Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අලුත ගෙනා මනාලිය හෙරක්

නදීකාගේ බාල සොයුරා විවාහ වීමෙන් පසු සිය මනාලිය කැන්දාගෙන ආවේ නදීකා වෙසෙන මහගෙදරටමය. ගම්පහට නොදුරු ව්‍යාපාරික පවුලක වැඩිමල් දියණිය වූ අලුත් මනාලිය, යසිතා නදීකාගේ සොයුරාගේ පමණක් නොව නදීකාගේද ආඩම්බරයට හේතුවිණි. ඒ ඇය සතුව පැවැති දකින කාගේත් සිත් ඇදගන්නා රූප සම්පන්තියයි. එමෙන්ම ඉතා අවිහිංසක විනීත ගති පැවැතුම් ඇත්තියක වන නව මනාලිය යසිතා ඉතා කෙටි කලකින් පවු‍ලේ සැමගේ මෙන්ම අහල පහළ ඥාති මිත්‍රාදීන්ගේත් සිත් දිනා ගැනීමට සමත් වූවාය.
දිනක් නදීකා අසල්වාසි කාන්තාවන් කිහිප දෙනකු සමග පවත්වාගෙන  යන සීට්ටුවක් සඳහා දිය යුතු රුපියල් පන්දහසේ නෝට්ටුවක් නිවසේ කෑම  මේසය  මත තබා විනාඩි කිහිපයකට ඉන් ඔබ්බට ගියාය. එහෙත් නදීකා අතිශය විස්මයට පත් වූයේ ආපසු එනවිට එම රුපියල් පන්දහසේ  නෝට්ටුව අතුරුදන්ව තිබිම නිසාය. ඒ මොහොතේ නිවස තුළ සිටියේ නදීකාගේ මව, යසිතා සහ නිවසේ වැඩ කටයුතුවලට උදව් වීමට පැමිණෙන අසල්වැසි තරුණයෙකු පමණි. එහෙත් ඒ තරුණයා ඉතා අවංක අයකුබව නදීකාගේ පවු‍ලේ සැවොම දැන සිටියහ.
'බලන්නකෝ නංගි' මම රුපියල් පන්දාහේ කොළේ මේ මල්වාස් එකටත් යට කරලා ගියේ.  බැරිවෙලා හරි හුළඟටවත් යයි කියලා ඒත් බලන්නකෝ  බහිරවයා ගිල්ලා වගේ  මේකටත් වුණු දෙයක් ,
කිසිවක් සිතාගත නොහැකි නදීකා තම  නෑනන්ඩිය වන සයිතාට කීවාය. 'ඒක නේන්නම් අක්කේ බලන්නකෝ' යසිතා කීයේ එපමණකි. ඒ කෙසේ හෝ ඊට දෙසතියකට පමණ පසු නදීකාට සහ ඇගේ මවට දුරබැහැර ඥාතියකුගේ අවමංගල්‍යයකට යෑමට සිදුවිය. එවිට නිවසේ ඉතිරි වූයේ  නදීකාගේ බාල සොයුරා සහ ඔහුගේ බිරිඳ යසිතාය. ඒ අනුව පිටස්තරයෙකු නොමැති බැවින් නිවසේ අල්මාරිය ආදිය ඇගුලු දමා යාමේ තේරුමක් නැතැයි ඔවුහු සිතූහ. 
එහෙත් එම ගමන ගොස් ආපසු පැමිණි ඔවුන්ට දින කිහිපයක් තුළ  වසර ගණනක් අල්මාරියේ ආරක්ෂිතව තිබූ බොහෝ දේවල් අඩු බව ඔවුනට දැකගත  හැකිවිය. නදීකාගේ මල්වර මඟු‍ලේදී ඇයට පළඳවන ලද කරාබු කූට්ටමද අතුරුදන් බඩු අතරේ විය.
'එකත් එකටම මේ ගෙරදට මොකක් හරි අමනුෂ්‍ය දෝෂයක් ඇති. අපි සාස්තරයක්වත් අහන්න යමුද?' නදීකාගේ මව ඇසුවේ කිසිවක් වටහා ගත නොහැකි ලෙසිනි.
'මට නම් හිතෙන්නේ අම්මේ වෙන දෙයක්' ඊට සෘජු පිළිතුරක් නොදුන් නදීකා කීවාය. 'ඔය  හොරකම් කරන්නේ වෙන කවුරුවත් ‍නෙවෙයි යසිතා. ඒක එයාට අතහැර ගන්න බැරි පුරුද්දක්.
නදීකා  සිය මවට කීවාය. ඇය කී අයුරින්ම නිවසේ සිදුවන සොරකම් සියල්ලටම වගකිව යුත්තේ යසිතා බව පසුව කාටත් වැටහිණ. ඉතා ගුණ යහපත් බවක් පළ කළ යසිතා තුළ මෙවැනි පහත් පුරුද්දක් ඇති වූයේ කෙසේද?
