Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජේ.ආර්. ගේ මුනුපුරා මහින්ද ළඟට

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවට අඟහරුවාදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එදින පාර්ලිමේන්තුවට ගොස් තිබුණි. මහින්ද එදින දිවා ආහාරය ගත්තේ පාර්ලිමේන්තු භෝජනාගාරයෙනි. මහින්ද සිටි මේසයේ සිසිර ජයකොඩි, ජානක වක්කුඹුර, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර හා රමේෂ් පතිරණ අසුන්ගෙන සිටියහ. 
මොකද අර අනුර කුමාර ඔයාට බැන්නාය කියන කතාව මහින්ද ඇසුවේ සිසිරගෙනි.
ඔව් නේ සර්. අනුර මන්ත්‍රීතුමා මට හොඳටම බැන්නානේ. අගමැතිතුමා අනුරට සිග්නල් එකක් දුන්නාම අන්න බොස් කතා කරනවා කියලා මම කිව්වා. ඒකට තමයි අනුරට කේන්ති ගිහින් තියෙන්නේ සිසිර කී කතාවට මහින්දටද සිනා ගියේය. මහින්ද කෑම මේසයේ සිටිනු දුටු අනුරාධ ජයරත්න නියෝජ්‍ය ඇමැතිවරයාද එතැනට පැමිණියේය.
මම කියපු වැඩේට මොකද වුණේ මහින්ද ඇසුවේ යාල වනෝද්‍යානයේ සිදුවන අනවසර ජාවාරම් ගැන කලින් දවසේ කී කතාවක් සිහිපත් කරමිනි.
මම අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අහලා බැලුවා. එහෙම ජාවාරම් වෙන්නේ නෑ කියලා එයා කිව්වානේ සර් අනුරාධ කීවේය.
හොරාගේ අම්මාගෙන් පේන අහලා වැඩක් නෑ කියලා මම කිව්වෙ ඕකනේ. අන්න මාධ්‍යවලත් ඒ ගැන යනවා මම දැක්කා. සමහර විට වනජීවී එක ඔයාට අයිති නැති නිසා මොනවත් කරන්න බැරි වේවි. හැබැයි ඔයා පරිසරය භාරව ඉන්න නිසා මොනවා හරි කරන්න වේවිමහින්ද කීවේය.
මමත් මාධ්‍යවල දැක්කා සර්. මේ ගැන වාර්තාවක් ඉල්ලුවා. සර් කිව්වා වගේ මම මේ ගැන හොයලා බලලා පියවරක් ගන්නම් අනුරාධ කීවේය.
මේ අතර පියල් නිශාන්ත මන්ත්‍රීවරයා සිටි මේසය සරසා තිබුණේ අලි රංචුවකගේ අනුරූ වලිනි. 
ඔයාලා මොකද මේ සරසන්න අලි විතරක් ගන්නේ. රටේ ඉන්න බහුතරයක් දැන් අලින්ට විරුද්ධයි. මිනිස්සුන්ට දැන් අලි පේන්න බෑ. මිනිස්සු දැන් කැමති නෙළුම් ‍පොහොට්ටුවලට. ඒ හින්දා නෙළුම් ‍පොහොට්ටුවලින් මේස සරසන්න පියල් භෝජනාගාරයේ සේවකයෙකුට කීවේය.
ඔව්. නෙළුම් ‍පොහොට්ටුව ආවම අපිට තමයි වාසි ඒ කතාව ඇසුණු අසල මේසයක සිටි අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා කීවේය.
ඒක වැරදියි ඇමැතිතුමා. නෙළුම් ‍පොහොට්ටුව ආවම ඔය දෙගොල්ලන්ටම වැඩ වරදිනවා. ඔයාලාත් දැන් ‍පොහොට්ටුවට බය වෙලා නේද ඉන්නේ පියල් ඇසුවද අකිල ඊට උත්තරයක් දුන්නේ නැත.
මේ අතර භෝජනාගාරයේ තවත් මේසයක විජිත් විජිතමුණි ද සොයිසා ඇමැතිවරයා අසුන්ගෙන සිටි අතර සනත් නිශාන්ත, ඩී.වී. චානක සහ ප්‍රසන්න රණවීර එතැනට ආවේය. 
ආ මල්ලිලා... කොහොම හරි පක්ෂය කඩන්න නේද හදන්නේ මන්ත්‍රීවරු දුටු විජිත් විජිතමුණි ඇසුවේය.
අපි නම් පක්ෂය කඩන්නේ නෑ. ඔබතුමාලා තමයි පක්ෂය කැඩුවේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කීවේය.
අපි ඕවාට ගාව ගන්න එපා. මම පිරිසිදු ශ්‍රී ලංකාකාරයෙක් විජිතමුණි කීවේය.
අපිත් හොඳ පියෝ ශ්‍රී ලංකාකාරයෝ තමයි සනත් පෙරළා උත්තර දුන්නේය.
ඒකාබද්ධ විපක්ෂයට එක්වූ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පසුගිය ඉරිදා දිනයේදී වෙන්නප්පුවේ සිය නිවසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල සාමාජිකයන් කැඳවා තිබුණේය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද එයට සහභාගිවීමට නියමිතව තිබුණි. කොළඹ සිට පැමිණෙන නාමල් පිළිගැනීමට අරුන්දික සමග සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කොච්චිකඩේ පාලම අසලට පැමිණ සිටියේ සිය රථයෙනි. නාමල් සමග අරුන්දිකද සිය රථයට නංවාගත් සනත් වෙන්නප්පුව බලා පිටත්ව ආවේය.
දැන් අරුන්දික මන්ත්‍රීතුමා ඇවිත් සිරිසේන ජනාධිපතිතුමයි, මහින්ද මහත්තයයි එකතු කරන්න ඕන කියලා කියනවානේ. හැබැයි එහෙම කියනකොට මිනිස්සුන්ට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔබතුමා මෛත්‍රීට සුදු හුණු ගාන්න යනවා කියලා මිනිස්සු හිතනවා. ඒ හින්දා ඒක කරන්න එපා. ඔබතුමා දැන් මේ පැත්තට ආවානේ. ඒ හින්දා දැන් කෙළින්ම ගහන්න ගන්නසනත් අරුන්දිකට කීවේ නාමල් ඉදිරියේදීමය.
ඒක ඇත්ත. දැන් කොහොමත් ඇවිත් ඉවරයිනේ. කෙළින්ම වැඩේ කරමු නාමල් යෝජනා කළේය.
ඒකේ ගැටලුවක් නැහැ. මම කොහොමත් ආණ්ඩු පෙරළන වැඩේ ඉන්නවාඅරුන්දික කීවේය.
 
දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ මුනුුබුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන බ්‍රහස්පතින්දා උදෑසන නෙළුම් මාවතේ පිහිටි ‍පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණියේය. ඒ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා හමුවීමටය. ජේ.ආර්. ගේ පුත් රවි ජයවර්ධනගේ පුතෙකු වන ප්‍රදීප් සම්බන්ධවී සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවලට නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතුවලටය. මෛත්‍රී ඔහු ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙසද පත් කර තිබුණේය.
මම පහුගිය කාලයේදී ගම්පහ දිස්ත්‍රික්කය පුරාම ඇවිද්දා. පහුගිය ආණ්ඩුව කා‍ලේ කරපු දේවල් විතරයි මම දැක්කේ. ශ්‍රී ලංකාකාරයන්ගේ ඡන්ද ගන්න ඕන නම් මහින්ද මහත්තයා එක්ක එකතුවෙලා දේශපාලනය කරන්න ඕන. මම තමුන්නාන්සේලා එක්ක එකතුවෙලා දේශපාලනය කරන්න කැමැතියි ප්‍රදීප් කීවේය.
ඒක හොඳයි. අපි ඔක්කෝම එකතුවෙලා මේ ආණ්ඩුව ගෙදර යවමු. ඒක තමයි දැන් මුළු රටේම බලා‍පොරොත්තුව බැසිල් ප්‍රදීප්ට සමුදුන්නේ එකට දේශපාලනය කිරීමට එකඟත්වයක්ද පළ කරමිනි. 
 
