Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඇමැති මාරුව අද හෝ හෙට

ශ්‍රී ලංකාවේ දේශපාලන කරලිය තුළ පසුගිය සතිය පුරාවටම අවධානය යොමු වූ වඩාත්ම  ආන්දෝලනාත්මක මාතෘකාව වූයේ “කැබිනට් සංශෝධනයයි.” දැනට වාර්තා වන අන්දමට මෙම කැබිනට් සංශෝධනය අද (19) හෝ හෙට (20) යන දෙදින තුළ සිදු කිරීමට නියමිතය. මේ පිළිබඳ ජනපතිවරයා දැනටමත් තම අවසන් තීන්දු තීරණ කිහිපයක් ගෙන අවසන්ව ඇති බවටද තොරතුරු වාර්තාවේ.

එසේම දැනට ලැබෙන දේශපාලන ආරංචි මාර්ගයන්ට අනුව මෙම කැබිනට් සංශෝධනයේදී එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික කටයුතුවලට සම්බන්ධ  ප්‍රබල අමාත්‍යවරයෙකුගේද අමාත්‍යධුරයක් සංශෝධනය වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇත. කෙසේ වෙතත් එජාපය වෙතින් මෙම සංශෝධනයට එල්ලව  ඇත්තේ ප්‍රබල විරෝධයකි. ඒ අනුව මෙම සංශෝධනය  සිදු නොකරන ලෙස එජාප ප්‍රබලයින් ජනපතිවරයාට පෙන්වාදී ඇත.

ඒ අනුව එජාපයේ විරෝධතා මධ්‍යයේ, මෙම එජාප ප්‍රබලයාගේ අමාත්‍ය ධුරය ඉදිරියේදී සංශෝධනය වුවහොත්   ඉදිරි සතිය තුළ මෙරට දේශපාලන කරලිය අතිශයින් උණුසුම් වනු ඇත.

මෙම දේශපාලන අර්බුද මැද මෙවර අමාත්‍ය  මණ්ඩල රැස්වීම විනාඩි 45 කට සීමා විය.
රැස්වීම ආරම්භයේදීම සරත් ෆොන්සේකා මහතා, ජනපතිවරයා වෙත  පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
“මට කැලණියේ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන්න විදියක් නැහැ. ඉසුරු දේවප්‍රිය මහ ඇමැතිවරයා, පළාත් සභා නිලධාරීන්ට ඊට සහභාගි වෙන්න  එපා කියල තියෙනවා”යයි ෆොන්සේකා මහතා පැවසීය.
“කවුරු කිව්වත් ඔය වැඩවලට  යන්න එපා කියලත් මහ ඇමැති කියල තියෙනවා” යයිද සරත් ෆොන්සේකා  මහතා මෙහිදී පැවසුවේය.

“ඕක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා”යැයි මෙහිදී  ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා පැවසුවේ, තත්ත්වය සමථයකට පත්කිරීමේ අරමුණිනි.

