Coss Ear2
lakbima.lk
COSS Ear 1

තේ වගාවට මුවා වී ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන සූදානමක්

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්න ජයසුමනයන් ඇතුළු පිරිස ද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ කණ්ඩායමක් ද, පසුගිය කාලයේ මාරාන්තික කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතු සාධක සොයා ගත්හ. කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන ආසනික්, කැඞ්මියම් ආදී බැර ලෝහ නිසා රෝගය හට ගන්නා බව එයින් හෙළි විය. ‘බැර ලෝහ රසායනික’, කිවුල් ජලයට මුසු වීම නිසා වකුගඩු රෝගය ඇති වන බවත්, ඒ සදහා ‘වාහකකම් කිරීම’  ‘ග්ලයිපොසේට්’ මගින් සිදු වන බවත් අනාවරණය කෙරිණි. එම තොරතුරු ජාත්‍යන්තර පර්යේෂණ සගරාවල ද පළ විය.
එසේ වුවත් ලංකාවේ ඇතැම් උගතුන් සහ රට කරවන සමහර ‘දියවන්නා වැසියන්’ තවමත් කාරණය පිළිගන්නේ නැත. ඔවුන් කියන්නේ, මාරාන්තික වකුගඩු රෝගයට බලපාන නිශ්චිත හේතුවක් තවම සොයා ගෙන නැති බවය. කෘෂි රසායන හෝ ‘ග්ලයිපොසේට්’ නිසා රෝගය හට ගන්නා බව තවම හරියටම සනාථවී නැතැයි කීම, ඔවුන්ගේ ජනප‍්‍රිය මතාන්තරයයි. මෙය හරියට ‘හොරට නිදා සිටිනවාක්’ වැන්න! මේ කපේ දී වත් ඔවුන් ඇහැරවා ගන්නට බැරිය!
‘ග්ලයිපොසේට්’ පිළිබද කතිකාව ඉකුත් ජූනි 21 වැනි දා යළි කරළියට නැගුණි. වැවිලි කර්මාන්ත විෂය භාර අමාත්‍ය නවීන් දිසානායක ‘ග්ලයිපොසේට් නැතිව මහා පරිමාණයෙන් තේ වගා කරන්න බෑ’ යයි ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කිරීම නිසා එය සිදු විය. ඇමැතිවරයාගේ ප‍්‍රකාශය ජුනි 21 වැනි දා රාත‍්‍රියේ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය විය. මහා පරිමාණයෙන් තේ වගා කරන භූමි ප‍්‍රදේශවලින් මාරාන්තික වකුගඩු රෝගය වාර්තා නො වන නිසා, තේ වගාව සදහා යම් පාලනයක් සහිතව ‘ග්ලයිපොසේට්’ නිදහස් කළ යුතුය යන්න, ඇමැතිවරයාගේ අදහස විය. එසේම තේ වගාවට ‘ග්ලයිපොසේට්’ යෙදීමෙන් වකුගඩු රෝගය ඇති වෙනවා යයි කීම, විද්‍යාත්මක කාරණයක් නොවන බව ද, හෙතෙම සදහන් කළේය.
නවීන් දිසානායක ඇමැතිවරයා මෙම ප‍්‍රකාශය කළේ, ග්ලයිපොසේට් තහනම ඉවත දමා, ග්ලයිපොසේට් යළි ගෙන්විය යුතු යයි කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන්නට යන බවට ආරංචි පැතිර තිබුණු වකවානුවකය. කාරණය හෙළිකර තිබුණේ ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු ද වන, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්ය.
