Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රාජපක්ෂ දියණියගේ මංගල සාදයේදී පරණ රහස් එළියට

විජේදාස රාජපක්ෂ ඇමැතිවරයාගේ දියණියගේ විවාහ මංගල උත්සවය හිල්ටන් හෝටලයේදී පසුගිය සතියේදී පැවැත්විණි. ඒ සඳහා පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ රැසක් පැමිණ සිටියහ. හිටපු ජනාධිපතිවරයාටත් වත්මන් ජනාධිපතිවරයාටත් විවාහ මංගල උත්සවයට ආරාධනා ලැබ තිබූ අතර ඔවුන් දෙදෙනාට වෙන වෙනම අසුන් පනවා තිබුණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කිහිපදෙනෙක් සමග සුහදව කතා කළේය. ලක්ෂ්මන් යාපා, අනුර ප්‍රියදර්ශන යාපා, ඒ.එච්.එම්. ෆවුසි, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න හා ලසන්ත අලගියවන්න මහින්ද සමග ටික වේලාවක් සුහදව කතාකරමින් සිටියේය.
මට තවත් වැඩකට යන්න තියෙනවා. ඒ නිසා මම යන්නම් කියූ මහින්ද උත්සවයෙන් පිටත්ව ගියේය. ඔහු පිටත්ව ගොස් ටික වේලාවකින් මෛත්‍රී එහි පැමිණියේය. මෛත්‍රී අසුන්ගත් මේසයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු පැමිණ අසුන්ගත්තේය.
සබරගමුවේ මහඇමැති ධුරයට ඒකාබද්ධයෙන් පවිත්‍රා මන්ත්‍රීතුමිය තරග කරන්න හදනවාලු ලසන්ත අලගියවන්න කී කතාව ඒ වනවිට කිසිවෙක් දැනසිටියේ නැත.
ඒක නම් ජෝන් ඇමැතිතුමාගේ මැදිහත් වීමෙන් වෙන වැඩක්. එතකොට ඒ අයට රත්නපුරේ එක මන්ත්‍රීවරයෙක් අඩුවෙනවනේ. එහෙම නේද ජෝන් ඇමැතිතුමා මෛත්‍රී ඇසුවේ ජෝන්ගේ මුහුණ දෙස බලමිණි. මෛත්‍රීගේ කතාවට ජෝන් පුදුමයෙන් බලා සිටියා මිස කිසිවක් කියන්න ගියේ නැත. ඒ දුටු අනෙක් ඇමැතිවරු සිනාසෙන්නට වූහ.
මේ අතර දේශපාලනයේ ආගිය කතාද ඇමැතිවරුන් කියන්න විය.
දේශපාලනයේදී මන්ත්‍රීවරු හැර යන එක, අස්කිරීම, පක්ෂ තහනම් කිරීම සාමාන්‍ය දෙයක්. එක දවසක් හදිසියේම මහින්ද මහත්තයා මට කතා කළා. වහාම ජෙයරාජ්ට විරුද්ධව විනය පරීක්ෂණයක් තියන්න කියලා උපදෙස් දුන්නා. මමත් හා කිව්වා. ඒත් කිසිම දෙයක් මම කළේ නෑ. දවස් තුනකට පස්සේ ආපහු එයා මට කතා කළා. මමත් ටිකක් බය වුණා. මොකද එයා කරන්න කියපු දේ මම කළේ නෑනේ. දේශපාලනයේ හැටි දන්න නිසා මමත් උත්තර දුන්නා. මල්ලි ඔයා ජෙයරාජ්ගේ වැඩේට මොකද කළේ කියලා ඇහුවා. තවම මුකුත් කරලා නෑ, ඒත් මම දැන් ජෙයරාජ්ගේ ගෙදර ඇවිත් ඉන්නේ කියලා මම කිව්වා. එතකොටම එතුමා කියපි අර විනය පරීක්ෂණ එපා. ඒවා මුකුත් ඕන නෑ කියලා. ඕක තමයි දේශපාලනය. අද ඉන්නවා හෙට නෑ. දේශපාලනයේ සදාකාලික මිතුරොත් නෑ, සදාකාලික හතුරොත් නෑ කියන්නේ ඒකයි. ඒ නිසා අපි කවුරුවත් හිතන්නේ නැති හතුරෝ අපි එක්ක මිතුරෝ වෙයි. සමහරවිට ළඟම ඉන්න මිතුරන් හතුරන් වෙයි. දේශපාලනය ඔහොම තමයි. ඒක තේරුම් අරගෙන මේ ගමන යන්න ඕන මෛත්‍රී කීවේ අතීතය සිහිපත් කරමිණි.
අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සිකුරාදා කටුනායක ගුවන්තොටු‍පොළට ගියේ මෙරට සංචාරයක යෙදී සිටි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සමුදීමටය. මෝදිට සමුදුන් රනිල් චීනය බලා පිටත්ව ගියේ එකම තීරුවක් එකම මාවතක් නමින් චීන ජනාධිපතිවරයා සංවිධානය කර තිබූ ලෝක ව්‍යාප්ත ආර්ථික සමුළුවට එක්වීමටය. ලෝකයේ ප්‍රධාන රටවල් විසිහයක් නියෝජනය කරමින් මැති ඇමැතිවරු එක්දහස් පන්සියයක් පමණ සමුළුවට ආරාධනා ලැබ සිටියහ.
රනිල් ඇතුළු දූත පිරිසට සමුළුව අතරවාරයේදී රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සාකච්ඡා කිරීමටද වෙලාවක් වෙන්කර තිබුණි. කලාපීය රාජ්‍ය නායකයෝ කිහිපදෙනෙක් සමග මෙන්ම ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ ප්‍රධානීහුද හමුවූහ.
ශ්‍රී ලංකාවේ ගෝලීය පිහිටීම නිසා එය ඉක්මණින්ම ආසියාවේ ප්‍රධානම වෙළෙඳ මූල්‍ය හා ආර්ථික මධ්‍යස්ථානය කරනවා. ඊට අවශ්‍ය ශක්තිමත් මූලික පියවර අපි තබා අවසන්. ඊට දායක වන ලෙස මම ලෝකයටම ආරාධනා කරනවා ලංකාව ගැන කියමින් කළ කතාව රාජ්‍ය නායකයින්ගේ ඇගයීමට ලක්විය.
රනිල් චීනයේ සිටියදීම ඇමැති සංශෝධනය ගැන ලංකාවේ උණුසුම් කතාබහක් ඇදී ගියේය. කැබිනට් සංශෝධනය අවසන් වනතුරු නැවත කැබිනට් මණ්ඩල රැස්වීමක් නොපැවැත්වීමට මෛත්‍රී තීරණය කර ඇතැයි කී කතාවට දේශපාලන ලෝකයේ තටු ලැබි තිබුණේය.
චීනයේ සිටි රනිල්ට ලංකාවේ දේශපාලනයේ සිදුවන දේ ගැන කීවේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරයෙක් හා තවත් මාධ්‍යවේදියෙකි.
ඇමැති සංශෝධනයෙන් එක්සත් ජාතික පක්ෂය සතුව තිබෙන මුදල්, මහාමාර්ග, ‍පොලීසිය, අධ්‍යාපනය ඇතුළු ප්‍රබල ඇමැතිකම් කිහිපයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගන්න ඕන කියල යෝජනා කරලා තියෙනවා. මේක ගැන එක්සත් ජාතික පක්ෂය දැඩි මතයක ඉන්න ඕන රනිල්ට දුරකතන ඇමතුම් ලබාදුන් පිරිස පැවසූහ.
පසුගිය ජනාධිපතිවරණයේදී වගේම මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදුණා. ජනවරම ලැබුණේ එක්සත් ජාතික පක්ෂයටයි. ඒ මත පදනම්ව කටයුතු කරන්න ඕන රනිල් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට උපදෙස් දී තිබුණේ මේ ගැන අදහස් දක්වන ලෙසය. ඒ අනුව පසුපෙළ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් කැබිනට් සංශෝධනයට විරුද්ධව අදහස් දක්වන්නට වූහ.

