Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
නවතම පුවත

වාරණ නියෝගය නිසා පුංචි ඡන්දය කල් යන ලකුණු

IMAGE 2017 Nov 22 21:10
පලාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ 2017 නොවැම්බර් 2 බ්‍රහස්පතින්දා අංක 2043/ 56 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය දෙසැම්බර් 4දා දක්වා බලරහිත කිරීමේ අභියාචනාධිකරණ...
Views - 175

එසැනින් පුවත්

ගනුදෙනුව මහපාරෙදි බේරගන්නවා

IMAGE 2017 Nov 22 23:31
පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ තක්කඩි නිර්ලජ්ජිත උත්සහයට එරෙහිව...
Views - 184

බියර් මිල යළි වැඩි කරනවා

IMAGE 2017 Nov 22 23:28
අයවැයෙන් අඩු කළ බියර් මිල නැවත වැඩි කිරීමට අවශ්‍ය කටයුතු කරන බව සම කැබිනට්...
Views - 124

තරුණයෝ ලක්ෂ 13ක් කසිප්පු බොති

IMAGE 2017 Nov 22 23:25
ශ්‍රී ලංකාවේ අවුරුදු 20ට වැඩි හැටඅට ලක්ෂයක් වූ  පිරිමින්ගෙන් දහතුන් ලක්ෂ...
Views - 110

දුෂ්කර පාසල් සිසුන්ට පාවහන් වවුචරයක්

IMAGE 2017 Nov 22 23:21
දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල් සිසුන් සඳහා පාවහන් යුගලයක් ලබාදීමේ...
Views - 96

හිමිවරුන් 300 කගෙන් ‍පොහොට්ටුවට අයැදුම්පත්

IMAGE 2017 Nov 22 23:17
ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම...
Views - 175

සංකේත වර්ජනයෙන් රෝහල් කටයුතු බිඳ වැටේ

IMAGE 2017 Nov 22 23:13
දුම්රිය සේවාවේ වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරණයට විරෝධය පළ...
Views - 44

හොර රට රස්සා සහ රට අධ්‍යාපන ආයතන හිමිකරු අත්අඩංගුවට

IMAGE 2017 Nov 22 16:51
විදේශ අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව ආයතනයක් බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය...
Views - 251

ශ්‍රීලනිප 'පොහොට්ටුව' එක්වෙයිද? තීරණය අද රෑ

IMAGE 2017 Nov 22 14:11
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තනිව තරඟ වදින්නේද...
Views - 1064

ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරිට එරෙහි විරෝධතා

IMAGE 2017 Nov 22 13:46
ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර මහතා වහාම...
Views - 500

බන්ධුල රජයේ රහසිගත ණය වාර්තාවක් ඉල්ලයි

IMAGE 2017 Nov 22 12:30
බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර...
Views - 434

බැසිල්ට එරෙහි ලිත් නඩුව පිළිබඳ තීරණය 24 වෙනිදා

IMAGE 2017 Nov 22 12:18
පසුගිය ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රූපය...
Views - 331

විමල්ගේ පක්ෂයේ ලේකම් ඉවත් වෙයි

IMAGE 2017 Nov 22 11:40
විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්...
Views - 513

සීමා නිර්ණ ගැසට් පත්‍රය දෙසැ: 04 තෙක් වාරණයට

IMAGE 2017 Nov 22 11:17
පළාත් පාලන ආයතන සීමා නිර්නය කිරීමේ ගැසට් පත්‍රයට දෙසැම්බර් 04 වෙනිදා දක්වා...
Views - 334

නීතිපති දෙපාර්තමේන්තුව සුද්දකරන්න සැරසෙයි

IMAGE 2017 Nov 22 10:47
පවතින තත්ත්වය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්...
Views - 563

දුරකථන සංවාද ගැන හෙළි කිරීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩවීදැයි හොයනවා

IMAGE 2017 Nov 22 10:39
බැඳුම්කර කොමිසමේදී මන්ත්‍රීවරුන්ගේ දුරකථන සංවාද පිළිබඳ තොරතුරු...
Views - 88

‘ආවා’ ප්‍රබලයෝ 2ක් දැ‍ලේ

IMAGE 2017 Nov 22 10:32
යාපනයේ ආවා කල්ලියේ තවත් ප්‍රබල සාමාජිකයන් දෙදෙනකු පෙරේදා (20) රාත්‍රියේදී...
Views - 112

ඒකාබද්ධය සමග එකතු වෙනවාද නැද්ද? ශ්‍රීලනිපයේ තීන්දුව අද

IMAGE 2017 Nov 22 10:21
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ පවතින ගැටලු පිළිබඳව තීන්දුවක්...
Views - 401
එතෙර පුවත්

ටෙක්සාස් ඝාතකයා ගැන තොරතුරු ගුවන් හමුදාව නිකුත් කොට නැති බවට...

