Coss Ear2
lakbima.lk
COSS Ear 1

අගමැති බේරන්න ගිහින් රාජිත-දයාසිරි අමාරුවේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු හමුවීමට නියමිතව තිබුණේ ඉකුත් 3 දිනය. එහෙත් ඒ අපේක්ෂාව බිඳ වැටුණේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති රැස්වීමකදීය. මෙම රැස්වීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 40ක් පමණ සහභාගි වී සිටියහ.
දැන් මොකද මේ අයගේ තීරණය. හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කරද්දී මේ සම්බන්ධයෙන් ලබාගත් නීතිඥ උපදෙස් ගැන සඳහන් කළේ මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි හා ප්‍රසන්න රණතුංගය. සර් අපි මේ සාකච්ඡාවට යන්න අවශ්‍ය නෑ. මේ අය හදන්නේ ආයෙත් අපිට පාඩමක් උගන්වන්න. මහින්ද යාපා කියද්දී මන්ත්‍රීවරු සියල්ලෝම පාහේ ඔව් සර් අපි ඒ අය එක්ක සාකච්ඡා කරන්න අවශ්‍ය නෑ යැයි කීවෝය. ඒ අනුව තමන් ශ්‍රීලනිප සාමාජිකයන් ලෙස ඒ ප්‍රතිපත්ති තවදුරටත් ආරක්ෂා කරමින් කටයුතු කරන බව සහතික කර ලිපියක් යැවීමට තීරණය කළේය.
එම තීරණයෙන් පසු සියලුදෙනාගේ අවධානය යොමු වුණේ ලබන 12දා අනුරාධපුරයේදී පවත්වන්නට නියමිත ජන රැලිය ගැනය. මේක අපේ පළමුවැනි රැස්වීම හැටියට හොඳට සංවිධානය කරන්න ඕනේ. හිටපු ජනාධිපතිවරයා කියද්දී රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේ අනුරාධපුරයෙන් අපි මේ රැස්වීම පටන් ගන්න එක හොඳයි කියලයි. මේ අනුව රැස්වීමේ කටයුතු සංවිධානය කරන්නට රෝහිත අබේගුණවර්ධන හා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරුන්ට පැවැරුණේය. කටකාර මන්ත්‍රීවරයකු මහින්දානන්දට මෙහිදී විහිළුවක්ද කළේය.
එක්සත් ජාතික පක්ෂයද පසුගියදා සිය පක්ෂ ප්‍රතිවිධාන කටයුතු ආරම්භ කළේ නව ආසන සංවිධායකවරුන් 35 දෙනෙකු පත් කරමිනි. මේ පත්කිරීම් නිසා ඇතැම් ආසනවල ආරවුල් තත්ත්වයක් මතුව තිබේ. ගම්‍පොළ ආසනයේ එ.ජා.ප. සංවිධායක ලෙස පත් කළේ උඩුනුවර ආසනයේ පදිංචිකරුවකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධනය. ගම්‍පොළ එ.ජා.ප. සංවිධායක ධුරය අපේක්ෂාවෙන් සිටි නීතිඥයකු, හිටපු නගරාධිපතිවරයකු හා හිටපු විපක්ෂ නායකවරයකුද මේ පත්වීම නිසා කලකිරීමට පත්ව සිටින්නේය. මේ හේතුව නිසා ලකී ජයවර්ධන මන්ත්‍රීවරයාට තමන්ගේ නව පත්වීම ගැන සඳහන් ‍පෝස්ටරයක්වත් ගම්‍පොළ ප්‍රදේශයේ ප්‍රදර්ශනය කරන්නට නොහැකි වී තිබේ. එවැනි ‍පෝස්ටර් ඇල වූ ගමන්ම අතුරුදන්වීම ඊට හේතුවය.
