Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

බැඳුම්කර කොමිසම හා මන්ත්‍රී සදාචාරය

ධීවර ජනතාව අද ඔවුන්ගේ ලෝක ධීවර දිනය සමරන්නේය. අපේ රටේද ධීවර දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන බව ධීවර අමාත්‍යාංශය සඳහන් කර ඇත. කිලෝමීටර් 1785 පමණ දුරකින් යුතු අපේ වෙරළ තීරය ආශ්‍රිතව මුළු ජනගහනයෙන් 50කට ආසන්න පිරිසක් ජීවත් වන අතර ඔවුන්ගෙන් බහුතරය ධීවරයන්ය. පසුගියදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රටට හඳුන්වා දුන් නීල ආර්ථිකය 2016 මාර්තු 3 දා ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය අපට දායක කළ වැඩසටහනක් බවත් ධීවර ජනතාවගේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සකස් වූ නීල ආර්ථික සැලැස්ම ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප වෙද ආරච්චි මහතා 2016 අගෝස්තු 9දා ජනාධිපතිවරයාට පිළිගැන්වූ බවත් අපට මතකය.

මේ වන විට නීල ආර්ථිකය තුළ ධීවර ජනතාවගේ නිල ලාංඡනයද ප්‍රකාශයට පත් කර ඇත. මෙරට ජාතික ආදායමට සැලකිය යුතු දායකත්වයක් දක්වන ධීවර ජනතාවට අපිද සුබ පතන්නට එක් වන්නෙමු.
ඉකුත් සතියේ 16දා බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම රැස්වුණේය. මෙදින සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප ‍පොලිස් පරීක්ෂක ෂෙහාන් ජයසිංහ මහතා කොමිසමට ඉදිරිපත් කළ වාර්තා කිහිපයක් නිසා රටම ගිනි ගත්තේය. මේ ගින්නෙන් වැඩිම රස්නය දැනී තිබුණේ  පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සාමාජික මන්ත්‍රීවරුන් පස්දෙනෙකු බැඳුම්කර සිද්ධියට චෝදනා ලැබ සිටින අර්ජුන ඇලෝසියස් සමග කෝප් කමිටුවේදී බැඳුම්කරය ගැන කරුණු විමර්ශනය කෙරෙන අතරතුර දුරකථන සංවාද පවත්වා ඇති බව උප‍පොලිස් පරීක්ෂකවරයාගේ වාර්තා හෙළි කළේය.

මෙම සාක්ෂිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අභියෝගයට ලක් කර ඇති බව එදිනමත් එදිනට පසු දින එනම් 17දාත් පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ එ.ජා.ප. මන්ත්‍රීවරුන්ය. එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආංශු මාරසිංහ මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පවත්වා සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගේ දුරකථන ටැප් කර දුරකථන සංවාදවලට සවන්දීම නීතිවිරෝධී බවය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ එ.ජා.ප. මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම දුරකථන සංවාද පිළිබඳ තොරතුරු හෙළි කරමින් මාධ්‍ය සංදර්ශනයක් පවත්වන බවය.

කෝප් කමිටු වාර්තාවට පාද සටහන් තබා ඇති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කරන්නේ අර්ජුන ඇලෝසියස් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 41 දෙනෙකු දුරකථන සංවාද පවත්වා ඇති බව හෙළි වී ඇති බැවින් අදාළ මන්ත්‍රීවරුන් සියලු දෙනා රටට හෙළි කළ යුතු බවය. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරන්නේ අපූර්ව දෙයකි. අපේ අජිත් පී. පෙරේරා මන්ත්‍රීතුමාගේ සැර බැහැලා. එතුමා අද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නිවුන පුද්ගලයෙක් විදිහට. ඒ වුණාට මේ සිද්ධ වී ඇති දේවල් නිසා ඒ අයට ටයි කෝට් ඇඳගෙන ඉන්න පුළුවන්ද? කියා විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන්නේය.

