Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

යහපාලනය බැඳුම්කර හා ගෝඨාභය

අප මේ ගෙවමින් සිටින්නේ 2017 වර්ෂයේ අවසන් මාසයයි. මේ වර්ෂය තුළ ස්වභාවධර්මය තමන්ගේ අණසක පතුරුවමින් අවස්ථා කීපයකදීම ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවත් ගිනිබත් කළේය. පවුල් පිටින් මරුතුරුලට යැව්වේය. සමහර පිරිස් අදටත් අතුරුදන්ය. සුළඟ වැස්ස අපට මෙවරද ජීවිත දාහතරක් බිලිගෙන දහස් ගණනක් අනාථ කර දැම්මේය. “ස්වභාව ධර්මයත් අපේ රජයට හිරිහැර කරනවා. මේ අවුරුද්දේ ස්වභාවධර්මය නිසා දුකට වේදනාවට පත් ජනතාවට සහන සලසන්න විශාල මුදලක් වැය කරලා තිබෙනවා.  මෙවරත් කරදරයට පත් ජනතාව වෙනුවෙන් රජය මූලිකව හැම පවුලකටම රුපියල් දසදහසක් දෙන්න අපි දිසාපතිවරුන්ට නියම කරලා තිබෙනවා. විනාශ වූ දේපළ තවමත් තක්සේරු කර ඉවර නෑ. ඒ කටයුතු ඉවර වුණාම දේපළ අහිමි වූවන්ට වන්දි මුදල් ගෙවන්න පටන් ගන්නවා යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ ඉකුත් සතියේය.
ඉකුත් සතිය දේශපාලන ලෝකය උණුසුම් කිරීමේ මෙවලම වූයේ හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. එක් පැත්තකින් ඔහු අත්අඩංගුවට ගෙන හිරකර දැමීමේ සූදානමක් ඇති බව සඳහන් කරමින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් මාධ්‍ය හමු පවත්වමින් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගෙන හිර කිරීමෙන් රජයට බරපතළ අනතුරකට මුහුණ දීමට සිදුවන බවය. මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් කරන ලද ඉල්ලීමටද යහපත් ප්‍රතිචාර ලැබිණ. කෙසේ වුවද ජනාධිපතිවරයා ඉකුත් සතියේ දකුණු කොරියාවේ සංචාරය කිරීමට පෙර හිටපු හමුදා ප්‍රධානීහු කීප දෙනෙක් ජනාධිපතිවරයා හමු වී ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා සිටියහ. ජනාධිපතිවරයා හා හිටපු හමුදා ප්‍රධානීන් අතර සුහද සාකච්ඡා පැවැත් වී තිබෙන අතර ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා ගැනද එහිදී අවධානය යොමු වී තිබේ.
මේ අතර උතුරු ප්‍රදේශයේ ඉකුත් සතිය උත්සවශ්‍රීයක් ගෙන තිබුණි. ඒ මහවිරු සමරුව උතුරු ප්‍රදේශයේ තැනින් තැන පැවැත්වීම නිසාවෙනි. එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් නිසා මහවිරු සැමරුම නීති විරෝධි බව හිටපු හමුදා ප්‍රධානීන්  ඉකුත් සතියේ මාධ්‍ය හමුවකදී කියා සිටියේය. “රට බෙදන්න සටන් කළ කොටි සාමාජිකයෝ අද උතුරේ මහවිරු සමරනවා. රට ආරක්ෂා කරන්න ත්‍රිවිධ හමුදාවේ කැපවීම් කළ රණවිරුවන් අද හිර ගෙවල්වල දුක් විඳිනවා. රට බේරා ගැනීමේ සටනට පණ දුන් ගෝඨාභය  රාජපක්ෂ හිටපු ආරක්ෂක ‍ලේකම් අත්අඩංගුවට ගන්න හදනවා” ඔවුහු එහිදී සඳහන් කළහ. රියාල් අද්මිරාල් සරත් වීරසේකර, මේජර් ජනරාල් කුමාර හේරත්, මේජර් ජනරාල් කමල් ගුණරත්න ඇතුළු හමුදා ප්‍රධානීන් අට දෙනෙක් මෙම මාධ්‍ය හමුවට සහභාගි වී සිටියහ.
අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දී පසුවදා ඉන්දියාවට ගියේ බාරයක් ඔප්පු කිරීමටය. ඔහු ආපසු පැමිණි පසු මලික් සමරවික්‍රම, කබිර් හෂීම්, රවි කරුණානායක හා අගමැති උපදේශක පාස්කරලිංගම් සමග සාකච්ඡා කළේ පසුගිය රජය සමයේ බැඳුම්කර නිකුතු ගැනය. ඒ වන විට පාස්කරලිංගම් සපයා ගෙන තිබූ පසුගිය රජය කා‍ලේ මහබැංකු  බැඳුම්කර නිකුත් කිරීමේ වාර්තා කීපයක්ද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ලබා දුන්නේය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සඳහන් කළේ “මේ වාර්තා සියල්ල ප්‍රවේශම් කරන්න ඕනේ. පසුගිය 2008 ඉඳලා මහ බැංකු බැඳුම්කර නිකුත්කර ඇති ආකාරය හා එහි ගැනුම්කරුවන් පිළිබඳ විස්තර එකතු කර ගන්න මම මේ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරන්න සූදානම් වෙනවා” යනුවෙනි.