වැස්ස අරගෙන ආ අගමැති

ලංකාවට පැමිණ රනිල් පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ උත්සවයකට එක්විය. බණ්ඩාරවෙල සිට කොළඹ සිය නිවසට පැමිණි රනිල් අරලියගහ මන්දිරයට පැමිණියේ අධික වැසි මැදය.
වැස්සත් අරගෙන ආපු එක වටිනවා අරලියගහ මන්දිරයට පැමිණ සිටි ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා කීවේය.
සිකුරාදා ඇමැති මාරුවක් වෙනවා කියලා නොයෙක් කතා යනවා. ඇත්ත කතාව අපිට එළිකරන්න එතැනට පැමිණ සිටි වජිර අබේවර්ධන ඇමැතිවරයා රනිල්ගෙන් ඇසුවේ කැබිනට් සංශෝධනයේ ඇත්ත කතාව ගැනය.
මම හෙට යාපනේ යනවා. අපේ අමාත්‍යාංශ අපේ අතර තියෙන්න ඕන. ඒවා අපේ අතරේ මාරු කරනවා මිස එකක්වත් පිටට යන්න දෙන්න බෑ. මමත් ජනාධිපතිතුමත් එකඟව තමයි මේ දේ වෙන්නේ. අවුරුදු දෙකකින් මේ වගේ කැබිනට් සංශෝධනයක් කරන්න අපි එකඟ වෙලා හිටියා. පක්ෂ දෙකටම අවාසියක් නොවෙන්න කරන දෙයක් කරන්නේ. ඒකට කිසිම හදිසියක් නෑ රනිල් කීවේය.
චෝදනා නැති කිසිම ඇමැති කෙනෙකු වෙනස් කරන්න ඉඩ දෙන්නේ නෑ රනිල් වැඩිදුරටත් කීවේ කැබිනට් සංශෝධනය ගැන ඔහු දක්වන ආකල්පය ඇමැතිවරුන්ට අඟවමිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සති අන්තය වන තෙක් සිටියේ වෙසක් උත්සවයේ විවිධ වැඩසටහන්වලට එක්වෙමිනි. කොළඹ නුවර සහ කෑගල්ල කේන්ද්‍ර කරගෙන වෙසක් උත්සවයේ වැඩසටහන් පැවතියේය.
ජාතික වෙසක් උත්සවයේ සමාප්ති උත්සවය පැවැතියේ මහනුවරය. සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ නේපාල ජනාධිපතිනියයි. රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග මෛත්‍රී දළදා මාළිගාවට ගියේ දළදා වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීමයට. සමාප්ති උත්සවයට පිරිස සහභාගිවූයේ ඉන් පසුවය.
එදින රාත්‍රියේදී විශේෂ පෙරහරක් සංවිධානය කර තිබුණි. එය නැරඹීමට එයට නේපාල ජනාධිපතිනිය සහභාගි නොවූ නමුත් මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු සමග එක්විය. මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මෛත්‍රීගේ එක් පසෙක වූ අතර අනෙක් පස වූයේ දයා ගමගේ ඇමැතිවරයාය. එදින රාත්‍රියේ මෛත්‍රී නවාතැන්ගත්තේ මහනුවර ජනාධිපති මන්දිරයේය.
පසුදා උදෑසන ආහාරයට එන්නැයි නුවරට පැමිණ සිටි මැති ඇමැතිවරුන්ට මෛත්‍රීගෙන් ආරාධනයක් විය. ඒ අනුව මැති ඇමැතිවරු පිරිස ජනාධිපති මන්දිරයට උදෑසනම ගියහ. ඔවුන්ට උදෑසන ආහාරය සූදානම් කර තිබුණේ මන්දිරයේ පිහිනුම් තටාකය අසලය. එතැනට තලතා අතුකෝරළ ඇමැතිවරියද විජේදාස රාජපක්ෂ ඇමැතිවරයාද ඒ අතර විය.
මේ හිටපු ජනාධිපතිතුමාගේ කාලයේ හදපු ස්විමිං පූල් එකනේ එතැන සිටි ඇමැතිවරු කියන්නට වූහ.
ඕක විතරක් නමෛයි තවත් දේවල් තිබෙනවා යැයි කී මෛත්‍රී තලතා කැඳවාගෙන ගියේ ශරීර සුවතා මධ්‍යස්ථානය වෙතය.
එදින නේපාල ජනාධිපතිවරිය සමග අනෙක් උත්සවවලට සහභාගිවූ මෛත්‍රී ‍පොළොන්නරුව බලා හෙලිකොප්ටරයකින් පිටත්ව ගිය අතර නේපාල ජනාධිපතිවරිය හෙලිකොප්ටරයකින් කොළඹට පැමිණියාය.

