lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

ඔසාමා බින් ලාඩ්න්ගේ පුත්‍රයා ගැන ඇමෙරිකාව අවධානයෙන්

අල් කයිඩා සංවිධානයේ නිර්මාතෘවරයා ලෙස මෙන්ම  ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයේ මහ මොළකාරයා ලෙසද  සැලකෙන ඔසාමා බින් ලාඩ්න් 2011 වසරේ පකිස්තානයේදී ඝාතනය කිරීමෙන් පසු දැන් ඇමෙරිකාව ඔහුගේ පුත්‍රයා සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇති බව පෙනේ.
1991 වසරේ උපන් හම්සා බින් ලාඩ්න් මේ වනවිට 25 වැනි වියේ පසුවන තරුණයෙකු වන අතර පසුගියදා ඇමෙරිකාව ඔහු ‘ක්‍රියාකාරී මට්ටමේ ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙකු’ ලෙස නම් කරමින් ඔහුට එරෙහිව සම්බාධක රැසක් පැනවීමට කටයුතු
කළේය. මෙම සම්බාධක පැනවීමට කටයුතු කරන ලද්දේ ඉදිරියේදී ඔහු ඇමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය යන පදනම මතය. ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට, එහි ආර්ථිකයට, ඇමෙරිකානු වැසියන්ට, එහි විදේශ ප්‍රතිපත්තියට හම්සා බින් ලාඩ්න්ගේ කටයුතු නිසා තර්ජනයක් එල්ල විය හැකිය යන්න ඇමෙරිකානු ආරක්ෂක අංශවල විශ්වාසය වී ඇති බව පෙනේ.
සිය පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් පලිගන්නා බව මීට මාස කිහිපයකට පෙර හම්සා විසින් නිකුත් කරන ලද හඬ පටයකින් ප්‍රකාශයට පත් කර තිබූ බැව් ජාත්‍යන්තර මාධ්‍ය හරහා වාර්තා විය. මේ අතර  ඔසාමාගෙන් පසු අල් කයිඩා සංවිධානයේ නායකත්වයට පත් වූ අයිමන් අල්- සවාහිරි  කලකට ඉහත ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ හම්සා බින් ලාඩ්න් දැන් නිල වශයෙන් අල් කයිඩා සංවිධානයේ සාමාජිකයෙකු බවට පත්ව ඇති බවයි.
පාකිස්තානයේ නිවසක සැඟව සිටියදී ඇමෙරිකානු භටයින් ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කරද්දී හම්සාගේ වයස අවුරුදු විස්සක් විය. එම ප්‍රහාරයෙන් ඔසාමා මෙන්ම හම්සාගේ සොහොයුරෙකු වූ ඛාලිඩ් ද මරණයට පත් විය. හම්සාගේ මව වන්නේ  ඔසාමාගේ බිරියන් සිව්දනාගෙන් එක් අයෙකු වූ ඛායිරියා ය.
2011 වසරේ ඔසාමා සොයා ඇමෙරිකානු භටයින් පාකිස්තානයේ  ඇබොතබාද් හි නිවස ආක්‍රමණය කළ අවස්ථාවේ සිදුව ඇති සිද්ධියද තරමක් අපූරු වූවකි. එම අවස්ථාවේ ඔසාමා මෙන්ම ඔහුගේ බිරියන් තිදෙනා ඇතුළු පවු‍ලේ කිහිප දෙනෙකුම නිවස තුළ සිටියත් හම්සා එහි නොසිටි බවය පසුව අනාවරණය වූයේ. හමුදා ආක්‍රමණයේදී මිය ගිය හෝ තුවාල ලැබූවන් අතර හම්සා සිටියේ නැත. නවීන තාක්ෂණික මෙවලම්වලින් සන්නද්ධව සිටි ඇමෙරිකානු භටයින් පවසා තිබුණේ කිසිවෙකු නිවසින් ගැලවී නොගිය බව ඔවුන්ට විශ්වාස බවයි. එමෙන්ම නිවසින් පලා යා හැකි රහස් උමං මාර්ග ආදිය පවා එහි නොතිබූ බව ඔවුන් ප්‍රකාශ කර තිබිණි.
