Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අාදී මානවයන් ගැන රහස් හෙළි කරන 'මළවුන්ගේ ලෙනකට' පිවිසෙමු

අපගේ වංශ කතා මූලාශ්‍ර වලට අනුව ලක් ඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරු ඇතුළු පිරිසගේ පැමිණීමත් සමඟයි. නමුත් පුරා ඇතැම් ඉතිහාසඥයන් කියන්නේ ඊට වසර දහස් ගණනක සිට අප රටේ දියුණු මානව ශිෂ්ටාචාරයක් පැවැති බවයි.

එහෙත් පුරාවිද්‍යාඥයන් මේ මතය පිළිගන්නේ නැහැ. ඔවුන් පවසන්නේ ක්‍රිස්තු පුර්ව වසර එක්ලක්ෂ විසිපන්දහසක සිට කෙමෙන් පරිනාමය වූ ආදි මානවයන් මෙලොව රටේ විසු බවයි. ඒ කෙසේ හෝ අද අප ඔබ කැඳවාගෙන යාමට සැරසෙනුයේ ඊට මෑත කාලීන ඉපැරණි මානව ජනාවාසයක් වෙතයි.

කොළඹ - නුවර පාරේ නිට්‌ටඹුව මංසන්ධියෙන් දකුණට හැරී කිලෝමීටර් පහක්‌ පමණ ගමන් කළ විට අත්තනගල්ල රජමහා විහාරය හමුවෙනවා. ඒ විහාරය පසුකර වමට හැරී පස්‌යාල පාරේ මඳ දුරක්‌ ගිය විට විහාරයේ මකර තොරණ අද්දරින් නැවත දකුණුපසට විහිදුණු මාවතක්‌ දැකිය හැකියි. එය ඇතාඋඩකන්ද, දුනුමාල, ඔස්සේ ගලපිටමඩ දක්‌වා දිවෙන මාර්ගයයි. අත්තනගල්ල රජමහා විහාරයේ සිට මෙම මාර්ගයේ කිලෝමීටර් හයහමාරක්‌ පමණ ගමන් කළ විට අලවල ග්‍රාමයට පිවිසිය හැකියි. මෙම ගම්මානයේ ඉහත්තාවට වන්නට පිහිටා ඇති අලවල පොත්ගුල් ලෙන රජමහා විහාරය අසලින් වැටී ඇති අතුරු මඟේ මඳ දුරක්‌ ඉදිරියට ගොස්‌ පොත්ගුල් කන්ද වනය මැදින් වැටී ඇති දුෂ්කර එහෙත් සුන්දර මාර්ගයේ කිලෝමීටරයක්‌ පමණ ඉහළට ගමන් කරන විට මෙම 'ආදි මානවයන්ගේ ඉසව්වට' පිවිසිය හැකියි.‍

2009 වසරේ කැලණිය විශ්ව විද්‍යාලයීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් සිදුකරන ලද කැණීම්වලට අනුව නිසැක ලෙසම අලවල යනු ප්‍රාග් ඓතිහාසික ආදි මානව ජනාවාසයන් බව තහවුරු වී තිබෙනවා. එම ජනාවාසය ක්‍රි.පූ. වසර 14,000-8,000අතර බවයි පැවසෙන්නේ.

බස්‌නාහිර පළාතේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ගිනිකොන සීමාවේ පිහිටි මෙම අලවල ලෙන, සියනෑ කෝරළේ උඩගහපත්තුවට අයත්. පරිපාලනමය වශයෙන් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ අලවල උතුර ග්‍රාමසේවා වසමේ මෙම අලවල පොත්ගුල් ලෙන පිහිටා තිබෙනවා. නිට්‌ටඹුවට නුදුරු අත්තනගලු ඔය ඉහළ නිම්නයේ අතු ගංගාවලින් පෝෂණය ලබන කලාපයක මේ අලවල ලෙන පිහිටා තිබීමෙන් පැහැදිලි වන්නේ ආදී මානවයන්ද තමන්ගේ වාසස්ථාන සඳහා ජලාශිත ප්‍රදේශ තෝරා ගත් බවයි. පහතරට තෙත් කලාපීය වනාන්තරයකින් වට වූ කඳුකර භූමියක එක්‌ බෑවුමක්‌ මැද පිහිටි මෙම ප්‍රදේශය භූගෝලීය සාධක අනුව විමසා බලන විට මුහුුදු මට්ටමින් අඩි 800ත් 1300ත් අතර උන්නතාංශයකින් යුක්‌ත බව දැකිය හැකියි. මේ උන්නතාංශ සීමාව තුළ මුහුදු මට්ටමින් අඩි 1286ක උසකින් ඇතාබැඳි ලෙනත්, මුහුදු මට්ටමින් අඩි 984ක්‌ උස අලවල මහ කන්දත්, මුහුදු මට්ටමින් අඩි 842ක්‌ උස කහගල කන්දත්, පිහිටා ඇති අතර පොත්ගුල් ලෙන මුහුදු මට්ටමින් අඩි 1029ක්‌ උස්‌ වූ කඳු ගැටයක පිහිටා තිබෙනවා.

අලවල පොත් ගුල් විහාරය පසුකර මීටර් 200ක් පමණ යන විට හමුවන මෙම ගුහා ලෙනට පිවිසිමට නිශ්චිත අඩි පාරක් නොමැති නිසා කන්ද තරමක් අසීරුවෙන් තරණය කර යුතු වෙනවා. කන්දේ ඉහළට නැඟුණු පසු දකුණු දිශාවට වන්නට පිහිටි වන ලැහැබ හරහා ගොස් ගුහාව තුළට පිවිසිය හැකියි.

ආදී මානවයන් අප මෙන් පවුල් වශයෙන් නොව කණ්ඩායම් වශයෙන් එකට ජීවත් වූ බවයි පුරාවිද්‍යාඥයන්ගේ මතය මෙම ගුහාව එකවර 50කට පමණ පිරිසකට අව් වැසිවලින් අරක්ෂා විමට හැකි කදිම ස්ථානයක්. මිට අමතරව ගුහා බිම පුරා විසිරිතිබු බෙලි කටු ආදී මානවයන්ගේ ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සංතෘප්ත කළ ඒවා බවට සැක නැහැ. ඊට අමතරව ගුහාව තුළ අදිමානවයා භාවිතාකල ගල් අයුධ හා ගල්, මෙවලම්අස්ථිමය, අයුධ සතුන්ගේ අස්ථි කොටස්පුරාවිද්‍යාඥයන්ට හමුවී තිබෙනවා.  ඒ අනුව අපට නිසැක ලෙසම තහවුරු කර ගත හැක්කේ ක්‍රිස්තු පුර්ව 14000-8000 දී පමණ මෙහි නොදියුණු ආදී වාසීන් ජීවත් වූ බවයි.

එහෙත් කාලයාගේ ඇවැමෙන්අප රටේ ශිෂ්ඨාචාරය ඇතිවී බුදු දහම ස්ථාපිත වු පසු ක්‍රිස්තු පුර්ව තුන්වෙනි සියවසින් පසුව මෙම ස්ථානය සංඝාවාසයක් බවට පත් වූ බව කටාරම් කොටා ඇති ලෙන සහ ඉපැරණි බ්‍රහ්මීය අක්ෂර වලින් තහවුරු වෙනවා. එමෙන්ම මෙම ස්ථානයට පොත්ගුල් යන නම භාවිතකොට ඇත්තේ පසුකාලීනව ඉපැරණි දහම් පොත් විශාල ප්‍රමාණයක් මෙම ලෙන තුළ සංරක්ෂණය කොට තිබු නිසා බව ගැමියන්ගේ විශ්වාසයි.

එමෙන්ම මෙම ස්ථානය ආශ්‍රිතව අලවල පුරාණ ලෙන් විහාරය පිහිටා ඇති නිසා මෙම චාරිකාවේදී අතිශය සංවර ශීලි වීමටත් පොලිතින් පාල්ස්ටික් ආදී නොදිරන ද්‍රව්‍ය පරිසරයට එක් නොකිරීමටත් අප වග බලා ගත යුතු වෙනවා.


ඒ.ජී.රේණුකා

අපේ රටේ මුල්ම තේ වත්ත සියැසින් දැක ගනිමු

ශ්‍රී ලාංකේය අපගේ ප්‍රධාන ආහාරය  බත් සේම ප්‍රධාන පානය තේ බව රහසක් නොවෙයි. අපි බොන හැම කෝප්පයකදීම සිහි කළයුතු විශේෂිත පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි ඉංග්‍රීසි ජාතික ජේමිස් ටේලර්. ශ්‍රී ලාංකීය තේ වගාවේ නිර්මාතෘ ලෙස අවිවාදයෙන්ම පිළිගැණෙන ජේමිස් ටේලර් අප රටේ මුල්ම තේ වගාව ආරම්භ කළේ 1867 වසරේ ලුල් කඳුර කියන වතුයායේ. ඒ  බව ‍පොතපතින් දැන ගත්තත් අප බොහෝ දෙනෙක් ඒ ගැන ඊටත් වඩා යමක් දන්නේ නැහැ. අද අපගේ මේ වෑයම ඔබව ඒ සුවිශේෂ බිම්කඩ වෙත  රැගෙන යාමටයි. මහනුවර නගරයේ සිට  පේරාදෙණිය සරසවි බිම හරහා වැටී ගත් ගලහපාරෙ  ඔස්සේ දෙල්තොට හේවාහැට  මාර්ගයට පිවිසෙන ඔබට  කුණ්ඩසාල කඳුයාය සොයා ගැනීමට අපහසුවක් නැහැ. 

ජේමිස් ටේලර් අප රටේ මුල්ම තේ වගාව ඇරඹූ එම වතුයාය අද වනවිට ජනවසමට හෙවත් ජනතා වතු සංවර්ධනයට අයිතිව තිබෙනවා. ජේමිස් ටේලර් මුල්ම තේ වගාව ඇරඹූ එම කොටසෙහි ක්‍ෂේත්‍ර අංක 0907 (FeiYed 07) ලෙස නම්කොට තිබෙනවා.
1835 වසරේ මාර්තු 02 දා ස්කොට්ලන්තයේ උපන් ජේමිස් ටේලර් අප රටට එන්නේ මෙරට කෝපි වගාවේ ස්වර්ණමය යුගයේදී වීම විශේෂත්වයක්. නමුත් ඒ වනවිට රටපුරා පැතිරගිය කෝපි කොළ රෝගය හේතුවෙන් කෝපි වගාවට නකර දසාවක්  එළැඹෙනවා. ඒ සඳහා නව විකල්පයක් හඳුන්වා දිය යුතු යැයි අදහස් කළ ජේමිස් ටේලර් ඉන්දියාවේ  අසෑම් ප්‍රාන්තයෙන් ගෙන් වූ තේ ඇට යොදා එහි අක්කර දහනවයක භූමි ප්‍රදේශයක අපේ රටේ මුල්ම තේ වගාව අරඹනවා. 
ඒ 1867 වසරේ එදා එලෙසින් ඔහු ඇරඹූ තේ වගාව ශ්‍රී ලාංකීය සුවිසල් සමාජ ආර්ථික  විප්ලවයකට  මුල්වන  බව ඔහුවත් නොසිතන්නට ඇති. ඒ කෙසේ හෝ එදා ඒ සුවිශේෂ  මිනිසා දිවි ගෙවූ බංගලාවේ සහ  නාන තටාකයේ නටබුන් අදත් දැක ගත හැකිය. මෙය තේ පානය ක රන සෑම අයකුගේම මනසට සංවේදී සිතුවිලි ජනිත කරවන්නක්. 
 