IMAGE 2017 Nov 08 09:52
ටෙක්සාස්හි දේවස්ථානයකට ගොස් විසිහය දෙනකු වෙඩි තබා ඝාතනය කළ තුවක්කුකරුගේ...
Views - 975

සිඩ්නි නගරයේ පාසලකට මෝටර් රියක් කඩාවැදීමෙන් ළමුන් දෙදෙනෙක් මරුට

IMAGE 2017 Nov 08 09:48
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ප්‍රාථමික පාසලක පන්ති කාමරයකට මෝටර් රියක්...
Views - 1218

නිව්යෝක් නගරයේදී එකට අවසන් ගමන් ගිය ආජන්ටිනාවේ මිතුරෝ

IMAGE 2017 Nov 08 09:45
පසුගිය සතියේදී නිව්යෝක් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී මියගිය...
Views - 1472

පින්තූර ගැලරිය

IMAGE

මහන්සියෙන් ලොව දිනූ ගමේ වීරයෙක් ගැන ඇත්තම කතාවක්........

IMAGE 2017 Nov 13 11:08
ඇත්තටම අද අපි හැමෝටම අවශ්‍ය උසස් කෙනෙක් වෙන්න. ඒත් ඒ උස මහතින් වත් බාහිර ස්වරූපයෙන් වත් නෙමෙයි. ආත්ම ශක්තියෙන් යම් කෙනෙක්ට උසස්  පුළුවන් නම් ඒ අයව අපි...
Views - 3920
IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2513

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1648

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 881

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1905

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5546

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3482

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 2578

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 5029

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 7868

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 6537

මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා

IMAGE 2017 Nov 16 09:44
‘ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම...
Views - 6059
IMAGE

මේවා අරුම පුදුම wedding

IMAGE 2017 Nov 22 12:58
වෙඩිං කියන්නෙ මහ පුදුම කාරණාවක් ය. රෝමේ ගිනි ගනිද්දි වීණා වයපු නීරො වගේ, මේ වගේ වැහිබර දවසක තියෙන තරමක් වැඩ අමතක කර දාලා කල්පනා කරන්න තරම් පුදුම, සහ වටින...
Views - 97
ව්‍යාපාරික පුවත්

'Selfie Expert’ නව OPPO F5 දුරකථනය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2017 Nov 13 20:21
Selfie කලාවේ පුරෝගාමියා සහ ප‍්‍රමුඛයා වන OPPO සමාගම නව OPPO F5 දුරකථනය නිල වශයෙන්...
Views - 603

සුපිරි Aurum ස්කයිලයින් නිවාස සංකීර්ණය ඉදිකිරීම් ඇරඹෙයි

IMAGE 2017 Nov 13 15:31
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ තවත් දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් හෝම් ලෑන්ඩ්...
Views - 719

Huawei nova2i දැන් ලංකාවේ

IMAGE 2017 Nov 13 15:16
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei  සිය නවතම...
Views - 480
මන්ත්‍රී මන්ත්‍රණ

බැඳුම්කර කොමිසම හා මන්ත්‍රී සදාචාරය

IMAGE 2017 Nov 21 13:22
ධීවර ජනතාව අද ඔවුන්ගේ ලෝක ධීවර දිනය සමරන්නේය. අපේ රටේද ධීවර දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන බව ධීවර අමාත්‍යාංශය සඳහන් කර ඇත. කිලෝමීටර් 1785...
Views - 471
සුන්දර ලක්බිම

බොහෝ දෙනෙක් නොදත් සොදුරු පාරාදීසය ඇල්ල කපොල්ල

IMAGE 2017 Nov 21 13:01
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් නොදත් සොබා සොදුරු බවින් අනූන ස්ථාන රැසක් තිබෙනවා. ඒවා අතරින් ඇල්ල කපොල්ලට හිමි වන්නේ මුල් තැනක්. රාවණා ඇල්ල, රාවණා ගුහාව ආදී...
Views - 457

