Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජනපතිගේ රතු ඉර පැන්න කැබිනට් හමුවේ හෙළි නොවූ රහස

සුපුරුදු පරිදි අඟහරුවාදා උදෑසන කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී ආරම්භ වූ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැබිනට් මණ්ඩලයට පැමිණියේ එතරම් හොඳ හිතකින් නොවේ. වෙනදා මෙන් නොව ඔහු කැබිනට් මණ්ඩලයට ආවේ රෙකෝඩරයක් රැගෙනය “මම කොළ කෑල්ලක්වත් අරගෙන නමෛයි කැබිනට් එකට ආවේ. ඒත් මම රෙකෝඩරයක් අරගෙන ආවා. මට ලොකු විවේචනයක් තියෙනවා. මොකද මට මේ කියන කතාව වැදගත්. ඒ නිසා මම මේ කතාව රෙකෝඩ් කරනවා” මෛත්‍රී තදින්ම කීවේ තමන්ගේ අතේ ඇති රෙකෝඩරය පෙන්වමිනි.
“කෝ හරීන් ඉන්නවාද” මෛත්‍රී කතාව ආරම්භ කිරීමට පෙර වටපිට බැලුවේ කැබිනට් මණ්ඩලයේ හරීන් සිටිනවාද කියාය. එහෙත් හරීන් කැබිනට් මණ්ඩලයට සහභාගී වී තිබුණේ නැත. 
“මම එළියට බැහැලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ හොරකම් වංචා නැති කරනවා කියලයි. අපි යහපාලන ආණ්ඩුව හැදුවේ ලොකු ගමනක් යන්න. ලොකු අරමුණක් ඇතිව තමයි මේක හැදුවේ. මට පක්ෂ පාට ලොකු නෑ. මම දූෂණය වංචාව නැති කරන්න ඕන කියන තැනේ මුල ඉඳලම ඉන්නවා. ඇයි මට කට්ටිය එකතුවෙලා ගහන්නේ. බැඳුම්කර කොමිසමක් පත් කරන වෙලාවේ එක්සත් ජාතික පක්ෂය ඒකට කැමැති වුණා. දැන් ඒකට විරුද්ධ වෙලා වැඩක් නෑ. විරුද්ධ වෙනවා නම් විරුද්ධ වෙන්න තිබුණේ ඒ වෙලාවේ. මට ආණ්ඩුව දාලා යන්න කියලා හරීන් ප්‍රනාන්දු කියලා තිබුණා. එක්කෝ මම මේක දාලා යන්න ඕන. නැතිනම් හරීන් මේක දාලා යන්න ඕන. මරික්කාර්, සුජීවලා තව පැත්තකින් මම විවේචනය කරනවා. මේ අය කාවද විවේචනය කරන්නේ කියලා හිතන්න ඕන. මට එක්සත් ජාතික පක්ෂයත් එක්ක තරහක් ප්‍රශ්නයක් නෑ. ඒ පක්ෂය තමයි මම ජනාධිපති කළේ කියලා මම දන්නවා. එහෙම  කියලා මම කෙලෙහිගුණ සලකලා නැද්ද? හැමෝම විරුද්ධ වෙද්දී මම අගමැති එක්සත් ජාතික පක්ෂයෙන් පත් කළා. ඒ විතරක් නමෛයි මම කිසිම අගමැතිවරයෙක්ට ලබා නොදු බලතල අගමැතිට දුන්නා. ඒ බලතල දුන්නා මදිද? 
මේ විදියට කතා කරනවා නම් මට ගනුදෙනු බේරගන්න බැරි නෑ. එහෙම නම් මම දාලා කොහේද යන්නේ. බණ්ඩාරනායක වගේ මමත් මරාගන්නද හදන්නේ. බොහෝම දේවල් කැප කරලා ජීවිතය පරදුවට තියලා තමයි මම මෙතැනට ආවේ. එහෙම තනියෙන් ආණ්ඩුවක් හදන්න පුළුවන් නම් හදලා බලන්න. පුළුවන්නම් බලලා මටත් කියන්න. මට අද කැබිනට් එක ඉස්සරහට අරගෙන යන්න බෑ. ඔයාලාට කරන්න පුළුවන් නම් කරගෙන යන්න.” විනාඩි තිස්පහක් තිස්සේ දීර්ඝ කතාවක් කළ මෛත්‍රී කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගියේ කැබිනට් මණ්ඩලයම පුදුම කරමිනි. 
 