රනිල් ගාල්ලේ 
 
අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේදී ගාල්ලට පැමිණියේ ‍පොලිස් නිලධාරීන් වෙනුවෙන් වැකුණුගොඩ රජයේ නිවාස සංකීර්ණයේ ඉදිකළ නිල නිවාස සියයක් විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමටය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලයේදී මෙම නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කළත් එය විවෘත කළේ අවුරුදු දහතුනකට පසුවය. 
එදිනම සවස ගාල්ල ගිංතොට ඉදිවූ තරුපහේ හෝටලයක් විවෘත කිරීමේ අවස්ථාවට රනිල් පැමිණියේ වෙනත් උත්සවයකට සහභාගි වීමෙන් පසුවය. ඔහු එතැනට පැමිණීමට පෙර අගමැති ආරක්ෂක ඒකකයෙන් එතැන සිටි මාධ්‍යවේදීන්ට පණිවුඩයක් ලැබුණේය.
අගමැතිතුමා කාර් එකෙන් බහිනවා ෆොටෝ ගන්න එපා. උඩ කාමරයට ගිහින් ඇඳුම් මාරුකරගෙන එන්නේ අගමැති ආරක්ෂක ඒකකයේ නිලධාරීහු පැවැසූහ. 
රනිල් පැමිණි මෝටර් රථය හෝටලය ඉදිරියේ නතර වුවත් කිසිවෙක්් ඡායාරූප ගැනීමට පැමිණියේ නැත. සුදු පැහැති කමීසයකින් සැරසී සිටි රනිල් අසල සිටි වජිර අබේවර්ධන ඇමැතිවරයාත් මනූෂ නානායක්කාර නියෝජ්‍ය ඇමැතිවරයාත් පැමිණියහ.
මම උඩට ගිහින් ඇඳුම් මාරුකරගෙන එන්නම්කියා රනිල් හෝටලයේ ඉහළ මාලයේ කාමරයකට ගියේය. ටික වේලාවකින් වෙනත් ඇඳුමකින් සැරසුණ ඔහු එළියට පැමිණ උත්සවයට එක්විය. නැටුම් කණ්ඩායමක් පෙරටු කරගෙන රනිල් හෝටලයට ගිය අතර ඊට තරමක් පිටුපසින් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහද පැමිණියාය. ඇය පැමිණියේ කාටවත් නොදැනෙන ලෙසය. 
 
රවි - ජෝශප් ගැටුමක් 
 
ජෝශප් මයිකල් පෙරේරා පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත්වූයේ දශක ගණනක් අඛණ්ඩව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියදීය. ඔහු සමග අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ එකම මන්ත්‍රීවරයා වී සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහය. ජෝශප්ගේ ආසන සංවිධායක ධුරය ඉවත් කර එය කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාට ලබාදීම ගැන පසුගිය සතියේදී දේශපාලන ලෝකයේදී වැඩි වශයෙන් කතා බහට ලක්ව තිබුණේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික යොවුන් පෙරමුණේ වැඩමුළුවක්ද පසුගිය සතියේදී පැවැත්විණි. රවි කරුණානායක හා කාවින්ද ජයවර්ධන වැඩමුළුවට පැමිණ සිටියහ. 
ජා-ඇල ආසන සංවිධායක ජෝශප් මයිකල් පෙරේරාටද ආරාධනා ලැබ තිබුණත් ඔහුට කතාවක් නොවීය. 
මම ජා ඇල ආසනයේ සංවිධායකයා. මට මොකද මෙතැන කතාවක් නැත්තේ. මට කතාවක් කරන්න ඕන යැයි කියමින් ජෝශප් මයිකල් මයික්‍ර‍පෝනය වෙත ගියේය. එහෙත් ඒ වන විට මයික්‍ර‍පෝනය අක්‍රීය කර තිබුණි.
මම තමයි ඉස්සරවෙලාම ජා ඇලට මන්ත්‍රී ආසනයක් අරගෙන දුන්නේ. එහෙම කරපු මට කතාවක් නොදෙන එක වැරදියි ජෝශප් මයිකල් පෙරේරා වේගවත්ව කතා කරන්න විය. මේ කලබල මැද්දේ රවි හා කාවින්ද එතැනින් පිටත්ව ආවේය.
මේක ආසන රැස්වීමක් නමෛයි. යොවුන් පෙරමුණේ වැඩමුළුවක්. සිරිකොතෙන් එවපු කථික ලැයිස්තුව අනුව තමයි කතා දුන්නේ කාවින්ද නැගිට ගියේ එසේ කියමිනි. කලබල මැදම වැඩමුළුව අවසන් විය.
මේ අතර ජෝශප් මයිකල් පෙරේරා සහ රවි කරුණානායක හිටපු ඇමැතිවරයා අතර ඇත්තේ සීතල ගැටුමකි. පසුගිය සතියේදී මාධ්‍ය හමුවක් පවත්වා ජෝශප් මයිකල් පෙරේරා, රවි කරුණානායක දැඩි ලෙස විවේචනයට ලක් කර තිබුණේය. තවමත් රවිට ඇමැති වරප්‍රසාද හිමිවන බව ජෝශප් මයිකල් කීවේ ඔහුට තවමත් ඇමැති වරප්‍රසාද ලැබෙන බවට ලක්බිම ඉරිදා සංග්‍රහයෙන් මීට පෙර කර තිබූ අනාවරණයට යළිත් හෙළිකරමිනි. ජෝශප් මයිකල් පෙරේරා ඉල්ලා සිටියේ රවිට තවමත් ලැබෙන ඇමැති වරප්‍රසාද ඉවත් කළ යුතු බවය.
ජෝශප් මයිකල් මෙවැනි ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ඇති බව රනිල්ටද අනාවරණය විය. ඒ බව දැනගත් පසු රනිල් ජෝශප් මයිකල්ට දුරකථන ඇමතුමක් දුන්නේය.
ඔයා කරපු වැඩේ හරි නැහැ. දැන් තුරුම්පු නැතිවෙලා ඉන්න ඒකාබද්ධ විපක්ෂයට තුරුම්පු දෙන්න එපාරනිල් ජෝශප් මයිකල් පෙරේරාට දැනුම් දුන්නේය.
 
 විජයදාසගේ තටු කැපේ 
 
විජයදාස රාජපක්ෂ හිටපු ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ මහරගම ආසන සංවිධායකවරයාය. එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු සමග ගැටුමක සිටින විජයදාස පක්ෂයේ වැඩකටයුතුවලට සම්බන්ධ වන්නේද නැත. ඔහු ඇමැති ධුරයෙන් ඉවත්වීමෙන් පසුව රනිල් ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගගේට කතා කළේය.
මහරගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩ කටයුතු ගැන බලාගන්නරනිල් එරන්දට උපදෙස් දුන්නේය.
තමන් තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස කරගෙන යන වැඩ කටයුතු ගැනද ඔහු රනිල්ට සිහිපත් කළේය. ඔහු කීවේ ආසන සංවිධායකවරයෙක් ලෙස කටයුතු කරන අතරවාරයේදී තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කිරීමේ ගැටලුව ගැනය.
ඔයා මහරගම වැඩ ටික කරගෙන යන්න රනිල් එරන්දට උපදෙස් දුන්නේය.
එරන්ද නිල නොවන වශයෙන් මහරගම එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නේ තරුණ සේවා සභාවේ සභාපති ධුරය දරන නිසාය. 
එම තනතුරට වෙනත් අයෙකු පත්කළ පසුව එරන්දට නිල වශයෙන්ම ආසන සංවිධායක ධුරය ලබා දීමට රනිල් සැලසුම්කොට ඇත්තේය.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට සහභාගි වී ලංකාවට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මුහුණදීමට සිදුවූයේ බි ලූනු ගොවීන්ගේ ගැටලුවකටය. බි ලූනු ගොවීන්ට සිය අස්වැන්නට හොඳ මිලක් ගැනීමට නොහැකිව විරෝධතා දක්වනු දුටු මෛත්‍රී වහාම මුදල් අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා කැඳවිය.
ලූනු ගොවීන්ට අස්වැන්න විකිණීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ නිසා ලූනු ආනයනය කිරීමේදී අය කරනු ලබන බද්ද ඉහළ දමන්න මෛත්‍රී උපදෙස් දුන්නේය.
පසුගිය දිනවල ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම ගැනත් මෛත්‍රීගේ අවධානය යොමුව තිබුණේය. ඒ අනුව ජීවන වියදම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මෛත්‍රී කැඳවූවේය. මංගල සමරවීර, රිෂාඩ් බදියුදීන්, එරාන් වික්‍රමරත්න සමග නිලධාරීන් කිහිප දෙනෙකු මෛත්‍රී කැඳවා තිබුණි. මෛත්‍රී පැමිණ සිටියේ ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් දැක්වෙන ‍ලේඛනයක්ද සහිතවය.
ලබන මාසය ඇතුළත සහල් මෙට්්‍රක් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමට සිදුවෙනවා. බි ලූනු කිලෝවක් ආනයනය කරන්නේ රුපියල් හැටපහකට. ඒක විකුණන්නේ රුපියල් එකසිය හැත්තෑවට. මේවායේ මිල පාලනය කරන්න ඕන. මේවා කියන්න ජනාධිපතිවරයාම එන්න ඕනද. මේවා පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්න නිලධාරීන්ට පුළුවන් වෙන්න ඕන. නිලධාරීන්ට මේවා කරන්න බැරිනම් මට කියන්න. මම කරන්න පුළුවන් අය දාලා මේ ටික කරන්නමේමෙත්‍රී කීවේ තරමක් තදිනි.  මෛත්‍රීගේ ඇඟිල්ල දිගුවූයේ පාරිභෝගික අධිකාරිය වෙතය.