මේස උඩට එන දේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දිනයේ සංවිධාන කටයුතුවලට සම්බන්ධවූ පිරිසට පසුගිය සතියේදී දුරකතන ඇමතුම් ලැබුණි. මැති ඇමැතිවරුන්ට මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයින්ටද දුරකතන ඇමතුම් ලැබුණ අතර එම ඇමැතුම්වලින් කියවුනේ ආරාධනයකි. ඒ මහින්ද අමරවීර ඇමැතිවරයාගේ නිවසට එන ලෙසට වන ආරාධනාවකි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු මෙන්ම වෘත්තීය සමිති නායකයෝද එහි පැමිණ සිටියහ.
අපි උදව් කළ අය අමතක කරන්නේ නෑ. ඒ නිසා තමයි මේ අපි එකතු වෙලා මැයි දිනයට උදව් කරපු අයට ස්තුති කරන්නේ
පිළිගැනීමේ කතා කරමින් මහින්ද අමරවීර ඇමැතිවරයා කීවේය.
සරත් ඒකනායක ඇමැතිවරයා නෝර්වේ තානාපති කාර්යාලයේ සිට අමරවීරගේ නිවසට එන විට කතා කරමින් සිටියේ දුමින්ද දිසානායක ඇමැතිවරයාය.
අපි සාර්ථක මැයි දිනයක් පැවැත්වුවා. මොන මැයි දිනයේ සෙනඟ වැඩියෙන් හිටියා කියලා කිව්වත් අපේ මැයි දිනය තමයි සාර්ථකම මැයි දිනය. ඒකට උදව් කළ හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕන දුමින්ද කළේ පක්ෂ මහ ‍ලේකම්ගේ කතාවය.
ඉන් පසුව රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානම් කර තිබුණි.
මේ මේස උඩට එන ඒවා තියෙනවානම් දැන් තියෙන ප්‍රශ්න නැති කරගන්න පුළුවන් ලෙස්ලි දේවේන්ද්‍ර පැවැසුවේය.
මේවා මේස උඩට එනවා තමයි ප්‍රශ්න විසඳන්න වගේම ප්‍රශ්න වැඩි කරන්නත් මේස උඩට එන දේවල් හේතු වෙනවා. ඒක නිසා මේවා ප්‍රශ්න විසඳන්න තමයි යොදාගන්න ඕනචන්දිම වීරක්කොඩි ඇමැතිවරයා කීවේය.
මැයි දිනයේදී සමහරු බොරු සෝබන දැම්මා. ජනාධිපතිතුමා ඉස්සරහ වැඩ කෑලි දැම්මා. කවුද වැඩ කළේ කවුද සෝබනය පෙන්නුවේ කියලා අපි දන්නවා. නුවර වැඩ ටික සරත් අයියා කළා. ස්ටේජ් එකේ වැඩ තිලංග බැලුවා. සමහරු ටී.වී.එකේ මූණ පේන්න විතරක් හිටියාඑතැන සිටි සමහරු සරත් ඒකනායක අසලට පැමිණ කීවේය.
මේ අතර එතැන සිටි ලසන්ත අලගියවන්න නියෝජ්‍ය ඇමැතිවරයා රංජිත් සොයිසා මන්ත්‍රීවරයාට දුරකතන ඇමතුමක් ගත්තේය. ඒ ඔහුගේ පියාගේ අවමගුල් උත්සවයට සහභාගිවීමට නොහැකිවීම ගැන කනගාටුව පළ කිරීමටය. ඔහු රංජිත් සොයිසාට ඇමතුමක් ගත් බව දැනගත් අනෙක් ඇමැතිවරු එම දුරකතනයෙන්ම රංජිත් සොයිසාට කතා කළේ සිය කනගාටුව පළ කිරීමටය.

ශාන්ගේ පිහිට

උතුරුමැද පළාත් ඇමැති මාරුව පසුගිය සතියේදී දේශපාලන කරළිය උණුසුම් කළේය. මහ ඇමැති පේශල ජයරත්නට ඇමැතුම් ලබාදුන් මැති ඇමැතිවරු නොයෙක් උපදෙස් ලබාදුන්නේය. මේ අතර ශාන් විජයලාල් ද සිල්වා මහ ඇමැතිවරයාත් ඔහුට ඇමතුමක් ගත්තේය.
මල්ලි මොකද දැන් තත්ත්වයශාන් ඇසුවේය. උතුරු මැද පළාත් සභාවේ අලුත්ම තත්ත්වය පේශල ඔහුට පැහැදිළි කළේය.
මල්ලිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ජය සිරිමා බෝ හාමුදුරුවන්ගේ පිහිට තියෙනවා. සරත් අයියාට දළදා හාමුදුරුවන්ගේ පිහිට තියෙනවා. ඉසුරට කැලණියේ පිහිට තියෙනවා. මට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් සීනිගම දෙවොල් දෙවි හාමුදුරුවන්ගේ පිහිට තියෙනවා. ඒ නිසා අපිට ප්‍රශ්න වෙන්නේ නෑශාන් කීවේ හැඟීම්බරවය.

