lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

දෙවඟනක වූ පැතිගොඩ ආච්චි

ආච්චි නමින් ඇමතුම් ලැබීමට අද සමාජයේ කිසිම කාන්තාවක කැමති නොවනු ඒකාන්තය. තත්වය එසේ තිබියදී ‘ආච්චි’ යන නම සහිතව පිදුම් ලබන අප්‍රකට දෙවඟනක පිළිබඳ තොරතුරක් ගම්පහ දිසාවේ බඩල්ගම ප්‍රදේශයෙන් අසා දැන ගත හැකි විය. ඇය හැඳින්වනුයේ ‘පැතිගොඩ ආච්චි’ යන නමිනි. පැතිගොඩ යනු බඩල්ගම ආසන්නයේ බස්නාහිර - වයඹ පළාත් මායිමේ පිහිටි කුඩා ගම්මානයකි. මෙම ‘පැතිගොඩ ආච්චි’ එහි ගැමියන් ගේ ගරු බුහුමන්වලට සහ වන්දනාමාන වලට ලක්වනුයේ පැති‍ගොඩ පුරාණ දේවාල බිමක පිහිටි සුවිසල් නා රුකක් මුල් කරගනිමිනි. එබැවින් බොහෝ දෙනෙකු නමින් වත් නොදන්නා මෙම අප්‍රකට දෙවඟන; පැතිගොඩ ආච්චිගේ සුවදුක් විමසීම පිණිස අපි පසුගිය දි‍නයෙක තකහනියේම බඩල්ගම ගියෙමු.

ඵෙතිහාසික වශයෙන් බලන විට මේ පැතිගොඩ ආච්චි කෝට්ටේ යුගයේ මෙරට ජීවත් වූ මිනිස් දුවකි. කෝට්ටේ රජ කළ අටවන වීරපරාක්‍රමබාහු හෙවත් අම්බුළුගල කුමාරයා (ක්‍රි.ව 1484-1508) සහ ඔහුගේ පුත් ධර්ම පරාක්‍රමබාහු (ක්‍රි.ව 1508 – 1528) රජ දවස උඩුගම්පල රාජධානිය පාලනය කරන ලද්දේ අටවන වීරපරාක්‍රමබාහු රජුට දාව ඔහුගේ බිසවගේ නැගණියගේ කුසින් මෙලොව එළිය දුටු සකල කලා වල්ලභ රජතුමාය. ආසියාවේ බිහිවූ විශිෂ්ටතම වාරි ඉංජිනේරුවකු සහ කෘෂිකර්ම විශේෂඥයකු වන මේ රජතුමන් ගේ මඟුල් පොකුණ දකුණු ආසියාවේ නරපතියකු භාවිතා කළ සුවිසල්ම මඟුල් පොකුණ ලෙස වාර්තා වී ඇත. නැවත ප්‍රතිසංස්කරණය කොට අළුතින් ඉදිකොට ඇති සක්මන් මංතීරුවකට මැදිවු එම මාහැඟි පුරා විද්‍යා උරුමය අදටත් උඩුගම්පොළදී ඔබට දැක බලා ගත හැක.

මෙම සකල කලා වල්ලභයන්ට සෙන්පතිවරු දෙදෙනකු වූ අතර ඒ කෙහෙළිබැඳි රාළ සහ උඩවල රාළ යනුවෙනි.රාජ්‍ය සේවයෙන් පසු උඩවල මුත්තා ලෙසින් ගැමියන් අතර ප්‍රචලිත වූ ඔහු මරණින් මතු ද උඩවල මුත්තා ලෙසින්ම දේවත්වයට පත් වී ඇත.

මෙම උඩවලමුත්තා සඳහා තැනවුණු දේවාලයක් අද ද මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ ඇති අතර එම ප්‍රදේශයේ ගැමියෝ අදත් බැති සිතින් එම උඩවල මුත්තා පුදති. මෙම උඩවල මුත්තා ගේ බිරිඳ එම ප්‍රදේශයේ ගැමියන් විසින් හඳුන්වනු ලබන්නේ මුත්තම්මා ලෙසිනි. එමෙන්ම ඇගේ උපන් ගම පැතිගොඩ බවද උඩවල මුත්තා පිළිබඳ පුරාණෝක්තිවල සඳහන්ය. කෙසේ හෝ උඩවල මුත්තා ගේ මරණයෙන් පසු මෙම මුත්තම්මා නැවත තම උපන්ගම වන පැතිගොඩට පැමිණි බවට සාක්ෂි තිබේ. ඒ වනවිට සමාජයේ ඉහළ පිළිගැනීමක් තිබූ ඇය එම ප්‍රදේශයේ දී පැතිගොඩ අම්මා සහ පැතිගොඩ ආච්චි ලෙසින් ගැමියන් ගේ ගරු බුහුමන්වලට ලක්ව තිබේ. පැතිගොඩ ආච්චි පිළිබඳ පුරාණෝක්ති වලට අනුව ඇය ඉතා ප්‍රෞඩ ගති ගුණ සහිත කාන්තාවකි. එනිසා එවක එම ප්‍රදේශයේ  ගැමියන් තම හේන් කුඹුරුවලින් ලබා ගන්නා අස්වැන්නෙන් කොටසක් ඇයට ප්‍රදානය කළ බව පැවසෙයි.