ලක්බිම වීඩියෝ

IMAGE

ශ‍්‍රී ලංකාවට රස වෛද්‍ය ක‍්‍රමය හඳුන්වා දුන් ශ‍්‍රී මංගල රස ඔසු සල

IMAGE 2017 Oct 23 13:48
කාර්ය බහුල සමාජ රටාවකට හුරු වී සිටින අප බොහෝ සෙයින් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. දත් නොදත් බොහෝ ලෙඩ රෝග අපට මේ වන විට අසන්නටත්, දකින්නටත් ලැබෙනවා. මේ ලෙඩ රෝග...
Views - 1421
සහන් එළිය

ප්‍රේමයට එල්ල වූ බාධා නිසා අතීතය අමතක වූ යුවතියක්

IMAGE 2017 Nov 13 12:08
විසිතුන් වියැති අවිවාහක තරුණියක වන උපේක්ෂා හිටිහැටියේ දැඩි මානසික අපහසුවකට පත් වූවාය. ඒ ගත වූ කාලය තුළ කළ කී බොහෝ දේ ඇගේ මතකයෙන් ගිලිහී යමින් තිබූ...
Views - 1293

දවසේ කාටූනය

IMAGE

විවෘත ආර්ථිකය අධිවේගී මගකට යොමු කළ අයවැයක්

IMAGE 2017 Nov 13 08:39
නීල හරිත ආර්ථිකයක් -  යනුවෙන් මෙවර අය වැය ඉදිරිපත් කර තිබේ. තිරසර සංවර්ධන ඉලක්ක දෙස බලාගෙන සහ රටේ ආර්ථික කටයුතු දියුණු කිරීම යන අදහස මේ තුළ...
Views - 230
IMAGE

සිප් සෙවන - ගම්පහ මොන්ටානා

IMAGE 2017 Nov 10 12:33
ශ‍්‍රී ලාංකේය දරු දැරියන් වෙනුවෙන් ලක්බිම පුවත්පතේ අනුග‍්‍රහයෙන් දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන ‘‘සිප් සෙවණට...
Views - 464
මානිගේ තීරුව

චියර්ස් මංගල

IMAGE 2017 Nov 19 13:17
පත්තර කන්තෝරුව ඇතුළට ආ ‍‍‍ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදියා මහ හයියෙන් කෑගැහුවේය. බියර් මිල අඩු කිරීම අපි ‍ලේසියෙන් අත අරින්න නරකයි, කොල්ලනේ. මම ලිව්ව...
Views - 788
විශේෂ පුවත්

අධිවේගයෙන් සුනුවිසුනු වන හම්බන්තොට ජන ජීවිතය

IMAGE 2017 Nov 22 17:41
ගනේෂිට පසුගිය 8 වෙනිදා විශේෂ දිනයකි. එ් ඇයගේ මවගේ සහ පියාගේ උපන් දින දෙකම...
Views - 86

විජයගේ යාපනේ ගමන අනුරපුරයේදී නැවැත්වූ මේජර්ගේ මෙහෙයුම

IMAGE 2017 Nov 22 17:36
හිටපු හමුදා ප්‍රකාශකයකු ද වන (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න,...
Views - 99

ඇපල් මිදිවලටත් වස ගහනවද?

IMAGE 2017 Nov 22 17:28
පැ‍පොල්, අඹ, කෙසෙල් වැනි පලතුරක් මිලදී ගැනීමේදී ඒවාට කාබයිට් ගසා ඇත්දැයි...
Views - 107

ඤාණිස්සර නාහිමි පදනමෙන් මිද්දෙණියට වෛද්‍ය නිල නිවසක්

IMAGE 2017 Nov 19 17:11
  ප්‍රංශයේ ජේතවනාරාමාධිපති මුරුංගාගස්යොයේ ඤාණිස්සර නාහිමියන්ගේ...
Views - 329

අපි අලිමංකඩේ පැදුරක් එළාගෙන පොඩි නින්දක් දැම්මා

IMAGE 2017 Nov 13 16:51
අර්නොස්ටෝ චේ ගුවේරා කවුරුත් දන්නේ විප්ලවකාරයකු හැටියටය. 1971 ආණ්ඩු පෙරළන්නට...
Views - 854

ඉණ අඟල් 40ට වැඩි නම් ආඝාතය වැලඳීමේ අවදානමක්

IMAGE 2017 Nov 13 16:37
ඔබ පිරිමියෙක් වුවත් කාන්තාවක් වුවත් ඉන් කම් නැත. වහාම ඔබගේ ඉණේ වට ප්‍රමාණය...
Views - 998

