Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
නවතම පුවත

බැඳුම්කරයට මොකද වුණේ අගමැතිගෙන් හෙළිදරව්වක්

IMAGE 2018 Jan 19 00:08
බැඳුම්කර චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලබන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් සිටී නම් ඒ පිළිබඳ සොයා බැලීමට පත්කළ තිලක් මාරපන කමිටුවේ නිර්දේශ අනුව අවශ්‍ය...
Views - 31

එසැනින් පුවත්

විදුලිබල වැඩවර්ජනය නිමයි

IMAGE 2018 Jan 18 18:42
ලංකා විදුලිබල මණ්ඩල සේවකයන්ට පොලිස් විශේෂ බලකාය පහරදුන් බව පැවසෙන...
Views - 211

මර්වින්ගේ පුත් මාලකට වරෙන්තු

IMAGE 2018 Jan 18 15:06
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා...
Views - 588

ගිය වසරේ‍ දී පාරිභෝගික අධිකාරියේ වැටලීම් 17% වැඩි කළා

IMAGE 2018 Jan 18 13:24
2016 වසරට වඩා පසුගිය 2017 වසරේදී පාරිභෝගික අධිකාරිය මඟින් සිදුකළ වැටලීම් වල 17‍%...
Views - 158

රක්වාන ශ්‍රීලනිප සංවිධායක කම උපාලිට

IMAGE 2018 Jan 18 13:18
රත්නපුර දිස්ත්‍රිකයේ රක්වාන ආසනයේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන...
Views - 473

විදුලි සේවකයෝ අඛණ්ඩ වැඩවර්ජනයක

IMAGE 2018 Jan 18 13:02
විරෝධතාවයේ නිරතව සිටි සේවකයන් පිරිසකට පොලිසිය සිදුකළ පහරදීමකට විරෝධය පළ...
Views - 325

මස්කෙළියේ ගින්නක්

IMAGE 2018 Jan 18 12:44
ලිඳුල, මෙරායා නඟරයේ අද (18) අළුයම 03.15 පමණ හටගත් හදිසි ගින්නක්  හේතුවෙන්...
Views - 205

පුද්ගලික බස් රථ 'ටයිම්කීපර්' වරයෙක් අල්ලස් දැලේ

IMAGE 2018 Jan 18 12:27
පුද්ගලික බස්රථ වලින් අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත කල්මුනේ මාර්ගස්ථ මගී...
Views - 149

රන්ජිත් සොයිසා ශ්‍රීලනිපයෙන් ඉවත් කෙරේ

IMAGE 2018 Jan 18 12:20
රක්වාන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක රන්ජිත් සොයිසා මහතා එම තනතුරින්...
Views - 627

වැල්ලවාය ස්වාධීන අපේක්ෂිකාවකට ‍පොලිස් නිලධාරීන් ඉදිරිපිට පහරදීලා

IMAGE 2018 Jan 18 10:33
වැල්ලවාය ප්‍රාදේශීය සභාවට මෙවර ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත් වී සිටින...
Views - 334

මේ ආණ්ඩුවට කයිවාරු මිස වැඩ බෑ

IMAGE 2018 Jan 18 10:27
මේ  ආණ්ඩුවට වැඩ බැහැ. කයිවාරු ගහන්න විතරයි පුළුවන්.  කයිවාරු ගහලා...
Views - 298

ජනපති විවේචනය සපුරා තහනම්

IMAGE 2018 Jan 18 10:18
කිසිදු හේතුවක් නිසා මින් ඉදිරියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...
Views - 560

මන්ත්‍රී නිදහස් තැපැල් දීමනාව 100% කින් ඉහළට

IMAGE 2018 Jan 18 10:11
 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙනු...
Views - 120

මංගලගේ චක්‍ර‍ලේඛය රජයට අපකීර්තියක්- සංස්කෘතියටත් ගැලපෙන්නේ නෑ

IMAGE 2018 Jan 18 10:04
  කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට තිබූ තහනම ඉවත්කරමින් මත්පැන් විකිණීමට...
Views - 285

මංගලගේ ගැසට්ටුව ඉල්ලා කාන්තාවෝ උසාවි යති

IMAGE 2018 Jan 18 09:56
                              මත්පැන් අලෙවි සල්වල සේවය කිරීමට හා...
Views - 709

බැඳුම්කර කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට

IMAGE 2018 Jan 17 16:35
මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසන්...
Views - 629

