lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

සැමියාගේ නිවසේදී අමුතුම ලොවකට පිවිසි බිරියක්

ප්‍රමෝදි අසේල සමඟ මිතුරු වූයේ නගරයේ හොඳම බාලිකා විද්‍යාලයේ අධ්‍යාපන  ‍පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සැරසෙමින් සිටියදීය. නගරයේ ජංගම දුරකථන අලෙවි හලක සේවය කළ අසේල සමඟ ප්‍රමෝදි පැවැත් වූ මෙම ප්‍රේම සම්බන්ධය පිළිබඳව දැනගත් ඇගේ දෙමාපියෝ ඊට තදින්ම විරුද්ධ වූහ. එපමණක් නොව දුර ඥාති සබැඳියාවකින් ප්‍රමෝදිගේ මස්සිනා වන තරුණයකුට ඇය හැකි ඉක්මණින් විවාහ කර දීමටද ඔවුහු සැලසුම් කළහ. 
එහි අවසන් ප්‍රතිඵලය වූයේ තම දෙමාපියන්ගේ තීරණය පිළිබඳව ප්‍රමෝදි අසේලට දැනුම්  දීමය. ඔහු එවිට තීරණය කළේ හැකිතාක් ඉක්මනින් ප්‍රමෝදි විවාහ කර ගැනීමටය. ඒ අනුව   ඒ වන විට යන්තම් වයස අවුරුදු දහඅට ඉක්මගොස් තිබූ ප්‍රමෝදි විසිතුන් වියැති අසේල හා රහසිගත විවාහයකට පිවිසියාය.
තම දියණිය ගත් මේ අතිශය හිතුවක්කාර තීරණය හමුවේ දැඩි කෝපයට පත් ප්‍රමෝදිගේ මාපියන්  ඇය වෙනුවෙන්ම ‘හත් දවසේ දානයක්ද’ දී තිබුණේ තම සිත්වලින් නැගෙන දැඩි වේදනාව මුසු කෝපය දුරුකර ගැනීම පිණිසය.
ඒ කෙසේ හෝ විවාහයෙන් පසුව අසේලටත්  ප්‍රමෝදිටත් පදිංචිය සඳහා ස්ථිර තැනක් නොතිබූ බැවින් ඇය තම මහගෙදරට කැඳවාගෙන යාමට අසේලට සිදුවිය. එම නිවසේ ඉදිරිපස කාමරය අසේල සඳහා වෙන්ව තිබුණි. එහෙත්, තමන් මේ පැමිණ සිටිනුයේ වෙනත් නිවසකට නොව වෙනම ලෝකයකට බව  එම නිවසේ පදිංචියට ගිය මුල්ම දවස් කිහිපය තුළ ප්‍රමෝදිට වැටහිණ. ඒ අසේලගේ පියා මව සහ සොයුරියන් දෙදෙනාගේ හැසිරීම් රටා අනුවය.
නිවසේ ඉදිරිපස කාමරයේ  ජීවත් වුවද එදිනෙදා කටයුතුවලදී අසේලගේ දෙමාපියන් සහ සොයුරියන් සමඟ එක්ව කටයුතු කිරීමට ප්‍රමෝදිට සිදුවිය. කලින් ව්‍යාපාර කිහිපයක යෙදී සිටි අසේලගේ පියා ඉන්පසු ට්‍රක් රථයක් මිලට ගෙන එය ඉදිකිරීම් සමාගමක සේවයට යොදවා ඇත. එහි රියැදුරු ලෙස කටයුතු කරන ලද්දේත් ඔහුමය. නමුත් අසේල ඒ කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවීය.
අසේල කෙසේ වුවත් ඔහුගේ පවු‍ලේ සෙසු සාමාජිකයන් සියලුදෙනා ජීවත්වනුයේ ඔවුන් විසින්ම  තනාගත් අද්භූත ලෝකයක මිස ප්‍රකෘති ලෝකයක නොවන බව ප්‍රමෝදිට කමෛන් වැටහෙන්නට විය. ඒ තමන් විසින් කිරීමට සැරසෙන සෑම කටයුත්තකදීම පාහේ ඇයට අසේලගේ මව සහ සොයුරියන් විසින් ‘හා.....හා... එපා’ යන විධානය ලැබිමත් සමඟය.
‘හා... හා.. බස්නාහිර බලාගෙන එළියට වතුර විසි කරන්න එපා’
‘ගේ අතුගානකොට ඔහොම කොස්සෙන් ‍පොළවට අනින්න එපා’
රෙදි වේලෙන්න දානකොට හොඳ පිට හරවලා දාන්න එපා 
‘ගෙදරින් එළියට බහිනකොට වම් කකුල ඉස්සරහට තියන්න එපා’
‘සල්ලි දෙන එකයි ගන්න එකයි අත් දෙකෙන්ම කරන්න.
මේ ආදී වශයෙන් තම ජීවිතයේ එදිනෙදා කටයුතුවල සාමාන්‍ය රටාවට බාධා පමුණුවන  කතා ඔවුන්ගෙන් අසා දැන ගත් මුත් නිරතුරුවම ඒ අනුව කටයුතු කිරීම ගෝනියක් තුළට බැස දිවීමක් බඳුයැයි ප්‍රමෝදිට කමෛන්  සිතිණ.
එමෙන්ම උදය සවස මල්පහන් පූජා කොට බුදුන් වඳින ඔවුන් තුළ අසරණුන්ට පිහිටවීම ගිලන් උවටැන් ආදී බොදුගුණ ධර්ම කිසිවක්  කතාබහ හෝ හැසිරීම්වල ගෑවීවත් නොතිබිණ. මේ සියල්ලකින්ම පළ වූයේ ඔවුන් තුළ වූ දැඩි ආත්මාර්ථකාමීත්වයයි.