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින් සිටියදී ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල ගමෙන්ද අපූරු සිදුවීමක් අසන්නට ලැබි තිබිණි.
ඒ හිස ආවරණය වන සේ ‍ලේන්සුවක් බැඳ අව් කණ්ණාඩි යුගලක් පැලඳූ කාන්තාවක් එල් බෝඩ් ගහගෙන මෝටර් සයිකලයක් පැදගෙන යාමය.
අන්න ගෑනු කෙනෙක් මෝටර් සයික‍ලේකින් යනවෝ යැයි පාරේ සෙල්ලම් කරමින් සිටි කොලු කුරුට්ටන් කීප දෙනෙක් මහා හයියෙන් කෑ ගසද්දී ඒ හඬ  ඇසුනු ගම්මුන් වහ වහා මහ පාරට දිව ආවේ මේ අපූරු සිදුවීම දැකගන්නටය. මෙසේ දිව ආ එක එක ආකාරයේ කාන්තාවෝ වූහ. කුස්සියේ ‍පොල් මිරිකමින් සිටියදී ‍පොල් කුඩු රැඳුන අත, ඇඳ සිටි චීත්ත ‍පොටින් පිස දමමිනි. තම දරු පැටියාට කිරි ‍පොවමින් සිටි තවත් තරුණ මවක් කිරි දීම පසෙක තබා දරු පැටියාද ඔසවාගෙන දිව ආයේ විවර වූ හැට්ටයෙන් එළියට පෙනෙන පියයුරු අතින් වසා ගනිමිනි.
කොල්ලන්ගේ හඬ ඇසී විනාඩි කිහිපයක් යන්නට මත්තෙන්'පෙරහරක් නරඹන්නට තරම් පාරේ සෙනඟ පිරුණේ මේ අපූරු සිද්ධිය නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කිරීමටත් වඩා ගණේමුල්ල ගම් වාසීන් පුදුමයට පත් කරවූවක් බැවිනි.
මගෙ අප්පේ මෙන්න බො‍ලේ මගේ ජීවිතේට ඔය දැක්කමයි ගෑනු කෙනෙක් මෝටර් සයිකල් පදිනවා. ඒ අතර සිටි වයස්ගත මවක පැවැසූයේ හරියට අටවෙනි පුදුමය දුටු අයුරිනි.
ගම්පහ වේයන්ගොඩ ඉපිද ගණේමුල්ල ගමේ  ප්‍රාම් දෙල්දෙනිය සමග විවාහ වී ගණේමුල්‍ලේ පදිංචියට ආ ඇය විමලනයනා දෙල්දෙණිය නම් වූවාය. ඇගේ නම එසේ ඉතිහාස ගත වී ඇත්තේ ශ්‍රී ලංකාවෙහි මෝටර් සයිකල් පැදීම සඳහා බලපත්‍රය පළමු වරට ලබා ගත් කාන්තාව හැටියටය.
ලංකාවේ මුල්ම බලපත්ලාභී යතුරු පැදිකාරිනිය වීමේ නිදාන කතාව ඇය දිග හරිනුයේ මෙසේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරන් රස්සාවක් නැතිව මට අවුරුද්දක් විතර ගෙදර ඉන්න වුණා. විශ්වවිද්‍යාලයෙන් අධ්‍යයනවේදී පශ්චාත් උපාධියක් දෙන්න යනව කියල. හැබැයි අන්ධ ළමුන්ට අධ්‍යාපනය දීම පිළිබඳ හැදෑරීමක් මේ විෂය මාලාවට ඇතුළත් වෙල තිබුණා. කෝකටත් කියා ඊට අයදුම් කළ නයනාව පාඨමාලාව හැදෑරීමට තෝරාගෙන තිබුණි.
පාඨමාලාව සම්පූර්ණ කළ ඇයට 'විශේෂ අධ්‍යාපනයද පිළිබඳ ගුරු පත්වීමක් ලැබුණු අතර ඒ අනුව ඇය රාජකාරියට වාර්තා කළ යුතුව තිබුණේ 1969 ජුනි තුන්වැනිදාය. ඒ වන විට නයනාගේ කුළුඳුල් පුත් රුචිර මාසයක් වයසැති බිළිඳෙකු වුවද ප්‍රසූති නිවාඩු ගැන සිතමින් ළත නොවූ ඕ නියමිත දින සේවයට ර‍පෝර්තු කළාය.