හැටන් මොටෝ රියක් හැටන් පාර හරහා පෙරළෙයි

IMAGE 2018 Jan 17 15:50
අද (17) පෙරවරු 09.30 ට පමණ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ සටැඩන් වත්ත ප්‍රදේශයේ දී...
Views - 375

ටීචර්ට කාරයේ තිරිංග වෙනුවට ඇක්සලරේටරය පෑගිලා

IMAGE 2018 Jan 17 12:57
අගනුවර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක ගුරුවරියක විසින් ධාවනය කළ මෝටර්...
Views - 1965
එතෙර පුවත්

ට්‍රම්ප් පිළිබඳව වෛද්‍ය පරීක්ෂණයක්

IMAGE 2018 Jan 18 10:56
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යනු විවිධ හේතු නිසා නිතර කතාබහට...
Views - 177

සිනමාවේ තරගකරුවන් වූ රජිනි සහ කමල් අතර දේශපාලනයේත් තරගයක්

IMAGE 2018 Jan 15 08:40
රජිනිකාන්ත් සහ කමල් හසන් දෙමළ සිනමාවේ දැවැන්ත චරිත දෙකක් බව අමුතුවෙන් කිව...
Views - 868

කැලිෆෝනියා නායයාමෙන් මියගිය පිරිස දාහතක් දක්වා ඉහළට

IMAGE 2018 Jan 12 11:01
උතුරු කැලිෆෝනියාවේ නායයාමකින් මියගිය පිරිස දාඵහතක් දක්වා ඉහළ ගොස් ඇති අතර...
Views - 392

පින්තූර ගැලරිය

IMAGE

ගල්ගමු ඇත් රජුගේ සේයාරුව නිවෙස්වල ‘බුදු පහනට’ යටින්

IMAGE 2018 Jan 15 10:49
මේ ජනමාධ්‍ය මගින් අප ඉතා හොඳින් අසා හුරුපුරුදු වදනකි. මෙහි අලි මිනිස් යන්නෙහි ‘අලි‘ යන වදන පෙරටුව යෙදීමෙන් පැහැදිලි වන එක් කරුණක් තිබේ. එනම් මෙම...
Views - 1125
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2264

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2306

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3827

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4358

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5196

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3058

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 3333

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 4962

මම එයාට ආදරේ කළේ එයා බැඳලා ළමයි ඉන්න බවත් දැනගෙනයි

IMAGE 2018 Jan 14 11:33
අපි හැමෝගෙම ජීවිතවල විවිධාකාර රහස් හැංගිලා තියෙනවා. මගේ ජීවිතෙත් එහෙමයි. ඒත් කාලාන්තරයක්...
Views - 8008

වික්ටර්ගේ පුත් ජයන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

IMAGE 2018 Jan 14 10:36
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන්...
Views - 9966

එදා දන ගැහුවේ ගුරුවරියක් අද විදුහල්පතිනියක්

IMAGE 2018 Jan 12 12:01
හීනමානය යනු තමන් අනුන්ට වඩා පහත් යැයි සිතීමයි. තමන් පහත් යැයි යන හැඟීමෙන් පෙළෙන රෝගියකු අතට...
Views - 5466
IMAGE

ඇත්තට ම එ් ශිෂ්‍යයෙක් ද?

IMAGE 2018 Jan 15 11:39
කුඩයට දැරිය නොහැකි වැසි බිදු හමුවේ , කුඩය යටින් යන ඇය වැසි දෙකකට හසුවූවාක් මෙන් තෙමී ගියා ය. සාරිය ඇඟට ඇලී පය පැටලී වැටෙන්නට ද ගියා ය. නමුත් වැස්ස කිසිදු...
Views - 515
ව්‍යාපාරික පුවත්

සෙලාන් පැහැසර 150 වැනි පුස්තකාලය සිසු අයිතියට පත්කෙරේ

IMAGE 2018 Jan 16 10:05
සෙලාන් බැංකුවේ ප‍්‍රමුඛතම ප‍්‍රජා සත්කාර වැඩසටහන වන ‘සෙලාන්...
Views - 147

රුසියාවට යන COSS LANKAසිසුන් දැනුවත් කෙරේ

IMAGE 2018 Jan 15 14:08
රුසියාව බලා පිටත්වීමට නියමිත COSS LANKAමීළග සිසු කාණ්ඩය සදහා වූ පුර්ව...
Views - 526