පිදුරුතලාගල රක්ෂිතයේ එක් සීමාවක් සනිටුහන් කරන මෙම කඳුකර බිම් ප්‍රදේශයේ සිට  විශාල වට පිටාවක්  එක්වර නැරඹීමට හැකිවීමත් විශේෂත්වයක්. දහවල සමශීතෝප්තන දේශගුණයක් සහිත මෙය උදය සහ සන්ධ්‍යා කාලය තද ශීතලයකින් යුතුයි. බය සැක නොමැතිව නිදහසේ හුස්මක් ගැනීමට තරම් අවට වාතය පිරිසිදුයි.
මෙම අපූරු සදාහරිත පරිසරය මුහුදු මට්ටමින් අඩි හාරදහසක පමණ උසින් යුතු වෙනවා. මහනුවර සිට පැමිණෙන ඔබට ඉතා පහසුවෙන් එක් දින සංචාරයක් ලෙස නිම කළ හැකි මෙම ගමන දෙදින සංචාරයක් ලෙස යොදා ගන්නට වුවත් පුළුවන්. ඒ මෙම ප්‍රදේශය  අවට මූලික  පහසුකම් සහිත නවාතැන්පළවල් කිහිපයක්ම ඇති නිසයි. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ මුල්ම තේ වගාව ඇරඹූ සහ ශ්‍රී ලාංකික තේ වගාවේ නිර්මාතෘ පිළිබඳ ජීවමාන සැමරුම් රැසක් අදටත් ශේෂව පවතින මේ කුණ්ඩගල චාරිකාව  ඔබගේ ඒකාකාරී දිවි පවෛතට විවිධත්වයක් උදා කරනවාට කිසිම සැකයක් නැහැ.




සටහන සහ ඡායාරූප වෛද්‍ය සුගත් විජේවර්ධන

රාවණා රථය තැන්පත් කොට ඇති බොල්තුඹේ සමන් දෙවොලට යමු

රාවණා රජතුමා ගැන සුවිසල් උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක් අද සමාජයේ හිඳිනවා. ඒ අනුව රාවණා රජුගේ තොරතුරු සෙවීමටත් ඔවුන් නිරායාසයෙන්ම පෙළඹෙනවාට සැක නැහැ. නමුත් රාවණා රජු සම්බන්ධ තොරතුරු රැසක් සඟවාගත් අපූරු දෙවොලක් පිළිබඳව අදත් ඒ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව නැහැ.

ඒ තමයි ‍බොල්තුඹේ සමන් දේවාලය. බලංගොඩ නගරයේ සිට පින්නවල හරහා (අලි පින්නවල නොවේ) බගවන්තලාව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 14 ක් පමණ පසු කළ විට මේ අපූරු පුදබිමට පිවිසෙන්නට පුළුවන්.

අප රටේ ඇති  ප්‍රධාන සමන් දේවාල හතර වන්නේ රත්නපුර මහා සමන් දේවාලය, මහියංගනයේ සමන් දේවාලය, දැරණියගල සමන් දේවාලය සහ බොල්තුඹේ සමන් දේවාලයයි.

නමුත් මේ දේවාල හතරින් දැරණියගල සහ බොල්තුඹේ සමන් දේවාල සීතාවක රාජසිංහ මහ නිරිඳුන් විසින් කරවන ලද බව සඳහන් වෙනවා. නමුත් මේ භූමියේ ඒ වන විට ඉතා පැරණි රාවණා දෙවොලක් තිබූ බවට මානව විද්‍යාත්මක සාක්ෂි සපයා ගත හැකියි. ප්‍රදේශයේ අදටත් නොනැසී පවතින ජනප්‍රවාද වලින් පැවසෙන්නේ රාම - රාවණා යුද්ධය මේ බොල්තුඹේ දේවාලයට නොදුරින් ඇති දෙතනගල ප්‍රදේශයේ දී සිදු වූ බවයි. එහි දී රාම කුමරුන් දෙතනගල නමින් හැඳින්වෙන කඳු මුදුන් දෙකට දෙදණ සිරකරගෙන රාවණා රජු නැසීමේ අවසන් හීය හෙවත් 'රාම සරය' විද්ද බව ජන ප්‍රවාදයේ සඳහන්. එම හී පහර වැදුණු රාවණා රජුගේ හිස බොල්තුඹේ දේවාල භූමියේත් හිස නැති කඳ ඕලු ගංතොටත් රැඳුණු බව පැවසෙනවා.

මෙම ප්‍රදේශ ආශ්‍රිතව අදත් හඳුනාගත නොහැකි ඊතල හැඩයේ ලෝහ කැබලි හමුවන බවට විශ්වාසයක් තිබෙනවා.

බොල්තුඹේ සමන් දේවාලය වඩාත් වැදගත් වන්නේ එහි රාවණා රථය සහ රාවණා ධජය තැන්පත් කොට ඇති බවට පැතිර ඇති ජන විශ්වාසය නිසයි.

ඉංග්‍රීසි පාලන සමයේ මෙම රථය සහ ධජය පරීක්ෂා කිරීමට පැමිණි සුදු ජාතික ආදායම් පාලකවරයෙකු එය බළහත්කාරයෙන් පිටතට ගැනීමට දැරූ උත්සාහයත් සමඟ හෙන හතක් පුපුරා දින හතක් එක දිගටම වැසි ඇද හැලුණු බවත් අවසානයේ ඔහුට එතැනින් පිටවීමට ඇතෙකු ගෙන ඒමට සිදුවූ බවත් ජන ප්‍රවාද වල සඳහන් වෙනවා. ඒ වර්ෂාව කොතරම් ප්‍රබලද කිවහොත් ඒ ඇතාගේ කරවටක් ජලය තිබූ බවට ජන විශ්වාස තිබෙනවා.

හාත්පස සදාහරිත බවකින් යුතු රමණීය නිසල බිම් කඩක පිහිටි මේ බොල්තුඹේ සමන් දේවාලය වෙත පිට ප්‍රදේශවලින් ජනතාව පැමිණෙන්නේ ඉතා අඩුවෙන්. එය විස්මයට කරුණක්.

රාවණා රජු සම්බන්ධ පුරාවෘත්ත රැසක් සමඟම සමන් සුරිඳුන්ගේ භාණ්ඩාගාරය ලෙස සැලකෙන මේ බොල්තුඹේ සමන් දේවාලය දේශීය ජන විඥාණය පිළිබඳ ඔබේ දැනුම් පරාසය තවත් පුළුල් කරවන තෝතැන්නක් බවට සැකයක් නැහැ.



සහන් සංකල්ප සිල්වා

සීතාවක රාජසිංයන්ගේ 'සොහොන්ගැබ' බලන්න යමු

තුන් හෙළයේ අසමසම රණවිරුවා දුටුගැමුණු රජතුමා බව පොදු සම්මතයයි. එහෙත් 16 වන සියවසේ ලොව බලවත්ම ආක්‍රමණික හමුදාව වන පෘතුගීසීන් හා යුද වැදී පෘතුගීසි හෙවත් පරංගි බලය කොළඹ කොටුව තුළට සීමා කළ සීතාවක රාජසිංහයන්ගේ සුවිශේෂ වූ රණ කාමිත්වය දෙවෙනි තැනක ලා තැබීමත් එතරම් සාධාරණ නැතැයි බොහෝ දෙනෙක් පවසනවා.

සීතාවක රජසිංහ නමින් පසුව මහත් රණ ශූර බවක් පළ කළ ටිකිරි කුමාරයා ලක් ඉතිහාසය වර්ණවත් කළ සුවිශේෂ චරිතයක්. නමුත් එතුමාගේ මරණය සිදුවන්නේ පසුව පළමු විමලධර්මසූරිය නමින් රජවූ කොනප්පු බණ්ඩාරයන් සමඟ බලන කඩවතේ දී සිදු කළ සටනකින් පසුවයි. එම සටනින් පැරදුණු සීතාවක රාජසිංහයන් එවක රාජකීය උද්‍යානයක්ව පැවැති රුවන්වැල්ලට නොදුරු 'පෙතන්ගොඩ උයනෙහි' ගිමන් හළ බවත් එහි දී ඔහුට උණ කටුවක් ඇනුණු බවත් ජන ප්‍රවාදයෙහි සඳහන්.

ස්වභාවයෙන්ම විෂ නොමැති ඒ උණ කටුව ඇනීමෙන් පසු දොඩම්පෙ ගණිතයා නම් මන්ත්‍ර කරුවෙකු එම තුවාලය සිදුවූ තැනට විෂ බැඳීමක් සිදු කළ බවත් ඉන් පසු ගුරුගොඩ ඔය ඔස්සේ සීතාවක දක්වා පාරුවක් මඟින් එමින් සිටි රාජසිංහයන් එම විෂ බැඳීම නිසා එක්තරා ස්ථානයක දී කොර බවට පත් වූ අතර එම ස්ථානය ඉන්පසු ‍'කොරවුණ ඇල්ල' වී පසුව එය කරවනැල්ල වූ බව ජනප්‍රවාදයෙහි සඳහන්.

කෙසේ හෝ සීතාවක ඔය ඔස්සේ අඟුලෙන් සීතාවක පුරයට පැමිණි රජතුමා එහි කිකිළි බිත්තර ඇල්ල නම් ස්ථානයේ දී මිය ගිය බවත් ඉන් පසු එතුමන්ගේ ශරීරය එම විෂ නිසා මුළුමනින් කළු පැහැ ගැන්වුණු බවත් ඉන් භීතියට පත් රජවාසල නිලධාරීන් රජුගේ අවසන් කටයුතු එම ස්ථානයේම සිදු කළ බවත් ජන ප්‍රවාදවල සඳහන්.

රජුගේ මරණය පිළිබඳ රාජාවලිය නම් කෘතියේ සඳහන් වන්නේ මෙසේයි “රාජසිංහ දේව අඟුලෙන් පෙතන්ගොඩ සිට එන කොට කුකුළු බිත්තර වැල්ලේ දී කතා කලා මිස දෙවනු කී කළ දෙයක් නැතුව උකුත් වූවාහ.“ 

කෙ‍සේ හෝ එසේ රජුගේ භුමාදානය සිදු කළ ස්ථානයෙන් අදටත් කළු නාගයන් පිට වන බවට ජනප්‍රවාදයක් එම ප්‍රදේශයේ පැරණි ගැමියන් අතර ජන විශ්වාසයක් තියෙනවා. එම ස්ථානය රජසිංහ සොහොන නමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස  මේ වන විට නම්කොට තිබෙනු දක්නට පුළුවන්.

පසුව සීතාවක රාජසිංහයන් 'ගනේගොඩ දෙවියන්' නමින් දේවත්වයට පත් වූ බව විශ්වාස කරන ගැමියන් ඉඳ හිට මෙම සොහොන මත පහනක් දෙකක් දල්වා තිබෙන අයුරු අපට දැක ගත හැකියි.

ඒ කෙසේ හෝ විවේකී සති අන්තයක අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සංචාරය කරන ඔබට තුන්හෙළයේ විසූ මෙම සුවිශේෂ රණ ශූරයා අවසන් නින්ද නිදන තැනට පිවිසෙන්නට බැරිකමක් නැහැ.


 

 

 

 

 






දමයන්ති ගමගේ

මුතුරාජවෙල සහ මීගමු කලපු ආශ්‍රිත බෝට්ටු සවාරියක් යමු

අප බොහෝ දෙනෙකු ගමන් කරන කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ වැඩිම කොටසක් වැටී ඇත්තේ මෑතකදී විශාල කතා බහකට ලක් වූ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පරිසර පද්ධතියක් මැදිනි. ඒ පරිසර පද්ධතිය නම් මුතුරාජවෙලයි.