“ඔව් සර් රටේ ජනතාව හිතන්නෙ අපි තමයි වැරදි කාරයෝ කියලා. ඒ නිසා බැඳුම්කර ගනුදෙනු සිදුවන ආකාරය ගැන දැන ගන්නත් එක්ක 2008-2015 දක්වා තොරතුරු හොයන්න විශේෂ බලැති කොමිසමක් පත් කරන්න ජනාධිපතිවරයාට යෝජනා කරන එක හොඳයි” කබිර් හෂිම් ඉංග්‍රීසි බසින් සඳහන් කළේය.
“යර්ස් මම ඒ ගැන ජනාධිපතිතුමා එක්ක කතා කරන්නම්” අගමැතිවරයා කීවේය.
එදින අගමැතිවරයා හමුවන්න එජාප මන්ත්‍රීවරුන්ටද විශාල උනන්දුවක් තිබුණි. ඇමැතිවරුන් කීප දෙනෙකුම අගමැතිවරයා හමු වී ජනාධිපති නිකවැරටියේදී කළ සැර කතාව ගැන ගතු කීවද අගමැති ඒ ගැන උනන්දු වන බවක් පෙන්වූයේ නැත. එදිනම හවස පාර්ලිමේන්තුවේදී එජාප මන්ත්‍රී කණ්ඩායම  හමු වූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ජනාධිපතිවරයා හා තමන් අතර කටයුතු සිදුවන්නේ අවබෝධයෙන් නිසා ජනාධිපතිවරයා  විවේචනය කිරීමෙන් වළකින ලෙස උපදෙස් දුන්නේය. එහිදී අගමැතිවරයා හා මන්ත්‍රීවරුන් අතර උණුසුම් කතා බහක් ඇති වූවද පසුව ජනාධිපති විවේචනය නොකර සිටීමට සියල්ලෝම එකඟ වූහ.
එජාප හිටපු මහ ‍ලේකම් තිස්ස අත්තනායකට එජාපයට පාඩමක් උගන්වන්නට ඇති ආශාව ගැන පසුගියදා ටිරාන් අලස් මහතාගේ නිවසේ පැවති ආගමික උත්සවයකදී එළියට පැන්නේය. මේ ආගමික උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රීලනිප එජාප මැති ඇමැතිවරුන්ටද ආරාධනා කර තිබුණි. තිස්ස අත්තනායක මහතාද එහි පැමිණ සියලු දෙනා සමග කතා බහ කරමින් සිටියදී ඔහු අසලට පැමිණි එජාප මන්ත්‍රීවරයකු “ආ ..... මේ අපේ හිටපු මහ ‍ලේකම්තුමා 2020 ජනාධිපතිවරණයට  එන්නයි හදන්නේ”යැයි විහිළුවක් කළේය” “ආ .... හරි හරි ඒක තමයි මෙයා සැරෙන් සැරේට ගිහිල්ලා මහ නායක හිමිවරු බැහැ දැකලා මාධ්‍යයටත් මොනවා හරි කියන්නෙ”යැයි ඒකාබද්ධයේ මන්ත්‍රීවරයෙක්ද කතාවට එක් විය. ඒ අසා සිටි තිස්ස අත්තනායක මහතා හය්යෙන් හිනා වී “ඔව් ඉතින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාටයි මටයි දෙන්නාටම එකම දේශපාලන සුදුසුකම්නෙ තියෙන්නෙ. ජනතාව මට කිව්වොත් ජනාධිපතිවරණයට එන්න කියල මම එනව තමයි” යැයි කීවේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැඳුම්කර ගනුදෙනුවේ වරදකරුවන්ට දඬුවම් ලබා දීමට පියවර ගන්නවා නම් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට සහය දෙන බව සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනය. පසුගියදා කොළඹ පැවැති උත්සවයකදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා හා බන්දුල ගුණවර්ධන මුහුණට මුහුණ හමු වී සුහදව කතා බහ කළහ. “ඔයා කියල තිබුණේ කොන්දේසි  විරහිතව ඔයාල මාත් එක්ක එකතු වෙනවා කියලා. ඒ වුණාට ඡන්දෙටවත් එකතු වෙන්නෙ නෑනේ” ජනාධිපතිවරයා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ කනට කර කීවේය. “නෑ නෑ ජනාධිපතිතුමා. අපි ඔබතුමා සමග එකතු වෙන්නේ බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවා නම් කියලයි මම කීවේ. යූඑන්පීයෙන් අයින්වෙලා ඔබ තුමාලා එනවා නම් අපිත් කැමතියි එකතු වෙන්න.” යැයි බන්දුල පෙරළා ජනාධිපතිවරයාට කීවේ සිනාසෙමිනි. මේ කතාවෙන් දෙදෙනාම සිනා සී ආශ්වාදයක් ලැබුයේ කළණ මිතුරන් කලකින් හමු වූවා සේය.