SLIM අළෙවිකරණ අධ්‍යාපනයෙන් නොනැවතී ඉදිරියටම

IMAGE 2018 Jan 15 13:50
ශී‍්‍ර ලංකාවේ අළෙවිකරණය පිළිබඳ ජාතික ආයතනය වන SLIM  තම ජාතික අළෙවිකරණ...
Views - 177
කතා මැද කතා

රනිල්ට බුලත් දෙන්න ශ්‍රීලනිප ඇමැතිවරු පස්ස ගසති

IMAGE 2018 Jan 14 12:27
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යහපාලන ආණ්ඩුවට වසර තුනක් සම්පූර්ණ කළේ රාජගිරිය ගුවන් පාලම විවෘත කරමින් සහ මොරගහකන්ද ජලාශය විවෘත කිරීමේ අවස්ථාවට එක්...
Views - 3551
සුන්දර ලක්බිම

කොළඹ නගරයේ සැඟවුණු කාක දූපතේ වෙරළ උද්‍යානය

IMAGE 2018 Jan 17 10:16
කොළඹ නගරයේ උතුරු දෙසට වන්නට දූපතක් ඇතැයි කීවොත් සමහරවිට ඔබ පුදුමයට පත්වෙන්නත් පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් නමින් පමණක් අසා ඇති 'කාක දූපත' එවැනි කොළඹ...
Views - 709

ලක්බිම වීඩියෝ

IMAGE

දේශීය වෙදකමෙන් කොඳු ඇට පෙළේ රෝග සුව කරන ජීවක වෙද මැදුර

IMAGE 2018 Jan 11 15:47
අභිමානවත් වෙද පරපුරක් වූ මාවැල්ලේ වෙද පරපුරෙන් පැවැත එන මාවැල්ලේ කොරනේලිස් වෛද්‍යාචාර්යතුමන්ගේ මිණිපිරිය වන වෛද්‍යාචාරිනී විශාඛා D.S....
Views - 1548
 
සහන් එළිය

රැකියාවට එන මුවාවෙන් ‘හිස හැරුණු අතේ’ ගිය ගීතිකා

IMAGE 2018 Jan 15 10:54
පසුගිය වසරේ පමණ ඉක්මවා වැටුප් රහිත නිවාඩු ගැනීමෙන් රැකියාව පවා අවදානමකට ලක්වන බවට ගීතිකා තම ආයතන ප්‍රධානියාගෙන් බැණුම් ඇසුවාය. එහෙත් ඇගේ  එම...
Views - 1230

දවසේ කාටූනය

IMAGE

ආයෝජකයන් අධෛර්ය කරන සම්මුතික ආණ්ඩුවේ මත ගැටුම්

IMAGE 2018 Jan 18 10:43
මෙම සතිය ආරම්භ වූයේද දේශපාලනික උණුසුමත් සමගිනි. පළාත් පාලන මැතිවරණයේදී මනාප සටනක් දක්නට නොලැබුණද වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් මෙදා දැකිය හැකිය. වෙනදා...
Views - 84
IMAGE

සිප් සෙවනට අරුණැල්ලක් - රොටරි

IMAGE 2018 Jan 09 09:34
ශ්‍රී ලංකේය දරු දැරියන් වෙනුවෙන් ලක්බිම පුවත්පත් අනුග්‍රහයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන 'සිප් සෙවණට අරුණැල්ලක්'...
Views - 354
මානිගේ තීරුව

පාසල් වසා හිරගෙවල් අරිමුද?

IMAGE 2018 Jan 14 17:26
රටේ සියලු දෙනා කියන්නේ බැඳුම්කර හොරුන් අල්ලා හිරේ දැමිය යුතු බවය. මට නම් ඊට එකඟවීමට බැරි බව කනගාටුවෙන් වුවත් කිව යුතුය. ආණ්ඩුව හොරුන් අල්ලන්නට පටන්...
Views - 962

විශේෂ පුවත්

ශ්‍රී පාදස්ථානයේ ඇති වී තිබෙන ගැටලු විසඳීමට පියවර ගන්නවා

IMAGE 2018 Jan 16 12:40
දැනට ශ්‍රී පාදස්ථානයේ ඇති වී තිබෙන තත්ත්වය සමනය කර ගැනීම සඳහා අධිකරණ...
Views - 308

උ.පෙළින් ලංකාවේ පළමුවැනියා වූ මාතර දන්දෙණිය ගම

IMAGE 2018 Jan 15 14:09
2017 වසරේ උසස් පෙළ විභාගයෙහි ප්‍රතිඵල පසුගියදා නිකුත් විය. ඒ අනුව විෂය...
Views - 871