“පළාත් සභාවෙන් නිලධාරීන් දෙන්නේ නැත්නම්, ආණ්ඩුකාරවරයා එක්ක එකතු වෙලා වැඩේ කරන්න, එතකොට හරි” යැයි ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය ලබන සැප්තැම්බරයේ යෙදී ඇත. මෙම සමරුව වෙනුවෙන් වන උත්සවය ගාලු මුවදොර පිටියේ පැවැත්වීමට ශ්‍රීලනිපය තීරණ කර ඇත.  ගාලු මුවදොර  පැවැත්වෙන  මෙම සමරුව  සඳහා ඒකාබද්ධ  විපක්ෂ මැයි රැලියට පැමිණි   ජනකායට වඩා වැඩි සෙනඟක්  ගෙන්වා ගැනීම ජනපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිප ප්‍රබලයින්ගේ අරමුණ වී ඇත. ඒ අනුව, ඒ වෙනුවෙන් සංවිධාන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටද ශ්‍රීලනිපය සැලසුම් කර ඇත.
මේ අතර පළාත් පාලන මැතිවරණ සඳහා ශ්‍රීලනිපයේ අපේක්ෂකයින් තෝරාගැනෙන සම්මුඛ පරීක්ෂණ දැනටමත් අවසන්ව ඇත. එම සම්මුඛ පරීක්ෂණ හරහා තේරී පත්වූවන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට එම පක්ෂය මේ වනවිට සැලසුම්  කර ඇත. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, ආදී කරුණු පිළිබඳව මෙම  පුහුණුවේදී  නවක දේශපාලනඥයන්ට ඉගැන්වීම, මෙම විශේෂ   පුහුණුවේ අරමුණ වී ඇත. මෙම පුහුණුූව කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමටද කටයුතු යොදා ඇත.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රට පුරා දේශපාලන රැලි 5000 ක් පමණ පැවැත්වීමටද ශ්‍රීලනිපය මේ වන විට සැලසුම් කර ඇත.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය නීති විරෝධී බවට අභියාචනාධිකරණයෙන් දුන් තීන්දුවට එරෙහිව  ඇය යළි ඇපෑලක් ඉදිරිපත් කර තිබිණ. එම ඇපෑල  ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් සලකා  බැලුනේ පසුගිය සඳුදා දිනය. මෙම කටයුත්ත  ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාත්මක  වන අවස්ථාවේ ගීතාට, බලා‍පොරොත්තු   නොවූ ආකාරයේ අකරතැබ්බයකට මුහුණදීමට සිදුවිය.  උදෑසන සිටම මෙම නඩු කටයුතු  සම්බන්ධයෙන්  වෙහෙස මහන්සි වෙමින්  සිටි කුමාරසිංහ මහත්මියට හදිසියේ ක්ලාන්ත ගතියක් දැනිණ.
අද දවසෙම මේ වැඩවලට මහන්සි වුණානේ. මගේ සීනි අඩුවෙලා වගේ.  මහන්සි ගතියක් දැනෙනවා. ගීතා කුමාරසිංහ මහත්මිය අසල සිටි හිතවතෙකුට පැවසුවාය. ඉන් අනතුරුව ඇය “ටොෆී” පහක්ම ගෙන්වාගෙන කෑ අතර. එම ටොෆී ප්‍රතිකාරයෙන් ඇයට  සුවයක් ලැබිණ.
ශ්‍රේෂ්ඨාධිකරණයද වෙතින් එදින ලැබුණේ ගීතාට සතුටු විය හැකි තීන්දුවකි. එනම් ඇය ඉදිරපත් කළ ඇපෑල විභාගයට ගැනීමට තීරණය කළ  ශ්‍රේෂ්ඨාධිකරණය, එම විභාගය නිම වන තෙක් ගීතාට   එරෙහි තීන්දුව අත්හිටුවීමටද තීරණය කළේය. මෙම තීරණය ඇසීමෙන් සතුටට පත් ගීතා කුමාරසිංහ මහත්මියගේ අසනීප තත්ත්වයද මග හැරිණ. එහිදී ඇය  තම නඩු කටයුත්තට  සහයෝගය ලබා  දීමට එක්ව සිටි සමීප  හිතවතුන් සියලු දෙනාටම ස්තුතිය  පළ කිරීමටද අමතක නොකළාය. ඇය ඔවුන්ගේ, අත් සිප ගනිමින්  තම ස්තුතිය විදහා දැක්වීය.
මෙහිදී දක්නට තිබූ විශේෂත්වය වූයේ, කලක් දේශපලාන කරුණුූ මත ගීතා කුමාරසිංහ මහත්මිය සමග මතභේදයක් ඇතිකරගෙන  හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ අජිත්  ප්‍රසන්න මහතාද ඇයට සහය  පළකිරීමට මෙම ස්ථානයට එක්ව සිටීමයි. එහිදී ගීතා  කිසිදු වෙනසක් නොමැතිව ඔහුගේ අතද සිප ගනිමින්  සිනහමුසු මුහුණින් ඔහුටද  ස්තුති කිරීමට පියවර ගත්තාය.

වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජවිපෙ නායකයින්ගේ විශේෂ  සාකච්ඡාවක් පසුගිය  දාසයවෙනිදා කොළඹදී පැවැත්විණි. එහිදී රටේ ආර්ථික  තත්ත්වය පිළිබඳවත් කැබිනට්  සංශෝධනය පිළිබඳවත්  ඇතුළු දේශපාලන  තත්ත්වය ගැන කතාබහක් ඇති විය.

