Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සහල් - ‍පොල් මිල ජනතාවට දරන්න අමාරුයි

දිනෙන් දින ඉහළ යමින් පවතින ජීවන වියදම මේ වනවිට මෙරට ‍පොදු ජනතාවට මහත් වූ හිසරදයක් බවට පත්ව ඇත. මෙහිදී ‍පොදු ජනතාව වැඩි වශයෙන්ම ඇඟිල්ල දිගුකර සිටිනුයේ රජය වෙතය. මෙම ජීවන වියදම ඉහළ යාම පාලනය කරලීම සඳහා රජය වහා යම් පියවරක් ගත යුතු බව මෙරට සාමාන්‍ය ‍පොදු ජනතාවගේ මතය වී ඇත.
මේ අනුව මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේදීද ජීවන වියදම ඉහළ යාම හා එය මුල්කොට ගනිමින් ජනතාව රජය වෙත චෝදනා නැගීම පිළිබඳව පුළුල්ව සාකච්ඡාවට බඳුන් විය.
විශේෂයෙන්ම මෙහිදී වඩාත් වැඩි අවධානයක් යොමු කෙරුණේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර වන සහල් හා ‍පොල්වල මිල ඉහළ යාම පිළිබඳවය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර කැබිනට් මණ්ඩලය රැස්වීම පැවැත්වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහ‍ලේ පිහිටි කමිටු ශාලා අංක 1 දරන කාමරයේදීය.
මෙහිදී බඩු මිල ඉහළ යාම පිළිබඳ කරුණු දැක්වීම ආරම්භ කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.
“හාල් හා ‍පොල් මිල වැඩි වෙලා. ඒක රටේ ජනතාවට දරාගන්න අමාරුයි. මේක දැන් රටේ ‍පොදු ජනතාවට බලපාන බරපතළ ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා ජනතාවට යම් සහනයක් ලබාදෙන්න වහා පියවර ගත යුතුමයි” ජනාධිපතිවරයා පැවැසීය.
“ඔව් ජීවන වියදම ඉහළ යන්න මූලිකවම බලපාලා තියෙන්නේ ඔය හාල් ‍පොල් මිල ඉහළ යාම තමයි” නවීන් දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.
“අපි මේ වෙලාවේ විකල්පයකට යා යුතුයි. සහල් ‍පොල් ආනයනය කරන්න වෙනවා නම් එයත් කළ යුතුයි” ජනපතිවරය මෙහිදී අවධාරණය කර සිටියේය.
ඉන්පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සාකච්ඡාවට එක්විය.
“සහල් ‍පොල් බෙදාහැරීමේ වැඩපිළිවෙළ හරියට ක්‍රියාත්මක වෙනවාද කියා සොයා බලන්න ඕන. ස.තො.ස. ඇතුළු අනෙකුත් ආයතන හරහා බෙදාහැරීම නිසි පරිදි සිදුවනවාද කියා සොයා බලන එක වැදගත්” වික්‍රමසිංහ මහතා පැවැසීය.
ජනපතිවරයා හිස සලා එය අනුමත කළේය.
“ජංගම බෙදාහැරීමේ මධ්‍යස්ථාන හරහාත් මෙම සහල් හා ‍පොල් බෙදාහැරීම නිවැරදිව සිදුවනවාද කියා හොයලා බලන්න ඕන” වික්‍රමසිංහ මහතා තවත් කරුණක් එකතු කළේය.
මෙහිදී තවත් අමාත්‍යවරු කිහිප දෙනකුම ජීවන වියදම ඉහළ යාම හරහා ජනතාවට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව කරුණු දක්වන්නට විය.
“සහල් ආනයනය කරන්න පුළුවන්. ඒත් ඒකට මුදල් ප්‍රතිපාදන තමයි නැත්තේ” රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දෙස බලමිනි.
“එහෙම කියන්න එපා. අවශ්‍ය මුදල් ප්‍රතිපාදන තියෙනවනේ” මංගල සමරවීර මහතා වහා ප්‍රතිචාර දැක්වීය.
ඉන් නොනැවතුණු මංගල සමරවීර මහතා මෙසේද පැවැසීය.
“ඔබතුමා තීරණයක් ගන්න. ඔබතුමාගේ අමාත්‍යාංශයේ තීරණ අපට ගන්න බැහැනේ. සහල් හා ‍පොල් ආනයනය කරන්න තීරණයක් ගත්තොත් අපි මුදල් ප්‍රතිපාදන ලබාදෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නැහැ”