සර්. පාරිභෝගික අධිකාරී පනතේ ගැටලු තිබෙනවා නිලධාරියෙක් කීවේය.
පනතේ ගැටලු තිබෙනවා නම් පනත සංශෝධනය කරන්න. වැඩ කරන්න පුළුවන් විදියට සංශෝධන අරගෙන ඇවිත් වැඩ කරන්න මෛත්‍රී උපදෙස් දුන්නේය.
මේ අතර සතොස හරහා අඩු මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට ඇති හැකියාව ගැනත් අවධානය යොමුවිය.
සතොස ලාභය ගැන හිතන්න එපා. වෙළද‍පොළේ තිබෙන මිලට වඩා අඩු මිලට සතොසින් බඩු දෙන්න මෛත්‍රී සතොසට උපදෙස් දුන්නේය.
මේ අතර ‍පොල් මිල ගැනත් අවධානය යොමුවිය. 
දැන්  ‍පොල් වෙන්දේසියෙන් ‍පොල් ගන්නේ කීයටද මෛත්‍රී ඇසුවේය.
රුපියල් හතළිස් නමයට පණහට ‍පොල් මිලදී ගන්න පුළුවන්. ඒත් වෙළඳ‍පොළේ ‍පොල් ගෙඩියක් විකුණන්නේ රුපියල් අසූවට අනූවටයි නිලධාරීහු කීහ.
‍පොල් මණ්ඩලය ජංගම රථ දාගෙන ‍පොල් විකුණන්න. ‍පොල් මිලට ගන්න ගාණට ප්‍රවාහන වියදම් ඇතුළත් කරලා විකුණන්න පුළුවන්නේ මෛත්‍රී ‍පොල් මිල අඩු කිරීමට ගත හැකි පියවර ගැනත් උපදෙස් දුන්නේය.
 
 ආර්ථික කමිටුව රැස්වේ 
 
මේ අතර ආර්ථික කමිටුවේ දෙවැනි රැස්වීම මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී රැස්විය. අගමැති රනිල් වික්‍රමසිංහ සමග කර්මාන්ත අමාත්‍යාංශයේ හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීහු ආර්ථික කමිටුවට පැමිණ සිටියහ. රටේ ආර්ථිකයට බලපාන අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් කැඳවා ඒ ඒ ක්ෂේත්‍ර ගැන අවධානය යොමු කිරීම මෙසේ කැඳවීමේ අරමුණ විය.
එහිදී අමාත්‍යාංශවල ඉදිරි කටයුතු ගැනත් අවධානය යොමු කළේය.
මේ අතර රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන අමාත්‍යාංශවල කටයුතු ගැන ජනතාව දැනුවත්ව ඇති ප්‍රමාණය ගැනත් මෛත්‍රී කතා කළේය.
 
 මෛත්‍රී තනි හමුවක 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු සියලුදෙනාම ගාල්ල ටැංජරීන් හෝටලයට මෛත්‍රී කැදවූයේ බ්‍රහස්පතින්දා සවසය. ඒ පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු ගැන අවධානය යොමු කිරීමටය. ඒ අනුව බ්‍රහස්පතින්දා සවස මැති ඇමැතිවරු සියලුදෙනාම පාහේ හෝටලයට පැමිණ තිබුණි. එදින රාත්‍රිය මැති ඇමැතිවරු සුහද කතාබස්වල යෙදෙමින් කාලය ගත කළහ.
මම අපේ මැති ඇමැතිවරු වෙන වෙනම හමුවෙන්නම්. එතකොට අපිට තිබෙන ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන් මෛත්‍රී කීවේය
ඒ අනුව වෙන් වෙන්ව මැති ඇමැතිවරු හමුවී මෛත්‍රී ඔවුන්ගේ ගැටලු ගැන අවධානය යොමු කළේය.
 