පීඩාවට පත් ගොවීන් කොතෙක් උද්ඝෝෂණ කළ ද, කලින් පැවැති මහින්ද රාජපක්ෂ රජය ග්ලයිපොසේට් තහනම් කළේ නැත. ග්ලයිපොසේට්වලට එරෙහි සටන් තවදුරටත් ඉදිරියට යද්දී, එය ලංකාවට ගෙන්වීම තහනම් කළේ 2015 වසරේ ජුනි මස 11 වැනි දාය. එයට මුල් වූයේ වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ය. දැන් මේ තීන්දුව ආපසු හරවන්නට යම් යම්  බලවේග ක‍්‍රියාත්මක වනු පෙනෙයි. 
ලංකාව ගත් විට, වස විස සපිරි කෘෂි රසායන වැඩිම ප‍්‍රමාණයක් භාවිත කරන්නේ වී වගාවට ය. එය වස විස නිපදවන කෘෂි සමාගම්වලට ලොකු වෙළෙදපොළකි. ඉතින් ගොවීන් හෙමින් හෙමින් හෝ කෘෂි රසායනවලින් ඈත් වීම, කෘෂි රසායන සමාගම්වලට කොහෙත්ම හිතකර තත්ත්වයක් නොවේ. ග්ලයිපොසේට් අයිතිකාරයා වන ඇමෙරිකානු මොන්සැන්ටෝවට නම් ලංකාව ලෙකු වෙළෙදපොළක් නොවේ. එහෙත් ගැටලූව වන්නේ ලොව වෙනත්, ඇතැම් රටවල් ලංකාව අනුගමනය කරමින් ග්ලයිපොසේට් තහනම් කරන්නට ඉඩ තිබීමයි! ග්ලයිපොසේට් ලෝලයන් කියන්නේ එය ලොව තිබෙන සාර්ථකම වල් නාශකය බවය. එය තහනම් වීම, මොන්සැන්ටෝව කෝප ගන්වන්නක් බව තේරුම් ගැනීම අසීරු නොවේ. ඔවුන් යළි තම කිරුළ දිනා ගැනීම සදහා  ඕනෑම දෙයක් කරනු ඇත. එය ඔවුන්ගේ ‘අභිමානය’ පිළිබද ප‍්‍රශ්නයකි.
නවීන් දිසානායක ඇමැතිවරයා විසින් අවධාරණය කළ ද, ‘ග්ලයිපොසේට් නැතිව මහා පරිමාණයෙන් තේ වගා කරන්නට බැරිය’ යන අදහස සත්‍යයක් නොවේ. ග්ලයිපොසේට් අඩංගු වල් නාශක මුලින්ම ලංකාවට හදුන්වා දී ඇත්තේ 1980 දශකයේය. එසේ නම් ඊට පෙර වකවානුවේ අපේ රටේ තේ වගා නොකෙරිණි ද? යන ප‍්‍රශ්නය මතුවේ. අනෙක ග්ලයිපොසේට් රටට ගෙන්වීම තහනම් කෙරුණේ 2015 වසරේ ය. නවීන් දිසානායක ඇමැතිවරයා කියන කාරණය ඇත්තක් නම්, ග්ලයිපොසේට් නැති නිසා මේ වන විට ලංකාවේ තේ වගාව අභාවයට ගොස් තිබිය යුතුය! එහෙත් ගතවූ වසර කිහිපයක තේ නිෂ්පාදනය සහ වගා කළ භූමිය ආදී කාරණා සම්බන්ධයෙන් බලන විට එවන් බිද වැටීමක් නො පෙනේ.
ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ ස`දහන් වන අන්දමට, 2016 වසරේ දී ලංකාවේ සමස්ත තේ නිපැයුම කිලෝග‍්‍රෑම් මිලියන 292.6කි.
කෙසේ වෙතත්, ලංකාවේ තේ වගා ක්ෂේත‍්‍රයේ සැලකිය යුතු බිද වැටීමක් ඇති බව බොරුවක් නොවේ. එය අද ඊයේ නොව, 2014 වර්ෂයේ පටන් පැවත ගෙන එන්නකි. ඊට හේතුව කුප‍්‍රකට ග්ලයිපොසේට් ද නොවේ. 2015 සහ 2016 යන ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවලින් එයට බලපෑ හේතු සාධක අනාවරණයකර තිබේ. එහි ග්ලයිපොසේට් ගැන කතාවක් නම් නැත!