ප්‍රමෝදිගේ හිතුවක්කාර විවාහයෙන් පසු පාසල් මිතුරියන්ද ඇගෙන් කමෛන් දුරස් වූ අතර පාස‍ලේ තමන්ට අතිශය සමිපව සිටි එක් මිතුරියක පමණක් විවාහයෙන් පසුවද නිරතුරුවම ප්‍රමෝදිගේ දුක සැප පිළිබඳ විමසා සිටියාය.
‘ඔය ජරා යක්කුන්ව විතරක් මේ පැත්ත පළාතේ ගෙන්න ගන්න එපා.  ඔන්න මම ආයිත් නොකිව්වයි කියන්න එපා. ඔය
 ජාතියේ  එකෙක් මේ හතර මායිමේ පස් පෑගුවොත් මම සුද්ද සිංහලෙන්ම කතා කරලා තමයි එලවා ගන්නේ.’
දිනක් එම මිතුරිය තමන් බැලීමට ඒමට කැමැත්ත පළ කිරීම මුල්කොට අතිශය සතුටට පත් ප්‍රමෝදි ඒ පිළිබඳව අසේලගේ මවට දන්වා සිටි විට ඇය කීයේ එවැන්නකි. ඊට හේතුව වූයේ ඇගේ උතුම් මිනිසත්කම නොව ඇය අන් ජාතියකට ආගමකට අයත් වීමය.
ඒ කෙසේ හෝ මේ තත්ත්වය යටතේ ප්‍රමෝදිගේ ජීවිතය කමෛන් එම නිවසේ ඉදිරිපස කාමරය තුළටම කොටුවනු ලදුව මාස කිහිපයක් තුළ ජීවත්වීමේ ආශාව පවා තමන් කෙරෙහි ගිලිහි යන අයුරක් ප්‍රමෝදිට දැනිණ.
ප්‍රමෝදි මනෝ වෛද්‍යවරයකු හමුවට යොමු කිරීමට අසේල තීරණය කළේ ඉන්පසුවය.  සැබැවින්ම ඒ වනවිට ප්‍රමෝදි විශාද රෝගී තත්ත්වයකට පත්ව සිටි අතර වෛද්‍යවරයා විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීමේදී ඔහුට ඇගෙන් ඉහත සඳහන් තොරතුරු අනාවරණය කර ගත හැකිවිණි.
‘මේ කියන කතාව සම්පූර්ණ ඇත්ත ඩොක්ට.’ අපේ අම්මලා තාත්තලත් එක්ක සාමාන්‍ය කෙනෙකුට ජීවත් වෙන්න අමාරුයි තමයි. ඒ හින්දම මාත් පුංචිකා‍ලේ ඉඳලම පුළුවන් තරම් ගෙදරින් ඈත්වෙලා හිටියා. ඇත්තෙන්ම මම කීයටවත් කැමැති  වුණේ නැහැ මෙයාව කසාද බැඳලා අපේ ගෙදර එක්ක යන්න. ඒත් මට මේ වෙලාවේ හැටියට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ ඩොක්ටර්’ අසේල වෛද්‍යවරයාට කීයේ කඳුළු පිරි දෙනෙතින් යුතුවය.
ජීවත්වන අප සෑමදෙනා  තුළම අපටම ආවේණික චින්තන රටාවක් තිබේ. ඒ චින්තන රටා ඉබේටම ඇති වන්නක් නොවේ. කුඩා කාලයේ සිටම අප ජීවත්වන පවුල්, ප්‍රජා. සමාජ, ආගමික, සංස්කෘතික, ආර්ථික ආදී සාධක ඔස්සේ ගොඩ නැගෙන්නකි. ඒ අතර සමහරුන්ගේ සිත් තුළම එම සාධක තදින්ම  පැළපදියම්වී ම නිසා  ඔවුන් තුළ ප්‍රත්‍යක්ෂ චින්තන (Concrete thinking) හට ගැනේ.
එවිට ඔවුහු තමන් සතු  එම ප්‍රත්‍යක්ෂය ඉක්මවීමට අකමැතිවෙති. ඥානාත්මක මනෝ රටාව (Cognitivc Schema) යනුද මෙයට සමාන තත්ත්වයකි.
විශේෂයෙන් කුඩා කාලයේ සිට දැඩි ආගමික සංස්කෘතික පසුබිම් යටතේ ජීවත් වන්නවුන් තුළ මනැසට  කාවැදුණු හර සිතුවිලි (Core belief) ආදිය නිසා ඔව්හු තම ජාතිය,ආගම, ජනවර්ගය ආදිය සම්බන්ධයෙන් දැඩිව බැඳී සිටින අතර එවිට කිසියම් ප්‍රශ්නයක් දෙස නිදහසේ බැලීමේ මානසික සහනශීලිත්වය ද  ඔවුන් කෙරෙන් ගිලිහී යයි. 
මෙවැනි තත්ත්වයන්ගෙන් පසුවන්නවුන්  යථා තත්ත්වයට පැමිණවීමේ දිගු කාලීන වැඩසටහන් ඇතිමුත් එළැඹ ඇති තත්ත්වය යටතේ ප්‍රමෝදි හැකිතාක් ඉක්මණින් එම පවුල් පරිසරයෙන් මුදා ඇයට අස්වැසුම්දායක පරිසරයක ඇය රඳවන මෙන් අසේලට උපදෙස් දුන් මනෝ වෛද්‍යවරයා ඇගේ එම  විශාද තත්ත්වය උදෙසා ඖෂධීය ප්‍රතිකාරද නියම කරන ලදී.
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් (M.B.B.S.) M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි
 