සාම සාකච්ඡා 
 
මෛත්‍රී කැබිනට් රැස්වීමෙන් නැගිට ගිය විට එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුද මුහුණට මුහුණ බලාගනිමින් සිටියා මිස කිසිවක් කියන්න ගියේ නැත. ටික වේලාවක් මුහුණට මුහුණ බලාගෙන සිටි ඇමැතිවරු ආවේ රාජිත සේනාරත්න ඇමැතිවරයා සිටි තැනටය.
“ඔයාට තමයි ජනාධිපතිතුමා එක්කගෙන එන්න පුලුවන් කෙනා. ඒ නිසා ගිහින් ජනාධිපතිතුමා හමුවෙලා කතා කරලා කැබිනට් එකට එක්කගෙන එන්න” ඇමැතිවරු රාජිතට කීහ.
“අපි කට්ටියම යමු. කට්යම ගිහින් කතා කරමු. එන්න අගමැතිතුමා” යැයි රනිල්ද කැඳවාගත් රාජිත මෛත්‍රීගේ කාමරයට ගියේය. මලික් සමරවික්‍රම, කබිර් හෂීම් ඇතුළු ඇමැතිවරු පිරිසක් ඒ අතර විය.
“ජනාධිපතිතුමා විවේචනය කරන්න දෙන්නේ නෑ. මම මගේ මන්ත්‍රීවරු එක්ක කතා කරන්නම්. එයාලාට ජනාධිපතිතුමා විවේචනය කරන්න එපා කියලා කියන්නම්” රනිල් සහතිකයක් දුන්නේය.
“ඒ වගේම තමයි ජනාධිපතිතුමා ශ්‍රී ලංකා එකේ සමහර ඇමැතිවරු එකතුවෙලා අගමැතිතුමාවත් නරක විදියට විවේචනය කරනවා. ඊයේ පෙරේදා ඉඳලා කට්ටියක් බය නැතිව කෑ ගහන්න අරගෙන තියෙනවා. ඒවත් වැරදියි. ජාතික ආණ්ඩුවක් හදන විට වැඩකරන හැටි මේ අයට කියලා දෙන්න ඕන” රාජිත කීවේය.
“මේවා සේරම වෙන්නේ මේ අයගේ වැරදි නිසා. මේ අය දූෂණ විරෝධි කමිටුව කියලා එකක් හැදුවා. ඒකෙන් කරපු තරමක් කළේ ශ්‍රී ලංකා අයගේ වැරදි හොයන එක. නියම හොරු හෙවවේ නෑ. මගේ ළඟට ආපු ඇමැතිවරුන්ගේ ‍පොඩි ‍පොඩි දේවල් හොයන්න ගත්තා. ගංවතුර ආධාර බෙදුවා කියලා පරීක්ෂණ කරලා තිබුණා. ඒවා හැර වෙන ඒවා කළේ නෑ. රාජපක්ෂලාගේ හොර හෙව්වේ නෑ. ඒවා යට ගැහුවා. අද රාජපක්ෂලා සිංහයෝ වගේ කෑ ගහන්නේ එයාලාගේ වැරදි හෙව්වේ නැති නිසා. මගේ ළඟ ඉන්න අය ගැන ගම්වලට ගිහින් පරීක්ෂණ කරනවා. ‍පොලීසියේ අය ගම්වලට ගිහින් ගමේ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්න ගැන ගම්වල මිනිස්සුන්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ නිසා මගේ අය අසරණ වෙනවා. රවි කරුණානයක කියන මිනිහත් මට බැණ බැන යනවා. රවි කරුණානායක ඕකට පත් කරන්න එපා කියලා මම කිව්වා. මහ බැංකුවේ අධිපති පත් කරන්න එපා කියලා අගමැතිට කිව්වා. මම කිව්ව විදියට වෙන ඇමැතිකමක් ඔය මිනිහට දුන්නා නම් ඔය මිනිහා අදටත් කැබිනට් එකේ ඉන්නවා. එයා බනින්නේ වාර්තාවේ එයාගේ නම නෑ කියලා. චෝදනා නෑ කියලා කියනවා. එහෙම එකක් නෑ. මම හතර දෙනෙක්ට කියලා තමයි සම්පූර්ණ වාර්තාවේ සාරංශය හැදුවේ. ඒ අයට වරදින්න විදියක් නෑ. හරීන් ප්‍රනාන්දු ඉන්නවානේ. ඔය කොල්ලට මම ඩිජිටල් ඇමැතිකම දුන්නේ. රටේ හැම තැනම වතුර නෑ. ඒත් රටේ හැම තැනකම ඩිජිටල් තියෙනවා. ඇමැතිකම දුන්න දවසේ ඉඳල ඇමැතිකම මාරු කරලා දෙන්න කියලා කන් කෙඳිරි ගානවා” මෛත්‍රී තදින්ම කීවේය.
“මම මගේ මන්ත්‍රීවරු ගැන බලාගන්නම් ජනාධිපතිතුමා. කවුරුවත් ඉස්සරහට ඇඟිල්ල දික් කරන එකක් නෑ. රාජිත ඇමැතිතුමා රවිට කතා කරාවි” රනිල් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ වගකීම ගත්තේය.
මේ අතර එකඟතාවයන් දෙකක් දෙපාර්ශවය අතර ඇතිවිය. ඒ පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන්ට විරුද්ධව පරීක්ෂණ පැවැත්වීමටය. ඒ අතර දෙපාර්ශ්වය අතර විවේචන සිදු නොකිරීමටත් එහිදී එකඟ විය.
මෛත්‍රීගේ දැඩි විවේචනයකට ලක්ව සිටි හරීන් ප්‍රනාන්දු බදාදා දිනයේදී මෛත්‍රී හමුවීමට ගියේය. ඒ තමන්ට දැඩි විවේචනයක් එල්ලවූ බව දැනගැනීමෙන් පසුවය. තනිවම පැමිණි හරීන් මෛත්‍රීගෙන් තමන්ගේ කනගාටුව ප්‍රකාශ කළේය.
 
