Coss Ear2
lakbima.lk
COSS Ear 1

පිටසක්වල ආක්‍රමණයන් ගැන බිය වූ යුවතියක්

පසුගිය දහ නවවනදා අලුයම වෙනදා මෙන් ප්‍රබෝධයෙන පිබිදීමේ හැකියාවක් හංසනී තුළ නොවිණි. ඊට හේතුව පෙරදා රාත්‍රියේ එක් මොහොතක්වත් නින්ද නොගිය බැවිනි.  එමෙන්ම තම සිරුර උණ ගතියකින් පෙළෙන්නාක් මෙන්ද හංසනීට දැනිණ.
සාමාන්‍යයෙන් පසුගිය කාලයේ තරමක උදේ‍යා්ගයෙන් යුතුව රැකියාවට ගිය හංසනීට මෙවන් අපහසුවකට මුහුණපෑමට සිදු වූයේ පෙරදා රාත්‍රී පිටබැද්දර ප්‍රදේශයේ වෙසෙන ඇගේ මිතුරියක දුන් දුරකථන ඇමැතුමක් නිසාය.
‘අනේ හංසනී දැන් ටිකකට ඉස්සරවෙලා අපේ පැත්තේ අහසෙන් මහ අමුතුම සද්දයක් ඇවිත් ඒ එක්කම ලොකු එළියකුත් පැතිරිලා ගියා. මට හිතෙනව අර ඔයා හැම තිස්සෙම  කියනව වගේ පිටසක්වල ජීවීන් අපේ  පෘථිවිය ආක්‍රමණය කරනවාද කියලත්. ඔයාලත් දැක්කද ඒ වගේ අමුතුම එළියක්. ලොකු සද්දෙකුත් එක්කම. දුරකථනයෙන් නැගුණු මිතුරියගේ එම ප්‍රකාශය  
ළමැදට  වැදුණු හී පහරක් මෙන් හංසනීට තදින්ම දැනුණි. ඊට හේතුව වූයේ පිටසක්වල වෙසෙතැයි පැවැසෙන  පෘථිවියේ ජීවත්වන මිනිසුන්ට වඩා ප්‍රබල ජීවීන් පිරිසක් විසින් කිනම් හෝ මොහොතක පෘථිවිය ආක්‍රමණය කරනු ඇතැයි යන භීතිකාවය. ඒ අනුව මිතුරිය විසින් එලෙස අනතුරු අඟවන ලද්දේ  තම ජීවිතයට සේම මුළුමහත්  ලෝකයටම සිදුවිය හැකි බිහිසුණුම නස්පැත්තිය පිළිබඳව යැයි හංසිනීට සිතිණ. ඒ අනුව එම ‘බිහිසුණු පුවත’ කණ වැකුණු සැනින් මුළු ශරීරයම දරඳඩු වන්නාක් මෙන් හංසිනීට  දැනුණු අතර ඉන්පසු එක දිගට කිහිප වරක්ම වැසිකිලි යාමේ අවශ්‍යතාවයක්ද  ඇයට දැනිණ. 
‘මට නම් හිතන්නෙම ඔය පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයක් කියලා. දැන් අපි මොකද කරන්නේ? කාටද කියන්නේ? ඉන්පසු හංසනී තම මවට එසේ කන්කෙඳිරි ගාන්නට වූවාය.
‘ඕක ඉතින් ඔයා හැමදාම කියන විකාර කතාවක්නේ දුවේ. අනික එහෙම දෙයක් තියනවානම් ටී.වී රෝඩියෝවල හරි කියනවනේ. ඒ හින්දා  ඔය බොරු මනස්ගාත ඔළුවෙන් අයින් කරගෙන ගිහින් නිදාගන්න. අවසානයේ හංසනීගේ මව ඇයට තරවටු වශයෙන් කීයේ තම දියණියගේ සිතුවිලිවල කිසියම් අසාමාන්‍ය බවක් ඇතැයි යන්න මනාව වටහා ගනිමිනි.
 එහෙත් එම අතිශය පීඩාකාරී සිතුවිල්ල මනැසේ දරාගෙන නිදි යහනට පිවිසි මුත්  එදින  රෑ  තුන්යම පුරාවට හංසිනීට නින්දක් නොවීය. එමෙන්ම රැයේදී ඇති වූ මානසික පීඩාවට  අමතර තියුණු කායික පීඩාවක්ද තමන් වෙත එළැඹී ඇති බවකඇයට හැගිණ. පසුදා හිමිදිරිය වනවිට ඇයට රැකියාව පවා මුළුමනින්ම එපා වී තිබුණේ එම තත්ත්වය යටතේය.
ඒ කෙසේ හෝ එලෙස රාත්‍රියේ මහත් ආලෝකයක් නංවමින් පුපුරා යන ලද්දේ අභ්‍යවකාශයෙන් පැමිණි උල්කාශ්මයක් බව සැක කෙරෙන වගක් පසුදා දහවල් වනවිට මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණ.  එහෙත් ඒ බව පිළිගැනීමට සුදුසු මානසිකත්වයක් හංසිනී තුළ නොවීය. ඒ නිසාම ඇගේ ෙදෙනික චර්යාව මුළුමනින් වෙනස් වූ අතර සිත තුළ රජයන භීතිය නිසා නිවසින් පිටතට පැමිණීමට පවා හංසිනී අකමැති වූවාය.
