Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නාඳුනන අය හා තරහ වන යුවතියක්

‘බලන්නකෝ සුනේත්‍රා අර මිනිහගේ මූණේ හැටි විතරක්. මට හිතයි ගිහින් හොම්බට දෙකක් අනින්න.’ දුම්රියක් පැමිණෙන තුරු කොළඹ කොටුව දුම්රිය පළේ තම යෙහෙළියක සමග වාඩි වී සිටි මධුරංගී කීවාය.
‘මට නම් හිතාගන්නවත් බැහැ මධු ඔයා ඔහොම කියන්නේ ඇයි කියලා උපන්තේකටවත් නොදැකපු මනුස්සයෙක් එක්ක  ඔයා ඇයි ඔය විදිහට වෛර බඳින්නේ.’ මධුරංගිගේ යෙහෙළිය සුනේත්‍රා ඇසුවේ කිසිවක් අදහාගත නොහැකි ලෙසිනි.
‘අනේ මට ඒක නම් හිතා ගන්නවත් බැහැ සුනේත්‍රා. ඒ මිනිස්සුන්ව මම උපන්තේකට නොදැක්කට මොකද? ඒ මිනිස්සු ගැන මගේ හිතේ මටම නොතේරෙන තරහක් ඇති වෙනවා. මධුරංගී කීවාය. එදිනෙදා ජීවිතයේදී හමුවන මිනිසුන් අතරින් සමහරුන් කෙරෙහි මධුරංගිගේ සිත තුළ ඇති වන මෙම අහේතුක නොරිස්සුම ඇගේ සමීප යෙහෙළියන්ට රහසක් නොවිණි.  එමෙන්ම එම නොරිස්සුම නිසා ඇය විවිධ අකරතැබ්බයන්ට මුහුණ දුන් අවස්ථාවන් කිහිපයක්ද විය.
වරක් ජනයාගෙන් පිරී ඉතිරී ගිය බස් රථයක යමින් සිටි මධුරංගීගේ හිසෙහි කාගේ හෝ වැලමිටක් වැදුණේ ඇයට තරමක රිදුමක් ඇති කරවමිනි. එහිදී එම වැලමිටි පහර වැදුණේ කාගෙන්දැයි වහා හිස හරවා බැලූ මධුරංගීට දැක ගත හැකි වූයේ තමන් බෙහෙවින් අප්‍රිය කරන මුහුණක් සහිත තරබාරු මැදිවියේ කාන්තාවකි.
සාමාන්‍යයෙන්  එබඳු රිදීමකදී ඕනෑම කෙනෙකුගේ සිත තුළ යම් හදිසිකෝපයක් ඇතිවීම ස්වභාවිකය.  එහෙත් බසයේ සිටි කාන්තාවට සිදු වූ වැරදීමත් සමග ඇගේ මුහුණ දුටු මධුරංගීට තම කෝපය පාලනය කර ගත නොහැකි විණි. ඒ කිසිදා නොදුටු එම කාන්තාව සම්බන්ධයෙන් මධුරංගිගේ සිත තුළ හටගත් අහේතුක කෝපය නිසාය. එබැවින් එම කෝපය පාලනය කර ගත නොහැකි වූ මධුරංගී ඇයට බැණ වදින්නට පටන් ගත් අතර ඉන් ප්‍රකෝප වූ එම කාන්තාවද මධුරංගීට පහර දීමට සැරසුණාය. අවසානයේ එම ගැටුම නිරාකරණය වූයේ බසයේ සිටි සෙසු මගීන්ද ඉදිරිපත් වූ පසුවය.
‘මොනවා වුණත් ජීවිතේට දැකලවත් නැති මිනිස්සු එක්ක ඔහොම තේරුමක් නැතුව තරහ වෙන එක හොඳ මානසික ලක්ෂණයක් ‍නෙවෙයිනේ.මධුරංගී. ඒ හින්දා ඔයා බලාගෙන නොඉඳ ගිහින් මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න’ පසුව මධුරංගී ගේ යෙහෙළියෝ ඇයට උපදෙස් දුන්හ. ඇය මනෝ වෛද්‍යවරයකු හමුවට ගියේ ඉන්පසුවය.
‘මම පුංචි දවස්වල ටික කාලයක් අපේ අම්මලා මහගෙදරින් ගිහින් වෙනම ගෙදරක් කුලියට අරගෙන ඒකේ පදිංචිවෙලා හිටියා. ඒ අපේ අම්මයි, තාත්තගේ අම්මයි අතරේ ප්‍රශ්නයක් වෙලා. අපි කුලියට පදිංචි වෙලා හිටියේ දුප්පත් මිනිස්සු වැඩිපුර ඉන්න පළාතක, අපේ අම්මා අපිට හැම තිස්සෙම කිව්වේ ඒ මහ ජරා මිනිස්සු, ඒ මිනිස්සු  එක්ක  කතා කරන්න කියා උන් දිහා බලන්නවත් එපා කියලා. අම්මා කියපු විදිහටම ඒ මිනිස්සු කතා කළෙත් හරිම සද්දෙන්. ඒ වගේම ඒ ගෙවල්වල මිනිස්සු හැම තිස්සෙම වගේ රණ්ඩු වුනා. ඒ කා‍ලේ මම ජීවත් වුණේ හරිම බයෙන්.