මෙම අබිරහස විසඳුණේ පසුව භටයින් විසින් සොයාගන්නා ලද ලියමනක් නිසාය. එය ලියා තිබුණේ ඔසාමාය. ඔහුගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියෙකු වෙත ලියන ලද මෙම ලිපියෙන් ඔසාමා ඉල්ලා තිබුණේ හම්සාට හොඳ ආගමික අධ්‍යාපනයක් ලබා දෙන ලෙසය. එමෙන්ම තමාගෙන් පසු හම්සා අල් කයිඩා සංවිධානයේ නායකයා වනු දකින්නට ඔසාමා කැමැත්තෙන් සිටි බවද මෙම ලිපියෙන් ප්‍රකාශයට පත්ව තිබිණි. නායකත්වයට වැඩි උරුමයක් තිබූ හම්සාගේ වැඩිමල් සහෝදරයා වූ සාද් ඇමෙරිකානු ප්‍රහාරයකින් ඒ වනවිටත් මරණයට පත්ව සිටියේය.
කෙසේ වෙතත් පාකිස්තානයේ ඔසාමාගේ නිවසට හමුදා කඩා වැදීම සිදුවන අවස්ථාවේ හම්සා එම ගොඩනැගිල්ල තුළ සිට නැති බවත්, ඒ වනවිට ඔහු ජීවත්ව ඇත්තේ ඉරානයේ බවත් පසුව අනාවරණය විය. ඔසාමා සහ හම්සා මුණ ගැස්සවීම සඳහා ඒ වනවිට යම් යම් උත්සාහයන් ගැනෙමින් තිබූ බවද වාර්තා වී තිබිණි.
වත්මන් අල් කයිඩා නායක අල් -සවාහිරි සමග එක්ව ප්‍රකාශයක් කරමින් වරක් හම්සා කියා තිබුණේ ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල අගනුවරවලට ප්‍රහාර එල්ල කිරීමට තමුන් සැලසුම් කරන බවයි. ඇමෙරිකාව තුළ මෙන්ම ඉන් පිටතද සිටින ඇමෙරිකානු ජාතිකයන්ගෙන් පලිගන්නා බවටද ඔහු අනතුරු හැඟවීමක් කර තිබිණි. එමෙන්ම ඊශ්‍රායලයද ඔහුගේ තවත් ඉලක්කයක් ව තිබූ බව සඳහන් වෙයි.
පසුගියදා ඇමෙරිකානු රජය හම්සාට එරෙහිව පැනවූ සම්බාධකවලට අනුව ඇමෙරිකානු නීතියට යටත් වන, ඔහුට සම්බන්ධ සියලු වත්කම්වලට යම් යම් සීමාවන් පැනවෙනු ඇත. එමෙන්ම සියලු ඇමෙරිකානු වැසියන්ටද ඔහු සමග  ගනුදෙනු කිරීම තහනම් කර ඇති බවද සඳහන් වෙයි.
මේ වනවිට අල් කයිඩා සංවිධානය සිටින්නේ පෙර තරම් කැපී පෙනෙන මට්ටමක නොවේ. විශේෂයෙන් ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අයි.එස්. සංවිධානයේ නැගීමත් සමග අල් කයිඩා සංවිධානයේ දීප්තිය කමෛන් මැකී ගිය ආකාරයකි දක්නට ලැබුණේ, එහි ප්‍රධාන පෙළේ නායකයන්ද වැඩි දෙනෙකු මහළු වියට ළංව සිටින අතර ලොව පුරා විසිර සිටින අල් කයිඩා කණ්ඩායම්වල අලුත් පරපුරට ආමන්ත්‍රණය කිරීම ඔවුන්ට අපහසු වෙමින් ඇති ආකාරයක් පෙනෙන බවද ප්‍රකාශ වෙයි. මේ නිසා සංවිධානයට අලුත්, තරුණ නායකත්වයක් අවශ්‍යව ඇති බව කලෙක සිටම අවධානයට ලක් වෙමින් තිබූ කාරණයකි. ඉදිරියේදී මෙම පුරප්පාඩුව පිරවීම සඳහා හම්සා ඉතාම සුදුසු පුද්ගලයා වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. ඔසාමාගේම පුත්‍රයෙකු වීම නිසා ඔහුට ඉතා ප්‍රබල ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීමද අපහසු නොවනු ඇත. අල් කයිඩා සංවිධානය නැවත ඒකරාශී කර බලවත් තත්ත්යකට පත් කිරීමට ඔහුට හැකි වනු ඇතැයි යන්න බොහෝ පාර්ශ්වවල විශ්වාසය වී තිබේ. මේ නිසා හම්සා යනු අනාගතයේ තවත් බිහිසුණු තර්ජනයක් එල්ල කිරීමේ ශක්තිය සහ පසුබිම ඇති අයෙකු ලෙස බොහෝ ආරක්ෂක විශ්‍ලේෂකයින් සලකන බැව් පෙනේ. ඇමෙරිකාව පසුගියදා ඔහු ඉලක්ක කර යම් යම් පියවර ගන්නට පටන් ගත්තේද මෙම අනතුර ඔවුන් හොඳින් තේරුම් ගෙන සිටින නිසාම විය හැකිය.

නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

විවාහය සතුටක් තනිකඩ ජීවිතය දුකක් ඒත් මම විවාහ වෙන්නේ නෑ

IMAGE 2017 Apr 23 18:12
“සතුටයි දුකයි“ අතර ගෙවී යන ජීවිතයේ අහුමුළු ස්පර්ශ කරන ‘සතුටයි දුකයි‘ කියන අපේ...
Views - 667

කුණු කන්දට විරුද්ධ වුණාම මට ගැහුවා, නඩු දැම්මා

IMAGE 2017 Apr 23 14:22
මීතොටමුල්‍ලේ කුණු කන්දේ මේ ඛිෙදවාචකය සිදු වන බවට කල් තියාම දැනගෙන හුන් පුද්ගලයෙක් හුන්නේය....
Views - 553

ශරීරයේ සීනි අඩුකරන 'මස්බැද්ද' ගැන රහසක්

IMAGE 2017 Apr 20 12:15
මගෙන් ප්‍රතිකාර ගන්නා රෝගියකුට දියවැඩියාව පාලනය කර ගැනීම පිණිස වන ඖෂධ සහ වෛද්‍ය උපදෙස් නියම...
Views - 29192

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් නිදහස් වූ අපේ සූපවේදියා

IMAGE 2017 Apr 19 13:29
අපි අටදෙනාට පණ පිටින් ලංකාවට ඒමට අවස්ථාවක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මට අද විශාල...
Views - 2490

මතුරට තරුණියට වතුපිටිවලින් හමුවූ ‘විස්මිත නෑයෝ’

IMAGE 2017 Apr 19 12:04
දිනය පසුගිය අප්‍රේල් දහසය වන ඉරිදාය. ස්ථානය වතුපිටිවල ප්‍රදේශයේ  නිවසකි. වේලාව පස්වරු දෙක...
Views - 6769

වැඩිපුර අවුරුදු කෑ සිවිල් ආරක්ෂක සෙබළා මරුට

IMAGE 2017 Apr 19 10:06
වැඩිමහල් සහෝදරයාගේ නිවසේ පැවැති අවුරුදු සාදයකට සහභාගි වී ප්‍රමාණය ඉක්මවා රාත්‍රී ආහාරය...
Views - 3296

Please publish modules in offcanvas position.