2007 වසරේ දී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝග‍්‍රෑම් මිලියන 305.2කි. 2014 දී එය කිලෝග‍්‍රෑම් මිලියන 338.0ක් දක්වා වැඩි විණි. එහෙත් 2015 දී එය කිලෝග‍්‍රෑම් මිලියන 329ක් විය. 2016 දී එය තවදුරටත් පල්ලම් බැස කිලෝග‍්‍රෑම් මිලියන 292.6ක් විය. 2014 දී කිලෝවකට රුපියල් 475.11ක් වූ තේ නිෂ්පාදන වියදම, 2016 දී රුපියල් 469.24ක් දක්වා අඩුකර ගෙන තිබිණි. 2007 වසරේ දී හෙක්ටයාර් 2,22,000ක් වූ සමස්ත තේ වගා භූමිය, 2014 දී හෙක්ටයාර් 2,03,000ක් දක්වා අඩු විය. 2016 දී එය එක්  හෙක්ටයාරයකින් වත් වැඩිවී නැත. මහ බැංකු වාර්තාව පවසන අන්දමට, තේ නිපැයුම් ක්ෂේත‍්‍රයේ වර්ධනය 2016 දී සියයට 11කින් පහත වැටී තිබේ. මේ බිද වැටීම්, ‘ග්ලයිපොසේට් බැරි බැරියාවක්’ බවට අර්ථ දක්වන්නේ නම්, එය විකාරයකි!
2015 සහ 2016 යන මහ බැංකු වාර්තාවල දැක්වෙන අන්දමට, ජාතික තේ නිෂ්පාදනයෙන් සියයට 73ක්ම නිපදවන්නේ කුඩා තේ ඉඩම් හිමියන් ය. 2016 වසරේ ජාතික තේ නිපැයුමට ඔවුන්ගේ දායකත්වය සියයට 74.5කි! ඔවුන් ග්ලයිපොසේට් ඉල්ලන්නේ නැත.
2016 වර්ෂයේ දී තේ නිපැයුම් ක්ෂේත‍්‍රය අඩු වර්ධනයක් අත්කර ගැනීමට හේතු ගණනාවක් ඇති බව මහ බැංකුව කියයි. එය, තේ ඉල්ලූම සහ සැපයුම යන සාධක මත පදනම්ව, තේ නිපැයුම පහත වැටීමක් බව, ඔවුන්ගේ විශ්ලේෂණයයි. 
තේ නිෂ්පාදන ක්ෂේත‍්‍රය තුළ ‘ඇත්ත කතාව’ මෙබ`දු ය. එබැවින් මහා පරිමාණ තේ වගාවන් ග්ලයිපොසේට්වලින් තොරව පවත්වා ගෙන යන්නට බැරි යයි පැවැසීම, පිළිගත හැක්කක් නොවේ.
කෙසේ වෙතත් තේ වගාකරන ග්ලයිපොසේට් ලෝලීන් මතු කරන යම් කාරණයක් ද තිබේ. ‘ග්ලයිපොසේට් අඩංගු වල් නාශක තිබේ නම්, ඉතා අඩු ශ‍්‍රම කුලියකින් (පිරිවැයකින්), වැඩි පහසුවකින්, වල් මර්දනය කළ හැකිය යන්න’, එම කාරණයයි. එය ඇත්තකි. එමෙන්ම ලාභ තීරුව වැඩි වීමට ද හේතුවකි. එහෙත් ඒ වෙනුවෙන් වියළි කලාපීය ගොවි බිම්වල නිවසන අහිංසක ගොවීන් ලක්ෂ ගණනක්ගේ ජීවිත ‘වකුගඩු රෝග මාරයාට’ උගස් කළ යුතු ද? යන්න, මෙහි දී අසන්නට සිදු වේ!
අනෙක නවීන් ඇමැතිවරයා කියන්නේ, තේ වගා භූමිවලින් මාරාන්තික වකුගඩු රෝගය වාර්තා නොවන නිසා, ග්ලයිපොසේට් භාවිතාවේ ගැටලූවක් ඇති නොවන බවයි. මේ කාරණය හාස්‍යජනකය. ලංකාවේ ප‍්‍රධාන තේ වගා භූමි සියල්ලම පාහේ පිහිටා තිබෙනුයේ, රටේ මධ්‍යම ක`දුකරය ආශ‍්‍රිතවය. ඒවා ඔස්සේ ගලා බසින මහවැලි, කැලණි, වලවේ සහ කළු ආදී ගංගාවෝ මුළු රටටම දියවර බෙදා හරිති. විශේෂයෙන්ම රටේ වියලි කලාපයට දියවර සපයන්නේ, මහා පරිමාණ තේ ඉඩම් ඔස්සේ ගලා බසින මහවැලි ගෙ`ගනි. ඉතින් ක`දුකර තේ වගාවලට ග්ලයිපොසේට් හෝ වෙන යම් විෂ කෘෂි රසායන යෙදුව හොත්, ඒවා ගලා බසින්නේ රජරට ද ඇතුළු වියළි කලාපීය ගොවි බිම්වලටය! 
 
