lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

අලගල්ලේ කඳු මුදුනට "නිදහස පේනවලු"

බතට ගන්න බැරි බතලේ ගල කන්ද

අලට ගන්න බැරි අලගල්ලේ කන්ද

හුනට ගන්න බැරි හුන්නස් ගිරි කන්ද

මෙකඳු තුනට නායක සමනල කන්ද

මේක අපේ රටේ අතිශයින් ප්‍රචලිත ජන කවියක්. මේ කවියට පදනම් වන අලගල්ලේ කන්ද පිහිටා තිබෙන්නේ අපේ රටේ මධ්‍යම සහ සබරගමුව පළාත් වලට සම්බන්ධවයි. මේ කන්දේ කොටසක් මධ්‍යම පළාතේ යටිනුවර සහ හතර ලියැද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට සම්බන්ධ වෙන අතර අනෙක් කොටස් දෙක සබරගමු පළාතේ මාවනැල්ල සහ රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වලට සම්බන්ධ වෙනවා.  අපේ උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ දුම්රිය පොළ පිහිටා ඇත්තේ මේ අලගල්ල කන්දේ පහළ මායිමේ. අතීතයේ අලගල්ල දුම්රිය පොළ ලෙස හැඳින් වුණු එය පසුව ඉහළ කෝට්ටේ වශයෙන්  නම වෙනස් කොට තිබෙනවා.

ඔය අලගල්ල කන්දේ කොටසක් අයිති හතරලියද්ද පළාත ඉස්සර ප්‍රසිද්ද වුණේ තුම්පන් කියලා. ඒ වෙන කොට තුම්පනේ කියන්නේ හුඟක්ම නොදියුණු පළාතක්. කොහොම හරි 1948 පෙබරවාරි හතරවැනිදා ලංකාවට නිදහස ලැබෙනවා කියන හාහෝව රට පුරාම පැතිරිලා යන අතරේ තුම්පනේ මිනිසුත් ඒක දැනගෙන. ඒත් එදාට කොළඹ දී නිදහස ලැබෙනවා කියන දේ අහගෙන හිටියා මිසක් නිදහස කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න තරම් දැන උගත් කමක් ඔය කාලේ ඒ පැත්තේ සමහර මිනිස්සුන්ට තිබිලා නැහැ. ඒනිසා ඒ කාලේ තුම්පෙන් ගම්මු පිරිසක් ලංකාවට නිදහස ලැබෙන හැටි අහම්බෙන්වත් දැක බලාගන්න පුළුවන් වෙයිද කියලා බලන්න හතළිස් අටේ අවුරුද්දේ පෙබරවාරි හතරවෙනිදා උදේ පාන්දරම අලගල්ලේ කන්දට නැගලා; උදේ ඉඳලා හැන්දෑවෙනකම්ම කොළඹ පැත්ත බලාගෙන ඉඳලා තියනවා. මොකද දෙවෙනි ලෝක යුද්ධයේ දී1943 ජපන්නු කොළඹට බෝම්බ දානකොට ඒකේ දුමාරය අලගල්ල කන්ද මුදුනටත් පෙනුණා කියලා ඔය වෙනකොට තුම්පනේ පුරා කතා පැතිරිලා තිබුණා.

කොහොම හරි එදා හැන්දෑවෙ ආපහු කන්දෙන් බහින ඒ මිනිස්සුන්ගෙන් වට පිට අය අහලා තියෙනවා හැබෑට උඹලා ඔය ලැබුණයි කියන නිදහස දැක්කද කියලා. එත කොට කන්දට නැගපු මිනිස්සුන්ට ලොකු ලැජ්ජාවක් ඇතිවුණා. ඒ හින්දා තමයි වෙන කියා ගන්න දෙයක් නැතිව  ඒ අය කියලා තියෙන්නේ බුදු අප්පොච්චියේ දැක්කද කියලත් අහනවා අපි එහෙම නිදහසක් නම් අපේ උපන් හදවියකට දැකලා නැහැ කියලා.