මංගලගේ ගැසට් නිවේදනයට වුණ දේ 
 
ගැටුම් අවසන්වීමෙන් පසුව රැස්වූ කැබිනට් මණ්ඩලය සුපුරු පරිදි කැබිනට් පත්‍රිකා ගැන අවධානය යොමු කළේය. කැබිනට් පත්‍රිකා සාකච්ඡා කිරීමෙන් පසුව මංගල සමරවීර ඇමැතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ගැන මෛත්‍රී සිය අවධානය යොමු කළේය. රාත්‍රී දහය වන තෙක් මත්පැන් අලෙවිසල් විවෘත කර තැබිමට ගත් තීරණය ගැන එසේ අවධානය යොමුවී තිබුණේය. මේ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව මෛත්‍රී දැන ගැනීමෙන් පසුව මංගලට දුරකථනයෙන්ද කතා කර තිබුණේය. කැබිනට් මණ්ඩලයේදී මේ ගැසට් නිවේදනය ගැන කතා කිරීමට අවශ්‍ය බව මෛත්‍රී කල් ඇතිවම මංගලට දැනුම් දී තිබුණි.
“මේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට හේතුවක් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී කාන්තාවන්ට සම අයිතිවාසිකම් ලබාදීම ගැන අපි කතා කර තිබෙනවා. ඒ ගැන ‍පොරොන්දු ලබාදී තිබෙනවා. කාන්තාවන්ට සම අයිතිවාසිකම් ලබාදීමේ අරමුණ ඇතිව තමයි මම මේ ගැසට් නිවේදනය නිකුත් කළේ” මංගල පැහැදිලි කළේය.
“මම මේ යෝජනාවට විරුද්ධයි. අපි කරන දේවල් තීරණය කරන්න ඕන වෙන්නේ ලංකාවේ සංස්කෘතිය ගැන හිතලයි. යුරෝපයට ගැළපෙන තීන්දු ලංකාවට ගැළපෙන්නේ නෑ. ලංකාවේ සංස්කෘතිය හා සභ්‍යත්වය මත තමයි අපි තීන්දු ගන්න ඕන. කොළඹ ඉන්න කාන්තාවන් මේකට කැමැති වෙන්න පුළුවන්. ඒත් ගම්වල ඉන්න කාන්තාවන්ගෙන් සියයට අනූවක් මේ තීරණවලට විරුද්ධයි. ගමේ ඉන්න කාන්තාවකට බාර් එකකට ගිහිල්ලා අරක්කු බෝතලයක් අරගන්න පුළුවන්ද? බැහැනේ. කොළඹ ඉන්න කාන්තාවන් සුපිරි වෙළෙඳ සල්වලින් මත්පැන් මිලදී ගත්තට ගම්වල ගෑනු අයට එහෙම කරන්න බෑ.” රාජිත දීර්ඝ කතාවක් කරන්න විය.
“රාජිත ඇමැතිතුමා කියන කතාවට මම කැමැතියි. ඒක නිසා මේ ගැසට් එක අවලංගු කරමු” දයාසිරි ජයසේකර ඇමැතිවරයා කීවේය.
“අපේ ආණ්ඩුව මතින් දුමින් තොර රටක් කියන එක මත තමයි කටයුතු කරන්නේ. මතින් තොර රටක් කියලා බලයට ආපු අපි තීන්දු ගැනීමේදී ප්‍රවේශම් වෙන්න ඕන. මේවා අපිට විරුද්ධව ප්‍රචාර ගන්න අයට අනවශ්‍ය ප්‍රචාරයක් ලබාගැනීමට හේතු වෙනවා” චම්පික රණවක ඇමැතිවරයා කීවේය.
“මමත් මේ ගැසට් එකට විරුද්ධයි. මම කලින් දවසේත් මංගල ඇමැතිතුමා එක්ක මේ ගැන කතා කළා” මෛත්‍රී කීවේ ගැසට් නිවේදනය අකුලා ගත යුතු බවයි.
එහෙත් මංගල තමන් ඉදිරිපත් කළ ගැසට් නිවේදනය ලෙහෙසියෙන් හකුලා ගැනීමට සූදානම් වන බවක් පෙන්නුවේ නැත.
“ජනාධිපතිතුමා, මේ ගැසට් එක අකුලාගන්න ගන්න තීන්දුව ගෝත්‍රික තීන්දුවක් වේවි” මංගල කීවේය.
“මම මත්ද්‍රව්‍යවලට විරුද්ධ අයෙක්. මගේ ප්‍රතිපත්තිය ඒකයි. ඒ නිසා මේ ගැසට් එක අකුලාගන්න ඕන” මෛත්‍රී තද ස්ථාවරයක සිටියේය.
“එහෙනම් මම මේකට එකඟ වෙන්නම්” අවසානයේදී මංගල එම ගැසට් නිවේදනය අකුලා ගැනීමට එකඟ විය.
 