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ඉතා වේගවත්ව හා ස්ථාවරව සඳහන් කරන්නේ ඔව් ඇලෝසියස් මට කතා කළා. මමත් එයාට කතා කරලා අපි මුණගැහුණා. ඔහු මගෙන් ඉල්ලා සිටියේ ඔහු නිවැරදි නිසා ඔහුට සහය දෙන්න කියලයි. මම කීවා දැන් බෙල්ල මුලින්ම අහුවෙලා තියෙද්දී මට උදව් කරන්න බෑ කියලා. අදත් මම කියන්නේ වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුයි කියලයි යැයි අමාත්‍යවරයා වේගයෙන් කීවේය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කඩුවෙල පැත්තේ ගෙවල් ගත්තු අය ගැනත් කොළඹට එන්නවත් පුළුවන්කමක් නැතිව සිටි අය කොළඹ ගෙවල් මිලදී ගැනීම ගැනත් සඳහන් කළේය. කෝප් කමිටුවේ සභාපතිත්වය දැරුවේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාය. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව විමර්ශනය කරද්දී චෝදනාවලට ලක්වී ඇති පාර්ශ්වයන් සමග කමිටු සාමාජිකයින් සබඳතා පැවැත්වීම සදාචාර විරෝධී බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. එහෙත් ඒ සම්බන්ධයෙන් දැන් කෝප් කමිටුවට කළ හැකි දෙයක් නැති බවද ඔහු සඳහන් කළේය.

මේ අතරේ වවුනියාව පැරකුම් මහා විද්‍යාලයේ පැවැති උත්සවයකට පැමිණි උතුරු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය එස්. සර්වේස්වරන් ශ්‍රී ලාංකීය ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කිරීමද මේ වන විට දේශපාලන ක්‍ෂේත්‍රය උණුසුම් කර ඇත. දෙමළ නායකයින්ගේ දෙබිඩි පිළිවෙත මෙම සිද්ධියෙන් මොනවට පැහැදිලි වන බව ඒකාබද්ධ විපක්ෂයේ ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා සඳහන් කරයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපේ ජාතික කොඩියට ගරු කරන්න අපි දිව්රා ‍පොරොන්දු වෙලා තියෙනවා. පළාත් සභාවල අයත් ඒ දිවුරුම් ප්‍රකාශය කළ යුතුයි. එසේ දිව්රා ‍පොරොන්දු වී ඇති දේ උල්ලංඝනය කළොත් ඔහු හෝ ඇගේ දේශපාලන තනතුරු අහෝසි කරන්න ඕනේ. යැයි මන්ත්‍රීවරයා කීවේය.

පළාත් සභා රැස්වීමකින් අනතුරුව බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතාද මේ සිද්ධිය ගැන සිය කනස්සල්ල පළ කළේය. මේ සිද්ධිය උතුරේවූ නිසා කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ. ඕක දකුණේදී වුණා නම් කොහොමද? ජාතික සංහිඳියාව නෑ කියන අයව සංහිදියාව විනාශ කර ගන්නවා යැයි ඔහු කීවේය.
මාධ්‍ය හමු0වකදී මේ පිළිබඳ රජයේ ඇමැති වරයකු වූ එස්.බි. දිසානායක මහතා ප්‍රකාශ කර තිබුණේ උතුරේ අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කරන්නට හේතුව රටට කිවයුතු බවය. රටේ ජනතාවට ඔහුගේ අදහස දැනගැනීමට අයිතියක් ඇති බව ඔහු සඳහන් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභික ගැටඹේ රජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ද අදහස් දක්වා තිබුණි. උන්වහන්සේ  සඳහන් කරන්නේ ව්‍යවස්ථාව හදලා බලය බෙදන්න පෙර ඔවුන් හැසිරෙන්නේ මේ ආකාරයෙන් නම් බලය දීමෙන් පසුු කෙසේ හැසිරෙන්නේ දැයි සිතා ගත හැකි බවය. මේ හිතුවක්කාර ජාතිවාදී පළාත් සභා අමාත්‍යවරයා සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හා යහපාලන රජය කටයුතු කරන්නේ කෙසේදැයි මහ සංඝයා බලාගෙන සිටින බවද උන්වහන්සේ සඳහන් කරති.