උතුරු මැද මෙහෙයුම

පසුගිය සතියේ දේශපාලන කරළියේ ආන්දෝලනයට ලක්ව තිබුණේ උතුරු මැද පළාත් සභාවේ බලපෙරළියකට සූදානම්වීම නිසාය. ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරු 17 දෙනෙක් විජේරාම පෙදෙසේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසට පැමිණියේ මහින්ද හමුවීමටය. ඔවුන් සමග ප්‍රසන්න රණතුංග, එස්.එම්. චන්ද්‍රසේන සහ ෂෙහාන් සේමසිංහද පැමිණියහ.
මේ වෙනකොට පළාත් සභාවේ බහුතරය අපිට තියෙන්නේ. පළාත් සභාවේ බලපෙරළියක් කරන්න අපිට පුළුවන් එස්.එම්. රංජිත් පළාත් සභාවේ බලය හුවමාරු කරගැනීමට සිහින මැව්වේය.
මම අද වුණත් ඇමැතිකමින් අයින්වෙන්න සූදානම් එච්.බි. සේමසිංහ කීවේය.
කලබලවෙලා තීන්දු ගන්න එපා. තනතුරේ ඉන්න. අපි වෙලාව ආවම තීන්දුවක් ගනිමු මහින්ද යෝජනා කළේය. මහින්දගේ ඉල්ලීම අනුව සේමසිංහ තවදුරටත් ඇමැතිධුරයේ සිටි නමුත් මහින්දගේ ඉල්ලීමෙන් ප්‍රයෝජනයක් ලැබුණේ නැත. ඒ ඔහු ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර අස්කළ නිසාය.
එදා මගේ මල්ලි වැඩිම මනාප අරගෙන උතුරු මැද පළාත් සභාවේ පළමු තැනට ආවම මහඇමැතිකම දෙනවද නැද්ද කියලා තීරණය කරන්න කමිටුවක් පත්කළා. ඒ කමිටුව තීරණය කළේ එකම පවු‍ලේ දෙන්නෙකුට කැබිනට් ඇමැති මට්ටමේ තනතුරු දෙකක් පිරිනැමීම සුදුසු නැහැ කියන එකයි. ඒ හින්දා මම මහින්ද මහත්තයට කියලා කැබිනට් ඇමැතිකමින් අයින් වුණා. එහෙම තමයි මගේ මල්ලි මහඇමැති වුණේ. වර්තමාන ජනාධිපතිතුමාත් ඒ කමිටුව නියෝජනය කළා චන්ද්‍රසේන සිය සහෝදරයා වූ එස්.එම්. රංජිත්ට මහඇමැතිකම හිමිවූ ආකාරය සිහිපත් කළේය.
ඒ අනුව උතුරු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවී මහඇමැති පේෂල ජයරත්නට තමන්ගේ සහාය නොලැබෙන බව පවසමින් දිවුරුම් ප්‍රකාශ භාරදීමට ගියහ.  ඔවුන් ආණ්ඩුකාරවරයා හමුවට ගොස් සිටියේ මාධ්‍ය සමගය. මාධ්‍ය ඉදිරියේ මේ ගැන සාකච්ඡා කළ නොහැකි බව ආණ්ඩුකාරවරයා පැවසූ නිසා මාධ්‍ය ඉවත්කර මේ ගැන සාකච්ඡා කළ යුතු බව ආණ්ඩුකාරවරයා කීවේය.
පේෂලට බහුතරයේ කැමැත්ත තියෙනවාය කියලා අතින් ලියාගෙන ආපු ලියුමක් විශ්වාස කරලා තමයි ඔබතුමා ඔහු මහ ඇමැතිධුරයට පත්කළේ. ඒත් අද අපි දිවුරුම් පෙත්සම් දෙන්න හදන වෙලාවේ ඒවා ප්‍රතික්ෂේප කරන්නේ ඇයි එස්.එම්. රංජිත් ඇසුවේය.
කෙසේවෙතත් දිවුරුම් ප්‍රකාශ දීමට ගිය මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ කිහිපදෙනෙක්ද දුරකතන ඇමතුම්දී ඔවුන් සමග රහසිගත සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවේය. එහි ප්‍රතිඵලය  වූයේ ඒකාබද්ධ විපක්ෂයේ සිහිනය බිඳවැටී ආණ්ඩුවට බහුතර මන්ත්‍රීවරුන්ගේ සහායක් හිමිවීමය.