ගමනේ වේගය සහ අතර මඟ වාහන නතර කිරීමට ඇති නොහැකියාව නොවිණි නම් මෙම ප්‍රදේශය පරිසර ලෝලීන්ගේ විවේක ඉසව්වක් වනු නොඅනුමානය.

අගනා ජෛව විවිධත්වයකින් මෙන් ම ස්‌වාභාවික සම්පත්වලින් ද ගහන, ස්‌වභාව සෞන්දර්යයෙන් ද අනූන මේ පරිසර පද්ධතිය දිවයිනේ බස්‌නාහිර පළාතේ බටහිර වෙරළ තීරය ඔස්‌සේ කැලණි ගඟේ සිට මීගමු කලපුව දක්‌වාම පැතිරී පවතී. ගම්පහ දිස්‌ත්‍රික්‌කයට අයත් ජා ඇල, වත්තල, කටාන සහ මීගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස හතරට අයත් වන මුතුරාජවෙල හෙක්‌ටයාර් 6232කට ආසන්න ප්‍රදේශයක ව්‍යාප්ත වී තිබේ. මේ පරිසරය තෙත් බිම් කලාපය, මීගමු කලපුව, සහ දඬුගම් ඔය ප්‍රදේශය වශයෙන් කොටස්‌ තුනකට බෙදා දැක්‌විය හැකි ය.

අනේක විධ මානව ක්‍රියාකාරකම් ඇතුළු පාරිසරික තර්ජන හමුවේ නොසැලී නැගී සිටින මෙම තෙත්බිම හරහා මීගමු කලපුව සහ දඬුගම් ඔය ආශ්‍රිත බෝට්ටු සවාරියක යෙදීමේ මහඟු අවස්ථාව දැන් ඔබ වෙත උදා වී තිබේ. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ ගමන්ගන්නා ඔබට එහි අවසන් කොටසේදී නෙත ගැටෙන මීගමු කලපුව පරිසරයේ සොබා සොදුරු බව හඳුනන කාගේත් නෙත් සිත් වලට රසඳුනකි.

මෙම බෝට්ටු සවාරිය සැලසුම් කොට ඇත්තේ එම කලපු ඉහත්තාව සහ ඊට සම්බන්ධ වන දඬුගම් ඔයේ (අත්තනගලු ඔය) මෝය ප්‍රදේශය ආශ්‍රිතවය. එම සංචාරක බෝට්ටු සේවාව පවත්වාගෙන යනුයේ ලාභ නොලබන ප්‍රජා ක්‍රියාකාරී ආයතනයක් වන මුතුරාජවෙල පරිසර කේන්ද්‍රය මගිනි.

මුතුරාජවෙල සේම ආසියානු තෙත්බිම් නාමාවලියේ ලේඛන ගතවී ඇති මීගමු කලපුව, ශී‍්‍ර ලංකාවේ පිහිටි මුහුදු තෘණ බිම් හා කඩොලාන පරිසර පද්ධති මගින් මසුන් හා කකුළුවන් ඇතුළු ජලජ සත්ව විශේෂ රාශියකට පෝෂණය හා රැකවරණය ලබා දෙන කෙම් බිමකි. එය ඉතා වැදගත් ජෛව විවිධත්වයක් ඇති, හෙක්ටයාර් 3164 ක් පමණ වන ජල ප‍්‍රදේශයකි. එය ධීවරයන් 3500කට පමණ සෘජුවම රැකියා සපයමින්, ධීවර යාත‍්‍රා 2500කට පමණ නැංගුරම් පහසුකම් සපයයි. එබැවින් මීගමුවේ ධීවර පවුල් 15,000 කට පමණ ජීවත් කරවීම සඳහා සුදුසු පරිසරයක් ලබා දෙයි. එහි මත්ස්‍ය හා ඉස්සන් අස්වනු හෙක්ටයාර 01කට කිලෝ ග‍්‍රෑම් 150ක පමණ වාර්ෂික නිෂ්පාදන ධාරිතාවයක් තිබීම හා වර්ෂයකට රුපියල් මිලියන 150ක පමණ මත්ස්‍ය අස්වැන්නක් ලබාදීමත් ආර්ථික වශයෙන් ඉතා වැදගත්ය.

නමුදු මීගමු කලපුව මැද පිහිටි සදාහරිත දූපත් වලින් යුතු බෝට්ටු සංචාර සදහා යෙදෙන ඉසව්ව මානව ජනාවාස වලින් තොර අගනා පාරිසරික කලාපයකි.
නමුත් සංචාරක ධන කුවේරයන් ගෙන්වා ගැනීමේ අරමුණෙන් වඩාත් ධනවත් සංචාරකයින්ට අවශ්‍ය ඉහල තලයේ පහසුකම් සපයා දෙමින් මාලදිවයින වැනි රටවල ඇති සංචාරක කර්මාන්තයට නොදෙවෙනිව ජලය මත පාවෙන හා ඒ මත ගමන් කළ හැකි සැහැල්ලු ගුවන් යානා මීගමුව කලපුවට ද, හඳුන්වා දීමට රජයේ සැලසුමක් ඇත. මීගමු කලපුවේ අතිශය වැදගත් මත්ස්‍ය බෝවන ප‍්‍රදේශයක් වන මඩබොක්ක ආශ‍්‍රිත ප‍්‍රදේශයේ කිලෝ මීටරයක් දුරකට විහිදෙන පරිදි හා මීටර් 100 ක් පළලින් යුතු ගුවන් ධාවන පථයක් නිර්මාණය කිරීමද ආරම්භ වී ඇත. 
මෙම පාරිසරික බෝට්ටු සංචාරයේදී මැටිබොක්ක ප්‍රදේශයද පසු කිරීමට ඔබට හැකි වනු ඇත. එහෙත් මෙම ගුවන් යානා ව්‍යාපෘතිය දියත් කිරීම නිසා ධීවරයාට හා කර්මාන්තයට සිදු විය හැකි බලපෑම පිළිබඳව බෙහෝ දෙනෙකු තුළ සැක සංකා ඉපිද ඇත්තේ මතු දැක්වෙන සාධාරණ හේතු පදනම් කර ගනිමිනි.  

මීගමු කලපුවේ රැකියාවෙන් යැපෙන පවුල් 15000කගේ පමණ රැකියාවට බාධා ගෙන දීම.

සී ප්ලේන් කලපුවට ගොඩබාන හා කලපුවෙන් ගුවන් ගත වන කාලය තුළ ධීවරයින් එම ප‍්‍රදේශයෙන් ඉවත් කළ යුතු වීම. අනාගතයේ කොපමණ සී ප්ලේන් සංඛ්‍යාවක් භාවිතයට ගනීදැයි දැන් අපට කිව නොහැක. එවිට එම සංඛ්‍යාව අනුව ප‍්‍රදේශයෙන් ධීවරයන්ට සම්පූර්ණයෙන්ම ඉවත්වීමට සිදු විය හැකි වීම.


කලපුව ආශ‍්‍රිතව අධි ආරක්‍ෂිත කලාපයක් නම්කර, සංචාරකයින්ට හා යානාවලට ආරක්‍ෂාව සැපයීම සිදු විය හැකි නිසා කලපු ධීවර රැකියාවේ නිරත පිරිසට බාධා පැමිණීම.

සී ප්ලේන් ව්‍යාපෘතියෙන් රැකියා ලැබෙන බව කීවද ඒ ප‍්‍රමාණය කිසිසේත් දැනට කලපුවෙන් යැපෙන රැකියා ප‍්‍රමාණයට සමාන නොවීම. ලැබෙන රැකියා සවල්පය වූවත් ලැබෙන්නේ දුප්පත් අසරණ ධීවරයින්ට නොවීම.


මෙම ව්‍යාපෘතියේ ආරම්භය සී ප්ලේන් හරහා සිදු වූවත් මීගමු කලපුව ආශ‍්‍රිත දූපත් ද සංචාරක නිකේතන සඳහා අත්පත් කර ගැනීම ඒකාන්තයෙන්ම සිදු වනු ඇත.

මේ ප්‍රදේශයේ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000- 2500ත් අතර වේ. නිරිතදිග මෝසම් සුළඟින් ප්‍රධාන ලෙස ම වර්ෂාව ලබන අතර වසර පුරා සංවහන හා වා සුළි මඟින් ද මුතුරාජවෙල තෙත් බිම වෙත වර්ෂාව පතනය වෙයි. එහි මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 26ක්‌ පමණ වන අතර අවම උෂ්ණත්වය වන සෙල්සියස්‌ අංශක 22.3 කි. එය සාමාන්‍යයෙන් වාර්තා වන්නේ, ජනවාරි මාසයේ දී ය.


මුතුරාජවෙල සහ මීගමු කලපු පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය උදෙසා විවිධ පරිසර පද්ධතීන්වලින් ලැබෙන දායකත්වය ඉහළ ය. කඩොලාන ශාක ප්‍රජාව - වගුරු බිම් - මිරිදිය ඇළ මාර්ග - වගා කිරීම අත් හරින ලද කුඹුරු ඉඩම් සහ ලඳු කැළෑ පරිසරයන්හි ශාක විවිධත්වය හා එහි වාසය කරන සත්ත්ව ප්‍රජාව ගේ විවිධත්වය මේ තත්ත්වය උදා කර දී තිබේ. වසරේ විවිධ කාලවල දී ලවණ ජලය ද සම්මිශ්‍රණය වීම නිසා තත්ත්වය වඩාත් සංකීර්ණ වේ. මෙකී විවිධ පරිසර පද්ධතීන්ට අනුවර්තනය වූ ජීවී විශේෂ ගණනාවක්‌ මෙහි දී පැහැදිලි ව හඳුනාගත හැකි ය.

මුතුරාජවෙල ශාක විවිධත්වය සැලකීමේ දී ප්‍රධාන ශාක ප්‍රජාවන් 07ක්‌ නියෝජනය කරන විශේෂ 192ක තුරුලතාවලට මෙය තෝතැන්නකි. මෙහි ඇති ඉතා වැදගත් ශාක ප්‍රජාව ලෙස කලපු ගංමෝය සරසන කඩොලාන හැඳින්විය හැකි ය. ශ්‍රී ලංකාවේ හඳුනාගෙන ඇති කඩොලාන විශේෂ 22න් 18ක්‌ ම මුතුරාජවෙල හා මීගමු කලපුව ආශ්‍රිත ව නිරීක්‍ෂණය කිරීමට පරිසරවේදීන්ට හැකියාව ලැබී ඇත. මුළු ලෝකයේ ම දක්‌නට ලැබෙන ඉතා සීමිත සංඛ්‍යාවක්‌ වන කඩොලාන විශේෂ ප්‍රමාණය 60ක්‌ පමණ වේ. ඒ අතරින් 18ක්‌ ම මේ පරිසර පද්ධතියේ දැකගත හැකි වීම ම, මේ පරිසර පද්ධතිය කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කිරීමට හේතුවක්‌ විය යුතු බව අවධාරණය කළ යුතු ය.


