Coss Ear2
lakbima.lk
COSS Ear 1

විශාඛාවගේ නංගී ඉපදිලා

විශාඛා මහෝපාසිකාවගේ නංගී ඉපදිලාලු. පාසල් ගුරුවරියක වන අමාලිට මීට මාස කිහිපයකට ඉහත එම ප්‍රවෘත්තිය අසන්නට ලැබුණේ එම පාස‍ලේම ගුරුවරියකගෙනි.‘ ඒ මොන බහුබූත කතාවක්ද? කොහොමද අපි එහෙම කියන්නේ2’ අමාලි ඇසුවේ විස්මයෙනි.
‘අපි දන්න තරමින් නම් විශාඛා මහෝපාසිකාවට සහෝදරියක් හිටියා කියලා බණ ‍පොතකවත් නෑ’
එහි සිටි තවත් ගුරුවරියක කීවාය
‘ඒකම තමයි අනේ කියන්නේ ? බණ ‍පොතේ නැති වුණාට එහෙම ඉඳලා තියනවානේ. පුදුමේ කියන්නේ ඔය කියන ගෑනු කෙනා විශාඛාව ගැන හැම තොරතුරක්ම අකුරක් නෑරම මතකයෙන් කියනවානේ. නමුත් එයාට එකම එක සැරයයි බුදු හාමුදුරුවෝ බැහැ දකින්න ලැබිලා තියෙන්නේ. මොකද ඒ කා‍ලේ එයාගේ  පුරුෂයා බ්‍රාහ්මණ ආගමේ කෙනෙක් නිසා  ජේතවනාරාමයට යන්න දීලා නැහැ. නමුත් මෙයා බුදු හාමුදුරුවන්ගේ විස්තර එහෙමත් අකුරක් නැතුව කියනවානේ. ඒ වගේම තමයි එයා කියන බණත්. ඔන්න දැන් එයාට සමහර පන්සල්වල බණටත් ආරාධනා කරනවලු.  එම අපූරු චරිතය පිළිබඳ කී ගුරුවරිය කීවාය.
‘සංසාරේ ගැන එහෙම හිතෙන හිතෙන දේවල් කියන්න අපිට බැහැ. ඒ වගේ දෙයක් විස්තර කරන්න  නම් බුදු කෙනෙක්ම ඉන්න ඕනේ කියලයි බුදු බණේ තියෙන්නේ. අමාලි කීවාය.
ඒ කෙසේ හෝ ඊට පසු දිනයෙක විශාඛාවගේ නැගණිය ලෙසින් තමන් හඳුන්වා ගන්නා කාන්තාව එම ප්‍රදේශයේ සමිතියක්ම විසින් ධර්ම දේශනාවක් සඳහා කැඳවා ගන්නා ලදුව අමාලිගේ පාස‍ලේ ගුරුවරියන් කිහිප දෙනෙක්ද එම දම් දෙසුම ඇසීමට ගියහ.
‘මොනවා වුණත්  එයා කියන දේවල් නම්  එක දිගට පැය ගාණක් වුණත් අහගෙන ඉන්න පුළුවන්. එයා විශාඛාවත්්  එක්ක පුංචි කා‍ලේ වැලිබත් උයපු හැටි හරිම ලස්සනට විස්තර කරනවනේ. ඒ විතරක්ද? එයා අර  විශාඛාවගේ ගුණ ගැන ලියැවුණු කවි ටික අහගෙන ඉන්නකොට කනට මී පැණි ගලනවා වගේ. එම දම් දෙසුම ඇසීමෙන් පසු පාස‍ලේ සෙසු ගුරුවරියෝ එලෙස කතා බහ කරලු අමාලි අසා සිටියේ දැඩි කම්පාවකිනි.
ඉහත සඳහන් සිදුවීමට අතිශයින් සමාන සිදුවීම් මේ වන විට අප රටේ බොහෝ ප්‍රදේශ වලින් අසන්නට ලැබේ. රාවණා රජුගේ නැගණිය වශයෙන් තමන් හඳුන්වා ගන්නා කාන්තාවක ගුප්ත ශාස්ත්‍ර මුවාවෙන් ජනතාව මුලා කරමින් සිටින අතර විහාර මහා දේවිය සහ ඇහැ‍ලේ‍පොළ කුමාරිහාමි යළි ඉපදී ඇති බවටද  ආරංචි පැතිර යමින් පවතී.
 සාමාන්‍ය ජනතාවඅතිශය විස්මය ජනක සිදුවීම් වන මේවායේ ඉතා පැහැදිලි මනෝ විද්‍යාත්මක, මනෝ වෛද්‍ය විද්‍යාත්මක සමාජ මනෝ විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක පැතිකඩ ඇති බව එම ක්‍ෂේත්‍රයටත් සම්බන්ධ පිරිස් දකිති. එහෙත් ඒ කරුණු සාමාන්‍ය ජන සමාජය වෙත සම්ප්‍රේෂණය වනුයේ ඉතා මඳ වශයෙනි.
කිසියම් පුද්ගලයකු තමන් තුළ මෙවන් අසාමාන්‍ය පෞරුෂයක් ඇති බව ලොවට ප්‍රකාශ කරන ප්‍රධානතම අරමුණ වනුයේ එමගින් අන්‍යයන් රැවටීම පිණිසය. ඒ ඔස්සේ තමන් වෙත සුවිශේෂ සමාජ අවධානයක් යොමු කර ගැනීම ඔවුන්ගේ   අරමුණ බවට සැක නැත. එසේම  ඒ ඔස්සේ තමන් වෙත කීර්තියක් සේම මිල මුදල්ද නොමඳව ගලා එන බව  ඔවුහු දනිති.