එදායින් පස්සේ ඔය කතාව මුළු තුම්පනේ පුරාම පැතිරිලා ගිහින්. ඒ පැත්තෙ මිනිස්සු ඊට පස්සේ  ඒ කියන්නෙ 1949 අවුරුද්දෙත් කොළඹ නිදහස බලන්න අර විදිහටම අලගල්ලට නැගලා තියෙනවා. ඉතින් ඔබ විශ්වාස කරනවද ඊට පස්සේ එළඹුණු හැම නිදහස් දවසකම දහස් ගාණක ජනතාවක් කිසිම හේතුවක් නැතුව මේ අලගල්ල කන්දට නගින බව.

මෙදා සැරේ නිදහස් දවසෙත් ඒ විදිහට අලගල්ලට නැගපු අයගේ ගණන පන්දහසක් පමණ වන බව වාර්තා වුණා.

 

සහන් සංකල්ප සිල්වා

 

 

 

Comments  

+2 #1 wijitha 2017-03-16 14:30
I am from Alagalla. This is not Alagalla mountain. This is Lakegala mountain. This means others in the country are more foolish than Thumpanayas.
Quote
+1 #2 Indranatha Thenuwara 2017-03-16 18:28
නමුත් මේ පින්තූරයේ තියෙන්නෙ අලගල්ල කන්ද නෙමෙයි. අලගල්ල කන්දට ලකේගල පෙනෙන්නෙ නැහැ. එය අයිති නකල්ස් කඳු පන්තියටයි.
මේ මීමුරේ ආභරණය වන ලකේගලයි.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

විවාහය සතුටක් තනිකඩ ජීවිතය දුකක් ඒත් මම විවාහ වෙන්නේ නෑ

IMAGE 2017 Apr 23 18:12
“සතුටයි දුකයි“ අතර ගෙවී යන ජීවිතයේ අහුමුළු ස්පර්ශ කරන ‘සතුටයි දුකයි‘ කියන අපේ...
Views - 674

කුණු කන්දට විරුද්ධ වුණාම මට ගැහුවා, නඩු දැම්මා

IMAGE 2017 Apr 23 14:22
මීතොටමුල්‍ලේ කුණු කන්දේ මේ ඛිෙදවාචකය සිදු වන බවට කල් තියාම දැනගෙන හුන් පුද්ගලයෙක් හුන්නේය....
Views - 555

ශරීරයේ සීනි අඩුකරන 'මස්බැද්ද' ගැන රහසක්

IMAGE 2017 Apr 20 12:15
මගෙන් ප්‍රතිකාර ගන්නා රෝගියකුට දියවැඩියාව පාලනය කර ගැනීම පිණිස වන ඖෂධ සහ වෛද්‍ය උපදෙස් නියම...
Views - 29193

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් නිදහස් වූ අපේ සූපවේදියා

IMAGE 2017 Apr 19 13:29
අපි අටදෙනාට පණ පිටින් ලංකාවට ඒමට අවස්ථාවක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මට අද විශාල...
Views - 2492

මතුරට තරුණියට වතුපිටිවලින් හමුවූ ‘විස්මිත නෑයෝ’

IMAGE 2017 Apr 19 12:04
දිනය පසුගිය අප්‍රේල් දහසය වන ඉරිදාය. ස්ථානය වතුපිටිවල ප්‍රදේශයේ  නිවසකි. වේලාව පස්වරු දෙක...
Views - 6771

වැඩිපුර අවුරුදු කෑ සිවිල් ආරක්ෂක සෙබළා මරුට

IMAGE 2017 Apr 19 10:06
වැඩිමහල් සහෝදරයාගේ නිවසේ පැවැති අවුරුදු සාදයකට සහභාගි වී ප්‍රමාණය ඉක්මවා රාත්‍රී ආහාරය...
Views - 3297

Please publish modules in offcanvas position.