එසේ ම, මෙහි ක්‍ෂීරපායින් ගේ සිට කෘමීන් දක්‌වා පැතිරුණු පුළුල් සත්ත්ව විවිධත්වයක්‌ ද හඳුනාගත හැකි ය. අප රට තුළ දැනට වාර්තා වී ඇති පෘෂ්ඨවංශීන් ගෙන් විශේෂ 232ක්‌ ඊට අයත් වෙති. මේ තෙත් බිම් පරිසර පද්ධතිය නියෝජනය කරන ඉතා වැදගත් විවිධත්වයක්‌ දක්‌වන පෘෂ්ඨවංශීන් වනුයේ, පක්‍ෂීන් ය. මෙහි කුල 42කට අයත් පක්‍ෂි විශේෂ 102ක්‌ වාර්තා වන බව ලෝක සංරක්‍ෂණ සංගමය(IOCN) මඟින් 2004වසරේ දී පෙන්වා දී ඇත. මුතුරාජවෙල අභය භූමියේ උතුරු හා මධ්‍යම ප්‍රදේශ ඉතා වැදගත් අභිජනන මධ්‍යස්‌ථාන ද, මීගමු කලපු ආශ්‍රිත ප්‍රදේශය ගොදුරු හා විවේක ස්‌ථානයක්‌ ද වේ. මේ විශේෂ 102න් 19ක්‌ සිසිර සෘතු සංක්‍රමණික පක්‍ෂීන් වීම ද විශේෂ කරුණකි. ඒ අනුව පෙනී යන්නේ, මේ තෙත් බිම සංචාරක පක්‍ෂීන් ගේ ද තෝතැන්නක්‌ බව ය. විශේෂයෙන් දිවයිනේ බටහිර වෙරළ තීරය ඔස්‌සේ පහළට පැමිණෙන සංචාරක පක්‍ෂීන් මුතුරාජවෙල තෙත් බිම නිරන්තරයෙන් පරිහරණය කරන බව පෙනෙන්නට තිබේ. දියකාවන්, කොකුන්, විවර තුඩුවන්, කෑදැත්තන්, සේරුන්, උකුස්‌සන්, කුරුලුගොයන්, කිරලුන්, සිලිබිල්ලන්, බටගොයන්, බි`ගුහරයන්, ගිරවුන්, පිළිහුඬුවන් හා වැහිළිහිණියන් වැනි පක්‍ෂි විශේෂ බොහොමයක්‌ මුතුරාජවෙල දී සුලබ ව දැකගත හැකි ය. ඒ අතර කුස ඇල් සයුරුකුස්‌සා (Haliaeetus leucogaster), පුංචි දියකාවා (Phalacrocorax niger), පුංචි ගෙඹි තුරුවා (Tachybaptus ruficollis), අළු කොකා (Ardea ciuerea), කරවැල් කොකා (Ardea purpurea), පොදු දම් කිතලා (Porphyrio porphyrio), කළුපිය ඉපල් පාවා (Himantoydus himantopus), යුරෝපියානු ගොළු කිරලා (Burhinus oedicuemus), පොම්පදොරු බටගොයා (Treron pompadora) වැනි පක්‍ෂීන් සුලබ ය. එසේ ම, සංචාරක පක්‍ෂි සමූහට බටහිර වගුරු හැරිකුස්‌සා (Circus aeruginosus), ගෝමර හැරිකුස්‌සා (Circus melaholeucos), අළුපිය කාගුල් ළිහිණියා (Chlidonias hybridus), නිල් පෙළ බි`ගු හරයා (Merops philippinus) වැනි පක්‍ෂීන් ද සුලබ ව දැකගත හැකි ය. එසේ ම, ශ්‍රී ලංකාවේ හමු වන දුර්ලභ සංක්‍රමණික පක්‍ෂියකු වන කළු හිසැති මැදි පිළිහුඩුවා (Halcyon pileata) ද මුතුරාජවෙල තෙත් බිමෙන් වාර්තා වීම විශේෂයෙන් සඳහන් කළ යුතු ම ය.


එසේ ම, මුතුරාජවෙලින් කුල 14කට අයත් ක්‍ෂීරපායින් විශේෂ 22ක්‌ වාර්තා වේ. එයින් එක්‌ විශේෂයක්‌ ආවේණික ය. රිළවා, උණහපුළුවා, ඉත්තෑවා, උරුලෑවා, දිය බල්ලා, හඳුන් දිවියා, කොළ දිවියා, මීමින්නා ඒ අතර වේ. මෙහි වෙසෙන රිළවා (Macaca sinica) ශ්‍රී ලංකාවට ආවේණික වනවා සේ ම හාත්පස ජලයෙන් වට වූ දූපත් හා වගුරු බිම්වල ජීවත් වීම නිසා සෙසු ප්‍රදේශ වල වෙසෙන රිලවුන් තුල නොමැති විශේෂ ආහාර පුරුදු හා හැසිරීම් රටාවලින් යුක්‌ත බව ද කිව යුතු ය.

ශ්‍රී ලංකාවේ හලාවත සිට තංගල්ල දක්‌වා ඉතා සීමිත සමුද්‍රාසන්න බිම් තීරුවකට සීමා වී සිටින ගැට කිඹුලා (Crocodylus porosus) සැලකීමේ දී ද මුතුරාජවෙල ඉතා වැදගත් වෙයි. අතීතයේ දී මෙහි ඉතා විශාල ගැට කිඹුලන් ගහනයක්‌ වාර්තා වුව ද මිනිසුන් ගේ දඩයම් හමුවේ ඔවුන් දැඩි තර්ජනයකට මුහුණ පා ඇත.

මෙවැනි පසුබිමක්‌ තුළ තවදුරටත් මුතුරාජවෙල ඉඩම් අනවසර පදිංචිකරුවන්ට බෙදා දීමෙන් මේ අගනා උරග සම්පත මිහි මතින් තුරන් වී යැමට ද හැකියාව ඇත. ඊට අමතර ව ඉබ්බන්, කටුස්‌සන් සහ සර්ප විශේෂ රැසක්‌ ද මෙහි දිවි ගෙවන බව හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ හමු වන ඉතා දුර්ලභ සර්ප විශේෂයක්‌ වන කඩොලාන දියබරියා ද මුතුරාජවෙලින් හමුවන සුවිශේෂී උරගයකු බව කිව මනා ය. දැනට ශ්‍රී ලංකාවෙන් කඩොලාන දියබරියා ගේ (Gerarda prevostiana) නිදර්ශක හමු වී ඇත්තේ, පහක්‌ පමණක්‌ වන අතර එයින් තුනක්‌ ම හමු වී ඇත්තේ කැලණි ගඟ, මීගමු දූව හා මුතුරාජවෙල අභය භූමිය (1997) යන මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිත ව වීම ද සුවිශේෂී කරුණකි.

මුතුරාජවෙල හා මීගමු කලපුව ආශ්‍රිත පරිසර පද්ධතියේ ඇති සුවිශේෂී ජෛව විද්‍යාත්මක වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් මෙම තෙත් බිමේ උතුරු කොටසට වන්නට හෙක්‌ටයාර 1028.62ක භූමි ප්‍රදේශයක්‌ 1996 ඔක්‌තෝබර් 31වැනි දින 947/13 දරන ගැසට්‌ නිවේදනය මගින් අභය භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. වන සත්ත්ව හා වෘක්‍ෂ ලතා ආඥපනත යටතේ පාලනය වන මේ භූමි භාගය වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතී. එසේ ම, මේ අභය භූමියට ඇති විය හැකි බලපෑම අවම කිරීම සඳහා වෙන් කෙරුණු ප්‍රේරණ කලාපය(Buffer Zone)  හා අභය භූමියට ප්‍රබල පරිසර හානි සිදු වීම නිසා විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රේරණ කලාපය, පාරිසරික ආරක්‍ෂණ කලාපයක්‌ ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කොට ඇත.

2009 අංක 22 දරන (සංශෝධන) පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරන වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආඥපනතට අනුව වනජීවී රක්‍ෂිතයක්‌ තුළ හෝ එහි සීමාවේ මෙවැනි අනර්ථකාරී මිනිස්‌ ක්‍රියාකාරකම් සිදු වීම වැළැක්‌වීම වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමකි. එහෙත්, මේ දක්‌වාත් මේ මහා පරිමාණ පරිසර විනාශය පිළිබඳව අදාළ අංශ කිසිදු මැදිහත් වීමක්‌ සිදු කර ඇති බවක්‌ දැන ගැනීමට නැත. ඊට හේතුව මෙහි ඉඩම් කැබැලි කර විකිණීම පිටුපස ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයකු සිටීම ද, එසේත් නැතිනම් වන අපරාධකරුවන් ගේ සාක්‌කුවට ඔවුන් වැටී සිටීම ද යන්න විමසිය යුතු ය.


1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ අංක 23 (අ) (ආ) (1) වගන්තිය යටතේ සිට ඊට අදාළ ව නිකුත් කර ඇති 1993ජූනි 24දිනැති අංක 772/22දරන අති විශේෂ ගැසට්‌ පත්‍රයේ රෙගුලාසි යටතේ ඉඩමේ විශාලත්වය නොසලකා පූර්ව අනුමැතියකින් තොර ව ගොඩ කිරීම තහනම් වන තෙත් බිම් දක්‌වා ඇති අතර ඊට අදාළ නො වන නමුත්, හෙක්‌ටයාර 04 ඉක්‌මවන ඕනෑ ම තෙත් බිමක්‌ ගොඩ කරන පුද්ගලයකු එම පනතේ 31වැනි වගන්තිය යටතේ වරදකරුවකු කළ හැකි ය.

මුතුරාජවෙල අභය භූමියට අයත් ඉතා වටිනා තෙත් බිම් මුඩු බිම් බවට පත් කර දේශපාලනඥයන් හා හිතවතුන් අතරෙහි බෙදාගැනීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක්‌ පිළිබඳ ව අපට දෘශ්‍යමාන වන්නේ පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී මුතුරාජවෙල අභය භූමියට අයත් ප්‍රදේශ ගොඩ කිරීමත් කොට්‌ටකට, මැටිවල බොක්‌ක හා කරක්‌ගහන බොක්‌ක යන ඉතා අගනා වනජීවී වාසස්‌ථාන ආශ්‍රිත ව කඩොලාන ගිනි තැබීම ද සිදු කරන ලද බැවිනි.

ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වයට ප්‍රධාන වශයෙන් ම බලපා ඇති තර්ජනය වන ස්‌වාභාවික වාසස්‌ථානවල ප්‍රමාණාත්මක අඩු වීම මුතුරාජවෙල තෙත් බිමට ද බලපා ඇත්තේ එපරිද්දෙනි. එසේ ම, ඒවායේ ගුණාත්මක අගය ද පිරිහී යැම නිසා මෙතෙක්‌ එම පරිසර පද්ධතියේ ජීවත් වූ ජීවීන්ට තමන් ගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා දැඩි තරගයක්‌ කිරීමට සිදු වීම වාසස්‌ථාන ප්‍රමාණාත්මක ව අඩු වීමේ එක්‌ අනිටු ප්‍රතිඵලයකි. භූමියෙහි විශාලත්වය මිස එයින් ලබාගත හැකි ගංවතුර පාලනය, භූගත ජල සංචායක ආරක්‍ෂා කරගැනීම, වායුගෝලීය කාබන් අවශෝෂණය කරගැනීම වැනි දීර්ඝකාලීන මෙහෙයන් නො සලකා හැර මුතුරාජවෙල තෙත් බිම ගොඩ කර කර්මාන්තපුර, ජනපද සහ වෙනත් විකල්ප සංවර්ධන යෝජනා ක්‍රම ඉදි කිරීම ඇරඹෙමින් පවතී. විවිධ දේශපාලකයන් ගේ අත්තනෝමතික බලපෑම් මත තෙත් බිම ගොඩ කර හෝටල් හා සී ප්ලේන් ගොඩබෑමේ ව්‍යාපෘති සකස්‌ කිරීමට කලින් කලට දරන ලද උත්සාහයන් ද කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ඉදි වීම ද මුතුරාජවෙල තෙත් බිමේ ස්‌වාභාවික වාසස්‌ථාන ප්‍රමාණාත්මක ව අඩු වීමට හේතු විය. එහෙත්, ඒ ඉතා කුඩා පරිසර පද්ධතිය තුළ ද තවමත් විශේෂයෙන් සැලකිය යුතු ජෛවවිවිධත්වයක්‌ සංජානනය වී ඇත්තේ, විස්‌මයජනක ආකාරයකට ය. මුතුරාජවෙල තෙත් බිම දඬුගම් ඔය සහ මීගමු කලපු ඉහත්තාව ආශ්‍රිතව බෝට්ටු සංචාරයක යෙදෙන ඔබට පුරා පැය දෙකක කාලයක් තුළ මේ සියල්ල සියැසින් දැක බලා ගත හැක. 









මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයේ දුරකතන අංකය - 011 4030 150

ඡායාරූප - වෛද්‍ය සුගත් විජේවර්ධන

එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

හැට අට වසරක් සපිරෙන ශ්‍රී ලංකාවේ ලොකුම ජලාශයේ බෝට්ටු පදිමු

http://www.lakbima.lk/images/frontimage/2017/July/2017.07.10/Sundara-lakbima.jpgඅපේ රටේ ඇති සුවිසල්ම ජලාශය කුමක්ද කියා යමෙකු ඇසුවහොත් එයට දිය හැකි පැහැදිලිම පිළිතුර ඉඟිනියාගල සේනානායක සමුද්‍රය යන්නයි. වර්ග සැතපුම් 384 ක භූමි ප්‍රමාණයක් පුරා විහිදුණු මෙහි ජල ධාරිතාවය අක්කර අඩි හත්ලක්ෂ හැත්තෑදහසක් ලෙස සැලකෙනවා.

මේ ජලාශයේ වම් ඉවුර ඇල මාර්ගය කිලෝ මීටර් 51 වන අතර දකුණු ඉවුර ඇල මාර්ගය කිලෝ මීටර් 35 ක් දිගින් යුතුයි. මෙවැනි සුවිසල් දියවරක බෝට්ටු සංචාරයක යෙදීමේ අවස්ථාව ඔබටත් උදා කර ගත හැකියි.

කොළඹ , මහනුවර, මහියංගනය, බිබිලේ හරහා හෝ රත්නපුර උඩවලවේ බුත්තල හරහා ඉඟිනියාගල සේනානායක සමුද්‍රය නම්  ශ්‍රී ලංකාවේ අසමසම මිරිදිය ජලාශය වෙත ඔබටත් පැමිණෙන්න පුළුවන්.

1937 වසරේ රාජ්‍ය මන්ත්‍රණ සභා කෘෂිකර්ම අමාත්‍ය පදවිය හෙබවූ ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන් ගේ විස්කම් සංකල්පයක් මත ආරම්භ කෙරුණු  කදු දෙකක් මැදි කොට ගත් ගල්ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය නම් වන මෙම මහා ජලාශය නිල වශයෙන් විවෘත කොට ඇත්තේ 1949 වසරේ  අගෝස්තු 28 වෙනිදායි. අදට වසර 68 කට පෙර ඊයේ (28) වැනි දිනයක ආරම්භ කළ මේ බහුකාර්ය යෝජනා ක්‍රමය 1949 අංක 51 දරණ ගල්ඔය සංවර්ධන මණ්ඩල පනත මගින් සුවිසල් මහජන සේවාවන් රැසකට මුල පිරුණා. ජල විදුලි යෝජනා ක්‍රමයක්, මිරිදිය මත්ස්‍යය ව්‍යාපාරයක් එහි අතුරුපළ ලෙස දැක්වීමට පුළුවන්.

අක්කර එක්ලක්ෂ විසිදහසක පෝෂක කලාපයක් සහිත ගල්ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය ය‍ටතේ ගොවි ජනපද 40 ක් විශේෂයෙන් ස්ථාපනය කිරීමද වැදගත් ජාතික මෙහෙවරක්.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ගල් ඔය නිම්න ජාතික වනෝද්‍යානයට අයත් වන ජීවි බංගලාවක් ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ වේල්ල මත පිහිටා තිබෙනවා.  ඔබ‍ගේ සංචාර සඳහා‍ මෙය වෙන් කර  ගැනීම  බත්තරමුල්ලේ වන ජීවී දෙපාර්තමේන්තුවෙන් හෝ අන්තර් ජාලය මගිනුත්  සිදුකළ හැකියි.මෙම සේනානායක සමුද්‍රය තුළ දූපත් 75 ක් පමණ ඇති අතර මිනිස් වාසයෙන් තොර ඒ දූපත් සොබාදහමේ  අසිරිමත් දායාදයෙන් සපිරි හරිත පාරාදීසයන් බව නිසැක ලෙසම කිව හැකියි.

ජලාශය අවට ඇති අභය භූමියේ ජීවත් වන වන අලි ජලාශය තරණය කොට මෙම දූපත් වලට ගොඩ වදින අවස්ථා ඇතැම් විට ඔබටත් දැක බලා ගත හැකියි.එමෙන්ම මෙම ජලාශයේ බෝට්ටු සවාරියක් සඳහා බෝට්ටු වෙන්කර ගැනීම ඉඟිනියාගල වන ජීවී කාර්යාලයෙන් සිදුකරගන්නට පුළුවන්.

එමෙන්ම එවැනි වන අලි අවදානමක් නොමැති සදාහරිත දූපතක සොයා විවේකී හෝරාවක් දෙකක් ගත කිරීමට ද ඔබට මේ ගමනේ දී භාග්‍යය හිමිවෙනවා ඇති.

කටුක නාගරිකත්වයෙන් මිදී සොබාදම් මවගේ ඇකයෙහි හෝරා කිහිපයක් ගත කිරීමට ඔබට ලැබෙන මහඟු අවස්ථාව ඔබේ ජීවිතයට නවතම චමත්කාරයක් සමඟ අසිරිමත් අත්දැකීම් රැසක් එක් කර දෙනවාට කිසිදු සැකයක් නැහැ.





සහන් සංකල්ප සිල්වා / ඡායාරූප. පී.එස්.පී වීරසිංහ

 

මහියංගනයත් සමඟම වැඳ පුදා ගත හැකි නාගදීපයක්

http://www.lakbima.lk/images/frontimage/2017/July/2017.07.10/Sundara-lakbima.jpgඅප කවුරුත් දන්නා සොළොස්මස්ථාන වඳින ගාථාව ඇරඹෙන්නේ ‘මහිංයංගනං නාගදීපං’ යනුවෙන්.  එහි නාගදීපය යනු අප කවුරුත් දන්නා උතුරු පළාතේ පිහිටි නාග දීපය බවයි පහසුවෙන් වටහා ගත හැක්කේ.

 නමුත් ඒ ගාථාවෙන් පැවසෙන නාගදීපය වියහැකි යැයි සාධාරණ ලෙස අනුමාන කළ හැකි තවත් ඉපැරණි නාගදීපයක් මහියංගනයේ සිට කිලෝමීටර් 20 ක් පමණ ගිය පසු  හමුවන බව ඔබ මෙතෙක් දැන සිටියාද? බොහෝ විට ඔබ  තවමත් මේ සිද්ධස්ථානය ගැන නොදැන සිටිනවා වන්නට පුළුවන්. අප එසේ කියන්නේ තවමත් මේ පෞරාණික නාගදීප රජමහා විහාරය කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී නොමැති නිසයි.

මහියංගනයේ සිට බිබිල පාර ඔස්සේ කිලෝමීටර් 18 ක් පමණ ගිය විට ආඳාඋල්පත නගරය හමුවෙනවා. එය පසුකොට තව මඳ දුරක් යන විට හමුවන හන්දිය නම් කොට ඇත්තේ නාගදීප හන්දිය යනුවෙනුයි. ඒ හන්දියෙන් වමට හැරී මඳ දුරක් ගිය විට නාගදීප වැවේ වේල්ල දැක ගන්නට පුළුවන්. ඉන්පසු ඒ බැව් කණ්ඩිය ඔස්සේම තවත් කිලෝමීටර් කිහිපයක් පසුකරන ඔබට මේ පුරාණ නාගදීප විහාරය වෙත පැමිණිය හැකියි.

බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කරන ලද්දේ යක්ෂයන් දමනය කිරීමට බව මහා වංශය ඇතුළු පැරණි මූලාශ්‍ර රැසක සඳහන්. නමුත් මහියංගනයේ යක්ෂයන් සිටින්නා සේ පැරණි හෙළයේ මෙහි නාගයන් විසූ බව සාධාරණ ලෙස අනුමාන කළ හැකියි.

ආඳාඋල්පත පිහිටි නාගදීප වැව දුරාතිතයේ ඔවුන්ගේ ශිෂ්ඨාචාර ලක්ෂණ පළ කරන්නක් බවට සාධාරණ ලෙස අනුමාන කළ හැකියි. නමුත් අතීතයේ ඒ නාග ජනාවාසය පසුව බුදුදහම හා සම්බන්ධ වූ බව පසුව එහි විහාරයක් ඉදිකිරීමෙන් පෙනීයනවා.මේ නාගදීප විහාරයේ ආරම්භය දෙවනපෑතිස් රජු යුගය දක්වා අතීතයට දිවයන බවක් පැවසෙනවා.මේ ස්ථානයේ පුරාණ දාගැබ් දෙකක් දක්නට ලැබෙන අතර විහාරයට ඉහළින් ඇති දාගැබ ඉතා පැරණි එකක් බව පැහැදිළියි. දැනට කඳු ගැටයක් සේ දිස්වන මෙම දාගැබ අතීතයේ සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කොට තැනූ එකක්  බවයි ජන විශ්වාසයේ සඳහන් වන්නේ. එමෙන්ම මෙය කාවන්තිස්ස රජු විසින් ඉදිකරන ලද්දක් බවත් පැවසෙනවා.ඊට අමතරව දැනට අඩක් ප්‍රතිසංස්කරණය කර ඇති දාගැබ දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දක් බවයි ජන විශ්වාසයේ පැවසෙන්නේ.දැනට මෙහි කොත් කැරැල්ලක් දක්නට ලැබුණ ද අතීතයේ ඒ වෙනු‍වට සෙල්මුවා චත්‍රයක් සවිකොට තිබූ බව සාධාරණ ලෙස අනුමාන කළ හැකියි. මෙම පුරාණ නාගදීප විහාරයේ බෝධිය අෂ්ඨඵල බෝධීන්වහන්සේ නමක ලෙස හැඳින්වෙන අතර එහි දෙවි දේවතාවුන් වැඩ වාසය කරන බවත් එය ජනතාවට ලෞකික සම්පත් හිමිකර දෙන බෝධියක් බවත්  ප්‍රදේශවාසීන් පවසනවා.මේ පුරාණ නාගදීප විහාරයේ පැරණි විහාර මන්දිර දෙකක් තිබෙනවා. ඉන් පැරණිතම විහාර මන්දිරය මේ වන විට පොලොවට යට වී ඇති බව 1989 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද ගවේෂණයක දී තහවුරු වී තිබෙනවා.  මහියංගනයේ පැවැති ගම්උදාව වැඩසටහනට සමගාමීව මෙම පුරාණ නාගදීප රජමහා විහාරය කෙරෙහි විශේෂ අවධානයක් නොමුවී තිබුණ ද එය අද වන විට නැවතත් අප්‍රකට තත්ත්වයට පත්වී තිබෙනවා.අනුරාධපුර යුගයට අයත් සඳකඩ පහන් ඇතුළු ශිලා කර්මාන්ත රාශියක් මේ විහාර භූමියේ දැක ගන්නට පුළුවන්. නමුත් මේ දක්වාත් ඒවා නිසි ගවේෂණයකට, සංරක්ෂණයකට ලක් වූ බවක් පෙනෙන්නට නැහැ. ඒ කෙසේ හෝ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට නොගොස් මහියංගන විහාරය වැඳ පුදා ගන්නා ගමන්ම නාගදීපයත් වැඳ පුදා ගැනීමට අදහස් කරන ඔබට මේ හෝඩුවාව මහඟු වරප්‍රසාදයක් වනවාට සැක නැහැ.