ඒ කා‍ලේ අන්ධ ළමයින්ට සාමාන්‍ය පාසලකට දාලා උගන්වනවා කියන එක විශාල අභියෝගයක්. ඕව නම් කවදාවත් කරන්න පුළුවන් වැඩ නෙවී. ඔහොම හිතපු විදුහල්පතිවරුන්ගේ ආකල්පය වෙනස් කරන එකත් පහසු වුණේ නැහැ.  
මෙවැනි තත්ත්වයක් යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සොයා ගෙවල් ගානේ ඇවිද ගොස් ඒ දරුවන් පාසල් යැවීමට දෙමාපියන් කැමති කරවාගැන්ම මහත් අසීරු කාර්යයක් විය. එහෙත් නයනා එම අභියෝගය හමුවේ ද පසු බැස්සේ නැත.
ඇය තම ගුරු ජීවිතයේ විස්මිත අත්දැකීම් ගැන මෙසේ පවසන්නීය.
ගම්පහ මිරිස්වත්තේ කනිෂ්ඨ විද්‍යාලයට සඳමාලා කියලා අන්ධ දැරියක් ඇතුළත් වුණා. පුදුමෙ කියන්නේ පළවෙනි සුමානෙදීම බ්රේල් මුල් ‍පොත කියෙවුවා.
සාමා අමර තමයි ඒ මුල් ‍පොතේ හිටියේ. හරියට අපේ හෝඩි ‍පොතේ වගේ.
මේ සඳමාලා දැරිය පාසල් ගතවී වසරක් පමණ ගතවෙද්දී අධ්‍යාපනික ප්‍රදර්ශනයක් පැවැති අතර එම ප්‍රදර්ශන භූමියේදී සඳමාලා බ්රේල් පාඩම කියවන හැටි බලන්නට සෙනඟ වැල නොකැඩී පැමිණ තිබුණි.  
සඳමාලිගේ ඉදිරිපත් වීම නිසා ඇති වූ දිරිගැන්වීම තමයි මට අදත් තියෙන්නේ. ඇත්තටම විශේෂ අධ්‍යාපනය දිගටම කරගෙන යන්න මා තීරණය කළේ ඇගෙන් ලද පන්නරය නිසයි.
එවකට අධ්‍යාපන ක්‍රමය යටතේ ළමයා ආසන්නම පාසලට ඇතුළත් කළ යුතු වෙද්දී ගුරුවරුන්ගේ වගකීම වූයේ ළමුන් සොයා යාමය. ඒ අනුව එය දිනක් තුළ පාසල් කිහිපයක සිටින විශේෂ දරුවන් කිහිප දෙනෙකුට ඉගැන්වීමට යාමට නයනාට සිදුවූවාය. අද මෙන් 'පෞද්ගලික බස් රථ නොතිබුණ ඒ කාලයේ මෙය පහසු කටයුත්තක් නොවීය. අවසානයේදී ඊට විසඳුම් ලෙස විශේෂ අධ්‍යාපනයේ යෙදුන ගුරුවරුන්ට මෝටර් සයිකල් දීමට රජයට සිදුවිය.
විශේෂ අධ්‍යාපනය භාරව කටයුතු කළ 'ලීසන් හෙල්ද්' කියන නෝනා තමයි අපිට මෝටර් සයිකල් අරගෙන දුන්නේ. 1969 ජූලි මාසෙ ලීසන් නෝනා ඇගේ කිරුළපන තිබුුණ ගෙදරට අපිව එක්ක ඇවිත් ඒ ගේ ඉස්සරහ ‍ලේන් එකේ අපිට මෝටර් සයිකල් පදින්න පුරුදු කළා.
පවු‍ලේ බඩපිස්සිය වූ නයනා කුඩා කල සිටම 'කොලු ගති තිබූ දැරියක වූයෙන් ගස් නගින්නට බයිසිකල් පදින්නට හැකියාව තිබිණි. එහෙයින් ජීවිතයට මෝටර් සයිකලයක් අතින්වත් අල්ලලා නැති ඇයට පැයක් ඇතුළත මෝටර් සයිකලය පදින්නට හැකිවිණි.
මෝටර් සයික‍ලේට ලයිෂන් ගන්න තිබුණ දවසේ මට පදින්න තිබුණේ ඇස් වාට්ටුව පැත්තෙ. මම මෝටර් සයික‍ලේ පැදගෙන ඉස්සරහින් යද්දී පරීක්ෂක මහත්තයා මගෙ පිටිපස්සෙන් කාර් එකේ ආවා. ඔන්න  දැන් ඔක්කොම හරි. ඊළඟට අට ගහන්නය තිබුණේ. (අටේ හැඩේට පදින්න) ඔන්න සෙනඟ වට වුණා මම අට ගහන හැටි බලන්න හරියට ලෝක පුදුමයක් වගේ.  