“රටේ බඩු මිල ඉහළ යන එක පාලනය කරන්න අපේ අමාත්‍යාංශය සෑම උත්සහයක්ම ගන්නවා. අපි අවශ්‍ය තීරණය ගන්නවා. අපිට චෝදනා කරන්න එපා” රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාද මෙහිදී පැවැසුවේ දැඩි ස්වරයකිනි.
මෙහිදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අදහස අනුමත කරමින් සාකච්ඡාවට එක්විය.
“අදාළ අමාත්‍යාංශය නිවැරදි තීන්දුව අරගෙන කඩිනමින් කටයුතු කරනවා නම් මේ ගැටලු මගහරවා ගන්න පුළුවන්නේ” දිසානායක මහතා පැවැසීය.
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාද තමාට එල්ල වන මෙම චෝදනාවන්ට පිළිතුරු දෙමින් තරමක් ආවේගශීලීව අදහස් පළ කළ අතර මෙහිදී මංගල සමරවීර මහතා හා බදියුදීන් මහතා අතර තරමක් දැඩි වාග් සංග්‍රාමයක්ද මතුවිය.
කෙසේ වෙතත් ජනපතිවරයා වහා මැදිහත්ව එම තත්ත්වය පාලනය කළෝය.
“වාද කරලා කාලය අපතේ යවන්න බැහැ. විසඳුමයි අවශ්‍ය. සහල් ‍පොල් ආනයනය කරන්න පියවර ගමු” ජනපතිවරයා පැවැසීය.
කැබිනට් මණ්ඩලය ඊට පූර්ණ එකඟතාවය පළ කළ අතර ජනපතිවරයා එම ආනයන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ වගකීම රිෂාඩ් බදියුදීන් මහතා වෙත පැවැරීය.
ඊට අමතරව සහල් හා ‍පොල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයටද අවශ්‍ය බදු සහන ලබාදීමටද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණ.
අලි ඇතුන් ප්‍රමුඛ වන ජීවීන්ගේ ආරක්ෂාව තහවුරු කරලීම පිළිබඳව විශාල කතාබහක් මේ වනවිට රට තුළ ඉස්මතුව ඇත. ඒ නිසාම පාර්ලිමේන්තුව තුළද ඒ පිළිබඳ වාදවිවාද මතුව ආ අතර ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ මැදිහත්වීම නිසා එම විවාදයන් තරමක රසවත් බවකින්ද පිරී තිබිණ.
මෙම වාදවිවාද ආරම්භ වූයේ වනසතුන්ගේ ක්‍රියාකාරකම් හේතුකොටගෙන ගොවීන් විශාල අපහසුතාවයට පත්ව ඇති බවට කරුණු දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමත් සමගය.
“ඔබතුමා වනජීවීන්ගේ ආරක්ෂාව ගැන පෙනී සිටිනවා. ඒත් එතකොට මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්නේ කවුද?” මහින්දානන්ද මහතා ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන් විමසීය.
“කකුල් දෙකේ මනුෂ්‍ය සතුන් නිසා තමයි මේ හැම විනාශයම සිද්ධ වෙන්නේ. ඒත් අපි සතුන්ගේ විතරක් ‍නෙවෙයි මිනිස් ජීවිත රැකගන්නත් අවශ්‍ය පියවර ගන්නවා” යැයි ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
“සෙල්ලක්කාර අලින් ඉන්නවා” යැයි මෙහිදී ජයවික්‍රම පෙරේරා මහතා සිනහමුසු මුහුණින් පැවැසීය.
“ඔව් මෙහෙත් දඟකාර අලි ඉන්නවා” යැයි එහිදී ප්‍රකාශ කළේ ජෝන් අමරතුංග අමාත්‍යවරයාය.
“මෙහේ ඉන්නේ දරුණු අලි” යැයි ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා එහිදී පැවැසුවේ සිනහමුසුවය.
“ඒ කියන්නේ කියන කෙනාම ගැන නේද?” ජෝන් අමරතුංග මහතා ප්‍රශ්න කළේය.
පසුගිය සතිය පුරාවටද අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්විණ. මේ විවාදය අතරතුර අවස්ථා කිහිපයකදීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. පසුගිය බදාදා දින මහින්ද රාජපක්ෂ මහතා දිවා ආහාරය ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග පැමිණියේ මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරය වෙතය.