පී.එස්.පී වීරසිංහ/  ඡායාරූප - රන්මුතු ස්ටූඩියෝ - වේයන්ගොඩ

උමා ඔය ව්‍යාපෘතිය ව්‍යසනයක් වුණේ ‘රාවණා උමඟට’ හානි වූ නිසාද?

http://www.lakbima.lk/images/frontimage/2017/July/2017.07.10/Sundara-lakbima.jpgරාවණා ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ට කෙසේවත් අමුතුවෙන් හඳුන්වාදිය යුතු තැනක් නොවෙයි. A 23 දරණ ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ කිලෝමීටර් 06 ක පමණ දුරක් ගිය පසු රාවණා ඇල්ල වනජීවී රක්ෂිතය තුළ මෙම රාවණා ඇල්ල දැකගන්නට පුළුවන්. මෙය ජෛව විවිධත්වයෙන් අනූන වටිනා අගනා පාරිසරික කලාපයක්.

මුහුදු මට්ටමීන් අඩි 3445 ක  උසකින් පිහිටා ඇති රාවණා ඇල්ලේ උස අඩි 82 ක් පමණ වෙනවා. නමුත් අප මේ කීමට සැරසෙන්නේ එම රාවණා ඇල්ල ප්‍රදේශයේ මෙතෙක් සොයා නොගත් අභිරහස් පිළිබඳ රසවත් කතා පුවතක්.

 පුරාතන හෙළයේ රජකම් කළ සුවිශේෂ නරපතියකු වන රාවණා රජු විසින් රාම කුමරුගේ ප්‍රියම්බිකාව වන සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තැබූ රාවණා ගුහාව මේ ඇල්ල ආසන්නයේ පිහිටා තිබෙනවා. ඒ වගේම වළගම්බා රජු විසින් කරනවන ලදැයි පැ‍වසෙන මහනුවර යුගයේ බිතුසිතුවම් සහිත රාවණා ඇල්ල පුරාණ රජ මහා විහාරයත් මේ ප්‍රදේශයේ දී දැක ගන්නට පුළුවන්.මෙම ප්‍රදේශය සම්බන්ධ රාවණා රජුයේ පුරාවෘත්ත වලට අනුව රාවණා ගුහාව තුළ බොහෝ දුරක් දක්වා පොළව යටින් විහිඳුණු උමං මාර්ගයක් ඇති බවටයි ඇතැමුන්ගේ විශ්වාසය. ඌව පළාතට බරපතලම පාරිසරික හානියක් සිදු කළ උමා ඔය ව්‍යාපෘතිය නිසා මේ පෞරාණික භූගත උමං මාර්ගයට හානි පැමිණ ඇති බවටත් ප්‍රදේශයේ කට කතා පැතිර තිබෙනවා. මෙය රාවණා උමඟට හානි සිදුකිරීම නිසා ගුප්ත බලයකින් සිදුවූ විපතක් ලෙසත් ඇතැමුන් හඳුන්වනවා. නමුත් මේවා තවමත් විද්‍යාත්මකව සනාථ කරගෙන නැහැ.එමෙන්ම රාවණා ගුහාව තුළ ඇති පොකුණක් පත්ලෙහි වසා දමා ඇති ගල්පර්වතයක් තුළින් එම උමං මාර්ගය ආරම්භ වන බවටත් කතා පැතිර තිබෙනවා. මෙම ප්‍රදේශය ආශ්‍රිතව ආදි මානව නෂ්ඨාවශේෂ වශයෙන් සැලකිය හැකි ශිලා කර්මාන්ත රාශියක් දැකිය හැකියි. නමුත් රාවණා ගුහාව තුළ ඇතැයි සැලකෙන අභිරහස් උමඟ මේ දක්වා විධිමත් ගවේෂණයකට ලක්කොට නැහැ. ඊට හේතුව සාමාන්‍ය කෙනෙකුට ඊට පිවිසීමට ඇති අපහසුවයි.
නමුදු මේ පිළිබඳව විමසා බැලීම සඳහා විවිධ ප්‍රදේශ වලින් තරුණ කණ්ඩායම් පැමිණෙ බවත් ඒ අතර  භික්ෂූන් වහන්සේලා සිටින බවත් එම පිරිස් ඇතැම් විට ඉතා බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දෙන බවත් ප්‍රදේශවාසීන් පවසනවා. 'ෆේස්බුක්' වැනි සමාජ ජාල වෙබ් අඩවි වලින්  මේ සඳහා ලැබෙන ප්‍රසිද්ධිය මෙම විමසුම් වැඩිවීමට බෙහෙවින් බලපා ඇති බව පැහැදිළියි.ඒ කෙසේ හෝ රාවණා ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන් සේම රාවණා ඇල්ල, රාවණා ගුහාව ඒ හා සම්බන්ධ ‘නිල් දිය පොකුණ’ සහ මෙතෙක් හෙළි නොවූ ‘උමං මාර්ගය’ පිළිබඳ විමසීමට පැමිණෙන පිරිස් ක්‍රමක්‍රමයෙන් වැඩිවෙන අතර ඒ නිසා එහි ඇති අවදානමද ඉහළ යන බව පැහැදිළියි.විශේෂයෙන් වැසි කාලයට සාපේක්ෂව පායනකාලයේ දී මෙහි හදිසි අනතුරු අවමවීම හේතුවෙන් මෙම පිරිස් මේ දින වල විශේෂ උනන්දුවකින් ක්‍රියා කරනු දකින්න පුළුවන්.

ඒ කෙසේ හෝ මෙවන් දුෂ්කර අත්දැකීම් සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලත් ආරක්ෂක හමුදා සාමාජිකයන් ජීවිතාරක්ෂක උපකරණ සහ වෛද්‍ය කණ්ඩායම් වලද සහය ඇතිව මෙම ගුප්ත පරිසරය අලලා විධිමත් විමර්ශනයක යෙදෙන්නේ නම් මේ සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගතහැකි බවයි අපගේ විශ්වාසය.


සහන් සංකල්ප සිල්වා

 

 

 

වලපනේ පුරවරයේ සොබා අසිරිය

http://www.lakbima.lk/images/frontimage/2017/July/2017.07.10/Sundara-lakbima.jpgමෙතෙක් පළවූ ලිපි කීපයෙන් මේ ප්‍රදේශය ගැනත් එහි ඇති ආකර්ෂණීය ස්ථාන ගැනත් ඔබේ සංචාරයට අවශ්‍ය සියලුම පහසුකම් සපයන ඔස්ලින්ක් හෝටලය ගැනත් බොහෝදේ ඔබට අපි කීවෙමු.

පින්තූරයක් වචන දහසකට වඩා වටිනා බව අපි හැමෝම දන්නා බැවින් රූප රාමු පෙළකින් වලපනේ පුරවර අසිරිය මෙසේ එළිදක්වනු කැමැත්තෙමු.

එසේම මේ පින්තූර ඔබේ කරගන්න, රසවිඳින්න එන්න කියා ඔබට ඇරයුම් කර සිටිනු කැමැත්තෙමු.












වලපනේට දායාද වූ සොදුරු පාරාදීසය

http://www.lakbima.lk/images/frontimage/2017/July/2017.07.10/Sundara-lakbima.jpg‘ඔස්ලින්ක්’ හෝටලය කාමර 35 කින් සමන්විතය. එයින් 30 ක්ම වායු සමීකරණය කර තිබේ. මේ හැම කාමරයක්ම විශේෂ ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව ඉහළම ප්‍රමිතියට නිමකර ඇත. එසේම ඒවා සියලු උපාංග වලින් සහ පහසුකම් වලින් ද යුක්තය.

කාමර ඉල්ලුම් කිරීමේ දී ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඔබගේ කාමරය වෙන්කරවා ගත යුතුය.

උඩුමහල් වල ඇති කාමර ප්‍රමාණයෙන් විශාල උපරිම පහසුකම් සහිත ඒවා වන අතර වැඩි පාරිසරික වට පිටාවක් දැකගත හැකි වන සේ සකස් වූ විශාල බැල්කනි වලින් ද සමන්විතය.

ගොඩනැගිල්ලේ ඇතුලත ඇති පොදු ඉඩකඩ ද වෙන් කර තබා ඇත්තේ ඕනෑම පිරිසකට නිදහසේ ගැවසීමටත්, වාඩිවී සතුටු සාමිච්චියේ යෙදීමටත්, හුදෙකලාව වට පිටාවේ සිරි නැරඹීමටත් අවශ්‍ය සියලු අවකාශ සංචාරක ඔබට ලබා දීමේ අපේක්ෂාවෙනි.

ඉහළ මහල් වලටත්, වහලය මත ඇති උයනටත් එහි සිට තවත් ඉහළින් පිහිටා ඇති නැරඹුම් මැදිරියටත් ළඟාවීමට පහසු වන සේ විදුලි සෝපානයක් සවිකර ඉදිකර ඇති අතර එම නැරඹුම් මැදිරිය අංශක 360 ක වටපිටාවක් කිසිම අවහිරයකින් හෝ බාධාවකින්  තොරව දැක බලාගැනීමට හැකි වන සේ නිමවා ඇත. උදෑසන හිරු උදාව බැලීමටත් , වලපනේ ප්‍රදේශය වටකරගෙන ඇති කඳු වැටි හොඳින් දැකබලා ගැනීමටත්, වලපනේ නගරය සහ එහි වටපිටාව හොඳින් දැකබලා ගැනීමටත්, දවසේ හිරු බැස යාම දැකීමටත්, රාත්‍රී කාලයේ අලංකාරය සහ නිහැඬියාව අත්විඳීමටත් මේ නැරඹුම් මැදිරිය තරම් අපූරු වූ තවත් තැනක් වලපනේ ඇතැයි මම නොසිතමි.


‘ඔස්ලින්ක්’ හොටෙල් උත්සව ශාලාව අමුත්තන් 300 කට වැඩි පිරිසකට එකවර පහසුවෙන් අසුන්ගත හැකි වන සේ ඉතාමත් විශාලව මෙන්ම අලංකාරව නිමකර ඇත. ප්‍රමිතිය අතින් ඉහළම තත්ත්වයේ ඇති මේ සුපිරි උත්සව ශාලාවද නිමකර ඇත්තේ සුවිශේෂ වූ ගෘහ නිර්මාණ ශිල්පකට අනුව වීම විශේෂත්වයකි. මෙහි විශාල පිරිසකට අවශ්‍ය සියලුම පහසුකම් අඩුපාඩුකින් තොරව සපයා ඇත.


‘ඔස්ලින්ක්’ හොටෙල් ආයතනයේ සේවය කරන ප්‍රධාන අරක්කැමි මහතාගේ මූලිකත්වයෙන් පිළියෙල කෙරෙන රස බොජුන් ඕනෑම අමුත්තකුගේ රස නහර පිනවීමට සමත්ය.