එවක ඇය ජීවත් වී ඇත්තේ බස්නාහිර සහ වයඹ පළාත් මායිම් වන මා ඔයට‍ මායිම් වූ මහවට්ටාරම නම් වත්තේය. වට්ටාරම යන්නෙහි අදහස වටවූ භූමි ප්‍රදේශය යන්නය.

ඒ කෙසේ හෝ කලක් ඇවෑමෙන් වියපත්ව මිය ගිය මෙම ප්‍රභූවරිය  පසුව එම වත්තේම පිහිටි සුවිසල් නුග රුකකට අධිගෘහිතව රුක් දෙවඟනක් ලෙසින් උපත ලබා ඇත. එහි දී ඇගේ සහ එම නුග රුකේ ආරක්ෂාව පිණිස එම ප්‍රදේශය පුරා සුදු නාගයන් සැරිසැරූ බවත් උන්ගෙන් කිසිවකුටත් කරදරයක්, හිරිහැරයක් නොවූ බවත් ගම්මු කියති. කෙසේ හෝ මේ මහා නුගයේ එක් අත්තක් මා  ඔයට නැඹුරුවී තිබූ අතර එය කපා දැමීමට එම වත්ත හිමිකරුට අවශ්‍ය විය. එහෙත් ඔහු කී අන්දමට පැතිගොඩ ආච්චි වැඩ වාසය කරන එම නුගරුක කපා හෙළීමට කිසිම ගැමියෙක් කැමති නොවීය. අවසානයේ පැතිගොඩ ආච්චිගේ තේජස ගැන නොදත් දෙමළ කම්කරුවන් යොදා එම නුග අත්ත කපා දැමීමට වතුහිමියා කටයුතු කළේය. එහෙත් ඒ සමගම ඉන් කිපුණු නාගයන් ප්‍රදේශය පුරා විසිර යන්නට වූ බවත් ඉන් උදහස් වූ පැතිගොඩ ආච්චි ගස කැපීමට සම්බන්ධ වූ සියළු දෙනා වනසා දැමූ බවත් ජනවහරෙහි සඳහන්ය. එසේ වැඩිපුරම නයින් ගැවසුණු මාඔයෙක් එපිට ප්‍රදේශය මුලදි නාගවලාන ලෙස හැදින්වි අද වනවිට නාලවලාන ලෙසින් හැඳින් වෙයි.  

වත්මන් පැතිගොඩ ආච්චි දේවාලය පිහිටි ස්ථානය පුරාණයේ සිට මලල වීරමුණ්ඩ දේවාලයක් තිබී ඇත. එම පැරණි දේවාලයේ නටබුන් තවමත් දැකිය හැක. ඒ කෙසේ හෝ මහවට්ටාරම වත්තේ නුග ගසට හානි සිදු කිරීමත් සමඟ එම මලලවීරමුණ්ඩ දේවාලයට දින පතා රාත්‍රී කාලයන් හි විසිතුරු ආලෝකධාරා පැමිණෙනු බොහෝ දෙනකු දැක තිබේ. පසුව මලලවීරමුණ්ඩ දේවාලයේ පැවැති වාර්ෂික මංගල්‍යයේ දී ආරූඪ වූ කපුවන් මගින් පැතිගොඩ ආච්චි මෙම නුගරුකය වෙත තමන් ගේ සපැමිණීම දන්වා ඇත. එමෙන්ම එතුමියගේ සපැමිණීම හඟවන තවත් අද්භූත සිදුවීම් කිහිපයක් ද එහි සිදුව ඇති බවට ජනප්‍රවාද තිබේ.

එදා මෙදා තුර මෙම පැතිගොඩ ආච්චි දෙවඟන මෙම නුගරුකයට අරක් ගනිමින් ප්‍රදේශයේ ජනී ජනයාට පිහිටාරක්ෂාව සලසන බව ගැමියන්ගේ විශ්වාසයයි.

අතීතයේ ඇය ජීවත් වූ සමයේ සිදුවූ ලෙසින්ම තමන් විසින් වගා කරනු ලබන බව බෝගවල අස්වැන්න ලබා ගන්නා ගැමියෝ ඉන් අග්‍ර භාගය මෙම පැතිගොඩ ආච්චි දෙවඟනට පුද දෙති. එහෙත් ඒ සියලු පූජාවන් අතරින් ඇය කුරහන් රොටී සමඟ අල කොළ මාළුව ප්‍රිය කරන බව ගැමි විශ්වාසයයි.එනිසා එය ඇයට පුජා කිරීමට බොහෝ දෙනෙක් රුචිවේ.

තම සැමියා වන උඩවලමුත්තා සේම නාගයන් සමඟ දැඩි සබැඳියාවක් පවත්වන පැතිගොඩ ආච්චි තම ‘ගංකොටුව’ තුළ තුඹස් කැඩීමට දැඩිව විරුද්ධ බවද පැරණි ගැමියෝ කියති. එමෙන්ම මලලවීරමුණ්ඩ දෙවියන් සඳහා වෙන් කෙරුණු දේවාලයට ද ඇල්ම බැල්ම හෙළා හිඳින නාගයන් නිසා එම දෙවොල ඇතුලත සිමෙන්ති දැමීමට ඇගෙන් අවසරයක් නැති බවද කියනු ලැබේ. ඒ සිමෙන්ති පොළව මත නාගයන්ට ගමන් කළ නොහැකි බැවිනි.

මෙම පැරණි දෙවොල් බිම මුල් කොට නිරෝධාරාමය නම් බෞද්ධ විහාරයක් ඇත. එහෙත් දැනට එහි වැඩ වෙසෙන පූජ්‍ය හොරකඳවිල පඤ්ඤාසේකර හිමිපාණන් ගේ වයෝවෘද්ධ භාවය සහ ගිලන් බවත් වෙනත් කිසිවකු එම විහාරස්ථානයේ නොමැතිවීමත්  ඉන් සිදු කෙරෙන ශාසනික කටයුතු වලට බාධාවක්ව පවතින බව පෙනේ.

ඒ කෙසේ හෝ අදත් පැතිගොඩ ප්‍රදේශයේ ගැමියෝ සිංහල අලුත් අවුරුද්දට පෙරොතුව එළඹෙන මාර්තු මාසයේ දිනයක මෙම පැතිගොඩ දේවාලයේ වාර්ෂික දේව මංගල්‍යය සිදු කරති. එමෙන්ම ඇගේ සැමියා වන උඩවලමුත්තා මුල්කොට මිනුවන්ගොඩ හීනටියන තනා ඇති උඩවල මුත්තා දේවාලයේ වාර්ෂික දේව මංගල්‍යයද බොහෝ විට ඒ දිනවලම යෙදී තිබීම සුවිශේෂ සංසිද්ධියකි.




හොරකඳවිල පඤ්ඤාසේකර හිමි
 

සබැඳි කතා -

සුදු තුඹසක රිදී නාගයකු වෙසෙන අප්‍රකට දෙවොලක්



තිලක් සේනාසිංහ

ඡායාරූප - සහන් සංකල්ප සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

අද අපේ රටේ ටෙලිනාට්‍ය කලාවක් කියලා දෙයක් නැහැ

IMAGE 2017 Apr 30 22:20
අවුරුදු කා‍ලේ හදිසියේම විදේශ ගතවෙන්න හිතුවේ ඇයි? ‘200-300’ කියන වේදිකා නාට්‍යයේ කටයුතුවලටයි...
Views - 3

රට වෙනුවෙන් මම සූදානම් - විජේවීරගේ පුත් උවිඳු

IMAGE 2017 Apr 30 11:59
ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ගැන රටේ තොරතුරු ප්‍රකටය. ඔවුන් ගමන් කරන්නේ සිය...
Views - 1662

තාත්තා මැරෙන බව දන්නවා නම් ඒ බෝම්බයට පනින්නේ මම

IMAGE 2017 Apr 30 11:46
හිටපු ජනපති ආර්.ප්‍රේමදාසගේ විසිහතරවැනි ගුණ සැමරුම හෙට (01)ට යෙදී තිබේ. ඒ නිමිතිකොට මේ සිය පියා...
Views - 1370

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 10974

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1602

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4881

Please publish modules in offcanvas position.