යහපාලන රජයට දිනෙන් දින අලුත් අලුත් ප්‍රශ්න එකතුවෙමින් තිබේ. රජයට අලුතින්ම එකතු වූ ප්‍රශ්නය ගාල්ල ගිංතොට ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජාතිකයන් අතර ඇතිවූ ගැටුමය. ගැටුමට පාදක වී තිබුණේ රිය අනතුරකි. මේ අනතුර සිදුව දින කීපයක් ගත වුවද අළුයට ගිනි පුපුරු මෙන් දෙපාර්ශ්වයේ කේන්තිය ගිනිගත්තේ ඉකුත් 17 දාය. අමාත්‍ය වජිර අබේවර්ධන සිද්ධිය වූ ප්‍රදේශයට ගියේ ගැටුම සමථයකට  පත් කරන්නට සිතා ගෙනය.
මොකක්ද මේ ගැටුම, අපි මේවා අමතක කරලා දාන්න ඕනේ. ඔය සිදුවෙලා තිබෙන්නේ සුළු සිද්ධියක්නේ. යැයි අමාත්‍යවරයා කියද්දී තරුණයකු ඇහුවේ  අපි ගුටිකන එක සුළු දෙයක් කියලද? හරි හරි අපි ඕවා සුළු දේවල් හැටියට අමතක කරලා දාමු. යැයි ඇමැතිවරයා කියද්දී ඔහු වටකර ගෙන සිට තරුණයන් හා ගම්මුන් අමාත්‍යවරයා ගේ  සුළු කථාවට විරුද්ධ විය. අවසනායේ අමාත්‍යවරයාට ගම්මුන්ගෙන් හූ සංග්‍රහයක්ද ලැබිණ.
සිද්ධිය සැලවූ වහාම මුස්ලිම් ජාතික අමාත්‍යවරුන් කීපදෙනෙක්ම එහි ගොස් කරදරයට පත් මුස්ලිම් ජනතාව ප්‍රමුඛ සිංහල ජනතාව ගැන සොයා බලා  විසඳුම් දීමට උත්සහා කරනු පෙණුනි.

හිටපු  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 72 උපන්දිනය නිමිත්තෙන්  විවිධ ස්ථානවල පින්කම් රැසක් සංවිධානය කර තිබුණි. නාරාහේන්පිට අභයාරාමයේ පැවැති කිරි අම්මාවරුන්ගේ දානයට මහින්ද රාජපක්ෂ  මහතා මෙන්ම ශිරන්ති රාජපක්ෂ මහත්මියද සහභාගි වී සිටියහ. ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු ඊට සහභාගි වී සිටියහ. කිරි අම්මා දානය නිමවී මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද  කළ කිරිඅම්මාවරුන්  අනේ දෙය්යෝ ආයෙත් මේ රට බාර ගන්න දැන් කා‍ලේ හරි යැයි කීවේ මහින්ද රාජපක්ෂ මහතාගේ හිසට  පුවක් මලක් තබා ආශිර්වාද කරමින්ය.

පළාත් පාලන ඡන්දය පිළිබඳ නැවතත් සැක සාංකා  මතුව තිබේ. ඒ සිවිල් ක්‍රියාකාරිකයන් පිරිසක් සීමා නිර්ණයට එරෙහිව අධිකරණයට යෑම නිසාය. සිවිල් ක්‍රියාකාරීන් අධිකරණයට යවා ඇත්තේ ශ්‍රිලනිප ප්‍රබලයන් කිප දෙනකු බවටද චෝදනා එල්ල වී ඇත. මෙසේ චෝදනා එල්ල වූ අමාත්‍යවරයෙකුට ඉකුත් සති අන්තයේ මාධ්‍ය සඟයෙක් දුරකථනයෙන් කථා කර විමසුවේ සිවිල් ක්‍රියාකාරීන් අධිකරණයට යැවීමට මුල්වූයේ යැයි නැගෙන චෝදනාව ගැනය.  මල්ලී මම ඔය චෝදනාව නම් ප්‍රතික්ෂේප කරනවා. හැබැයි අධිකරණ තීන්දුවකින් හරි ඡන්ද කල්යන වට මම කැමතියි. ශ්‍රිලනිප අපි බෙදිලා වෙන්වෙලා වෙන වෙනම ඡන්දෙ ඉල්ලන එකෙන් වාසිය එජාපයටයි. ඒක අපේ හැම නායකයාම තේරුම් ගන්න එපා යැ මල්ලී. මම හරි නේද ? ආ.... මල්ලී මේ ඕවා ලියන්න එපා. මට තවත් ලෙඩක් වැටෙයි. අමාත්‍යවරයා කීවේය.

තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳව මාධ්‍යවේදීන් පිරිසක් පුහුණු කරුවන් ලෙස පුහුණු කිරීමේ වැඩසටහනක් ඉකුත් සතියේ කළුතරදී පැවැත්විණ. දින තුනක් ( රාත්‍රී 2ක්) පැවැති මෙම පුහුණු වැඩමුළුව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සම්බන්ධ වී සිටියහ.

ජයසූරිය උඩුකුඹුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1852

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3277

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9045

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4690

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4854

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6583

Please publish modules in offcanvas position.