මාමට ‍ලේලිගෙන් ඇරයුමක්

ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොසිසාගේ පියා පසුගිය සතියේදි අභාවප්‍රාප්ත විය. ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණියහ. මහින්ද දේහයට අවසන් ගෞරව දැක්වීමට ගියේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල හා කාංචන විජේසේකර මන්ත්‍රීවරුන් සමගය. රත්නපුරේ සිය හිතවතකුගේ නිවසට ගිය මහින්ද දිවා ආහාරය රැගෙන මළගෙදරට ආවේ සවසය. මහින්ද එහි එනවිට ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න ඇමැතිවරයාද පැමිණ සිටියේය. ඔහු මහින්ද සමග ටිකවේලාවක් කතාකර සිටියේ දේශපාලන කරළියේ සිදුවන දේ ගැනය.
ආණ්ඩුව කැබිනට් සංශෝධනයක් කරනවා කිව්වට උතුරු මැද පළාතේ ඇමැති කුට්ටම අනපු එක විතරයිනේ කළේ ජොන්ස්ටන් කීවේ මන්ත්‍රීවරු කතාකරමින් සිටියදීය.
මේ අතර ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, ප්‍රසන්න, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ ප්‍රේමලාල් ජයසේකර තවත් තැනක කතාකරමින් සිටි අතර සෙනවිරත්න ඇමැතිවරයාද ඔහු සිටි තැනට ආවේය.
ප්‍රසන්න අයියාගේ නඩුව ළඟ එනවා නේද නාමල් ප්‍රසන්නගෙන් ඇසුවේය.
දැන් හැමෝටම නඩු දාලා නේද ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න ඇසුවේ ප්‍රසන්නගේ නඩුව ගැන විස්තරයක්ද අසමිණි.
ඒකට නං ඉතිං අපි බය නෑ ප්‍රසන්න කීවේ නඩුව සැහැල්ලුවට ගනිමිණි.
ඔය ආණ්ඩුව එක්ක හිටියා මදෑ ඇමැතිතුමා. මේ වගේ දේවල්වලට එනවා වගේ ආණ්ඩුවෙන් එළියට බැහැලා එන්නකෝ පවිත්‍රා කීවේ නෑකමින් සිය මාමා කෙනෙක් වන ඩබිලිව්.ඩී.ජේ. සෙනවිරත්නටය.
ඇමැතිතුමිය නම් දැන් පාට වැටිලා වගෙයි. ළඟදිම ආණ්ඩුවක් එන පාට තමයි පේන්නේ ප්‍රේමලාල් විහිළු කළේ පවිත්‍රාටය.
අපි ඉතිං ගෑනු අය කොහොමත් ලස්සනයි නේ පවිත්‍රා කීවේ මුහුණ රතුකර ගනිමිණි.
අපිට ඉතිං පවුඩර් ගාන්න බෑනේ ප්‍රේමලාල් කීවේ පවිත්‍රාගේ මුහුණ තවත් රතු කරමිණි.
මම විතරක් නමෛයි ඔයත් පිං පාට වෙලා. ළඟදීම අපේ ආණ්ඩුවක් එනවනේ. ඉතිං දැන් පිං පාට තමයි පවිත්‍රා කීවේ සිනාසෙමිණි.
මේ අතර නාමල් පවිත්‍රාට මළගෙදර කතාවක් කරන්නැයි කීවේ තවත් තැනකට ඔහුට යාමට තිබූ නිසාය. පවිත්‍රාගේ මළගෙදර කතාවත් අසා සිටි නාමල් එතනින් පිටත්ව ගියේය.

තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1262

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 2713

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 8209

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4108

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4332

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 5997

Please publish modules in offcanvas position.