Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඉන්දීය ටෙලි නළුවෙකු තමන්ට පෙම් කරන බව සිතූ යුවතියක්

‘අනේ නිමේෂා මට කාටවත් කියා ගන්න බැරි දෙයක් තියනවා; එක අතකට ඒක නොකියත් බැහැ. මම හිතනවා මම තවදුරටත් මේක හංගාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ කියලා”
දිනක් කාර්යාලයේ කෑම විවේකයේ දී උපුලී තම සමීපතම  මිතුරිය වන නිමේෂාට එසේ කීවාය. 
“මට දැන් ටික දවසක ඉඳලා තේරෙනවා අර ටෙලි ඩ්‍රාමා එකේ ඉන්න අභිජිත්ගේ හිතේ මං ගැන ලොකු ආදරයක් තියනවා ඇති කියලා” උපුලි එසේ කියත්ම නිමේෂා පුදුමයෙන් පුදුමයට පත්විය. උපුලි මෙලෙස පවසනුයේ මේ දිනවල අපගේ රූපවාහිනී චැනලයක් මගින් ප්‍රචාරය කෙරෙන සිංහල හඬ කැවූ ඉන්දීය ටෙලි නාට්‍යයක නළුවෙකු පිළිබඳවය. 
“ඉතින් කොහොමද උපුලී එහෙම දෙයක් වෙන්නේ ? ඒක හීනෙකින්වත් හිතන්න බැරි දෙයක්නේ”
නිමේෂා කීයේ උපුලී කී දේ අගක් මුලක් තේරුම් ගැනීමට නොහැකිවය. “මටත් ඒක කොහොමද වෙන්නේ කියලා නම් තේරෙන්නේ නැහැ නිමේෂා; ඒත් ඒක සහතික ඇත්තක්. අනික මං මොකටද ඒ වගේ දෙයක් ගැන බොරු කියන්නේ”
උපුලි කීයේ නිමේෂා තවදුරටත් අන්දමන්ද කරවමිනි. 
“හොඳයි එහෙනම් කොහොමද කියන්නකෝ ඔයාට ඒ වගේ දෙයක් වැටහුණේ” අනතුරුව එම විස්මය අතුරින් නිමේෂා උපුලිගෙන් අසා සිටියාය. 
“මේ ලෝකේ සිද්ධ වෙන හැම දේකටම පැහැදිලි හේතු  දක්වන්න බැහැ නිමේෂා; සමහරවිට මේක සංසාර පුරුද්දක් වෙන්න පුලුවන්. කොහොම නමුත් මට දැන් හොඳටම තේරෙනවා නිමේෂා එයාගේ හිතේ වෙන කා ගැනවත් නැති ආදරයක් මං ගැන තියන බව” උපුලි එසේ පවසන විට තම ඉවසීමේ සීමාව ඉක්මවා යන බව නිමේෂාට වැටහිණ. 
“මං මෙහෙම ඇහුවට තරහා වෙන්න එපා. එතකොට ඔයා හිතන්නේ ඔයා ගැන එයාගේ හිත යන්න ඇත්තේ කොහොම කියලද?” නිමේෂා එසැනින් ඇසුවාය. 
“ඒක මට හරියටම කියන්න බැහැ. හැබැයි මම මීට අවුරුද්දකට විතර කලින් එයාගේ එෆ්බි ෆෑන් පේජ් එකට ලයික් එකක් දැම්මා; සමහරවිට ඒකෙන් පස්සේ එයා මගේ එෆ්බි එකට යන්න ඇති” උපුලි කීවාය. 
“එතකොට එයා ඔයාගේ එෆ්බි ෆේ‍රන්ඩ් කෙනෙක්ද?” නිමේෂා යළි ඇසුවේ උපුලිගේ මෙම අසාමාන්‍ය ප්‍රකාශය තුළින් කිනම් හෝ විශ්වාස කළ හැකි තොරතුරක් ලබා ගැනීම පිණිසය. 
“මොනවද අනේ ඔයා අහන ප්‍රශ්න ? තමන්ගේ හිත යන හැම කෙනෙක්ම එෆ්.බි  ෆේ‍රන්ඩ් කෙනෙක් කරගන්න ඕනේ කියලා නියමයක් නෑනේ නිමේෂා” තම මිතුරියගේ ප්‍රකාශයෙන් මඳක් කෝප ගැන්වුණු උපුලි කීවාය. 
