Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ආදරය කරන පිරිමින්ගෙන් පළිගත් ගැහැනියක්

හතලිස් පස් වියැති මේනකා පෞද්ගලික සමාගමක විධායක නිලධාරිනියකි. වරක් බැලූ අයෙකු නැවත වරක් හැරී බලන අන්දමේ රූසපුවකින් යුතු ඇය සමාජ කුසලතා ආදියෙන්ද ඉතා යහපත් මට්ටමක පසුවූවාය.

එහෙත් මේ වන විටත් මේනකා විවාහ නොවී සිටීම බොහෝ දෙනෙකුගේ කුතුහලයටත් විමතියටත් හේතුවී ඇත. ඇගේ සේවා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සේම ඇයට වඩා වයසින් අඩු තරුණ නිලධාරීන්ගෙන්ද ඇය වෙත යොමුවන ප්‍රේමාරාධනා සහ විවාහ යෝජනා වල නිමක් නැත.

එහෙත් එවැන්නවුන් සමඟ කෙටි කලක් ඇසුරු කරන මේනකා හිටි හැටියේ ඔවුන් අතහැර දමන්නීය. එහෙත් ඇය සමඟ ඇසුරුකොට එක්වරම ඇගෙන් වෙන්වන කිසිවකුත් ඊට හේතු නොකියති. නමුදු මේනකාගේ සමීපතම මිතුරියක වූ මහේෂිට හමුවූ එම ආයතනයේ වෙනත් ශාඛාවක සේවය කරන නිලධාරියෙකු මහේෂි හමුවේ මේනකා පිළිබඳව මෙම රහස් තොරතුරු අනාවරණය කළාය.

මේනකා කියන්නේ මහා පුදුමාකාර ගෑණියෙක්. මීට අවුරුදු දහයකට විතර කලින් ඔය මේනකා ගැන මගේ හිතේ ආදරයක් ඇති වුණා. ඊට පස්සේ මම ඒබව කිව්වම මේනකා වැඩි ගණනකට ගත්තේ නැහැ. ඒත් පහුවෙනකොට මේනකා මගෙත් එක්ක සම්බන්ධයක් ඇතිකරගන්න කැමති වුණා. කොහොම වුණත් මට මුලදිම තේරුණා එයාගෙ හිතේ මං ගැන විශේෂ කැමැත්තක් නැති බව. මම එයාට කිට්ටුවෙන්න හදන හැම වෙලාවකම එයා මාව පුදුම විදිහට රිද්දවන්න පටන් ගත්තා. දවසක් අපි දෙන්නා නුවර යන්න කතා කරගත්තා. ඒත් නියමකරපු දවසේ නියම වෙලාවට මේනකා ආවේ නෑ. එයා ෆෝන් එකට ආවෙත් නැහැ. කොහොම හරි එදා මම පුදුම විදිහට රස්තියාදු වුණා. පහුවෙනිදා ඔෆිස් ඇවිල්ලා මේනකාගෙන් ඇහුවා ඇයි ඔයා මට අරවගේ වැඩක් කළේ කියලා. එතකොට මේනකා කිව්වා ඊයෙ නම් මට කොහොමත් එන්න බෑ අපේ අක්කගෙ දුවගෙ බර්ඩ්ඩේ පාටිය තිබුණෙ ඊයේ කියලා. එතකොට මට හොදටම කේන්ති ගියා. එතකොට මං ඇහුවා එහෙනම් ඇයි ඔයා මට අරවගේ පහත් වැඩක් කළේ කියලා. එතකොට එයා හිනාවෙලා කිව්වා මම ඔයාට නුවර යන්න එනවා කිව්වෙ ඊයෙද මම හිතුවෙ අපි දාගත්තෙ ලබන සති අන්තෙ කියලනෙ. පස්සෙ මං දැනගත්ත විදිහට මේනකා පිරිමි එක්ක ආශ්‍රය කරන්න කැමති නෑ. එහෙම ආශ්‍රය කරන්න එන අයගෙන් සියුම් විදිහට පලි ගන්නවා. ඒක එයාගේ මානසික අසාමාන්‍යතාවයක්.

