Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

‍ජ්‍යොතිෂය විශ්වාස නොකොට රාහු කාලය පිළිගත් ඇනිටා

සමාජසේවා කටයුතු සම්බන්ධයෙන් මහත් උනන්දුවක් පළ කරන ඇනිටා මීට මඳ කලක සිට සියලු කටයුතු සම්බන්ධයෙන් පළ කරන උදාසීනත්වය ඇගේ මිතුරියන්ටද කමෛන් වැටහෙමින් තිබිණ. තරුණ වියේ සිටම ආගමික,  සමාජසේවා කටයුතු කෙරෙහි විශේෂ උද්යෝගයක් පළ කළ ඇය කමෛන් ඒ සඳහා වන රැස්විම් ආදියට සහභාගීිවීම පවා මගහරින  බවක් සෙස්සන්ට වැටහෙන්නට විය.
‘මොකද දැන් ඇනිටා ගේ අස්සටම වෙලා ඉන්නේ? එයාට මොකක් හරි ප්‍රශ්නයක්වත්ද? ‘සමිති සමාගම්වල නියෝජිතවරු ඇනිටාගේ සමීපතම මිතුරියක වූ ඇග්නස්ගෙන් ඇසූහ.
‘මේක මම කිව්ව බවක් ඇනිටාට එහෙම දන්වන්න  එපා. මට පේන විදිහට දැන් ඇනිටාට යක්ෂයාගේ බැල්මක් වැටිලා වගේ. එයාගේ හිතේ දෙවියන් වහන්සේ ගැන තිබුණු විශ්වාසයත් පුදුම විදිහට අඩුවෙලා.’ එසේ කී ඇග්නස් වටපිට බලා තම කටහඬ තවත් බාල කළාය.
‘දැන් එයා රාහු කාලය  හිටන්  විශ්වාස කරන්න පටන් අරන්. ඒ කියන්නේ ඇනිටා දැන් බෞද්ධ වෙලාවත්ද?  රාහු කාලය විශ්වාස කරන්නේ ‘‘එම පිරිසේ සිටි උග්‍ර බැතිමතියක නොඉවසිලිමත්ව ඇසුවාය.
‘මොන පිස්සුද බුද්ධාගමයි රාහු කාලයයි අතරේ කිසිම සම්බන්ධයක් නැහැ.  නියම බෞද්ධයෝ කිසිම දවසක  රාහු කාලය පිළිපදින්නේ නැහැ.’ එහි සිටි තවත් සාමාජිකයෙක් කීය. කෙසේ හෝ ඇනිටා තුළ පවතින්නේ යැයි පැවැසෙන මෙම මානසික විපර්යාසය පිළිබඳ වැඩිදුරටත් විමසා බැලීම පිණිස ඇයට අතිශයින් හිතවත් කිහිප දෙනෙක් තකහනියේම ඇගේ නිවසට ගියහ.
‘මගේ හිතේ දෙවියන් වහන්සේ ගැන තියන විශ්වාසය ‍පොඩ්ඩක්වත් අඩුවෙලා නැහැ. මම හැමදාම උන්වහන්සේට යාඤා කරනවා. ඒත් දැන් ටික කාලෙක ඉඳලා මගේ හිතේ ලොකු අනාරක්ෂිත හැඟීමක් ඇතිවෙලා තියනවා. මම හිතන්නෙම ම. තොටක යනකොට මග මොකක් හරි විපතක් කරදරයක් වෙයි කියලා. ඔය අතරේ තමයි ටී.වී ‍ප්‍රෝග්‍රෑම් එකකින් එක කේන්දර බලන මනුස්සයෙක් ඔය රාහු කාලය ගැන කිව්වේ. ඊට පස්සේ මට හිතුණා කෝකටත් මම ගමන් බිමන් යනකොට ඔය රාහු කාලය මග හරින්න ඕනේ කියලා. කොහොම හරි මම රාහු කාලය පිළිපදින්න පටන් ගත්තට  පස්සේ මගේ හිතට අමුතුම සහනයක් දැනුණා. ඒ හින්දා දැන් මම මොනම හේතුවක් නිසාවත් රාහු කාලයෙන් පිට වෙලාවක ගෙදරින්  එක අඟලක්වත් එළියට  අඩිය තියන්නේ නැහැ.  තමන් සොයා පැමිණි පිරිසට ඇනිටා කීවාය. එහෙත් ඇනිටාගේ ඒ සම්බන්ධයෙන් හිතවතුන්  ඇගෙන් වැඩිදුර කරුණු විමසීමේදී ඇනිටා කියා සිටියේ මෙබඳු කතාවකි.
‘මම මේ විදිහට රාහු කාලය විශ්වාස කළාට දෙවියන්වහන්සේ ගැන තියන විශ්වාසය ටිකක්වත් අඩු කරගෙන නැහැ.  ‍ජ්‍යොතිෂය කියන එක බොරුවක් කියන එක මම හොඳටම දන්නවා. ඒ හින්දා  කේන්දරයක් හදා ගන්නවත් මගේ ලග්න පලාපල දැන ගන්නවත්  මට කිසිම වුවමනාවක් නැහැ. මම විශ්වාස කරන්නෙත් පිළිපදින්නෙත් රාහු කාලය විතරයි‘ ඇනිටා කීය.
අපි ‍ජ්‍යොතිෂය විශ්වාස නොකළාට  ‍ජ්‍යොතිෂය ගැන ගැඹුරින් හදාරපු හැම දෙයක්ම කියන්න ඔය ලග්න පලාපල, රාහු කාලය වගේ දේවල් පිළිගන්න එක ‍ජ්‍යොතිෂයේ මූලික සිද්ධාන්තවලට පවා පටහැනියි කියලානේ.’ එම පිරිසේ සිටි අයෙක් කීය.
‘ඒවා මට වැඩක් නැහැ, මට ඕනේ මගේ හිතේ ඇති අනාරක්ෂිත බව  නැති කර ගන්න විතරයි.’ඇනිටා කීයේ තරමක කෝපයකිනි.