මෙම තත්ත්වයට විරෝධය පාමින් ප්‍රබල එ.ජා.ප. ක්‍රියාකාරීන් එළැඹෙන පළාත් පාලන මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කරන්නට සූදානමින් සිටිති. එක් කණ්ඩායමකට නායකත්වය දෙන්නේ හිටපු ග්‍රාම නිලධාරීවරයෙකි.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආගමික කටයුත්තක් සඳහා නුවරට පැමිණි අවස්ථාවකදී ගම්‍පොළ ව්‍යාපාරිකයින් පිරිසක් ඔහු හමුවී හිටපු අගමැති දි.මු. ජයරත්න ගැන ගතු කියන්නට ගත්තේය. සර් මීට පස්සේ දි.මු.ගේ පවු‍ලේ ගෑවුණ කෙනෙක්වත් ගම්‍පොළට දාන්න එපා. ඔවුන් කියද්දී රාජපක්ෂ මහතා කීවේ මහින්දානන්දත් දැන් ඒ  පවුලට සම්බන්ධයි නේද කියාය. මහින්දානන්ද කීවත් ඒ පවු‍ලේ කවුරුත් ගම්‍පොළට එපා. සර් ඒක පිළිගන්නේ නැත්නම් අපි ඔක්කොම යූ.එන්.පී.එකට යනවා යැයි ඔවුහු දැඩිව කියා සිටියහ.
කලක් දේශපාලනිකව නිහඬ වී සිටි මර්වින් සිල්වා නැවතත් දේශපාලනයට පිවිස සිටින්නේ ඔහු විසින්ම නිර්මාණය කරන ලද දේශපාලන පක්ෂයකින්ය. දේශීය ජනතා පක්ෂය ලෙස හඳුන්වා ඇති මෙම පක්ෂය හා හා පුරා කියලා කරන්න යන දේ ගැන ඔහු ඉකුත්දා තම පාක්ෂිකයන්ට කීවේය. දැන් මේ රටේ යුද්ධයේදී සටන් කරපු හමුදාවිරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා. එල්.ටී.ටී.ඊ. එක එදා උතුරේදී අපේ ‍පොලීසියේ 600ක් මරා දැම්මා. ඔවුන්ට යටත් වෙන්න කියලා ඔවුන් එල්.ටී.ටී.ඊ. භාරයට අරගෙන තමයි මරලා තියෙන්නේ. අපි දැන් කියන්නේ ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න කියලයි. ඒ ම්‍ලේච්ඡ ප්‍රහාරයෙන් දිවි ගලයාගත් ‍පොලීසියේ දෙන්නෙක් තාමත් ජීවත් වෙනවා. සිද්ධිය ගැන ඔවුන් සාක්ෂි දෙන්න කැමැතියි. ‍පොලීසියට යටත් වෙලා ආයුධ බිම තියන්න කිව්ව. එවකට රජයේ ලොක්කෝ ගැනත් පරීක්ෂණ කරන්න ඕනේ. මර්වින් සිල්වා සඳහන් කළේය.
රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා දිවුලපිටිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම කනවැකුණු ගමන් ඔහු සිය මිත්‍ර මාධ්‍ය සඟයකුට කතා කළේය. මල්ලි එ.ජා.ප.ය මගේ සංවිධායක ධුරය අහිමි කරලා. මේක පස් ජාවාරම්කාරයන්ගේ වැඩක්. මම ඒ ජාවාරම්වලට විරුද්ධයිනේ. ඒ නිසා මුං රොත්තම අපේ නායකයාට කේලාම් කියලා රන්ජන් මාධ්‍ය සගයාට කිව්ව දේ පුවත්පත්වල පළවීමෙන් පසු පළාත් පාලන ඡන්දයක් ළඟ තියාගෙන රන්ජන්ගේ කට අවුස්සා නොගෙන සිටීම එ.ජා.ප. නායකයින් කථිකා කර ගත්තා. මේ අනුව රංජන් රාමනායකට ගම්පහ එ.ජා.ප. දිස්ත්‍රික් සංවිධායක ධුරය පිරිනැමීමට තීරණය කළේය. ඉකුත්දා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අතින් දිස්ත්‍රික් සංවිධායක ධුරයට අදාළ ලිපිය බාරගත් රන්ජන් එහිදී තම හිතවතුන්ට කීවේ මට වළ කපන දූෂකයින්ගේ නම් ගම් ඇතුළුව හෙළි කරන බවය.