අනුර ප්‍රියදර්ශන යාපා මහතා හා සුසිල් ප්‍රේමජයන්ත මහතාද මේ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ආහාර ගනිමින් සිටි ස්ථානය වෙත පැමිණ ඔවුන් හා කතාබහක නිරතවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් දෙපළක් හිටපු ජනාධිපතිවරයා සමග මෙසේ සාකච්ඡාවකට එක්වීම මන්ත්‍රී භෝජනාගාරයේ සිටි බොහෝ දෙනකුගේ අවධානයට ලක්විය.
කෙසේ වෙතත් මෙහිදී මෙම පිරිස අතර වැඩි වශයෙන් සාකච්ඡාවට ලක්වූයේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව නොව පැරණි රසංගය. පැරණි මැතිවරණවලදී ලැබූ විවිධ අත්දැකීම් පිළිබඳව ආවර්ජනය කරමින් මෙහිදී සියලු දෙනා මහ හඩින් සිනහ සෙමින් සාකච්ඡාවේ යෙදුනහ.
මෙහිදී රාජපක්ෂ මහතා සිහිපත් කළේ මුල්කිරිගල අතුරු මැතිවරණයේ අත්දැකීම්ය. අනුර යාපා මහතා මෙන්ම සුසිල් ප්‍රේමජයන්ත මහතාත් තම දේශපාලන දිවියේ රසවත් මතක කිහිපයක් මෙහිදී අනාවරණය කළහ. මෙම ආගිය කතාබහ පැයකටත් අධික වෙලාවක් පුරා පැවැත්විණ.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදී අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට සුපුරුද පරිදි හතරවටින් චෝදනා එල්ල විය. ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මෙසේ චෝදනා එල්ල කළ අය අතර ප්‍රමුඛ තැනක් ගත්තේය.
“ඔබතුමාගේ ‍පොරොන්දු ගැන අපිට කිසිම විශ්වාසයක් නැහැ. ඡන්දෙ තියනවා කියලා කොච්චර ‍පොරොන්දු දුන්නද?” විජිත හේරත් මහතා ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාට දැඩිව දොස් නගන්නට විය.
මෙම ප්‍රකාශවලින් තරමක කෝපයට පත් ෆයිසර් මුස්තාපා මහතාද උස් හඩින් එම චෝදනාවන්ට පිළිතුරු බඳන්නට විය.
“සුජීව වගේ මෙයත් නාගන්නවා. කෑගහන්න කෑගහන්න තවත් නාගන්නවා” යැයි එහිදී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ අසල සිටි සියලු දෙනාගෙම සිනහ හඬ මැදිනි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ චමින්ද විජේසිරි මහතාද මෙහිදී ෆයිසර් මුස්තාපා මහතාට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නට විය.
“ඡන්දෙ කල් දාන නිසා ‘බාලගිරියා’ කියලා නමකුත් මෙතුමාට පටබැඳුණා. බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා ගම්වල ගෙවල්වල බිත්තියේ අඟුරු කැබැල්ලකින් සටහන් කරනවා. දැන් එහෙම කරන්න ඕන නැහැ. ඔබතුමාගේ ෆොටෝ එකක් බිත්තියේ ඇලෙව්වාම හරි” යැයි විජේසිරි මහතා ෆයිසර් අමාත්‍යවරයාගේ මුහුණ දිහා බලාගෙනම කළ ප්‍රකාශයට සභාවටම සිහින් සිනා හඬකින් පිරී ගියේය.
පසුගිය 06 වෙනිදා අයවැය විවාදය යෙදී තිබුණේ ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන අමාත්‍යාංශ පිළිබඳවය. එදින ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විවාදයට එක්වුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාය. විජිත හේරත් මන්ත්‍රීවරයා සිය කතාව අතරතුර පළාත් පාලන මැතිවරණය කල්යෑම පිළිබඳවද විවේචනය කළ අතර ෆයිසර් ඇමැතිවරයා සමග උණුසුම් විවාදයක්ද ඇතිවිය. අනතුරුව කෑම පැයේදී විජිත හේරත් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් පිරිසක් සමග එදින විවාදය පිළිබඳවත් ඇතිවූ උණුසුම් තත්ත්වය පිළිබඳවත් කතාබහ කරමින් සිටියේය. ඒ මොහොතේදී විවාදයට පැමිණ සිටි දිස්ත්‍රික් ‍ලේකම්වරුන් පිරිසක් සමග වජිර අබේවර්ධන ඇමැතිවරයාද නිල කාමරයෙන් පිටතට පැමිණෙන අතර විජිත හේරත් මන්ත්‍රීවරයා දැක ‘ඔබතුමාලගේ තියෙන ඕනෑම ප්‍රශ්නයක් විජිත හේරත් මන්ත්‍රීතුමාට කියන්න. එතුමා මැදිහත් වෙලා විසඳලා දෙයි” වජිර අබේවර්ධන ඇමැතිවරයා දිස්ත්‍රික් ‍ලේකම්වරුන්ට කියා සිටියේය. විජිත හේරත් මන්ත්‍රීවරයා සිනාමුසු මුහුණින් එයට ප්‍රතිචාර දැක්වීය. “ඇමැතිවරු හිටියට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තමයි විසඳන්න වෙලා තියෙන්නේ” මාධ්‍යවේදියෙක් කියා සිටියේය.
දකුණේ දේශපාලන පක්ෂවල බල අරගලය මෙන්ම මේ වනවිට උතුරේ ද්‍රවිඩ පක්ෂවල අරගලයද උග්‍ර අතකට පත්ව තිබේ. මේ හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය දෙකඩ වී ඇති අතර ඊ.පී.ආර්.එල්.එෆ්. ප්ලොට්, ටෙලෝ සංවිධාන වෙන වෙනම සන්ධාන ගොඩනැගීම සඳහා විවිධ උත්සාහයන් ගනිමන් තිබේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා සකස් කරමින් මැතිවරණ කටයුතු ජනතාව අතරට ගෙන යමින් තිබේ. ජ.වි.පෙ. ජාතික සංවිධායක බිමල් රත්නායක මන්ත්‍රීවරයා සහ යාපනය දිස්ත්‍රික් නායක රාමලිංගම් චන්ද්‍රසේකර් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමෙන් නාමයෝජනා සකස් කෙරෙමින් තිබේ. නල්ලූර්, චාවකච්ච්ෙරි, වලිකාමම් ප්‍රාදේශීය සභා සඳහා සහ යාපනය මහ නගර සභාව සඳහා ඇප මුදල් තැන්පත් කිරීම පිණිස මේ වනවිට සියලු කටයුතු අවසන් කර තිබේ. මේ අතර යාපනය විද්වත් පිරිස් දෙමළ ජාතික සන්ධානයේ දෙකඩවීම පිළිබඳවද ජ.වි.පෙ. සමග කතාබහ කරමින් සිටිති. දෙමළ ජාතික සන්ධානය පළාත් සභාව අරගෙනත් ජනතාව වෙනුවෙන් වැඩක් කළේ නැහැ. දැන් එක එක පක්ෂ තමන්ගේ බලය වෙනුවෙන් සටනක්. විග්නේශ්වර් ඇමැතිතුමා වෙනම ගමනක්. මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න කවුරුත් නැහැ. මෙහෙ තියෙන මාධ්‍යයත් පක්ෂ කැඩුන ඒවා තමයි උස්සන් යන්නේ. මිනිස්සු ප්‍රශ්න ගොඩක හිරවෙලා. ඒවා ගැන අවධානයක් නැහැ” රාමලිංගම් චන්ද්‍රසේකර් සමග කතාබහක නිරතවූ නල්ලූර් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් කියා සිටියේය. “හැමදාමත් මේ පක්ෂ කළේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්නවලට උත්තර හොයපු එක ‍නෙවෙයි. පක්ෂවල බලය තහවුරු කරගන්න වැඩ කරපු එක. ඉඩම් ප්‍රශ්න, නිවාස ප්‍රශ්න, රැකියා ප්‍රශ්න ගැන කතා කළේ ජ.වි.පෙ අපි විතරයි. අපි දැන් වෙනසක් කරලා බලමු” රාමලිංගම් චන්ද්‍රසේකර් පිළිතුරු දෙමින් කියා සිටියේය.

පැතුම් වික්‍රමරතන

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2466

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2405

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3913

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4449

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5281

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3132

Please publish modules in offcanvas position.

X

Right Click

No right click