Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සංජීව අමුතු විදියට බිරිඳ ගැන සැක කළේ ඇයි?

'කවුද දැන් මේ කාමරේ ඉඳලා එළියට දිව්වේ?'
ගෙමිදු‍ලේ සිට නිවස තුළට පැමිණි සංජීව චේතනාගෙන් ඇසුවේ මහත් කලබලයෙනි.
'කවුද දන්නේ අනේ  කිසිවක් තේරුම් ගත නොහැකි චේතනා සංජීවගෙන් අසන ලද්දේ විස්මයෙන් ඇළලී ගත් මුවින් යුතුවය.
' කවුද? උඹ මුකුත් දන්නෙම නැති තොත්ත බබානේ' ඒ මොහොතේ සංජීව කීයේ නිවසේ වහළේ උළු උඩ යන තරම් හඬ නඟමිනි. එහෙත් එසේ කාමරයේ සිට  පැන දිවු පුද්ගලයකු ගැන හෝ සංජීව විසින් තමන්ට කළ දෝෂාරෝපණය ගැන කිසිවක් චේතනාට නොවැටහිණි.
'ඇත්තටම ඔයාගේ මොළේ අමාරුවක්ද සංජීව. ඔයා චුට්ටක් කල්පනා කරල බලන්න අපි හැමෝම ගෙදර ඉන්න වෙලාවේ කවුරු හරි පිට මනුස්සෙයකුට මෙහෙ ගේ ඇතුළට රිංගන්න පුළුවන්ද කියලා. අඩුම ගාණේ කාටවත් නොපෙනී මිනිහෙකුට තියා බළලෙකුටවත් මේ ගෙට රිංගන්න පුළුවන්ද?
අවසානයේ චේතනා කීයේ කිසිවක් නොවැටහෙන අයුරිනි. එහෙත් ඉන් සංජීව සෑහීමකට පත් වූ අයුරක් නොපෙනිණි.
'හිටපන්කෝ මම ගේ වටේටම සී.සී.ටී.වී. හයි කරන්න. එතකොට මට මේ ගෙදර වෙන්නේ මොනවද කියලා හැම දෙයක්ම හරියට බලා ගන්න පුළුවන්නේ. 'එලෙස තමන්ටම රහසින් මුමුනාගත් සංජීව' හැබැයි ඊට පස්සේනම් මම උඹව ඉතුරු කරන්නේ නැහැ' යළි කීයේ චේතනා දෙස බලා දත්මිටි කමිනි.
වයස අවුරුදු විසි  නවයේදී තමන්ට වඩා දෙවසරක් වැඩිමල් සංජීව හා විවාහ වූ චේතනාගේ වයස දැන් අවුරුදු තිස් නවයක් වන අතර මේ වනවිට සංජීවගේ වයස හතළිස් එකකි. වෘත්තියෙන්  ව්‍යාපාරිකයකු වූ සංජීව මුලදී ඉතා ගුණ යහපත් චරිතයකින් යුතු අයකු වුවද දැනට මාස කිහිපයක සිට ඔහුගේ චරිතයේ සුවිශේෂ වෙනස්කම් කිහිපයක් චේතනාට දක්නට ලැබිණ. පෙර පැවැති ජීවිතයේ සැලසුම් සහගත බව නොමැති වීම ඒ නිසාම ව්‍යාපාරික කටයුතු බිඳ වැටීම එම වෙනස්කම් අතර පැහැදිලිව දක්නට ලැබිණි. එමෙන්ම කලින් මහත් සමාජශීලී බවක් පළ කළ සංජීව පසුව නිවස තුළ මුළු ගැන්වෙන අයුරක් චේතනාට වැටහිණ.
'රංජිත් දැන් ළඟකදී ඉඳලා මාත් එක්ක ලොකු තරහකින් ඉන්නේ. ළඟදීම මට මොකක් හරි ගේම් එකක් සෙට් කරයි. හැබැයි ඉතින් ඒකා එහෙම ආවොත් මමත් නිකම් ඉන්නේ නැහැ' මෑත දිනයෙක සංජීව කීයේ තම සමීපතම මිතුරකු පිළිබඳවය. එහෙත් තම පවු‍ලේ මිතුරකු වන රංජිත් එවැන්නෙකැයි චේතනාට නොසිතිණි.
මේ අතර තවත් මඳ  කලක් යනවිට තමන්ට ලැබෙන දුරකථන ඇමැතුම් සහ තමන් කතාබහ කරන වටපිටාවේ පුද්ගලයන් සම්බන්ධයෙන් සංජීව සැකමුසුව බලන අයුරක් චේතනාට වැටහිණ. එහෙත් ඒ සැකයට කිසිදු සාධාරණ හේතුවක් සොයා ගැනීමටද චේතනා අසමත් වූවාය. 
