lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

මුතුරාජවෙල දවල් හොල්මන

මිහිකතට ජීවය දෙන තෙත්බිම් මගින්, මිනිසුන් ,සතා සිව්පා, ගහකොළ ඇතුළු සමස්ත පරිසර පද්ධතියේම යහපැවත්මට සිදුවන මෙහෙවර සුළුපටු නැත. එහෙත් තෙත්බිමක් මගින් ලොවට හිමි කරන අමිල දායාදයන් අතරට ”අත්භූත රසය” ඇතුළු වන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි.

මේ එවන් සුව්ශේෂ සංසිද්ධියක් පිළිබඳ දැනට දශක කිහිපයක් දක්වා ප්‍රදේශයේ පැතිර තිබු වෘත්තාන්තයකි.

කඳානේ සිට නෑදුරුපිටිය හරහා නුගපේ සහ උස්වැටකෙයියාව දක්වා වැටී ගත් කිලෝමීටර් තුන හතරක් යනතුරු ඍජුව විහිදෙන අතුරු මාර්ගයක් මුතුරාජවෙල තෙත්බිම මැදින් වැටී ඇත. මුතුරාජවෙල තෙත්බිම මතින් තැණුනු වේල්ලක් වැනි බිම් කඩක් මත ඉදිකෙරුණ මෙම මාර්ගය පැරණි ගැමියන්  විසින් හඳුන්වන ලද්දේ ‘ජයසූරිය බැම්ම’ යනුවෙනි. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ මන්තී‍්‍රවරයකුව සිටි ඞී. පී. ජයසූරිය මැතිතුමන්ගේ මූලිකත්වයෙන් යුතුව ඉදිකරන ලද බැවින් මෙම මාර්ගයට ඒ නම යෙදෙන්නට ඇත. මීට වසර ගණනකට ඉහත මිනිස් පුළුටක් නොමැති වගුරු වනාන්තර පරිසරයක් මැද ඉදි වූ මෙම පාරේ එක්තරා තැනක බෝම්බ පිට්ටනිය නම් හිස් බිම් කඩක් අතීතයේ දැකිය හැකි විය. දෙවන ලෝක සංග‍්‍රාම කාලයේ ජපනුන් විසින්  දමන ලද බෝම්බයක් ඉලක්කය වැරදී ගොස් මෙහි පතිත වූ බව කියනු ලැබේ. අද මෙහි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දෙව් මැදුරක් ඉදිව තිබේ.

එක්දහස් නවසිය හැත්තෑවේ අග භාගය දක්වාම පාළුවට ඇරී තිබූ මේ ජයසූරිය බැම්ම ආශි‍්‍රතව සිදු වූ මිනීමැරුම් සහ මං පැහැරීම් බොහොමයකි. අද මෙන් අපරාධ බහුලව නොතිබූ අතීත සමාජයේ පිට ප‍්‍රදේශවල මං පහරන්නවුන් විසින් අගනුවර කුලී රථ රියැදුරන් උපක‍්‍රමශීලීව මෙහි ගෙනවුත් ඔවුන් මරා දැමූ බවට හා මුදල් මංකොල්ල කෑ බවට ලැබුණු තොරතුරු බොහොමයකි.

මීට දශක කිහිපයකට ඉහත විසූ මිනිසුන් එවකට ජනශුන්‍යව පැවැති මෙම පරිසරයෙහි එවන් අපරාධ සිදු කළ ද රාති‍්‍රයේ මෙන් ම දහවල් ද මෙහි සැරිසැරූ ‘පෙක්කොලියා’ ගෙන් කිසිවකුටත් එවන් බරපතළ විපතක් සිදු වූ බව අසන්නට ලැබී නැත.