අටේ විස්කමද හොඳ හැටි පෙන්වූ නයනා සියලු පරීක්ෂණ ජය ගත්තාය. මේ නෝනා තමා ඉස්සෙල්ලාම මෝටර් සයිකල් ලයිෂන් ගත්ත කාන්තාව. ඒ හින්දා නිකම් බැහැ. මේක සමරන්න ඕනෙ. කියලා බලපත්‍ර කන්තොරුවෙ මහත්වරු සංග්‍රහයක් සූදානම් කළා.
කේක් කට්ලට් කිරි තේ සංග්‍රහය භුක්ති විඳ නිලධාරීන්ගේ ශුභාශිංසනය ලැබූ නයනා ආපසු නිවසට පැමිණියේ උතුරා යන සතුටින් යුතුවය.
ඒ කාලෙ බලපත්‍ර ගාස්තුව රුපියල් පහකි. ඒත් නයනාගේ බලපත්‍රයට රජයෙන් මුදල් ගෙවූ නිසා ඇයට ඒ සඳහා වියදමක් නොවිනි.
සතියකට පසු මෝටර් සයිකල් බලපත්‍රය තැපෑලෙන් ඇය වෙත එවා තිබුණු අතර එතැන් සිට මෝටර් සයිකලයේ නැගී උදේ හවා රාජකාරියට යන එන ඇගේ දසුන ප්‍රදේශවාසීන්ට හුරු පුරුදු වූවක් විය.
නයනා මොටර් සයික‍ලේ ගමන් යාම නවත්වා දින කිහිපයක් ගතවෙද්දී අපූරු දෙයක් සිදුවිය. ඇගේ ගමේ රෙදි නැන්දා හඬාගෙන නයනාගේ නිවසට පැමිණ තිබුණි.
මේ මිනිස්සු මොන තරම් නරකද? නෝනා මළා කිව්වනේ. රෙදි නැද්දා නයනාව බදාගෙන හඬන්නට වූවාය.
මම මළා කියලා මුලින්ම මම දැන ගත්තේ රෙදි නැන්දාගෙන්. කවුදෝ ගෑනු කෙනෙක් මෝටර් සයික‍ලේක පිටිපස්සේ ගිහින් ඇක්සිඩන්ට් වෙලා. හැබැයි අන්තිමට ප්‍රචාරය ගියේ මෝටර් සයික‍ලේ යන නෝන මළා කියලයි. නයනා තවත් මුහුණ දුන් අපූරු අත්දැකීම් කිහිපයක් අප හමුවේ තබන්නට වූයේ සිනහ වෙමිනි.
විමලනයනා දෙල්දෙණිය හෙවත් 'මෝටර් සයික‍ලේ යන නෝනා මළ බවට ප්‍රදේශය පුරා පැතිරෙමින් මහා ආන්දෝලනයක් ඇති වෙද්දී සිද්ධිය කන වැකුණු නයනා තම මළ ගමට එන උදවියට සංග්‍රහ කරන්න කේක් හා සිසිල් පැන් සූදානම් කොට තබන්නට යුහුසුළු වූවාය.
මේ අතර ඇතැම් පාසල්වල නයනාගේ මළ ගෙදරට එන්නට බස් කුළියට ගැනීමට එකකුගෙන් ශත දහය බැගින් එකතු කර තිබිණි.
ඇතැමුන් මල් වඩම් රැගෙන සුදු ඇඳුමෙන් සැරසී නයනාගේ නිවසට පැමිණ තිබුණේ ශෝකයෙන් බරිත මුහුණෙන් යුතුවය.
මගේ මිනිය දැක ගන්න ආපු අය මම පණ පිටින් ඉන්නව දැක්කාම අන්ද  මන්ද වුණා. සමහරු හොල්මනක් දැක්කා වගේ බය බිරාන්ත වෙලා බලන් හිටිය. ඒ අයට කේක් බිම අල්ලලා සංග්‍රහ කරලා ආපහු යන්න හදද්දී ඔන්න ඔය මල් වඩමත් කාට හරි අඩු ගානට විකුනලා හරි සල්ලි ගනින් කියලා මම කියනවා.
අවුරුදු ගණනාවක් මෝටර් සයිකලයේ ගමන් බිමන් ගියත් මේ වන තුරුත් තමන් කිසිදු අනතුරකට පත්වී නොතිබිම පිළිබඳ නයනා තුළ දැඩි ඇත්තේ දැඩි ආඩම්බරයකි.
මාර්ග නීතිය කඩ කිරීම පිළිබඳ නිරපරාදේ තමන් අල්ලාගත් ට්‍රැපික් රාලහාමි කෙනෙකු හමුවේ ඇය ඔහුට අභියෝග කර තිබුණි.