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන් වහන්සේගේ පන්ස‍ලේ කඨින පිරිකර පූජා පින්කමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවීම ඒකාබද්ධ විපක්ෂයට හිතවත් අයට මෙන්ම එ.ජා.ප. නායකයින්ටද මහත් ගැටලුවක් වී ඇති බව ඔවුන් තැන් තැන්වලදී තම හිතවතුන් සමග කරන ලද කතාබහෙන් තහවුරු විය. මැදගොඩ අභායතිස්ස හාමුදුරුවන්ට ජනාධිපති හමුවීමේ වුවමනාවක් තිබුණි. රටේ දැනට උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳවත් ඊට මැදිහත්ව මේ ප්‍රශ්නය විසඳන ලෙසත් ඉල්ලා සිටීමත් ඒ වුවමනාවය. එහෙත් ඒ සඳහාම ජනාධිපතිවරයා හමුවීමට යන්නේ නම් තවත් කීපදෙනෙකු එක් කරගැනීමට සිදුවීම ගැන දැනගෙන සිටි අභයතිස්ස හිමියන් කඨිනයට ආරාධනා කරන්න ජනාධිපතිවරයාගෙන් වේලාවක් වෙන් කර ගත්තේය. මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන් ගැන හොඳින් දැනගෙන සිටි ජනාධිපතිවරයා උන්වහන්සේ ඉතා හොඳින් පිළිගෙන සුහද කතාබහක නිරත විය. මම දැක්කා ඔබ වහන්සේත් යෝජිත ව්‍යවස්ථාව ගැන ටිකක් සැරෙන් කතා කරලා තියෙනවා ජනාධිපතිවරයා හාමුදුරුවන්ට කීවේ සිනාසෙමිනි. ජනාධිපතිතුමා මම ආවේ නම් අපේ පන්ස‍ලේ කඨින පින්කමට ආරාධනා කරන්නයි. ඔබතුමාම මේ ගැන මතක් කළ නිසා ඔබතුමා අපේ කතා ගැන අහන බවක් කියවන බවක් පෙනෙනවා. ඒ ගැන නම් සතුටුයි. ඔබතුමා මේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙන්න හාමුදුරුවන් ප්‍රකාශ කරද්දී ජනාධිපතිවරයා කීවේ හාමුදුරුවනේ මම නායක හාමුදුරුවන්ටත් කියලා තියෙන්නේ මේ රට ජාතිය ආගම පාවාදෙන්නවත් විනාශ කරන දෙයක් වෙන්නවත් මම ඉඩතියන්නේ නෑ යනුවෙනි. හාමුදුරුවන් හා ජනාධිපති අතර පැවැති සුහද සාකච්ඡාවට විනාඩි 20ක් පමණ ගතව තිබුණි.
රාජිත සේනාරත්න අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුවේදී සාවද්‍ය ප්‍රකාශ කරන බව ප්‍රසිද්ධ රහසක්ව තිබුණි. ඔහු සඳහන් කරන ඇතැම් කරුණු මාධ්‍යවේදීන් හිතාමතා අතහැර දමන අවස්ථාද ඇත. ඊට හේතුව ඒ ප්‍රකාශවල සත්‍යතාවය පිළිබඳ සැක මතුවන කරුණු ඇති නිසාය. කෙසේ වුවද ඉකුත් සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු කීවේ ඉදිරි මැතිවරණයේදී ඇතැම් ආසනවලදී එ.ජා.ප.ය හා ශ්‍රී ලනිප ඒකාබද්ධ වී මැතිවරණය තරග කරන බවය. එහිදී දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මැදට පැන්නේය. අපි පක්ෂයක් විදිහට එහෙම තීන්දුවක් අරගෙන නැතැයි ඔහු කීවේය. ඒක මම දන්නේ නෑ. අපේ ආසනයේ නම් එහෙම එකට තරග කරන්න තමයි සාකච්ඡා කරලා තියෙන්නේ යැයි රාජිත ඇඟටපතට නොදැනී කීවේය. රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ මේ කතාවට පසුදාම උත්තර දුන්නේ ඔහුගේ ආසනයේ එ.ජා.ප. ප්‍රාදේශීය නායකයන්ය. ඔවුන් කීවේ රාජිතගේ කතාව වැරදියි. අප එවැනි තීරණයක් අරගෙන නෑ කියලයි. ශ්‍රීලනිප ප්‍රාදේශීය නායකයින්ද කීවේ ඕවා රාජිතගේ ටොන් පච කියාය. මේ තත්ත්වය නිසා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වන මාධ්‍ය සඟයන්ට සම කැබිනට් ප්‍රකාශකගේ ප්‍රකාශ ගැන සැලකිලිමත් වීමට සිදුව ඇත.