රනිල්ගෙන් දෝස්මුරයක් 
 
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය සතියේදී හදිසියේම කැඳවූයේ කැබිනට් මණ්ඩලයේදී ඇතිවූ තත්ත්වය ගැන අවධානය යොමු කිරීමටය. ඒ අතරම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් නොවන මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබුණේය. සිරිකොතේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භවූයේ රනිල්ගේ කතාවකිනි. රනිල් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැමිණියේ එතරම් හොඳ මුහුණකින් නොවේ.
“මොනවාද මේ ඔය අය කරන වැඩ. ජනාධිපතිතුමා විවේචනය කරන්නේ මොකද? මේ කවුරු පත් කරපු ජනාධිපතිද කියලා හිතුවද? මේ ඉන්නේ අපි පත් කරපු ජනාධිපති. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දිගටම ජනාධිපතිතුමා විවේචනය කිරීම ගැන කළකිරීමෙන් ඉන්නේ. ඊයේ කැබිනට් මණ්ඩලයේදීත් ජනාධිපතිතුමා කළකිරිලා දොස් කියාගෙන ගියා. ජනාධිපතිතුමා විවේචනය කරන්න එපා”රනිල් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භයේදීම තද කතාවක් කළේය. රනිල්ගේ ඉලක්කය වී තිබුණේ හරීන් ප්‍රනාන්දු, මරික්කාර් සහ සුජීව සේනසිංහය. සුජීව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පැමිණ සිටියේ ද නැත. 
“සර් අපි නමෛයි මේවා පටන්ගත්තේ. ඩිලාන් පෙරේරලා, සුසිල් ප්‍රේමජයන්තලා තමයි අගමැතිතුමා විවේචනය කරන්න ගත්තේ. එතකොට ඒවට මොනවද කරන්නේ” රනිල්ගේ ප්‍රහාරයට ලක්වූ මන්ත්‍රීවරයෙක් කියන්න විය. එවිට රනිල් අතින් සංඥා කරමින් කතාව නැවැත්විය.
“ඒක ජනාධිපතිතුමා බලාගනීවි. ඔයාලා ජනාධිපතිතුමා විවේචනය කරන එක නවත්වන්න” රනිල් කීවේ ආරම්භ කළ තද ස්වරය අඩු නොකරමිනි. 
“ජනාධිපතිතුමා පික්‍පොකට් කතාව කිව්වේ හිටපු ජනාධිපතිතුමාට. නැතිව එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කරගෙන කරපු ප්‍රකාශයක් නමෛයි. ඒක දැන් අපේ අය එක්සත් ජාතික පක්ෂයේ ඇඟේ දාගෙන තියෙනවා. මරික්කාර් ඇඟට දාගන්න ඕන නැති එකක් ඇඟට දාගෙන තියෙන්නේ” දයා ගමගේ ඇමැතිවරයාත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඇතුළේදීම මරික්කාර් කළ ප්‍රකාශය විවේචනය කළේය.
 