දුවයි චූටි පුතයි පුංචි කාලෙ බයිසික‍ලේ නග්ගගෙන යද්දි මාව රාලහාමි කෙනෙක් නවත්තලා මේ.. මේ... තුන්දෙනෙක් යන්න බැහැ නඩු දානවා කිවුවා. මේකෙ කොහෙද තුනක් පේන්නැද්ද එකයි බාගෙ දෙකයි කියලා මම කියද්දි ‍පොඩි ළමයි වුණත් ඒත් ජීවිත... ඒ හින්දා නඩු දාන්න වෙනවා. නීතියෙ හැටියට දෙන්නටයි යන්න පුළුවන්. ඒක තමයි රාලහාමිගෙ
පිළිතුර වුණේ. බැරිම තැන මම කිව්වා හැබැයි ඊළඟට එන දෙන්නෙකුට වඩා යන බයිසිකල් ඔක්කොටම නඩු දාන්න ඕන කියලා.
ඔන්න එතකොට ‍පොඩි ළමයෙක් එක්ක ජෝඩුවක් මෝටර් සයික‍ලේක එනවා.
මම පාරට පැනලා මෝටර් සයික‍ලේ නැවැත්තුවා. දැන් ඉතින් නඩුවක් ලියන්න රලාහාමිට මගේ ළමයි විතරද වටින්නෙ. මේත් ජීවිතයක්නේ..... කියල මමම බල කරද්දී... නැහැ... නැහැ කාටවත් නඩු දාන්නෙ නැහැ කියල රාලහාමි මාව ගෙදර යැවුවා.
මෙසේ ගෙදර ගිය නයනාට මේ සිදුවීම සහමුලින්ම අමතකව තිබියදී දිනක් 'අධික ලෙස මගීන් ප්‍රවාහනය කිරීමේ වරදට නඩු පවරා සිතාසි ලැබි තිබුණි. කුඩා කළ සිටම පෙරළිකාරියක වූ නයනා වහා ‍පොලීසිය වෙත ගොස් ස්ථානාධිපතිවරයාට දොස් තැබුවාය. නයනා ඊළඟට ගියේ නීතිඥ මහතෙකු හමුවන්නටය.
මම ඒක බලා ගන්නම්. නඩුව වෙලාවට කූඩුවට නගින්න. හැබැයි වචනයක්වත් කතා කරන්න එපා. නීතිඥවරයාගෙන් ලද උපදෙස් අකුරටම පිළිපදින්නට සිතූ ඈ ඊළඟ දිනයේ උසාවියේ තම නම හඬ ගසද්දී නිහඬව පෙනී සිටියාය.
ඈ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ තර්කය වූයේ 'නීතියේ හැටියට අධික ලෙස මගින් ප්‍රවාහනය කිරීම පිළිබඳ බලපත්‍ර බස් රථවලට බවයි. නඩුව එතැනින් 'ඉවත ගිය අතර තම ගාස්තුවවත් නොගත් නීතිඥයාට ස්තූති කර උසාවියෙන් පිටවූ ඇයට ඉන් අනතුරුව ට්‍රැෆික් රාලහාමිගෙන් 'කිසිදු ගැටලුවක් ඇති නොවිනි.
අද ජීවිතයේ සැඳෑ සමයට එළඹ සිටියද තවමත් කාර්ය ශූර ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස මේ වන තුරුම කටයුතු කර ඇත.
ඇගේ සැමියා ප්‍රාම් දෙල්දෙණිය ගත් කතුවරයෙකි.
පන්හිඳට හුරු පුරුදු නයනාගේ අතින් මේ වන විට විශේෂ අධ්‍යාපනයට සම්බන්ධ මොඩියුල රැසක්ම ලියැවී ඇති අතර අඳුරු ලොව තරණය විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවෝ මෑතකදී ඈ විසින් ලියු ‍පොත් කිහිපයක් අතර වෙයි.
ඇගේ දරුවන් තිදෙනා විවිධ ක්‍ෂේත්‍රවල ඉහළටම ගොස් ඇත. වැඩිමල් පුතු රුචිර හා ඔස්ට්‍රේලියාවේ පදිංචි කනිටු පුත් ප්‍රගති මවගේ අඩි පාරේ යමින් විශේෂ අධ්‍යාපනය පිළිබඳ ඉහළ දැනුමක් ලැබුවාය. 'බඩපිස්සී' වන මධුභාෂිනී ජාතික අධ්‍යාපන ආයතනයේ විදේශීය භාෂා භාරව කටයුතු කරන්නීය.

