මික නාහිමියන් ගේ පැවිදි දිවියට 50වසරක් පිරීම නිමිත්තෙන් පරිත්‍රාණ ධර්මදේශනාවක්, සංඝගත දක්ෂිණාවක් හා සියළු දෙනා වෙත පිරිනැමුණු ආහාර පාන සංග්‍රහයක් සහිත සුවිශේෂී ආගමික උත්සවයක් එම විහාර පරිශ්‍රයේ දී පැවැත්විණ.

ථෙරවාද මහායාන සෙන් හා තන්ත්‍රයානික ටිබෙට් භික්ෂූන් වහන්සේලා සහිත සියළු බෞද්ධ සම්ප්‍රදායයන් නියෝජනය කරමින් භික්ෂු-භික්ෂුණීන් වහන්සේලා 28නමක් මෙම උත්සවය සඳහා වැඩම කළහ.

ඒ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කඳුබොඩ ශ්‍රී සුමතිපාල අනුස්මරණ භාවනා ආයතනයේ ප්‍රධාන කර්මස්ථානාචාර්ය ගම්පහ පෙමසිරි මාහිමිපාණෝ, ඔස්ට්‍රියාවේ වියානා නුවර ඥානපෝනික බෞද්ධ ආයතනාධිපති ආචාර්ය විජයරාජපුර සීලවංස නාහිමිපාණෝ,මහනුවර මල්වතු විහාරයීය විශේෂ කර්මවාගාචාර්ය මැණික්දිවල රාජමහා විහාරාධ්කාරී, දෙහිදෙණිය බෝධිරුක්ඛාරාමාධ්පති   ඇටඹේගොඩ අත්ථදස්සි නාහිමිපණෝ, නාරාහේන්පිට ශ්‍රී ශාරිපුත්‍ර මහා විහාරාධිපති රත්නපුරේ නන්ද නාහිමිපාණෝ, හෝමාගම කොණ්ඤ්ඩඤ්ඤ හිමි, කොළඹ බුලර්ස් ලේන් හි ශ්‍රී ජිනෙන්ද්‍රාරාමාධිපති බම්බරගම සෝමරතන හිමියෝ, ස්වීඩන්හි ශ්‍රීලංකා බෞද්ධ විහාරාධිපති උඩගම නාරද හිමිපාණෝ, ප්‍රංශයේ තුර්නොන් හි බෝධිඥානාරාම භාවානා ආයතනයේ ප්‍රධාන ඥානධරො මාහිමි, කාම්බෝජ ජාතික අචාන් බුන් හිමි, තායි ජාතික අචාන්  චියිනපොට් හිමි,කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ මැදීගිරියේ පුණ්ණජි හිමි හා හෝකන්දර පඤ්ඤානන්ද හිමි  ජිනීවා බෞද්ධ විහාරයේ හල්විටිගල සුජාත හිමි හා ජිනීවාහි ලක්ඛණ හිමි ථෙරවාද සම්ප්‍රදාය නියෝජනය කළහ.

මෙම උත්සවයට සමගාමීව, ජිනීවාහි පියල්, අජන්තා,සජිනී, හේෂාන් රණජීව පවුලේ ධනපරිත්‍යාගයෙන් නිර්මාණයවූ ඝණ්ඨාකාර චෛත්‍යරාජයානන් වහන්සේ ගේ ධාතු නිධානය හා කොත නිවාරණය කිරීම එම චෛත්‍යරාජයාණන් වහන්සේගේ නිර්මාතෘ රත්නපුරේ නන්ද නාහිමි අනුශාසනා පරිදි ,  වැඩම කර වදාළ භික්ෂු භික්ෂුණීන් හා බෞද්ධ අබෞද්ධ අති විශාල ජනකායගේ සහභාගීත්වයෙන් සිදුවිණි.

ස්විට්සර්ලන්තයේ ඉදිවූ ප්‍රථම චෛත්‍ය රාජයාණ්න්වහන්සේ මෙය වන අතර එම නිර්මාණයත් සමග ශාරීරික, පාරිභෝගික, උද්දේශික බෝධී අංගවලින් සමන් විතවූ අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට ජිනීවා බෞද්ධ විහාරය  පත් කර ගැණීමට ලද පරම භාග්‍ය බෞද්ධ අබෞද්ධ සැමගේ බලවත් අමන්දානන්දයට හේතුවූ බව සහභාගී වූ සැමගේ  දෙනෙත් වලින්ම කියවිණ.

මහා සංඝ ගත දක්ෂිණාව හා ආහාර පාන සංග්‍රහය, ශ්‍රීලාංකික, තායි, ලාඕස්, කාම්භෝජ, වියෙට්නාම්, ස්විස් හා ප්‍රංශ විවිධ වර්ගයේ ආහාර පාන වලින් බෙහෙවින් පොහොසත් වූ අතර, පැම්ණි සිටි සැම දෙනම ඉතා ප්‍රීතියෙන් ඒවා බුක්තිවිඳිනු ලැබූහ.

ශ්‍රී ලාංකික මහාසංඝරත්නය 14නමකගේ ප්‍රධානත්වයෙන්, කලින් දින සිදුකෙරුණ මහාපරිත්‍රාණ ධර්ම දේශනය ආරම්භකරමින්, ධාතු කරඩුව වැඩම කරවීම, පිරිවානා පොත්වහන්සේ හා පිරිත් හූය වැඩම කරවීම, පිරිත් සඳහා ආරාධනා කිරීම හා දර්ශනීය පිරිත් මණ්ඩපයේ පහන් දැල්වීම, ශ්‍රී ලංකා තානාපති රවිනාත් ආරියසිංහ, ශ්‍රී ලංකා වෙළඳ තානාපති කුමාර රත්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දික රත්වත්ත හා පියල් රණජීව, හේෂාන් රණජීව යන මහත්වරුන් ගේ පින්බර සුරතින් සිදු කෙරිණ.

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 163

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 194

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 298

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 446

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7063

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4633

Please publish modules in offcanvas position.

X

Right Click

No right click