රවි - නවීන් ඇවිළෙති 
 
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන කාමරයට පැමිණියේ රනිල් කර තිබූ දැනුම් දීමකට අනුවය. රංජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා එහි එන විට රනිල් ඔහු ඉදිරිපස අසුනකටම කැඳවූවේය
“බැඳුම්කර කොමිසම ගැන කතා කරන්න තියෙනවා. රංජන් මේ ගැන කතා කරනවානේ. ඉස්සරට ඇවිල්ලා වාඩිවෙලා හොඳට මේ ගැන අහගෙන ඉන්න” රනිල් රංජන් ඉදිරිපෙළ අසුනකටම කැඳවූවේය.
“සර් මට බැඳුම්කරය ගැන ප්‍රශ්නයක් අහන් තියෙනවා” රංජන් කීය.
“අහන්න” රනිල් රංජන්ට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබාදුන්නේය.
“දැන් සර් බැඳුම්කරයේ වංචාවක් වෙලාම නැද්ද” රංජන් ඇසුවේය.
“මේකේ අපරාධයක් නමෛයි වෙලා තියෙන්නේ. වංචාවක් තමයි වෙලා තියෙන්නේ. අයුතු ලාභයක් ලබා තිබෙනවා. ඒක අය කරගන්න පුළුවන්. දැනටමත් බැඳුම්කර අයට අදාළ බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවලා තියෙනවා” රනිල් කීවේය.
“දැන් ඉන්න මහ බැංකු අධිපතිවරයාත් හොරෙක්” රවි කරුණානායක මන්ත්‍රීවරයා නැගිට කීවේ මහ බැංකු ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගැනය.
“එහෙම කියන්න එපා. දැන් ඉන්න අධිපතිවරයා හොරෙක් නමෛයි. දැනගෙන කතා කරන්න. මහ බැංකුව අගමැතිතුමා යටතේ තියෙන්නේ. අගමැතිතුමා දැනුවත්ව තමයි මහ බැංකු අධිපතිවරයා පත් කරලා තියෙන්නේ. මහ බැංකු අධිපතිවරයා විවේචනය කරනවා කියලා කියන්නේ අගමැතිතුමා විවේචනය කරනවා වගේ වැඩක්” රවිට විරුද්ධව නවීන් නැගී සිටියේ කුමාරස්වාමි වෙනුවෙන් පෙනී සිටිමිනි.
මේ අතර වබේ අඩවිවලට මුදල් ගෙවමින් විවිධ ප්‍රචාර කිරීම් සම්බන්ධයෙන්ද රවිට චෝදනා එල්ලවිය.
“ජනාධිපතිතුමත් රවි වබේ අඩවිවලට මුදල් ගෙවලා මඩ ගහනවා කියලා කිව්වා” රනිල් කියන විට රවි ඇඟ බේරාගැනීමට උත්සාහ ගත්තේය.
“මම එහෙම කරන්නෙ නෑ” රවි කීවේය.
මේ අතර බැඳුම්කර කොමිසන් වාර්තාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ත්‍රිපුද්ල කමිටුවක් පත් කිරීමටද තීරණය විය.
සිරිපාල ගම්ලත් මන්ත්‍රීවරයාගේ දියණිය පසුගිය කාලයේ පදිංචිව සිටියේ ඕස්ට්‍රේලියාවේය. තම දියණිය ලංකාවට ගෙන්වා ගැනීම සඳහා දැඩි ප්‍රයත්නයක යෙදුණු මන්ත්‍රීවරයා ඇය ලංකාවේ පදිංචි කරවාගෙන තිබුණේ දැඩි ප්‍රයත්නයකින් පසුවය. එහෙත් පසුගිය සතියේදී ඩෙංගු රෝගය වැළඳී ඇය රෝහල් ගත කළ අතර රෝහල් ගත කළ ආරංචිය ලැබුණ වහාම ඔහු ‍පොළොන්නරුවේ සිට කොළඹ බලා පැමිණියේය. එහෙත් ඔහු කොළඹ ඒමට පෙර ඇය ජීවිතයෙන් සමුගෙන තිබුණේ අවාසනාවන්ත ලෙසය. ඒ නිසා මන්ත්‍රීවරයා සිටින්නේ දැඩි කනගාටුවෙන් යුතුවය.
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මැති ඇමැතිවරු රැසක්ම අවමඟුුල් නිවසට පැමිණියහ. බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාත් අවමඟුලට පිටත්ව ගියේ හිටපු අමාත්‍යාංශ ‍ලේකම්වරයෙක් වන විලී ගමගේ සමගය. ඔවුන් යන අතරවාරයේදී නාරම්මලදී නැවැත්වූයේ තේ බිමටය. එම තේ කඩය අසල පක්ෂ කාර්යාල කිහිපයක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ‍පොදුජන පෙරමුණේ හා තවත් ස්වාධීන කණ්ඩායම් දෙකක පක්ෂ කාර්යාල විය.
“බලන්න විලී, ශ්‍රී ලංකා කාර්යාලයේත් මහින්ද මහත්තයාගේ ‍පොටෝ එක. අපේ කාර්යාලයේත් මහින්ද මහත්තයාගේ ‍පොටෝ එක. රොකට් එකෙන් ඉල්ලන අයත් මහින්ද මහත්තයාගේ ‍පොටෝ එක. අනෙක් ස්වාධීන කණ්ඩායමේ අයත් මහින්ද මහත්තයාගේ ‍පොටෝ එක ගහගෙන ඉන්නවානේ” බැසිල් කීවේය.
රාත්‍රී නමය පමණ වන විට ‍පොළොන්නරුවට පැමිණීමට ඔවුන්ට හැකිවිය
“දුව ඕස්ට්‍රේලියාවේ හිටියේ. මම තමයි ලංකාවට ගෙන්වාගෙන මෙහේ පදිංචි කරගත්තේ” සිරිපාල ගම්ලත් බැසිල්ට කීවේ හැඬූූූ කඳුළෙනි.
 