ඒකාබද්ධ විපක්ෂය හා ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායම සමගි කිරීමේ දෙපාර්ශ්වයේ කමිටු සාමාජිකයින් ඉකුත් සතියේ හමු වූයේ තීරණාත්මක සාකච්ඡාවක් සඳහාය. ඒකාබද්ධ විපක්ෂයේ පවිත්‍රා වන්නිආරච්චි, සී. බි. රත්නායක හා මහින්ද යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරු හා නිමල් සිරිපාල ද සිල්වා, අනුර යාපා ප්‍රියදර්ශන හා ලසන්න අලගියවන්න යන අමාත්‍යවරු මෙම සාකච්ඡාවට සහභාගි වූහ. සාකච්ඡාව ආරම්භයේදීම සී. බි. රත්නායක සඳහන් කළේ “ඔයාලා ආණ්ඩුවේ එජාපය සමග තිබෙන සම්බන්ධය අත අරින්න. ඒ සම්බන්ධය තියා ගෙන අපිට එකට වැඩ කරන්න බෑ. එකට වැඩ කරන්න තියා ඡන්දය ඉල්ලන ගමට  යන්නත් බැරි වෙනවා” යනුවෙනි.
එජාපය සමග හවුල දෙසැම්බර් 8දා ඉවර වෙනවා. නමුත් දැන් අපිට ඒ ගැන මොකුත් කියන්න බෑ. ජනාධිපති සමග සාකච්ඡා කරලා තමයි කරන දෙයක් කරන්න වෙන්නේ”යැයි නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරද්දී පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය දැඩිව ප්‍රකාශ කළේ “මේ සාකච්ඡා ඉදිරියට ගෙනියන්න නම් ඔයාලා යූඑන්පී එක සමග තිබෙන සම්බන්ධයෙන් ඉවත් වෙන් ඕනෑ” කියාය. මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයාද පවිත්‍රා වන්නිආරච්චිගේ කතාව අනුමත කළේය.
“එහෙම කතා කරන්න එපා අපි ඒ තත්ත්වයට අපේ කණ්ඩායම ගේන්න පසුබිම හදා ගන්න ඕනේ”යැයි නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. දෙපාර්ශ්වයේ සාකච්ඡා අවසන් වූයේ තීරණයකින් තොරවය. ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායම සමග පැවැති සාකච්ඡාවේ ප්‍රගතිය දැන ගන්න ඉකුත් සතියේ ඒකාබද්ධ පක්ෂ නායකයින් හා මන්ත්‍රීවරු එකතු වූයේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසටය. ඊට සහභාගි වූ සී. බි. රත්නායක සාම සාකච්ඡාවේ ප්‍රගතිය විස්තර කළේය. ඒ අනුව ඒකාබද්ධ  විපක්ෂය තීන්දු කළේ ශ්‍රීලනිප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් නොවන්නේ නම් තව දුරටත් සාකච්ඡා කිරීමේ ඵලක් නැති බවය.
ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට සම්බන්ධ වූ මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේ “මේ මැතිවරණයට එකට තරග කරන එක ගැන සාකච්ඡා අසාර්ථක වුණත් ආණ්ඩුව වෙනස් කිරීමේ උත්සාහය අතහැර නැති බවය.
හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ඇති සූදානමට එරෙහිව රට තුළ ගොඩ නැගුණු විරෝධය හමුවේ එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් සතියේ  ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. “අපේ යහපාලන ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ රට බේරා ගත් රණවිරුවන්ගේ එකම මයිලකට හානියක් වෙන්න ඉඩ දෙන්නෙ නෑ. ඒ අය ආරක්ෂා කරන එක යහපාලනයේ වගකීමක් හැටියට බාර ගෙන තිබෙනවා” යැයි අමාත්‍යවරයා කීවේය.
යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගෙන එය කොළයට සීමා නොකර ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළේ ඉකුත් සතියේදීය. ඇය සඳහන් කරන්නේ  ජාතික සමගිය හා සහජීවනය සඳහා මෙම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම සම්පාදනය විය යුතු බවය. කොළඹ අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට පාසල් උපකරණ  බෙදා දීමේ උත්සවයකට සහභාගි වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1728

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1746

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1021

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2563

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4021

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10175

Please publish modules in offcanvas position.