lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

බැතිමතුන්ට රහසින් සිරිපා හිමයෙන් ඇද හැලෙන මාපලාන ඇල්ල

මේ ශ්‍රීපාද වන්දනා සමයයි. ශ්‍රීපාදස්ථානය වෙත යොමුවන රත්නපුර ශ්‍රී පලාබද්දල ශ්‍රීපාද මාර්ගය දුරාතීතයේ සිට බැතිමතුන් අතර අතිශය ජනප්‍රිය වූවක්. කලින් තරමක් දුෂ්කරව පැවැති මෙම ශ්‍රීපාද මාර්ගය අද වන විට මුළුමනින්ම සිමෙන්ති පඩි යොදා සකස් කොට ඇති නිසා අතීතයට සාපේක්ෂව වැඩි වන්දනාකරුවන් පිරිසක් මේ මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරනු මේ දිනවල දකින්න පුළුවන්. නමුත් රත්නපුර ශ්‍රීපලාබද්දල ශ්‍රීපාද මාර්ගයට මීටර් පන්සීයක් පමණ නුදුරින් ශ්‍රී ලංකාවේ දිය ඇලි අතුරින් උසින් සිව්වැනි තැන ගන්නා දියඇල්ල තිබෙන බවක් අදත් බොහෝ දෙනකු දන්නේ නැහැ. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ උසින් වැඩිම දියඇල්ල ලෙසත් මෙය හැඳින්වෙනවා.මාපලාන ඇල්ල නමින් හඳුන්වන මේ මනරම් දිය ඇල්ලේ උස මීටර් 141 (අඩි 462) පමණ වෙනවා. රත්නපුර මල්වල හරහා කිලෝමීටර් විසිතුනක දුරක් ගෙවා ශ්‍රීපලාබද්දල කඩමණ්ඩියට පැමිණෙන ඔබට එහි ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යාලය අද්දරින් හැරෙන පාර ඔස්සේ මීටර් පන්සියයක පමණ දුරක් පසුකිරීමෙන් මෙම ඇල්ල සමීපයට පැමිණිය හැකියි. නමුත් ඇල්ල අද්දරටම වාහනයකින් යාමට නම් බැහැ.

මේ ඇල්ල සම්බන්ධ පුරාවෘත්තවලින් පැවසෙන්නේ අතීතයේ රාජකීය පරපුරකට අයත් ‘මාපාවරයකු’ දිය නෑ නිසා මුල දී මාපානාන ඇල්ල වශයෙන් හැඳින්වුණු මෙය පසුව මාපලාන ඇල්ල නමින් හැඳින්වුණු බවයි. සිරිපා කඳුවැටියට අයත් මීටර් 1868 (අඩි 6128) උස බෑන සමනොළ කඳුවැටියෙන් ඇරඹෙන ඇල්ලේ ඔය නම් ජල මූලාශ්‍රයේ මුල්කොටස කොණ්ඩගල නම් ස්ථානයේදී මෙම දැකුම්කළු දියඇල්ල නිර්මාණය වෙනවා. මෙම දියඇල්ල මලු තුනක් ඔස්සේ පහතට ඇද හැලෙන අතර වර්ෂා කාලයට මේ මලු වැසී ගොස් එකම මහා ජල කඳක් සේ ඇද හැලෙන බවත් ඒ කාලයට මෙම ඇල්ලේ නාදය කිලෝමීටර් තුනක් පමණ දුරට ඇසෙන බවත් ගම්මුන් අප හා කියා සිටියා. පසුව එය මස්කෙළියට ඔය (නුවරඑළි දිස්ත්‍රික්කයේ මස්කෙළිය නොවේ) නම් ජල ප්‍රවාහය ලෙසින් කළුගඟ හා එක්වන්නේ සමනළ කඳුවැටියෙන් උපත ලබන කළුගඟට මනා ‍පෝෂණයක් ලබා දෙමිනුයි. මුහුදු මට්ටමින් මීටර් 450 (අඩි 1500) පමණ උසකින් පිහිටීම නිසා සදාහරිත සෞම්‍ය දේශගුණයකින් යුතු මෙම දියඇල්ල ආශ්‍රිත පරිසරය ජෛව විවිධත්වය අතින් ඉහළ අගයක් ගන්නවා. ප්‍රදේශයට ආවේණික වෘක්ෂලතා රැසකින් යුතු මෙම පරිසරයෙන් සැලකිය යුතු ක්ෂීරපායී, උරග, පක්ෂි, මත්ස්‍ය, සමනළ විශේෂ ගණනාවක්ද වාර්තා වෙනවා.

“සාමාන්‍යයෙන් අපේ රටේ වෙන දියඇලි අවට සිද්ධ වෙන තරම් පරිසර හානියක් මේ දියඇල්ල අවට සිද්ධ වෙන්නේ නැහැ. මේ ඇල්ල ගැන බොහෝ දෙනෙක් නොදැන සිටීම සහ එහෙම දැනගෙන එන පිරිස ශ්‍රීපාද වන්දනාකරුවන් වීම කියන හේතු දෙක තමයි ඒකට බලපාන්නේ;  නමුත් වරින් වර මේ අවට එවැනි පාරිසරික ගැටලු පැනනගිනවා.  අප හා එසේ කී ශ්‍රී පලාබද්දල මාපලානේ පරිසර ලෝලියකු වන චන්ද්‍රසෝම බි කලවාන ඉන්පසුව අප හා හෙළි කළේ අසන කාගේත් සිත් තුටුපහටු කරවන පුවතක්.  
“නමුත් ඉස්සර වගේ ‍නෙවෙයි; දැන් මේ ඇල්ල අවට පරිසරය අපවිත්‍ර කරන පිරිස් වගේම කණ්ඩායම් වශයෙන් ඇවිත් ඇල්ල අවට තියන ප්ලාස්ටික් ‍පොලිතීන් බෝතල් කටු ආදී පරිසරයට හානිදායක දේවල් ඉවත් කරන තරුණ තරුණියනුත් දකින්න පුළුවන්.” ඔහුගේ ඒ ප්‍රකාශය අනුව බලන විටත් මෙවන් වටිනා සොබා සිරියෙන් අනූන පාරිසරික පද්ධතීන් දෑස මෙන් රැක ගැනීම නුවණැති මිනිසුන් වන අප සැමගේ පරම යුතුකමක් බවත් කිව යුතුයි.




සහන් සංකල්ප සිල්වා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 163

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 688

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 898

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 5036

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 3197

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 5011

Please publish modules in offcanvas position.