තම නිවස තුළ සැක කටයුතු පුද්ගලයකු ගැවසෙන බවට අතිශය අසාධාරණ සැකයක් සංජීවගේ සිත තුළ ජනිත වූයේ ඒ අතරය. එමෙන්ම එසේ තම නිවස තුළට නාඳුනන පුද්ගලයකු පැමිණ ඇත්තේ චේතනාගේ දැනුවත් බව මතින් යැයි පසුව සංජීව විශ්වාස කළ අතර ඒ චේතනා ඇසුරු කරන වෙනත් පුද්ගලයකු යැයිද සංජීව සැක කරන්නට  විය. ඔහුගේ ඒ සැකය තමන් ජීවිතාවදානමක යොමු කරවන්නක් බව චේතනාට වැටහෙන්නට වූයේ සංජීව තමන් කෙරෙහි අහේතුක වෛරයකින් පසුවන්නට වු බැවිනි. 
සංජීව තුළ පවත්නා මෙම අසාමාන්‍යතාව චේතනාට සේම ඇගේ මව්පියන්ට සහ සොයුරන්ටද වැටහී ගිය පසු ඒ සියල්ලන්ගේ අදහස වූයේ ඔහු මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමටය. එහෙත් මුලදී ඊට තදින්ම අකමැති වු ඔහු පසු අකමැත්තෙන් කැමැති කරවා ගැනීම චේතනා ඇතුළු ඇගේ ඥාතීහු සමත් වූහ.
සංජීව තුළ දැනට පහළ වී ඇත්තේ සයිකෝසීය ගණයේ මානසික රෝග ලක්ෂණ (Psychosls Symptons) බව හඳුනාගත් මනෝ වෛද්‍යවරයා ඔහුගේ රෝග ඉතිහාසය පිළිබඳව විවිධ කරුණු විමසන්නට විය. එහිදී ඔහුගේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳවද  කරුණු විචාරණ ලදී.
'ඩොක්ටර්' මෙයා අරක්කු වගේ දේවල්නම් බොන්නේ නැහැ. ඒත් දැන් කාලයක ඉඳලා. මෝදක කියල එක බෙහෙත් ජාතියක් ගන්නවා. ඒක මෙයාට ලැබිලා තියෙන්නේ  මෙයාගේ යාළුවෙකුගෙන්. ඒ යාළුවා කියල තියෙන්නේ  ඒ බෙහෙත පාවිච්චි කළාම පවුල් ජීවිතේ සාර්ථක වෙනව ' කියලා.?  ඉතින් කොහොම හරි ඒවාට ටිකෙන් ටික පුරුදු වුණා. ඒ පුරුද්දට දැන් අවුරුදු දහයක් වෙනවා'
චේතනා විසින් මනෝ වෛද්‍ය හමුවේ හෙළි කරන ලද එම විස්තරයට අනුව සංජීව භාවිත කොට ඇත්තේ මෝදක නමින් හැඳින්වෙන ලිංගික උත්තේජනයකි. නමුදු සිරුරේ මධ්‍ය ස්නායු පද්ධතියට හානි පමුණුවන ගංජා ආදියෙන් සකසා ඇති ඒවා භාවිතය පසුව ඇබ්බැහියාවක් බවට පත්වන අතර එමගින් ඇතිවන අතුරුඵල අතර සයිකෝසීය මනෝ රෝගද ප්‍රධාන තැනක් ගන්නා බව පැවසූ මනෝ වෛද්‍යවරයා සංජීව එම මත්ද්‍රවයෙන් මුදවාගෙන ඔහුගේ මනස යථා තත්ත්වයට පත් කරවන ඖෂධ වර්ග නියම කළේය. පුරා දසවසරක් සංජිව තුළ පැවැති එම මත්ද්‍රව්‍ය ලෝලී බව සහ ඉන් ඇති වූ මානසික රෝග ලක්ෂණ ඔහු කෙරෙන් දුරු වූයේ ඉන් අනතුරුවය.
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් (M.B.B.S.) M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි.
 
සටහන - දමයන්ති ගමගේ 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1846

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3269

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9034

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4684

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4849

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6576

Please publish modules in offcanvas position.