 අන්‍යයන්ගේ දේ තමන් සතු කර ගැනීමේ ආශාව මිනිස් තිරිසන් සැමට එකසේ ‍පොදු සත්ව ගතියකි. එහෙත් මිනිසුන්  මිනිසුන්ගේ මනැස් තුළ කුඩා කාලයේ සිටම රෝපණය වන  ලැජ්ජාබිය ආචාර ධර්ම, ශිෂ්ටත්වය ආදී හේතූන් මත අනුන්ගේ දේවල් නොවිධිමත් ලෙස තමන් සතු කර ගැනීමේ ස්වභාවික ආශාව පාලනය වෙයි. ඒ සඳහා ආගමික ඉගැන්වීම්වලින් ලැබෙනුයේ නොමඳ පිටුවහලකි. සාමාන්‍ය  තත්ත්වය එසේ වුවත් ඇතැම්  පුද්ගලයන් එය අතිික්‍රමණය කරමින් සොරකම්වලට යොමුවෙනු දක්නට පුළුවන. පුද්ගලයා සතු ගති  සිරිත්, මානසික අර්බුද සේම මානසික රෝගී තත්ත්වයන්ද ඒ සඳහා බලපායි. අන්‍යයන්ගේ දේවල් සොරකම් කිරීම වරදක් නොවන බවට කුඩා කාලයේ යමකුට ඒත්තු ගියහොත් ඒ තැනැත්තා වැඩිවිය පත්වීමත් සමග එම අදහස් මනැසේ  ධාරණය වනු ඇත. එමෙන්ම සමහර දරුවන් කුඩා කල කරනු ලබන සොරකම් මාපියන් විසින් සෘජුව හෝ වක්‍රව අනුමත කරන අවස්ථාද තිබේ. එවන් තත්ත්වයක් යටතේද ළමා මනැස තුළ 'සොර සිතක්' ඇති වි දරුවාගේ මානසික වර්ධනයත් සමග ඒ සොර සිතද වර්ධනය විය හැක. එය ඉතා නරක තත්ත්වයකි.
මීට අමතරව ජීවිතයේ නොයෙක් අවස්ථාවල ඇති වූ දැඩි ආර්ථික පීඩනයන් සිත තුළ රෝපණය වීම නිසාද හෙඳින් හෝ නරකින් අන්‍යයන්ගේ දේවල් ගත යුතුය යන හැගීිම මනැස තුළ රෝපණය  වීමට පුළුවන.  විවිධ සමාජයන් තුළ සොරමැරකම් වංචා දූෂණ බහුල වනුයේ එබැවිනි. මිනිසුන් තුළ පවත්නා දිලිඳු බව නිසා සමාජයේ සොරමැරකම් වංචා දූෂණ බහුල වන බවත් ඉන් සමස්ත සමාජයම පිරිහෙන බවත් බෞද්ධ ඉගැන්වීමකි. දීඝ නිකායේ කූටදත්ත සූත්‍රය මගින් එය තහවුරු කර ගත හැකිය. ඒ හැරුණු කොට යමක් දුටු සැනින් ඒ පිළිබඳව හට ගන්නා ආශාව මුල්කොට ගැනීම් ආවේගයන් පාලනය කරගත නොහැකිව එය ආරම්භ කිරීමට සිත් දෙන චෞරෝන්මාදය (Klptomania) නම් රෝගී තත්ත්වයක් තිබේ. එය ආවේග  පාලන ආබාධ (Impuise Controidasodrder) ගණයට වැටෙයි.
ඒ කෙසේ හෝ කුඩා කාලයේ සිට සිත තුළ තිබිය යුතු ලැජ්ජා බය, ශිෂ්ටාචාරය පිළිබඳ  ගැලපීම අතික්‍රමණය කොට යමක් මෙසේ සොරකමකට පෙළඹීමට ඉහත සඳහන් එක් හේතුවක් හෝ හේතු කිහිපයක් මුල් වීමටද පුළුවන. එබැවින් තම පෞරුෂයට, ආත්ම ගෞරවයට. පවුල්, ප්‍රජා සහ සමාජ සබඳතාවයන්ට හානි පමුණුවන මෙවන්  'සොර සිතක්' යමකු තුළ ඇතිවේ නම් මනෝ වෛද්‍යවරයකු මුණ ගැසී ඒ පිළිබඳව කීමෙන් එම අවාසනාවන්ත තත්ත්වය පිටුදැකීමට පුළුවන.
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් M.B.B.S. M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2276

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2316

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3834

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4364

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5202

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3064

Please publish modules in offcanvas position.

X

Right Click

No right click