ඒ හාරුණු කොට  විවිධ මානසික ගැටලු මානසික අර්බුද සහ මානසික රෝග ලක්ෂණ වශයෙන්ද ඇතැමුන් මෙබඳු අසාමාන්‍ය ප්‍රකාශ සිදු කරන අවස්ථා තිබේ.
අසමාන්‍ය රෝගය නම් වන මානසික රෝගී තත්ත්වය ඒ අතුරින් එකකි. මෙය මෝහාබාධ ගණයට අයත් රෝගයක් වන  මින් පෙළෙන්නවුන් සෑමවිටම තමන් තම සැබෑ පෞරුෂයට වඩා ඉහළ පෞරුෂයකින් යුතු අයෙකු යැයි  සිතති. ඔවුන් එසේ සිතනුයේ අවංකවමය. බොහෝ විට මතුපිටින් සාමාන්‍ය ජීවිතයක් ගත කළද එම සිතුවිල්‍ලේ දී ඔවුන් අසාමාන්‍ය ලක්ෂණ පළ කරති. නිදසුනක් ලෙස තමන් සීතාවක රාජසිංහයන් යැයි සිතා සිටින පුද්ගලයකු පවුල් ප්‍රජා සමාජීය වශයෙන් මතුපිටින් සාර්ථක ජීවිතයක් ගත කළ හැක. එහෙත් කිසියම් අයකු දැන් සීතාවක රාජසිංහ රජු දැන් මෙලොව නැතැයි කිවහොත් ඒ  තැනැත්තා ඉදිරිපත්ව  සීතාවක රාජසිංහයන්ගේ වාර්තමාන  ස්වරූපය තමන් බව පවසනු ඇත. මෙය  භින්නෝන්මාද රෝග භාණ්ඩයට අයත් රෝගයක් සේ සැලකේ.
මීට අමතරව ක්ෂිජතනාව නම් රෝගයේ ලක්ෂණයක් ලෙසද තමන් හට පමණ ඉක්මවන  වටිනාකමක් ආරෝපණය කර ගැනීමට යමකුට පුළුවන. එ එම රෝගය නිසා මොළයේ ඇතිවන ෙජෙව රසායනික අධික ක්‍රියාකාරීත්වය නිසාය. මෙහිදී මෙවන් දැඩි විශ්වාස තුළ  එල්බ ගන්නවුන් ඒවාට එරෙහිවන්නවුන් කෙරෙහි ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කිරීමටද පුළුවන.
මනැසේ ඇතිවන ගැටුම්කාරී තත්ත්වයන් මුල්කොට හටගන්නා විඝටනය  නම් මානසික අර්බුදය මත ස්වකීය පෞරුෂයෙන් ඉවත්වන සමහරුන් ඉවත්ව අන් අයකු ලෙසින් සමාජය හමුවේ පෙනී සිටීමටද  පුළුවන. මනෝ වෛද්‍ය විද්‍යාවේදී මෙය හැඳින්වෙන්නේ  විඝටන අනන්‍යතා ආබාධය  යනුවෙනි.
තම සාමාන්‍ය පෞරුෂයෙන් යුතු සමාජයට මුහුණ දිය නොහැකි අර්බුද තත්ත්වයන් යටතේ සමහරකු එම අර්බුදයෙන් අත්මිදීම පිණිස තම ස්වභාවික පෞරුෂයට වඩා ප්‍රබල පෞරුෂයකින් සමාජය හමුවේ පෙනී සිටීම මෙහිදී දකින්නට පුළුවන.
ඒ කෙසේ හෝ ඉහත සඳහන් අයුරින් අසාමාන්‍ය ප්‍රකාශ කරන්නවුන් සායනික පරීක්ෂාවට ලක් කළහෝත් විවිධ පුද්ගලයන් සමාජය හමුවේ මෙලෙසඅන්‍ය පෞරුෂයන්ගෙන් පෙනී සිටීමට සැබෑ හේතුව වටහා ගැනීමට මනෝ වෛද්‍යවරුන්ට හැකිවනු ඇත. එමෙන්ම ඒ සඳහා වන විධිමත් ඖෂධ සහ මනෝ චිකිත්සක ප්‍රතිකාර මගින් එම අසාමාන්‍යතා සමනය කිරීමටද ඔවුනට හැකියාව ලැබෙනු ඇත.

සටහන දමයන්ති ගමගේ  

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 748

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 358

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3465

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1962

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3956

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5048

Please publish modules in offcanvas position.