මේ උත්සව ශාලාවේ විවාහ මංගල්‍ය සහ අනෙකුත් උත්සව ගණනාවක්ම මේ වනවිටත් පවත්වා ඇති අතර  ඒ සියලු දෙනාගේම ලැබී ඇත්තේ වචනයෙන් විස්තර ‍කළ නොහැකි තරම් අගය කිරීම් හා සුභ පැතුම්ය.


ආයතනයේ ඇති අනෙකුත් පහසුකම් අතරට පිළිගැනීමේ කවුන්ටරය සහ තාවකාලිකව රැඳී සිටීමේ ශාලාව (ලොබි එක) නේවාසික අමුත්තන් සඳහා වූ භෝජනාගාරය, පොදුවේ පාවිච්චි කෙරෙන දෙවන භෝජනාගාරය, අවන්හල, ලොන්ඩ්රි පහසුකම්  ආදිය දැක්විය  හැකිය. එසේම රියදුරු මහතුන් සඳහා වෙන්කෙරුණු කාමර ද ආයතනය සතුය. මේ සමහරක් පහසුකම් කල් ඇතිව වෙන්කරවා ගත යුතු බැවින් කාමර ඉල්ලා සිටින අවස්ථාවේදීම සඳහන් කර සිටීම අත්‍යවශ්‍යය.


මෙහි පැමිණෙන ඔබට, සිංහල ක්‍රමයට හදපු කෑම මුළු දවස පුරාම රස විඳීමට පුලුවන් අතර බේකරි නිෂ්පාදනද එලෙසින්ම උණු උණුවේ රස බැලීමටත් පුලුවන. සංචාරක ඔබ වෙනුවෙන් ඔබගේ අවශ්‍යතාවයට සරිලන සේ විශේෂ ආහාර පාන සකස්කර දීමට අපේ ප්‍රධාන අකරක්කැමියා සූදානමින් සිටින අතර ඔබ කළ යුත්තේ කල් ඇතිව ඔබේ අවශ්‍යතාවය දන්වා සිටීම පමණි.

කන්ද උඩ පවත්වාගෙන යන, ‘ඔස්ලින්ක්’ හෝටලයට අයිති එළවලු කොටු වලින් නෙලාගෙන එන නැවුම් එළවලු උයා පිහා ඔබට පිළිගැන්වෙන අතර මෙහි දී ඔබ අනුභව කරන සමහර පලතුරු ද නැවුම් ලෙස ඔබට ලැබෙන්නේ මේ කොටු වලින්ය.


මේ වතුවල ඇති කිතුල් ගස් වලින් පැණි හකුරුත්, ගවයින් ගෙන් ලැබෙන කිරිත් ඔබට රස විඳීමට හැකි බව දක්වනු කැමැත්තෙමු.

මේ කන්ද උඩ ඇති බංගලාවේ නතරවීමට කැමති සංචාරකයින්ට ඒ පහසුකමද සපයා ඇති අතර බාහිර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වී දින කීපයක් හෝ ඊටත් වැඩි කාලයක් ගත කිරීමට හිතන ඔබට මෙය කදිම තැනකි. කල් ඇතිව ඒ වෙනුවෙන් වෙන්කරවා ගැනීමේ පහසුකම ද ‘ඔස්ලින්ක්’ හෝටලය විසින් සකසා තිබේ.


මෙකී බොහෝ දෑත්, කඳුරට ඇති තවත් නොකී බොහෝ දේත් දැක බලා ගැනීමට සහ ඒ සුන්දරත්වය අත් විඳීමට කැමති ඔබට ‘ඔස්ලින්ක්’ හෝටලය වෙත පැමිණෙන ලෙස එහි අධිපතිතුමා සහ කාර්ය මණ්ඩලය ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටී. ‍

මේ ආකර්ෂණීය වටපිටාවත්, තමන්ගේ දෙයක් සේ පරිහරණය කළ හැකි පහසුකම් පෙළක් ඔබේ නිවාඩුව කුල්මත්ව ගතකිරීමට මඟසලසනු ඇත.


අංග සම්පූර්ණ සංචාරක හෝටලයක් වලපනේ ගොඩ නැගුණු පළමු අවස්ථාව මෙය වන අතර මේ  ආයතනය වලපනේ ජනතාවට දායාද කළ වෛද්‍ය අජන්ත සෙනෙවිරත්න මහතාට සහ එතුමාගේ පවුලේ සැමට අතිශයින්ම කෘතඥ වන බව පවසා සිටින්නේ ප්‍රදේශවාසීන්, ආගමික නායකයින්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන්, ප්‍රදේශය නියෝජනය කරන දේශපාලනඥයින් මෙන්ම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් ඇතුලු සියලු දෙනාය.



 

 

 

 

 

 

 

 

 



 

සොඳුරු වලපනේ සැබෑ අසිරිය අත්විඳ ගන්න

http://www.lakbima.lk/images/frontimage/2017/July/2017.07.10/Sundara-lakbima.jpgවලපනේ ප්‍රදේශයේ බොහෝ ආකර්ෂණීය ස්ථාන ඇති අතර ඒ අතරින් සංචාරකයින්ගේ සිත් ඇද ගන්නා ස්ථාන කිහිපයක් ගැන ඔබට කීමට කැමැත්තෙමු.

කුරුඳුඔය දිය ඇල්ල වලපනේ නගරයට ඉතා ආසන්නයේ පිහිටි උස මීටර් 189 වන ලංකාවේ දෙවැනියට උස දිය ඇල්ලයි. වලපනේ නගරයට සැපයෙන්නේ මෙයින් ලැබෙන පිරිසිදු ජලයයි. එසේම මේ ජලය උපයෝගී කරගෙන විදුලිබලය නිපදවන බලාගාරයක්ද 2016 වසරේ  සිට  සක්‍රීයව පවතී.

‘ඔස්ලින්ක්’ හෝටලයේ සිට මේ දිය ඇල්ලට ළඟාවිය හැකි මාර්ග කිහිපයකි. ඒ සෑම මඟක්ම එකක් පරයා එකක් සුන්දරත්වයෙන් අග තැන්ය. මේ අතරින් වලපනේ නගරයට ඉහළින් පිහිටි කඳුගැටය නැග එතැන් සිට පහළට ගමන් කරන මාර්ගය වඩාත් සුන්දර බව සංචාරකයෝ පවසති.  කඳුගැටය නැගීමට තේ වතු මැඳින් වැටී ඇති මාර්ගයේ සමාන්‍ය වාහනයකින් ගමන් කළ හැකි වන අතර “Four Wheel Drive”   වාහනයකින් කෙළින්ම ඉහළට නැඟීමට ද පුලුවන.  පා ගමනින් මෙම කන්ද ජය ගැනීමට දක්ෂ කඳු නඟිනෙකු හට හැකියි.

කෙසේ හෝ මේ තැනට ළඟාවන ඔබට තිළිණ වන්නේ මනස්කාන්ත දර්ශන පෙළකි. ශ්‍රී ලංකාවේ අන් කිසිම තැනක දැක නැති මේ අපූරු ස්වභාව සෞන්දර්ය රසය විඳ, කැමරා කාචයේ  සටහනක් තබා තවත් කිලෝමීටරයක් පමණ දුරක් පහළට බැස යන ඔබට කුරුඳුඔය දිය ඇල්ල ඈතින් දිස්වේ. එහි පාමුල සිට රිසිසේ ආශ්චර්ය විඳින්නටත් එම වටපිටාවේ සුන්දරත්වය දැකබලා ගැනීමටත් ඔබට හැකිය. වසර මුලුල්ලේම කඩා හැලෙන සුදෝ සුදු මේ දිය දහර ඔබේ සිත වසඟ කර ගනු නියතය.

වලපනේ ප්‍රදේශයේ පිහිටා ඇති තවත් ඉතාමත් සුන්දර ස්ථානයකි  ‘ගොලුමලේ’; දේශීය හා විදේශීය සංචාරකයින්ගේ අතිශය ඇගැයීමට ලක්ව ඇති මේ ස්ථානයට ළඟාවීමට ‘ඔස්ලින්ක්’ හෝටලයේ සිට ගත වන්නේ පැය භාගයක පමණ කාලයකි. එහෙත් මේ ප්‍රදේශයට අතුලුවන ඔබට දැනෙන්නේ ඔබ සදාහරිත වනාන්තරයක් මැද්දට ගමන් කරන බවකි.

‘ගොලුමලේ’ කියන යන නම සෑදී ඇත්තේ ගගේ ඇති ජලය එහි මැද ඇති ගං ළිඳකට වැටී නොපෙනී ගොස් අනික් පැත්තේ ඇති කවුලුවකින් එළියට එන නිසාය. එම ක්‍රියාවලිය හොඳින් දැක ගන්න නම් ගගේ වතුර මට්ටම අඩු විය යුතුයි. අනික් වෙලාවට මේ සියල්ල වතුරෙන් යට වන නිසා මෙම දර්ශනය නොපෙනී යයි. මේ ගඟ පතුලේ ගං ළිං විශාල ප්‍රමාණයක් තිබේ.”
රි‍සි‍සේ පිරිසිදු මිරිදිය ජලයෙන් නා ගෙන, මෙතනදීම අප හෝ ගැමියන් පිළියෙල කර දෙන ආහාර පාන රස විඳ, ගල් තලාවේ සැතපෙන ඔබට රාත්‍රී කාලය ළඟා වන විට අට්ටාලයට නැගීමට අණ ලැබෙන්නේ මේ ප්‍රදේශයට රන්දෙනිගල වන රක්ෂිතයේ නිදහ‍සේ සැරිසරන අලි ළඟා වන නිසාය.

මේ ගගේ එක් පසෙක අලි නිදහෙස් ජීවත් වන අතර අනෙක් පස අපේ ගැමියෝ කුඹුරු කොටාගෙන, අල, බතල සහ එළවළු වගා කරගෙන සතුටින් ජීවත් වෙති. අපේ රටේ මෙවන් සාර්ථක සහජීවනයක් දක්නට ලැබෙන්නේ ද ඉතා කලාතුරකිනුයි.

මෙයට ගඟ දිගේ ඉඳිරිකර ඇති විදුලි වැටෙන් ලැබෙන පිටුවහල කියා නිම කළ නොහැකියි.

ගඟට සමාන්තරව තවත් පහළට පියනගද්දී ගඟ හරහා යාමට ඉදිකළ අත්වැල් පාලමට ළඟා විය හැකිය. එතනින් කන්ඳකැටියට (බදුල්ල දිස්ත්‍රික්කය) ඉතාමත් කිට්ටුයි. මේ පහළ ප්‍රදේශය ‘බොලගන්දාවෙල’ නමින් හැඳින්වෙයි. මෙහි ඇත්තේ දුටුවන් ‍සිත් පැහැරගන්නා සුන්දරත්වයකි.
වලපනේ නගරයට සහ සංචාරක හෝටලයට ඉතාමත්ම ආසන්නයේ පිහිටා ඇති තවත් ආකර්ෂණීය ස්ථානයක් ඇත. ඒ ජපන් සාම චෛත්‍යයයි. කන්දක උඩ ඉදිකර ඇති මේ චෛත්‍යයට ළඟාවීමට කිලෝ මීටර් භාගයක පමණ දුරක් පයින් ගොස් ගල් පඩි 400 ක් පමණ නැඟිය යුතුය. මේ දුරම ත්‍රීරෝද රථයකින් හෝ වෙනත් වාහනයකින් විනාඩි 10 කට අඩු කාලයකින් ගමන් කර එහි ළඟා වීමටත් ඔබට පුළුවන්.