මෙම කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තවත් වැදගත් දෙයක් සිදුවිය. ඒ දයාසිරි හා රාජිත අමාත්‍යවරු එක්ව රටට කියන්න සූදානම් වූ බොරුවක් අතේ පත්තු වීමය. මාධ්‍යවේදියකු දයාසිරි ජයසේකර අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ කුරුණෑගලදී අගමැතිවරයා ආරම්භ කළ වොග්ස් වැගන් කර්මාන්ත ශාලාවේ කීදෙනෙකුට රැකියා ලබාදී තිබෙනවාද කියලය. දයාසිරි අමාත්‍යවරයාට අගමැතිගේ නම්බුව බේරාගන්න ඕනෑ වූ නිසාදෝ ඔහු රාජිත සේනාරත්න අමාත්‍යවරයා දෙසට හැරී මොකද කියන්නේ පන්දාහක් විතර දීලා කියමු නේද? යි විමසද්දී ඔවුන් ඉදිරිපිට සවිකර තිබූ මාධ්‍ය ආයතනවල මයික්‍රෆෝන් හරහා එවෙ‍ලේම එය රටටම ඇහුනේය. ඔවුන් කියන්නට ගිය ගෙතූ කතාව අතේ පත්තු වුණේ එහෙමය.
ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයින්ද ඉකුත්දා රැස්වූයේ ඉදිරි මැතිවරණයේදී ක්‍රියා කළ යුතු ආකාරය ගැන කතා කරන්නටය. මෙහිදී මැතිවරණය සඳහා යොදාගන්නා ලාංඡනය හා ‍පොදු සන්ධානයේ නම පිළිබඳවද සාකච්ඡා කර ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් බුලත් කොලෙන් තරග වැදී ජයග්‍රහණය කළ අය නිසා ඔවුන් ‍පොදු ජන පෙරමුණේ නෙළුම් ‍පොහොට්ටුවට උදව් කිරීමේදී මන්ත්‍රී ධුරය පිළිබඳ ප්‍රශ්නයක් ඇති විය හැකි බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ. මේ නිසා ඒකාබද්ධ විපක්ෂයද පක්ෂයක් ලෙස සලකා ‍පොදු ලාංඡනයක් හා ‍පොදු නමක් යටතේ මැතිවරණය සංවිධානය කිරීමට තීන්දුවක් ගත්තද ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර ශ්‍රීලනිප ආරාධනාවට ඒකාබද්ධ විපක්ෂය සහභාගි නොවීම නිසා ඒ පිළිබඳව ඔවුන් ඉදිරියේදී කවර තීරණයක් ගන්නේද යන්න ගැනත් අවධානය යොමුකර අවසන් තීරණය ගැනීම ලබන සතියට කල් දැමුණි.

ජයසූරිය උඩුකුඹුර

IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2513

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5400

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4778

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2869

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2823

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7434

Please publish modules in offcanvas position.