ඒ කෙසේ හෝ අවසානයේ ඇනිටා මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතු යැයි හිතවතුන් තීරණය කළ අතර ඇයව ඊට අකැමැත්තෙන් කැමැත්ත පළ කළාය.
ඇනිටා මුහුණ පා ඇති මෙම අනාරක්ෂිත  බව කුමක්ද යන්න පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කළ මනෝ වෛද්‍යවරයාට ඒ සඳහා සාධාරන හේතුවක් ඇය කෙරෙහි මතුකර ගැනීමට නොහැකි විය. එමෙන්ම ඇගේ සිත තුළ පවතින හැඟීම් සහ චිත්තාවේග පිළිබඳව අධ්‍යයන කළ මනෝ වෛද්‍යවරයා ඇයව විශාද රෝග තත්ත්වය පවතින බව නිගමනය කළේය.
රාහු  කාලය ආදි ගුප්ත විශ්වාස ශ්‍රී ලාංකේය බෞද්ධ ජන සමාජයේ සංස්කෘතික සබැඳියාවන් හා සබැදී පවතී. එහෙත් උපතින් බෞද්ධ නොවූ හා දැනටමත් උග්‍ර කිතුනු බැතිමතියක වන ඇනිටාගේ සිත තුළ කිතුණු දේව නියමයට ඉඳුරාම පටහැනිව මෙසේ රාහු කාලය පිළිපැදීමට යොමු වූයේ කෙසේද?
 යමකුගේ සිත තුළ තියුණු මානසික ආතති කාංසා ආදී තත්ත්වයන් හට ගැනිමේදී ඉන් අත්මිදීම පිණිස  සම්මත සහ සාම්ප්‍රදායික නොවූ ක්‍රියා මාර්ග ගැනීමද සාමාන්‍ය මිනිස් ස්වභාවයකි. එහිදි ඒ සම්බන්ධ විද්‍යාත්මක සාම්ප්‍රදායික සංස්කෘතික ආදී සීමාවන් අතික්‍රමණය කරන අවස්ථා  බොහේ විට  සිදුවිය හැක. එමෙන්ම  ජීවිතයේ අත් විඳීමට සිදුවන දරුණු මානසික බිඳ වැටීම් හමුවේ ඇතැමුන් තමන්ගේ ආගමික සංස්කෘතික පසුබිම්වලින් ඉවත්ව වෙනත් ආගම් වැළඳ ගැනීමෙන් පවා සහනයක් පතන අවස්ථා තිබේ.
ඔබත්  අසහනයෙන්ද ?
මානසික අසහනයෙන් පීඩනයෙන්ද? ආදී වශයෙන් අයථා ආගම් ප්‍රචාරක කටයුතුවල යෙදෙන්නවුන්  මෙවැනි සඳහන් සහිත පත්‍රිකා ජනතාව අතරට පත් කරනුයේද මෙවන් මානසික අසහනයන් සහ අවපීඩන තත්ත්වයන් ඇත්තවුන් ඉලක්ක කර ගනිමිනි. එහෙත් මෙවන් මානසික අවපීඩනයන් සඳහා යථාර්ථවාදී  විසඳුම්  පිටුදැක ගුප්ත විසඳුම් කෙරෙහි යොමුවීම කෙසේවත් නුවණට හුරු නැත. 
නිදසුනක් ලෙස රාහු කාලය තුළ  නිවසින් පිටවීම ආරක්ෂාකාරීය යන හැඟීම මනසේ දැඩිව තහවුරු කරගෙන සිටින අයකුට කිනම් හෝ හේතුවක් මත ඉන් බැහැර කාල වේලාවක නිවසින් පිටවීමට සිදුවුවහොත් ඔහුගේ හෝ ඇයගේ ආත්ම විශ්වාසය බිඳ වැටී ස්වයං ආරක්ෂණ ක්‍රියාවලිය  අඩපන වීමෙන් මගතොට  අනතුරකට වුව ලක්වීමේ හැකියාවක් පවතී
කෙසේ හේ ඇනිටා තුළ පවත්නා මෙම අනාරක්ෂිත හැඟීම ඇගේ මොළයේ ඇති ෙජෙව රසායනික විෂමතාවය නිසා හටගත් එකක් බව  පහදා දුන් වෛද්‍යවරයා ඇනිටාට විශාදය දුරලීම පිණිස වන ඖෂධීය ප්‍රතිකාර නියම කිරීමෙන් පසු සාමාන්‍ය තත්ත්වයට පත්වීමට ඇයට හැකිවිය.
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් M.B.B.S. M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි
 
සාකච්ඡා කළා - දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 152

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 721

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 924

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1070

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 1507

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 2460

Please publish modules in offcanvas position.