වැසිවනාන්තර සුරකින්නන්ගේ කත්ලාන රුක් රෝපණ වැඩසටහන

IMAGE 2018 Jan 15 12:48
ලෝක උරුම සිංහරාජ වැසිවනාත්තර සංකීර්ණයට හා ප්‍රේරක කලාපයට අයත් කලවාන...
Views - 513

වායූ දූෂණයට පිළියම් ඉල්ලා මහනුවර දැවැන්ත උද්ඝෝෂණයක්

IMAGE 2018 Jan 15 11:34
මහනුවර නගරයේ පවතින වායු දූෂණයට නිසි පිළියම් යොදන්නැයි බලධාරීන්ගෙන්...
Views - 334

හැටන් පාරෙන් ශ්‍රීපාද වන්දනාවේ ඇවිත් හිස් ප්ලාස්ටික් බෝතල් 35000ක්...

IMAGE 2018 Jan 15 11:29
ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ වී මාසයක කාලයක් තුළ හැටන් මාර්ගය ඔස්සේ...
Views - 374

ලංකාවේ ත්‍රීවීල් තහනම් කරයිද?

IMAGE 2018 Jan 14 15:05
  තුන්රෝදය යනු දුප්පත් ‍පොහොසත් කොයි කාගෙත් වාහනයකි. ඉලෙක්ට්‍රික්,...
Views - 1122