මේනකාගේ පැරණි පෙම්වතා කී අන්දමට එක්තරා දිනයක මහේෂි මේනකාගෙන් මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසා සිටියාය. එවිට ඇය කියා සිටියේ තමන්ගෙන් ආදරය ඉල්ලා කරදර කරන පිරිමින් ගැන තම යටි හිතෙහි කෝපයක් වැනි හැඟීමක් ඇතිවන අතර එය මුල්කොට ඔවුන්ගෙන් පළිගැනීමට තමන් පෙළබෙන අතර එය මුල්කොට ඔවුන්ගෙන් සියුම් ලෙස පළිගැනීමට තමන් පෙළඹෙන බවය. කෙසේ හෝ මේ තත්ත්වය යටතේ තමන්ට කිසිදා විවාහයක් ‍කරගත නොහැකි බවද ඇය පිළිගත්තාය.

 පසුව මේනකා  මනෝ‍ වෛද්‍යවරයෙකු හමුවූයේ තම මිතුරිය මහේෂිගේ බලවත් ඉල්ලීම ද පෙරදැරිකරගනිමිනි. එහිදී මේනකා ගෙන් එම තත්ත්වය පිළිබඳ කරුණු විමසා සිටි මනෝ වෛද්‍යවරයා මෙය ඇගේ ජීවිතයේ කිනම් හෝ අවස්ථාවක පිරිමින් පිළිබඳව හටගත් ‍ද්වේශයක් සිත තුළ කිදා බැසීම නිසා ඇති වූ තත්ත්වයක් බව නිගමනය කළේය.

එහිදී පිරිමි පාර්ශවය හෝ එය සංකේතනය කරන යමක් සම්බන්ධයෙන් ඇගේ යටි සිත තුළ හටගත් අවිඥානක ද්වේශය තමන්ට සමීපවන පිරිමින් වෙතින් එළි දැක්වීමක් ලෙස වෛද්‍යවරයා විසින් මෙය වටහා දෙන ලදී.

මෙය පරපීඩන කාමුකත්වය (Sadism)  අනුන්ට කායික මානසික තාඩන පීඩන කිරීමෙන් තෘප්තිමත් වීමේ මානසිකත්වයක් ඇය තුළ ඇති බව නිගමනය කළ වෛද්‍යවරයා ඇතැම් විට එසේ කිරීම තුළින් ඇය තමන් කෙරෙන්ද සියුම් ලෙස පළිගැනීමක් සිදුකරනු ඇතැයි කියා සිටියේය. ඒ පර - ස්වපීඩක කාමුකත්වය (Sadomasochism) නම් රෝගයේ ලක්ෂණයක් විය හැකි බවද පවසමිනි.

මේ තත්ත්වය යටතේ ඇගේ මානසිකත්වය තුළින් එම අවිඥානක ද්වේශය ඉවත් කිරීම පිණිස වූ ඥාණක චර්යාත්මක චිකිත්සාවන් කිහිපයක් හදුන්වාදුන් වෛද්‍යවරයා තමන් කෙරෙහි ප්‍රියතාවයක් දක්වන පිරිමින්ගේ අවංකභාවය පිළිබඳ නිසි විමසුමක් කොට ඔවුන් දෙස වෙනත් මානයකින් බැලීමේ ක්‍රමෝපායන්ද ඇය වෙත හදුන්වාදෙන ලදී. ඒ අනුව තමන් තුළ පවත්තනා මෙම තත්ත්වය අස්වාභාවික බව වටහාගත් මේනකා මේ වන විට සුදුසු සහකරුවෙකු හා විවාහවීමේ සූදානමකින් පසුවන්නීය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් (M.B.B.S.) M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි.

සටහන - දමයන්ති ගමගේ

fShare
1
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1486

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1759

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3021

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1608

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1935

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3505

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click