බැසිල් - ඩඩ්ලි හමුවක් 
 
බැසිල් එන විට ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන, මහ ඇමැති පේෂල ජයරත්න, නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් වූහ. ඒ අතර මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නොලැබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරු කිහිපදෙනෙක්ද වූහ.
“මහ ඇමැතිතුමා තමයි අපිට සභාපතිකම් නැති කළේ” එතැන සිටි හිටපු සභාපතිවරයෙක් පේෂලට චෝදනා කළේය.
“මම නමෛයි. කලින් හිටපු මහ ඇමැතිතුමා තමයි ඔය අයට විරුද්ධව කමිටුවක් පත් කළේ. මගේ කා‍ලේ තමයි ඒ තීන්දුව ආවේ”පේෂල කීවේය.
“බොරු කියන්න එපා. ඔබතුමා තමයි මේක කළේ. ජනාධිපතිතුමා ළඟට ගියා නම් අපිට මෙහෙම වෙන්නේ නෑනේ. ජනාධිපතිතුමා ළඟට අපි ගියපු නැති එකනේ අවුල”හිටපු සභාපතිවරු කියන්නට වූහ.
“ඒක නම් ඇත්ත ඉතිං” පේෂල කීවේ ඇඟට පතට නොදැනීය.
මේ අතර ඩඩ්ලි හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා බැසිල් සිටිනු දැක බැසිල් ළඟට ආවේය.
“මහින්ද මහත්තයා දඹුල්ලට එනවා”බැසිල් කීවේ මහින්දගේ රැලියක් ගැනය.
“විසි පස් වෙනිදා නේ එන්නේ”ලක්ෂ්මන් වසන්ත ඇසුවේය.
“ඔව්. විසි පස් වෙනිදා වේදිකාවට නගින්න. මොකද දෙකම එකයිනේ”බැසිල් කීවේ පේෂලත් ලක්ෂ්මන් වසන්තත් දෙස බලමිනි.
“මේ දෙකම එකට එකතු වෙනවා නම් තමයි හොඳ. එකතුවෙලා යනවාට අපිත් කැමැතියි” පේෂල කීවේය.
“දෙකම එකම නොවුණත් විසඳුමක් තියෙනවා” බැසිල් කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්වීම ගැන.
“මම නම් මහින්ද මහත්තයට තවම ආදරෙයි” ලක්ෂ්මන් වසන්ත කීය.
මේ අතර බැසිල් හමුවීමට සරත් වීරසේකර මන්ත්‍රීවරයා පැමිණියේය. ඒ බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ සාමිවරු කිහිප දෙනෙක් හමුවීමට යෑමට නියමිතව තිබූ නිසාය. ඉන් පසුව ඔහු හමුවීමට ආවේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකි. මැතිවරණය ගැන බැසිල් පැය තුනකට වැඩි කාලයක් ඔවුන් සමග කතා කරමින් සිටියේ දිවා ආහාරය ද අමතක කරමිනි.
“ජනාධිපතිවරණයේදී මහින්ද මහත්තයට ලක්ෂ හතළිස් අටක් ලැබුණා. ඒ ඡන්දයි ඡන්ද ‍පොළට නොගිය ලක්ෂ දහයක විතර ඡන්ද ප්‍රමාණයයි මේ පාර ඡන්දයේදී අපි එකතු කරගන්න බලනවා. පළාත් පාලන ඡන්දවලදී ඡන්ද ‍පොළට නොයන අය ඡන්ද ‍පොළට ගෙනයාමටත් අපි කටයුතු කරනවා. ගියපාර මැතිවරණවලදී අපිත් එක්ක හිටපු අයගෙන් සමහරු ආණ්ඩුව එක්ක දැන් ඉන්නේ. ඒ තැන්වල අපිට සටනක් තියෙනවා” බැසිල් කීවේය.
 
 තිලකජය

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 414

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 766

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 685

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 554

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5182

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3417

Please publish modules in offcanvas position.