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ පැළැන්දාය. ඇය දකුණු අප‍්‍රිකාවේ ඩෙමී-ලෙයි නෙල්-පීටර්ස්ය. 
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක් වන ඇය තවමත් පසුවන්නේ විසිදෙහැවිරිදි වියේය. දුඹුරු පැහැති කෙස් කළඹකට හා ළා දුඹුරු දෙනෙතකට හිමිකම් කියන ඇගේ උස අඩි 5යි අගල් 7කි. 1978 වසරේ විශ්ව රූ රැජින වූ මාගරට් ගාඩිනර්ගෙන් පසු දකුණු අප‍්‍රිකාවට එම කිරුළ රැගෙන ඒමට හැකිවූයේ ඩෙමී-ලෙයිට වීම විශේෂත්වයකි. 
මේ වසරේ විශ්ව රූ රැජින කිරුළ සඳහා මෙන්ම ලෝක රූ රැජින කිරුළ සඳහාද දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් සුදුසුකම් සපුරා සිටියේ ඩෙමීය. එහෙත් මේ තරග දෙක පැවැත්වීමට යෙදී තිබුණු දින වකවානු පිළිබඳ ගැටලූවක් නිසා ඇය ඉදිරිපත් කෙරුණේ පසුගිය 
නොවැම්බර් 16 වෙනිදා ඇමෙරිකාවේ ලාස් වේගාස්හි පැවැති විශ්ව රූ රැජින තරගයට පමණි. ලෝක රූ රැජින තරගාවලිය නිමා වූවේ නොවැ. 14 වෙනිදා ජපානයේදීය.
තරගයේ අවසන් වටයේදී නිවේදක ස්ටීව් හාවේ වැඩකරන කාන්තාවන් සම්බන්ධයෙන් කුමක් වැදගත් වන්නේදැයි ඩෙමීගෙන් ඇසූ පැනයට ඇය පැවැසූවේ මෙවැන්නකි. 
’ලෝකයේ සමහර තැන්වලදි එකම රැකියාවේදී ගැහැනුන්ට ගෙවන්නේ පිරිමින්ට ගෙවන මුදලින් 75%ක් විතරයි. පිරිමින්ට වගේම ගැහැනුන්ටත් සමාන කාර්යයන්ට සමාන වැටුප් හිමිවිය යුතුයි.’
තමා තුළ ඇති කවර ගුණාංගයක් ගැන ඇය ආඩම්බර වන්නේ ද හා විශ්ව රූ රැජින වශයෙන් එම ගුණය කෙසේ භාවිත කරන්නේද යනුවෙන් ඇගෙන් විමසන ලදුව ඇය දී ඇත්තේ අපූරු පිළිතුරකි. තමා කවුද යන්න පිළිබඳ විශ්වාසය තිබිය යුතු බව ඇය පවසා ඇත. තමා බියකරු අවස්ථා රැසක් ජයගත් ගැහැනියක් බැවින් සෙසු කාන්තාවන්ට ඔවුන්ගේ අනතුරු වළකා ගැනීමට උපකාර කිරීමට තමන්ට හැකි බව ඇය පවසන්නීය. ඒ කී ලෙසම කාන්තාවන් සඳහා ආත්මාරක්ෂාව ඉගැන්වෙන වැඩමුළු පැවැත්වීමට ඇය අදහස් කරගෙන සිටී. 
දකුණු අප‍්‍රිකාවේ රූ රැජින බවට පත්ව මසකට පසු ඇය මෝටර් රථ පැහැරගන්නන් පිරිසකගේ ග‍්‍රහණයට හසුව තිබේ. රියේ යතුරු භාරදුන්න ද ඇය රථයේ දමාගෙන යෑමටයි ඔවුන් වෑයම් කර ඇත්තේ. අවම වශයෙන් තුවක්කු 3ක් වත් තමා වෙත එල්ල වී තිබූ බව ඇය පවසයි. ආත්මාරක්ෂක පුහුණුවක් ලබා තිබුණෙන් දාමරිකයකුගේ ගෙළ හරහා පහරදී පැනවිත් උපකාර ලබා ගැනීමට ඇය සමත්ව ඇත. කාන්තාවන්ගේ ආත්මාරක්ෂාව ගැන ඇය එතරම් තකන්නේ මේ අත්දැකීම නිසා විය හැකිය.
ඩෙමී කුඩා දැරියකව සිටියදී ඇගේ මව්පියන් දික්කසාද වී වෙනත් විවාහයන්ට ඇතුළත්ව ඇත. අනතුරුව ඇය වැඞී ඇත්තේ මේ පවුල් දෙක සමගමය. මෙනිසා ඇය තම මවගේ නව සැමියාට මෙන්ම පියාගේ නව බිරියට ද සමීප බව පැවැසේ. ගෘහ අභ්‍යන්තර අලංකරණ ශිල්පිනියක වන මව, ඩෙමීගේ ජයග‍්‍රහණවල පිටුබලය වුවත් සුළුමවත් සුළු පියාත් ඇගේ සිහින සැබෑ කර ගැනීමට උදවු කළ බව  ඕ පවසන්නීය.  
තමාට හමු වූ උතුම්ම තැනැත්තා තම සුළුපියා බව ඩෙමී කියන්නීය. ඇගේ සුළුමව සායනික මනෝවිශේෂඥයකි. ඇය කුඩා ඩෙමී ඉණේ තබාගෙන ඇවිද්ද අයුරු සිහිපත් කරන්නීය. ඩෙමී පසුගිය මව්වරුන්ගේ දිනය සැමරුවේ ද මේ සුළුමව සමගිනි. 
 ඩෙමීගේ අර්ධ සොහොයුරිය තවමත් දස හැවිරිදිය. ඇය උපතේදීම කුඩා මොළය රහිතව උපන් දැරියකි. මෙනිසා ඇය කායිකව බොහෝ සෙයින් ආබාධිත දැරියකි. ගැහැනියක ආත්මාරක්ෂාව සම්බන්ධයෙන් සවිමත් විය යුතු බව ඩෙමී සිතයි. ඇගේ හොඳම උත්පේ‍්‍රරකය ලෙස සඳහන් කෙරෙන්නේ මේ කුඩා සොයුරියයි. ජීවිතයේ වටිනාකම ඇය තම අඩ සොයුරිය වෙතින් දකී.
සංගීතයටත් සංචාරයටත් පි‍්‍රයකරන ඩෙමී ඇය සංචාරය කරන රටවලින් මතක සටහන් සේ රැස්කර ගන්නේ ආභරණ බව පවසයි. පාසල් සමයේ රගපෑමට ලැදිවූ ඇය ලේඛනයට ද ප‍්‍රියකරයි. 
විශ්ව රූ රැජින ලෙස ඩෙමීට ඉදිරි වසරේ අමෙරිකාවේ නිව්යෝක් නගරයේ සුඛෝපභෝගී නිවහනක වාසය කිරීමට අවකාශ සැලසෙනු ඇත. ඒ ඇගේ සමාජ කර්තව්‍යයන්හි යෙදීමට සෑහෙන විශාල වැටුපක් ද සමගිනි.
66වන වරට පැවැත්වුණු 2017 විශ්ව රූ රැජින තරගය ශ‍්‍රී ලංකාවට ද වැදගත් වන බව සඳහන් කළ යුතුමය. ඉතිහාසයේ 1955න් පසු ලාංකික යුවතියක් විශ්ව රූ රැජින තරගයක අර්ධ අවසන් වටයට පිවිසෙන්නේ වසර 62කට පසුවයි. එම වටයේ 16දෙනා අතරට එක්වීමට තරම් වාසනාවන්තියක වූ ඒ රූමතිය ක‍්‍රිස්ටියානා පීරිස්ය. 1955දී මේ තරගයේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත්ව ඇති ලාංකික රූමතිය මොරීන් හින්ගර්ට්ය.
අඩි 5යි අගල් 9ක් උසැති කි‍්‍රස්ටියානා පීරිස් විසිතුන් හැවිරිදිය. බම්බලපිටියේ ශුද්ධවූ කන්‍යාරාමයෙන් 9වන ශේ‍්‍රණිය දක්වා උගෙන ඇති ඇය සිය පවුලේ අය සමග අබුඩාබියේ පදිංචියට ගොස් ඇත්තේ ඇගේ මවගේ වියෝවෙන් පසුව බව සඳහන්ය. මෝස්තර නිරූපිකාවක වන ඇය දැන් ඒ පිළිබඳ උපාධිධාරිනියකි. 
ඇඳුම් නිර්මාණය කර ඉන් ලැබෙන ආදායමෙන් කොටසක් පිළිකා රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ක‍්‍රිස්ටියානා කටයුතු කර ඇත. ඒ ඇය රූ රැජිනක වීමට ද පෙරාතුවයි. එය පැසසිය යුතු මෙහෙවරකි. ඇගේ මව, මිත්තණිය හා මුත්තණුවන් මියගොස් ඇත්තේ පිළිකා රෝගයෙන් නිසා ඇය මේ සමාජ සත්කාරයට දායක වූ බව පැවැසේ. 
කිරුළ නොලදද ක‍්‍රිස්ටියානා ගැන අප ආඩම්බර විය යුතුය. මක්නිසාද යත් ඇගේ ඒ පියවර අනාගතයේ ශ‍්‍රී ලාංකික රූ රැජිනක බිහිවීමට දුන් යෝධ ශක්තියක් වන බැවිනි. මෙවර තරගයේ දෙවන ස්ථානය කොලොම්බියාවට ද ජැමෙයිකාවට තෙවන ස්ථානය ද හිමි විය. 
 