 බලාගාර නිසා උණුසුම් වූ කැබිනට්ටුව 
 
මේ සතියේ කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකා අනූවකට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත්වී තිබුණි. මේ නිසා කැබිනට් මණ්ඩලයේ දී අනෙකුත් දේශපාලන කරුණුවලට වෙන්වී තිබුණේ සුළු වේලාවකි. එහෙත් සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉදිරිපත්වූ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
මන්නාරමේ ප්‍රදේශයේ ආගමික නායකයන් මේ ව්‍යාපෘතියට විරුද්ධයි. ඒ නිසා මට මේකට එකඟ වෙන්න බෑඑම කැබිනට් පත්‍රිකාවට විරෝධය දැක්වූයේ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාය.
 ඒ අය සුළං විදුලි බලාගාරයට විරුද්ධනම් රටේ බලශක්ති අවශ්‍යතාවට විකල්ප විසදුම් දීමට ඒ අය සූදානම්ද. මේකට විරුද්ධ වෙනවා නම් විකල්පයක් යෝජනා කරන්න ඕන බදියුදීන්ට විරෝධය දැක්වූයේ සරත් අමුණුගම ඇමැතිවරයාය.
මේ ව්‍යාපෘතියට සුදුසු වන්නේ මන්නාරම ප්‍රදේශය බව විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. මේක රටට අවශ්‍ය ව්‍යාපෘතියක්රාජිත සේනාරත්න ඇමැතිවරයාද අමුණුගමට පක්ෂව කතා කළේය.
සුළං විදුලි බලාගාර හරහා මෙගාවොට් හාරදහසක විදුලියක් නිපදවන්න පුළුවන්. මේ නිසා ආගමික නායකයන් විරුද්ධ වුණා කියලා මේක නතර කරන්න බෑ. මේවා නැවැත්වීමෙන් අවසානයේදී පාඩුවක් වෙන්නේ රටටයි පාඨලී චම්පික රණවක ඇමැතිවරයා කීවේ විදුලි බල අවශ්‍යතාව ගැන දීර්ඝ විග්‍රහයක්ද කරමිනි.
 
 රාජිත - මහින්ද හමුවක් 
 
චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ උත්සවයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ පසුගිය සතියේදීය.
මෛත්‍රීද උත්සවයට පැමිණිමට නියමිතව තිබූ අතර ජනාධිපති ආරක්ෂක අංශය එහි ආරක්ෂාවට යොදා තිබුණේය.
ජනාධිපතිතුමා උත්සවයට එන්නේ නෑ කියූ ජනාධිපති ආරක්ෂක අංශය එතැනින් පිටත්ව ගියහ.
ඔබතුමා ඉන්න නිසා තමයි ජනාධිපතිතුමා එන්නේ නැත්තේ ජෝන් කීවේ මහින්දට ළංවෙමිනි.
මේ අතර රාජිත සේනාරත්න ඇමැතිවරයාද එතැනට ආවේය.
මේ ඉන්නේ අපේ ආණ්ඩුවෙන් හරි ගියපු අයජෝන් කීවේ රාජිත දෙස බලමිනි. උත්සව සභාවට පැමිණි රාජිත මහින්ද සිටිනු දැක එතැනට ආවේය.
ආ... කොහොමද රාජිතමහින්ද රාජිතගේ අත අල්ලාගෙන උණුසුම් ලෙස පිළිගත්තේය.
හොඳින් ඉන්නවා රාජිතත් සුහදව උත්තර දුන්නේය.
මට තවත් උත්සවයකට යන්න තියෙනවා. ඒ නිසා කලින් යනවා යැයි කී රාජිත වැඩි වේලා නොරැදී පිටත්ව ආවේය. 
 
තිලකජය{jcomments on}

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 636

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1160

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1015

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 786

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5444

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3598

Please publish modules in offcanvas position.