“දැන් ආණ්ඩුවේ අලුත්ම මාධ්‍ය සංදර්ශනේ කැබිනට් සංශෝධනය ගැන. රටේ  මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා වෙනුවට ඔළුගෙඩි මාරු කරලා සෙල්ලමක් දාන්න යන්නේ.” විජිත් හේරත්  කියා සිටියේය. “ඔළුගෙඩි මාරු කරලා  රටේ ප්‍රශ්න  විසඳන්න බැහැ. මේ කරන්න යන්නේ රටේ මිනිස්සුන්ට අලුත් බලා‍පොරොත්තුවක් ඇති කරන්න. එක අමාත්‍යංශයකවත් අලුත් ව්‍යාපෘතියක් ගැන සංවාදයක් නැහැ. අලුත් වැඩපිළිවෙළක් නැහැ. ඒ වෙනුවට  ඇමැති මාරු කරනවා කියලා  හැමදාම  නිවුස් දානවා.මේක මේ අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්.” බිමල් රත්නායක කියා සිටියේය.
“ජනාධිපතිතුමත් ලොකු ලොකු කතා කිව්වට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඇමති මණ්ඩල සංශෝධනයක් කිව්වට මුදල් ඇමැතිකම විතරක් මාරු කරන්න යනවා කියලයි ආරංචි. වෙන ඇමැතිකම් මාරු කරන්න ගියාම ඇතු‍ලේ කචල්  වැඩි වෙනවාලු.” අනුර දිසානායක  කියා සිටියේය.

මේ අතර මහින්ද රාජපක්ෂ මෝදි  හමුවීම ගැනද ජවිපෙ නායකයෝ කතාබහ කළහ. “කළු කොඩි දාන්න කතා කරපු අය මෝදි හම්බවුණා. මහකොමසාරිස් කාර්යාලයට කතා කරලා  තමයි වෙලාව වෙන් කරගෙන තියෙන්නේ.
මේ ගැන ජී.එල්. පීරිස් කිව්වෙ නම් සාකච්ඡා කරපු දේවල් මාධ්‍යයට කියන්න බැහැ.  රහසිගතයි කියලා. කොහොමත් මේ අය ආණ්ඩුවේ ඉන්නකොටත් රහස් දේවල් තමයි කළේ. බලයේ ඉන්නකන්  ඉන්දියාවට  ඕන විදියට වැඩ කරලා දැන් කළුකොඩි  දාන්න කතා කරනවා. ඒත් හොරෙන් හොරෙන් මෝදි එක්ක ඩීල් දානවා.”  හඳුන්නෙත්ති කියා සිටියේය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංවිධාන ගණනාවක් මගින් සංවිධානය කළ උද්ඝෝෂණයට පහර දීම ජවිපෙ නායකයින්ගේ අවධානයට යොමු විය. ප්‍රධාන ‍ලේකම්  ටිල්වින් සිල්වා ප්‍රචාරක ‍ලේකම් විජිත  හේරත්ට දුරකථනයෙන් අමතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් පක්ෂයෙන්  විශේෂ ප්‍රකාශයක්  කළ යුතු බවයි. “ඔව්, මේක වෙනදට වඩා දරුණු ප්‍රහාරයක් වගේ පේන්නේ. මොකද එලව එලවා පහර දුන්නේ  උද්ඝෝෂණය මර්දනයටම විතරක් ‍නෙවෙයි. ශිෂ්‍යයින්ගෙන් පලිගන්න වගේ. විහාරමහදේවි පාර්ක් එකේ වතුරත් කැපුවා කියලා ආරංචි වුණා.
ඒ තරමට ආණ්ඩුව අමානුෂික වෙලා. ආණ්ඩුව හදන්නෙ සිසු උද්ඝෝෂණ ‍පොඩි පට්ටම් කරලා සයිටම් මුදලාලිට ඉඩ හදලා  දෙන්න.” විජිත හේරත් කියා සිටියේය.

“මේ ගැන මාධ්‍ය හමුවක් තියලා රටට ප්‍රකාශයක් කරමු. ආණ්ඩුව ජනතා විරෝධතා ගැන කිසිදු අවධානයක් නැතුව තමන්ගේ ගමන යන්න හදන්නේ. මේක බරපතළ තත්ත්වයක්. ජනතාවට අපහසුතා ඇතිවෙනවා කියලා උද්ඝෝෂණවලට ගහනවා. ආණ්ඩුව ජනතාව අපහසුතාවයට පත් කරලා  කරන දේවල් ගැන අපි ජනතාවට කියන්න  ඕනෑ.” ටිල්වින් සිල්වා කියා සිටියේය.   “මීට කලින් සයිටම් වෙනුවෙන් ඇඩ් දැම්මේ සෞඛ්‍ය  අමාත්‍යංශය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය එකතුවෙලා. දැන් ඒකට ජනාධිපති ‍ලේකම් කාර්යාලයත් එකතු වෙලා.  විජිත හේරත් පෙන්වා දුන්නේය.


පැත්ම් වික්‍රමරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1269

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 2719

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 8220

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4113

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4340

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6000

Please publish modules in offcanvas position.