සටහන දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඉන්දියන් සැලුන් ජාලයක් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරයි

IMAGE 2017 Aug 23 15:19
ඉන්දීය රූපලාවන්‍යාගාර ජාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට යන පුවත ක්‍ෂේත්‍රයේ සැලකිය යුතු...
Views - 675

මම අවුරුදු තුනක රසිකාවියකගේ උපන්දිනයට ගියා

IMAGE 2017 Aug 23 11:59
ඔහුගේ පෙනුම, කතාබහ, ඇවැතුම්, පැවැතුම් වෙනස්ම ප්‍රතිරූපයක් මවයි. ඒ ‘හාරකෝටිය’ ටෙලි...
Views - 1089

සැබෑ ජීවිතයේදිත් සොනාලිගෙන් මිදෙන්න අමාරුයි

IMAGE 2017 Aug 23 09:38
ටී.වී. දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ “සොනාලි ටීචර්” මේ වන විට...
Views - 1385

ජා ඇල අධිවේගී පිටවුමේ මරණ දහයක් සිදුවීමට හේතුව කුමක්ද?

IMAGE 2017 Aug 22 10:22
කොළඹ -  කටුනායක අධිවේගී මාර්ගයේ ජා ඇල පිවිසුමට සම්බන්ධ  පමුණුගම - ජා ඇල මාර්ගයේ අධිවේගී...
Views - 2534

මඩු වන්දනාවේ ගොස් එන ගමන් බල්ලෙක් ‘උස්සලා‘

IMAGE 2017 Aug 21 14:29
වන්දනාව සියළුම ආගමිකයන්ට පොදු වූවකි. වන්දනා ගමනකින් සිදුවනුයේ සැහැල්ලු, සරළ, චාම් සහනශීලි...
Views - 1486

විභාග සමත් කරවන බුද්ධික පතිරණගේ මන්තර ගුරුකම්

IMAGE 2017 Aug 21 12:02
පහුගිය සති අන්තයේ පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපූරු දැන්වීමක් ප්‍රචාරය විය. ඒ...
Views - 2098

Please publish modules in offcanvas position.