මනෝ වෛද්‍යවරයා ඉදිරියේ තම අතීතය ගෙන හැර දැක් වූ මධුරංගී කීවාය.
‘කොහොම හරි අපේ අම්මා ඒ මිනිස්සුන්ව  සත පහකටවත් ගණන් ගත්තේ නැති හින්දා පස්සේ ඒ මිනිස්සුත් අපිත් එක්ක තරහ වුණා. මොන තරම්  ගහමරා ගත්තත්  ඒ මිනිස්සු සේරම හරිම එකමුතුයි. මට ඒ බව තේරුණේ පස්සේ. නමුත් මම ඒ කා‍ලේ අහල පහළ මිනිස්සු කීප දෙනෙක්ව දැක්කේ හරියට මළපෙරේතයෝ වගේ. කොහොම හරි මට මතකයි  ඒ අහල පහළ මිනිස්සු යනකොට මම  ඒ අයට නොපෙනෙන්න ගෙදර   ජනෙල් රෙදි අස්සෙන් බලාගෙන ඉන්නවා පුදුම තරහකින් පිළිකුලකින්්. මධුරංගී වෛද්‍යවරයා හමුවේ කියා සිටියාය.
පුංචි දරුවන්ගේ මනස හරිම සංවේදියි. මධුරංගීගේ කතාව අසා සිටි මනෝ වෛද්‍යවරයා කීය. ඒ සංවේදී බව දරුවාගේ වයස අනුව කොටස්වලට බෙදන්න පුළුවන්. 
සාමාන්‍යයෙන් වයස අවුරුදු හතේ ඉඳලා එකොළහ වෙනකම් අතර යුගය  හඳුන්වන්නේ  සංයුක්ත ක්‍රියාකාරීත්ව අවදිය Concrete Operative Stage කියලා. මේ කාලයේදී තමන්ගේ ආදරයට ගෞරවයට ලක් වුණු වැඩිහිටියෙක් යමක් කිව්වොත් ඒක ඒ විදිහටම පිළිගන්නවා. උදාහරණයක් හැටියට කවුරු හරි අම්මා කෙනෙක් අහස ගොරවන්නේ පුතා අම්මට කරදර කරන හින්දා කිව්වොත් මේ වයසේ දරුවෝ ඒ කාරණේ ඒ විදිහටම පිළිගන්නවා. මොකද ඒ මනස බිඳින්න තරම් මොළයේ වර්ධනයක් සහ දැනුමක් ඒ වයසේ ළමයෙකුට නැහැ.
මනො වෛද්‍යවරයා කීය.
ඒ අනුව ඔය කියන වයසේදී අහල පහළ මිනිස්සු නරකයි කියන කාරණය තදින් හිතට වැදීම හින්දා ඒ මිනිස්සුන්ගේ රූපතල ඒ ළමයෙකුගේ මනසේ තදින්ම සටහන් වෙන්න පුළුවන්. ඒත්  පහුවෙනකොට ඒ රූපතල අමතක වුණත් මොළයේ   Amogdala Hy pothalamus කියන කොටස්වල රැඳුණු ඒ අප්‍රසන්න හැඟීම  විතරක් මතකයක් විදිහට ඉස්මතු වෙන්න පුළුවන්. ඒක තමයි තමන් පුංචි කා‍ලේ අප්‍රසන්න විදිහට දැකපු මිනිස්සුන්ට සමාන  රූප තියන මිනිස්සු  දැක්කම හේතුවක් නැතුව තරහ යන්නේ. ඕකට මනෝ වෛද්‍යවිද්‍යාවේ කියන්නේ සංඝටන ය ඒඵඵධජඪචබඪධද කියලා මනෝ වෛදඩ්වරයා කීය. 
 
ඉන්පසු එම හැඟීම් ආවේග සමනය කරගනු පිණිස ඥානක චර්යාත්මත චිකිත්සක ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු මධුරංගී තුළ පැවැති නාඳුනන්නවුන් කෙරෙහි  ඇති අහේතුක කෝපය  දුරුකර දීමට මනෝ වෛද්‍යවරයාට හැකිවිය.
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් M.B.B.S. M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි
 
දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 181

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 3480

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 2127

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1574

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3821

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 6395

Please publish modules in offcanvas position.