ලංකාවේ ජපන් චෛත්‍යය හයක් 1984  වසරේ දී ඉදි කෙරුණු අතර මේ ස්ථානයේ පිහිටීම සහ සුන්දරත්වය මෙය ඉදිකිරීමට හේතු වූවා නොඅනුමානය. ඉහළින් දිස්වන කඳුත්, පහළින් දිස්වෙන වලපනේ නගරයත්, ඈතින් දිස්වන රන්දෙනිගල ජලාශය සහ තේ වතු ආදියත් මේ ස්ථානයේ ඇති නිස්කලංක පරිසරයත් සංචාරක ඔබේ සිත පිනවනු ඇත.

jp

ජපන් ජාතික ස්වාමීන් වහන්සේ මෙහි වාසය කරන දිනවල උදේ පාන්දරින් රබාන වයන්නා සේ වටාපතකට වැනි යමකට තාලයට ගසමින් ගාථා කියමින් වලපනේ නගරයට පිඬු සිඟා වඩිති. මෙය දන්නා නගරවාසීන් හීල් දානය සූදානම් කර පිළිගන්වන්නේ සැදැහැ සිතිනි.
පුංචි ලෝකාන්තය පිහිටා‍ ඇත්තේ වලපනේ නගරයට කිලෝ මීටර් කිපයක් ඈතිනුයි. මෙම ස්ථානය හෝටන් තැන්නේ පිහිටි ලෝකාන්තයේ කුඩා ආකෘතියක් ලෙසද දිස්වෙන අතර මේ ස්ථානයට ළඟා වීමට විශේෂ ආයාසයක් දැරීමටද අවශ්‍ය නැත. ත්‍රීරෝද රථයකින් හෝ ඔබ ගමන් කරන වාහනයෙන් මෙතැනට ළඟා විය හැකිය.

මෙම පුංචි ලෝකාන්තය හෝටන් තැන්නට යා නොහැකි අයටත් ලෝකාන්තය දැකීමට ලැබෙන කදිම අවස්ථාවකි. මෙහි සිට ඈත බලන ඔබේ  දසුන මීදුමෙන් වැසී යාමට ඇති ඉඩ කඩද සාපේක්ෂව අඩුය.

මෙතැන් සිට පහළ බලන ඔබට සරුසාර මිටියාවතක් ඈතින් දිස්වේ. ‘ඉතා සමීපයට යාම අනාරක්ෂිත නිසා ඔබ ප්‍රවේශම් විය යුතුය.’

ඈත ක්‍ෂිතිජයේ දිස්වන කොල පාටින් වැසුණු කඳු වැටි ඔබ මවිත කරනු  ඇත. ඔබට අවශ්‍ය නම් ඒ ප්‍රදේශවලට ඔබව රැගෙන යාමට පහසුකම් සලසාදිය හැකිය. ඔබ කළ යුත්තේ ඔස්ලින්ක් හොටෙල් ආයතනයෙන් හෝ ගම්වැසියන්ගෙන් ඉල්ලා සිටීම පමණි.
මේ ලිපිය කියවන ඔබ තේ කෝප්ප කීයක් බී ඇත්දැයි මම නොදනිමි. එහෙත් ඔබ කවදා හෝ තේ කර්මාන්ත ශාලාවක ඇතුලේ තේ කොළ නිෂ්පාදනය කෙසේ සිදුවේ දැයි දැක බලාගෙන අත්දැයි ඇසීමට මට සිතේ. එසේ නැත්නම් “ලවර්ස් ලීප්” තේ  කර්මාන්ත ශාලාව ඒ වැඩේට කියාපු තැනකි. තේ දලු නෙලීමේ සිට තේ කොළ වර්ග කිරීම සහ පැකට් කිරීම දක්වා වූ සියලුම පියවරවල් විස්තරාත්මකව දැකගැනීමට මේ ස්ථානයේ කාර්ය මණ්ඩලය විසින් සියලු පහසුකම් සපයා ඇති බව ඔබට දක්වනු කැමැත්තෙමි.

මේ ස්ථානය ‘ඔස්ලින්ක්’ හෝටලයට කිලෝමීටර් 10 ක පමණ දුරකින් පිහිටා ඇති නිසා ළඟාවීමත් පහසුය.
වලපනේ කේන්ද්‍රකොට බොහෝ ආකර්ෂණීය ස්ථාන පිහිටා ඇති බව කඳුකරයේ සිතියමක් දෙස විමසිල්ලෙන් බලන ඔබට පෙනෙනු ඇත. (පහතින් ඇති සිතියම බලන්න) මෙහි සිට පැය එකහමාරක් පමණ දකුණු දිශාවට ගමන් කරන විට මහනුවරටත්, එම කාලයම නැගෙනහිර දිශාවට ගමන් කරන විට බදුල්ල දිස්ත්‍රික්කයේ දුන්හිඳ දිය ඇල්ල පිහිටි ප්‍රදේශයටත් ගමන් කළ හැකිය. එසේම වලපනේ සිට උතුරු දිශාවට ගමන් කරන විට පැයකට අඩු කාලයකින් නුවරඑළියට ළඟා විය හැකිය. මෙහි සිට නිරිත දිශාවට යනවිට මහියංගනයට යාමට ගතවන්නේ ද පැයකට අඩු කාලයකි. මහියංගනයේ සිට අපේ ආදිවාසීන් වෙසෙන දඹානට යාමට ගතවන්නේ පැය භාගයක් වැනි කාලයකි.
රන්දෙනිගල ජලාශයත් ඒ ආශ්‍රිතව ඇති වන සංරක්ෂිතය සහ වනජීවි ඒකකයත් වලපනේ ප්‍රදේශයේ ඇති සුන්දර ස්ථාන අතර සුවිශේෂ ස්ථානයක් ගනී. ජලාශයේ දිය නෑම, බෝට්ටු පැදීම, ආදී කටයුතක් වනසංරක්ෂිතයේ පක්ෂීන් ගවේෂණය කිරීම, වල් අලි නැරඹීම  සංචාරක ඔබට ලැබෙන අවස්ථායි.

මෙම ස්ථානය පසුකර බදුල්ල දෙසට ගමන් කිරීමේ දී දුන්හිඳ දිය ඇල්ලට පිවිසෙන ස්ථානයට ළඟා විය හැකි අතර එතැන් සිට කිලෝමීටර් දෙකක පමණ දුරක් කැලෑව ඇතුලට පියමන් කරන ඔබට දිය ඇල්ලට ළඟාවිය හැක. මේ මාර්ගයේ තැනින් තැන කුඩාවට තැණුනු ගිමන් නිවන ස්ථාන ඇති අතර එහි ඇති වෙළඳසල්වල ගෙදර හදපු සිංහල කෑම වර්ග පලතුරු සහ නොයෙක් වර්ගයේ බීම වර්ග අලෙවි කෙරේ. මෙම අඩිපාර වැටී ඇත්තේ විශාල ගස් වැල් වලින් වැසුණු වනාන්තරය මැදින් නිසා ගමන්  විඩාව තදින් දැනීමට ඉඩ කඩ ද අඩුය. මෙසේ ගොස් ළඟා වන දිය ඇල්ල ඉතාම මනස්කාන්ත එකක් වන බැවින් ඔබ සතුටින් උද්දාමයට පත්වනු ඇත.

මේ ස්ථානයට පිවිසෙන තැන සිට බදුල්ල නගරයට ඇත්තේ කිලෝමීටර් 15 ක පමණ දුරකි. බදුල්ලේ සිට ඇල්ලට පැය භාගයකින් පමණ ළඟාවිය හැකි අතර බදුල්ල සිට බණ්ඩාරවෙලට යාමට ගතවන්නේ පැයකට අඩු කාලයකි. එතැන් සිට හපුතලේට ද පහසුවෙන් ළඟාවිය හැකිය.

වලපනේ, රන්දෙනිගල, බදුල්ල, වැලිමඩ, නුවරඑළිය හරහා නැවත වලපනේට ළඟා වීමට පුලුවන.

වලපනේ සිට ලෝක ප්‍රසිද්ධ ආරුගම්බේ (Surfing Beach) ජල ක්‍රීඩා කරන ස්ථානයට යාමට ගත වන්නේ පැය තුන හමාරකි. මේ මාර්ගය මහියංගනය, බිබිල, මොණරාගල හරහා වැටී ඇති අතර බොහෝ සංචාරකයින් මේ මාර්ගයට වැඩි කැමැත්තක් දක්වන බව පෙනේ. මේ ප්‍රදේශවල ගමන් මාර්ග හොඳින් සකසා ඇති බැවින් ඉක්මණින් හා පහසුවෙන් ගමනාන්තයට ළඟා වීමට හැකිය.

වලපනේ සිට නුවරඑළියට යන මාර්ගය රාගල සහ කඳපොල හරහා වැටී ඇති අතර මේ යන ගමනේදී ඔබට තේ වතු, තේ කර්මාන්ත ශාලා, විශාල පරිමාණයේ එළවලු වගාවන් මෙන්ම ඈතින් දිස්වන කඳුවැටි, ජලාශ සහ අනෙකුත් ජෛව විවිධත්වයන්ද දැක ගත හැකිවේ. මේ මාර්ගය ද හොඳින් සකස් කර ඇති නිසා ගමනද පහසුය.

වලපනේ සිට කදු නැග කඳපොලට පිවිසෙන ඔබට ශිත සුළඟ ඇඟ දැවටෙන බව එකවරම දැනෙන්නට පටන් ගනී. මේ ශීතල ඇඟ‍ට සුවදායක මුත් එය දවස මුලුල්ලේම විඳීමට අකමැති අයෙකු නම් ඔබ පෙරලා වලපනේට පැමිණ රාත්‍රී කාලය ගත කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ‘ඔස්ලින්ක්’ හෝටලයේ ඇති බව ඔබට මතක් කර දීමට කැමැත්තෙමු.

ඔබේ විනෝදාංශය කඳු නැඟීම නම් වලපනේ ඔබේ අංක එකේ තේරීම කරගන්න. ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක කඳු තරණයක පහසුකම් සැලසීමට ඔබෙන් අපට අවශ්‍ය වන්නේ කල් ඇතිව කෙරෙන ඉල්ලීමක් පමණි.

ඔස්ලින්ක් හෝටලයේ නතරවන ඔබට . නුවරඑළිය දිස්ත්‍රික් කාය සංවර්ධන සමිතියේ සභාපතිවරයාගේ විශේෂ උපදේශකත්වය යටතේ පවත්වාගෙන යන කාය සංවර්ධන වැඩමුලු වලට සහභාගී වීමටත් අනෙකුත් කායවර්ධන ව්‍යායාම් වල යෙදීමටත් අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ‘ඔස්ලින්ක්’ හෝටලයේ ‘ජිම්’ එක විවෘතව පවතී.

කඳු වලල්ලකින් වටවූ සදාහරිත නිම්නයක් වන වලපනේ ප්‍රදේශයට ඉතා ප්‍රසන්න කාලගුණයක් අවුරුද්ද මුලුල්ලේම පවතින අතර දවල් කාලයේ දී පරිසර උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 20 – 25 පමන වේ. රාත්‍රීයේ දී එය අංශක 15 ක් දක්වා පමන පහළ බසී. මැසි මදුරු හා අනෙකුත් කෘමි උවඳුරු මේ ප්‍රදේශයට ආවේනික ලක්ෂණයක් නොවේ.

තවත් තොරතුරු බලාපොරොත්තු වන්න

 
IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1601

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 2684

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 1904

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1673

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 2163

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 3363

Please publish modules in offcanvas position.