‘පෙක්කොලියා’ යනු උස මිනිසෙකි. ඔහු කොතරම් උස ද යත් අඩි හතළිහකට අඩු නොවන උසකින් යුතු ය. එහෙත් ‘පෙක්කොලියා’ උස යන්නේ මිනිස් දරුවන් මෙන් වසරින් වසර, අඟලෙන් අඟල නොවේ. මුතුරාජවෙල ජයසූරිය බැම්ම මත දී රැයක හෝ දහවලක යමකුට පෙක්කොලියා එක් වරම දර්ශනය වේ.  ඒ සමගම ඔහුගේ දෑස් පනාපිට ම පෙක්කොලියා හොඳින් වැඩුණු පොල් ගස් එක හමාරක්, දෙකක් පමණ උස වේ.

මේ අනුව මා කියන  ‘පෙක්කොලියා’ මිනිසෙකු නොවන බව  ඕනෑ ම කෙනෙකුට වැටහෙනු ඇත.

අද මෙන් යාන වාහන බහුලව නොතිබූ අතීතයේ කිසියම් බඩු පොදියක් කරමතින් හෝ හිස මතින් අරගෙන ජයසූරිය බැම්ම ඹස්සේ මෙම වගුරු වන පෙත තරණය කරන පිරිමියකු, ගැහැනියක හෝ කොලු කුරුට්ටකු හමුවේ හිටිහැටියේ මේ ‘පෙක්කොලියා’දර්ශනය වෙයි. එවිට ඉන් බියපත් වන හෙතෙම මරහඬ ලමින් දිව යතත් ඔහුට හෝ ඇයට පෙක්කොලියාගෙන් කිසි ම අනතුරක් සිදුවන්නේ නැත.

හැරත් පෙක්කෝලියා දර්ශනය වූ අයකුට කළ යුතු ප‍්‍රතිකාර ගැන දන්නා ඒ සම්බන්ධ සිය ගණන් අත්දැකීම් සහිත යකැදුරන් කිහිප දෙනෙක් ම අතීතයේ එම ප‍්‍රදේශයේ සිටියහ.

මීට වසර තිහ හතළිහක් පමණ වනතුරු මුතුරාජවෙලින් මතු වූ මේ  පෙක්කොලියාගේ අවතාරය කොතරම් ප‍්‍රසිද්ධ වූයේ ද යත් මුතුරාජවෙල අවට ගැමි මව්වරුන් තම සිඟිත්තන් යළි මුවින් හෙළන බත් කට ඔවුන්ගේ කුස තුළට යවා ගත්තේ මේ අපූරු අමනුෂ්‍යායාගේ නම සිහිපත් කරමිනි. එහෙත් මෙවන් අතීත ජනප‍්‍රවාද පිළිබඳ කිසිදු අගැයුමක් හෝ හැඟීමක් වර්තමානයේ බොහෝ දෙනෙකු තුළ නැති බව පෙනේ. ජන විශ්වාස ගවේෂක ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ ලියූ 'අවතාර ලුහු බැඳ' කෘතියෙහි මෙන්ම ප‍්‍රවීණ ලේඛක සිසිල් රුද්‍රිගු ලියූ ”මගේ ගම හෙවත් මුතුරාජවෙල” කෘතියෙහි ද මේ පෙක්කොලියා ගැන කදිම විස්තරයක් තිබේ.

කොළඹ මීගමු පාරේ කඳාන නගර මධයේ ඇති ශාන්ත සෙබෙස්තියන් පිළිරුව අද්දරින් වමට හැරී ගොස් පුරාණ ඕලන්ද ඇළ සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට ඉහළින් ඇති අහස් පාලම තරණය කරන ඔබට අතීතයේ දිවා රෑ දෙකේම මේ අපූරු අමනුෂ්‍යයා සැරි සැරූ මං පෙතට පිවිසිය හැක. මේ වන විට අධික ජනගහණකින් යුත් මේ පැරණි වගුරු වන පෙත අද හැදින්වෙනුයේ පුබුදුගම යනුවෙනි.

සහන් සංකල්ප සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 158

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 686

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 896

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 5034

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 3193

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 5008

Please publish modules in offcanvas position.