ග්ලයිෆොසේට් තේ වගාවට අත්‍යවශ්‍ය දෙයක් නොවේ 
 
- මහාචාර්ය සිසිර සිරිබද්ධන පීඨාධිපති රජරට විශ්වවිද්‍යාලය 
 
තේ වගාවට ග්ලයි‍පොසේට් අත්‍යවශ්‍ය යැයි කීම පිළිගන්නට අමාරුයි. මොකද දිගු කාලයක් භාවිතා කිරීම නිසා තේවතු ආශ්‍රිතව වැවෙන වල් පැලෑටි ග්ලයි‍පොසේට්වලට ප්‍රතිරෝධ දක්වනවා. ඒ නිසා ඔය කියන තරම් වල් වර්ධනයක් වෙන්නේ නෑ.
ග්ලයි‍පොසේට් භාවිතා කළත් වතුර ආශ්‍රිතව වකුගඩු රෝගය වසංගත මට්ටමින් පැතිර නැත්තේ ඒ ප්‍රදේශවල ජලය කිවුල් සහිත නොවීම නිසාය. ග්ලයි‍පොසේට්වල අඩංගු රසායනික ද්‍රව්‍ය කිවුල් ජලයේ තැන්පත් වෙනවා. එනිසා බැරලෝහ වැනි හානිකර ද්‍රව්‍ය ජල පානය කිරීමේදී ශරීර ගතවිය හැකිය. ඒ වගේම කඳුකර පළාත්වල නිසා ‍පොළවට යොදන රසායන සේදී යනවා වෙන්නත් පුළුවන්. ග්ලයි‍පොසේට් වකුගඩු රෝගවලට හේතුව බව තහවුරුව අවසන්. අනිත් කාරණය ග්ලයි‍පොසේට් භාවිතය නිසා වකුගඩු රෝගවලට අමතරව පිළිකා වැනි රෝගත් වේගයෙන් පැතිරෙන්නට පුළුවන්. මොකද කඳුකර පළාත්වල වැවෙන එළවළු වැනි දේ මගින් අපේ ශරීරයට එය ඇතුල්වන්නට පුළුවන්. මේ වන විටත් ලෝකයේ රටවල් ගණනාවක ග්ලයි‍පොසේට් තහනම් කර තිබෙනවා. ඒ එහි ඇති හානිකර බව තහවුරුව ඇති නිසා.
 
ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර
IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2506

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5383

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4771

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2864

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2818

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7423

Please publish modules in offcanvas position.