නීල් ආම්ස්ටේ‍රා්න් හඳට ගිය දවසේ මම අම්මා බලන්න මෝටර් සයිකලෙන් ගමට ගියා
ඒ කා‍ලේ ලයිසන් එක ගන්න මට ගියේ රුපියල් පහයි
මගේ මළගමට ආ අයට මමම සංග්‍රහ කළා
වයස හැත්තෑ පහයි. මම තවමත් මෝටර් සයිකල් පදිනවා

නිලංකා ජයසූරිය

Comments  

0 #1 S.A. B.S.Karunarathn 2017-10-23 10:17
gawrawa karami. Nidukin Neerogiwa, Suwapath boho kalayak jeewathwewaa!!!
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE
IMAGEක්‍රිකට්

ධවාන් සහ බුවනේෂ්වර්ගේ විවේක නිවාඩු අනුමතයි

IMAGE 2017 Nov 22 11:14
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී පෞද්ගලික...
Views - 126

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

IMAGE 2017 Nov 21 10:33
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කල්කටාහි පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය...
Views - 137
IMAGEමලල කී‍්‍රඩා

ජෝන් ටාබට් කනිෂ්ඨ පාසල් මලල ක්‍රීඩා උළෙල අද ඇරඹේ

IMAGE 2017 Nov 08 09:04
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 48 වැනි ‘ශ්‍රීමත් ජෝන්...
Views - 177

ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නාවලපිටියෙන් දියගමට

IMAGE 2017 Oct 19 08:58
මේ මස 27, 28 සහ 29 දිනයන්හි නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට...
Views - 490
IMAGEරග්බි

ශ්‍රී ලංකා කාන්තා පි‍ලේ නායකත්වය උමයංගනාට

IMAGE 2017 Nov 22 10:26
ආසියානු රග්බි සම්මේලනයේ මෙහෙයවීමෙන් නොවැම්බර් 29 සහ 30දා ඩුබායිහිදී...
Views - 78

හැව්ලොක්ස් සහ සී.ආර්. නාවික සහ සී.එච්.ට පරදියි

IMAGE 2017 Nov 20 10:43
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේදී ප්‍රබල කණ්ඩායම් වන...
Views - 76
IMAGE වෙනත් කී‍්‍රඩා

රසිඳුට වෙඩි තැබිමේ ජයග්‍රහණ දෙකක්

IMAGE 2017 Nov 22 10:50
ශ්‍රී ලංකා ජාතික රයිෆල් ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් මීගමුව රයිෆල්...
Views - 62

සමස්ත ලංකා දාම් ශූරයා ක්‍රිෂාන්ත

IMAGE 2017 Nov 17 11:45
තරුණ ක්‍රිස්තියානි සංගමය මගින් පවත්වන ලද 2017 සමස්ත ලංකා දාම් තරගාවලියේ...
Views - 102
IMAGE
Tuesday, 14 November 2017
චිකන් මින්ස්
Views - 538
IMAGE
Tuesday, 14 November 2017
ස්පැගටි ඉස්ටු
Views - 480
IMAGE
Tuesday, 14 November 2017
එළු මස් සාරය
Views - 315
IMAGE
Tuesday, 14 November 2017
බාර්ලි වතුර
Views - 505
IMAGE
Tuesday, 14 November 2017
මාළු කස්ටර්ඩ්
Views - 318
IMAGE

Please publish modules in offcanvas position.

Web Analytics