අවසානයේ හංසිනී තුළ පවත්නා මෙම දැඩි මානසික පිඩනය නිසාම මවගේද පෙළැඹවීම මත ඇය මනෝ වෛද්‍යවරයකු වෙත යොමු වූවාය. 
මේ වගේ දේවල් යම් යම් පුද්ගලයන්ගේ පෞරුෂ, මානසික සාධක, මානසික අර්බුද වගේම මානසික රෝග නිසාත් ඇති වෙන්න පුළුවන්. හංසනී පරීක්ෂා කළ මනෝ වෛද්‍යවරයා කීය.
සමහරුන්ගේ පෞරුෂ ලක්ෂණවලට අනුව මනැස තුළට ඇතුළුවෙන හැඟීම් ආවේග සම්බන්ධයෙන් අතිශය සංවේදී වෙනවා. උදාහරණයක් හැටියට ඒ වගේ කෙනෙක් කවුරුන් හරි එක්ක තරහ වුණොත් ඒ තරහ වුණු තැනැත්තාව පෙන්නන්නම බැරුව යනවා. ඒ වගේ තමයි පිටසක්වල ජීවීන් මේ ලෝකේ ආක්‍රමණය කරන්න පුළුවන් කියා විශ්වාසය දැඩිව හිතේ ධාරණය කරගෙන ඉන්න කෙනෙක් ඔය විදියේ ආරංචියකින් බරපතළ විදිහට   කැළඹෙන්න පුළුවන්. වෛද්‍යවරයා කීය. ඒ වගේම මොකක් හරි හදිසි ආපදාවකින් බරපතළ විදිහට මානසික කම්පනයක් ඇති වුණු කෙනෙකුට පසුකාලීනවත් මානසික අර්බුදයක් විදිහට පැන නගින්නට පුළුවන්. ඒක අපි හඳුන්වන්නේ පශ්චාත් 
ක්ෂනික ආතති ආබාධය (Past traumatic stress disorder) කී මනෝ වෛද්‍යවරයා පසුව මෙසේද කීය.
‘ඔය අතරේ සමහරුන් යම් යම් දේවල් ගැන දරන වැරදි විශ්වාස මුල් කරගෙන ඇතිවන මෝහාබාධ  ( deluslonal disorder) නම් රෝග තත්ත්වය නිසාත් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ රෝග තත්ත්වයේදී වුණත් මේ වගේ ආරංචි මාධ්‍ය මගින් පැතිරෙන කොට ඒ රෝග තත්ත්වය උග්‍ර අතට හැරෙන්න පුළුවන්.  මීට අමතරව  භින්නෝන්මාදය (Schizophrenia) වගේ සයිකෝසීය රෝගවලදීත් මේ වගේ වැරදි විශ්වාස (Delusion) සිතේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඒවගේ අයගේ හිත් ඇතුළේ පිටසක්වල ජීවීන්ගේ රුප මායාත්මක  (Illusion) සහ භ්‍රාන්ති (hallucination) වශයෙනුත් මැවී පෙනෙන්න පුළුවන්. 
කෙසේ හෝ මෙහිදී හංසිනී තුළ වූයේ කුඩාකල විද්‍යා ප්‍රබන්ධ ආදිය කියැවීමේදී දැන ගන්නට ලැබුණු පිටිසක්වල ජීවීන් පෘථිවිය ආක්‍රමණය කළ හැකිය යන මනඃකකල්පිතය යථාර්ථවාදයක් බවට පත්කර ගැනීම නිසා මනැසේ පැලපදියම් වූ අනිසි බියක් බවත් ඊට  හංසනීගේ ලද බොළඳ පෞරුෂය ඉවහල්වී ඇති බවත් තීරණය කළ මනෝවෛද්‍යවරයා ඥනක චර්යාත්මක ප්‍රතිකාර ( Cpgnitive behviour therapy) නියම කරන ලද අතර ඒ වනවිට පැන නැගී තිබූ විශාද රෝග (Depression) තත්ත්වය සඳහා ඖෂධීය ප්‍රතිකාරද නියම කරන ලදී.
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් (M.B.B.S.) M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි
 
සටහන - දමයන්ති ගමගේ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 746

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 356

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3458

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1959

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3953

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5042

Please publish modules in offcanvas position.