ඒ. ජී. දීපිකා ප‍්‍රියදර්ශනී
IMAGE
IMAGEක්‍රිකට්

පෙරළිකාර ඇෆ්ගනිස්ථානයට ශ්‍රී ලංකාව ලකුණු 32කින් පරදියි

IMAGE 2018 Jan 18 10:21
නවසීලන්තයේ පැවැත්වෙන අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ...
Views - 94

පළමු තුන්කොන් ක්‍රිකට් සටනින් බංග්ලාදේශයට කඩුලු 8ක ජයක්

IMAGE 2018 Jan 16 11:49
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බංග්ලාදේශයේදී ඊයේ (15දා) ඇරැඹි...
Views - 287
IMAGEමලල කී‍්‍රඩා

‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට යවන්නේ අති දක්ෂයන් පමණයි

IMAGE 2018 Jan 05 13:30
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80කට අධික...
Views - 309

චින්තන ගීතාල් ඇතුළට සුදේශ් පීරිස් එළියට

IMAGE 2017 Dec 27 09:20
2018 වසරේ ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි කරවන ශ්‍රී ලංකා බර...
Views - 537
IMAGEරග්බි

මහනුවර-සී.ආර්. සටන හෙට

IMAGE 2018 Jan 12 12:19
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ මෙම සති අන්තයේදී තරග...
Views - 150

දෙවැනි තැන දිනා ගැනීමට හැව්ලොක්ස්-නාවික සටනක්

IMAGE 2018 Jan 11 09:23
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ 9 වැනි සති අන්තය අවසන් වන...
Views - 161
IMAGE වෙනත් කී‍්‍රඩා

රුචිර සහ ශ්‍රීමාලි දක්ෂතම බර උසුලන්නෝ වෙති

IMAGE 2018 Jan 11 09:29
ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාගාරයේදී පසුගියදා නිමාවට පත්වූ ජාතික කනිෂ්ඨ...
Views - 169

ගෝල්ඩන් ඊගල්ස් සහ මෙරූන්ස් පිරිමි කාන්තා ශූරතා දිනා ගනියි

IMAGE 2018 Jan 11 09:26
මාත‍ලේ විජය විද්‍යාලයීය ආදි හොකී සහෘද එකමුතුව විසින් සංවිධානය කරන ලද සත්...
Views - 122

Please publish modules in offcanvas position.

X

Right Click

No right click