ඒ කෙසේ හෝ සිංහල හඬ කැවූ ඉන්දීය ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන එම නළුවා පිළිබඳව උපුලි දිගින් දිගටම කරුණු කියන්නට වූ අතර මහේෂි ඒවා අසා සිටියේ විස්මයෙන් පුළුල් කරගත් දෙනෙතින් යුතුවය. එහිදී ඇය තවදුරටත් කියා සිටියේ එම නළුවා ටෙලි නාට්‍යයක පෙනී සිටින විට ඔහුට ඒ තුළින් තමන් නිවසේ රූපවාහිනිය නරඹන අන්දම පවා හොඳින් දැක බලාගත හැකි බවය. එසේ සිදුවනුයේ කෙසේදැයි තමන් හට නොවැටහෙන නමුදු එය එලෙසින්ම සිදුවන බව සහතික යැයි උපුලි කියා සිටියාය. එහෙත් ඇගේ මෙම සිතුවිලි අතිශයින් අස්වාභාවික බව වටහා ගත් මහේෂි උපුලිගේ වැඩිහිටියන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ විට ඔවුන් කියා සිටියේ උපුලි තුළ පවත්නා මේ අසාමාන්‍යතාවය තමන්ටද හොඳින් වැටහී ඇති බවය. 
කෙසේ හෝ උපුලී මේ සම්බන්ධයෙන් මනෝ වෛද්‍යවරයකු හමුවීමට කැමැත්ත පළකරන ලද්දේ දෙමාපිය වැඩිහිටියන්ගේ දැඩි පෙරැත්තය මතය. මෙහිදී උපුලිගේ විස්තරය හොඳින් අසා සිටි මනෝ වෛද්‍යවරයා මෙය ආදර මෝහය (ච්ඥතභඵඪධදඵ ධට තධමඥ) නම් රෝගය බව නිශ්චය කළේය. තමන්ට කිසිවකු ආදරය කරන බව ප්‍රකෘති නොවූ නිර්ණායක ඔස්සේ නිගමනවලට එළැඹීම මෙම රෝගයේ ප්‍රධානතම ලක්ෂණය බවත් එම තත්ත්වය දුරලීම පිණිස ඖෂධ ප්‍රතිකාර අවශ්‍යම බවත් පෙන්වා දුන් මනෝ වෛද්‍යවරයා ඉන්පසුව උපුලි ඥානක චර්යාත්මක චිකිත්සාවන් වෙත යොමු කළ යුතු බව පැවසීය. ඒ කෙසේ හෝ මාස කිහිපයක් අඛණ්ඩව ඖෂධ සහ ඥානක චර්යාත්මක චිකිත්සාවන් ලබාගත් උපුලී මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති අතර ඇය අද වන විට සුදුසු පෙම්වතකු ඇසුරු කිරීමද ආරම්භ කොට තිබේ. එමෙන්ම ඇය ඉන්පසු දිනයක එම මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණ කියා සිටියේ තම සිත තුළ පැවැති එම වැරදි විශ්වාසය මත තමන් දැඩි මානසික පීඩනයකින්  සිටි අතර දැන් ඉන් තමන් මුළුමනින් අත්මිදී සිටින බවකි. 
 
ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් අනාවරණය කරයි 
 
සටහන දමයන්ති ගමගේ 
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1504

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1337

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1419

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1582

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7753

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5133

Please publish modules in offcanvas position.

X

Right Click

No right click