lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

මළ ගෙවල් මඟුල් ගෙවල්වලදී ඇදුම වැළඳෙන තරුණියක්

විසිඅට හැවිරිදි අවිවාහක තරුණියක වන සුලක්ඛනා තම පවු‍ලේ ඥාතීන් සමග නුවරඑළියට පැමිණියේ ජීවිතයේ මුල්වරටය. ඒ දිගු කලක් ඉතාලියේ සේවය කළ තම වැඩිමල් සොයුරා ඔහුගේ බිරිඳ දරු දෙදෙනා සහ තම මවද සමගිනි. නුවරඑළි නගර මධ්‍යයේ පිහිටි වික්ටෝරියා උද්‍යානය අද්දර දී රථයෙන් බැසගත් සුලක්ඛනාට එක්වරම දරාගත නොහැකි හිසරදයක් වැළඳුණි.
“අනේ මට අමාරුයි මාව අල්ල ගන්න” සුලක්ඛනා හිසට අත ගසා ගෙන එසේ කියත්ම මව සහ නෑණා වහා ඉදිරිපත්ව පැන ඇය වත්තම් කරගෙන නැවත වාහනය වෙත ගෙන ගියහ. බලවත් අසීරුවෙන් එහි අසුනක් මත දිගාවී සිටි ඇය ඉන්පසු දීර්ඝ ලෙස හුස්ම ඉහළ පහළ හෙලන්නට වූවාය. ඇගේ මෙම ස්වසන අපහසුව දුටු සොයුරා සේම ඔහුගේ බිරිඳ ද මහත් බියට පත්විය.
එහෙත් ඒ නුවරඑළි ගමනේදී හතිය වැළඳීම මුල්කොටගත් රෝගී ස්වභාවයක් පළ කළ සුලක්ඛනා එම චාරිකාව නිමාවීමත් සමගම සාමාන්‍ය තත්ත්වයට පත් වූවාය.
සුලක්ඛනා වරින්වර මුහුණ දෙන එම ඇදුම රෝගී තත්ත්වය දින කිහිපයක් එක දිගට පවතින්නක් නොවේ. බොහෝ විට එය එක් දවසක් තුළ ඇතිවී නැතිවී යන්නකි. එහෙත් එම රෝගී තත්ත්වයට පත්වූ පසු වේගවත්ව හුස්ම ඉහළපහළ හෙළන ඇය අවසානයේ හුස්ම ගැනීමට ඇති අපහසුව දක්වනුයේ සෙස්සන් පවා බියට පත් කරවමිනි. එහෙත් පසුව තමන්ට ස්වසන අපහසුව ඇතිවන අවස්ථා පිළිබඳව සුලක්ඛනා තුළ යම් වැටහීමක් ඇතිවිය. එනම් මංගල උත්සව සහ අවමංගල උත්සව ආදියේදීය. ඒ අනුව එවන් අවස්ථාවල තමන් මුහුණ දෙන අසීරුව වටහා ගත්  නිසාම පසුව එවැනි උත්සව අවස්ථාවලට එක් වීමෙන් වැළකී සිටීමටද ඇය වගබලා ගත්තාය. ඒ කෙසේ හෝ පසුව මෙම තත්ත්වය කතෛක් උග්‍ර වීද යත් තම විවාහ දිනයේ දී ද මෙවන් තත්ත්වයකට පත්වෙතැයි යන සියුම් භීතියක්ද ඇගේ සිත තුළ ජනිත වී තිබිණ.
එමෙන්ම තමන් වෙත පැමිණි විවාහ යෝජනා කිහිපයක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු නොකොට ඒවා මගහැරීමටද සුලක්ඛනා තුළ පැවැති මෙම තත්ත්වය හේතු විය.
ඒ කෙසේ හෝ වරින්වර ඇතිවන මෙම ඇදුම රෝග තත්ත්වය සම්බන්ධයෙන් සුලක්ඛනා ළය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලද්දේ ඇගේ වැඩිමල් සොයුරාගේත් ඔහුගේ බිරිඳගේත් බලවත් උනන්දුව නිසාය. ඒ අනුව ඇගෙන් එම රෝග තත්ත්වය පිළිබඳව විමසූ ළය රෝග විශේෂඥ වෛදවරයා සුලක්ඛනා මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරන ලද්දේ ඇගේ මෙම විස්තරය අනුව ඊට මානසික හේතූන් මුල්වන බව වටහා ගත් පසුවය.
මනෝ වෛද්‍ය සායනයේ දී සුලක්ඛනාගේ රෝග විස්තරයට සවන් දුන් විශේෂඥ මනෝ වෛද්‍යවරයා ඇයට මෙම ඇදුම රෝගය වැළඳෙන ස්ථානීය පසුබිම පිළිබඳව නිරීක්ෂණය කළේය. කායික රෝග තත්ත්වයක් වශයෙන් ඇදුම හට ගැනීම ආසාදන සහ අසාත්මිකතා මුල්විය හැකි වුවද සුලක්ඛනා හට ඇදුම වැළඳීමේ රටාව ඊට බෙහෙවින් වෙනස් බව නිරීක්ෂණය විණි. ඒ අනුව ඇගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේ දී හෙළිවූයේ මංගල සහ අවමංගල්‍ය උත්සවවලදී තමන් හට සයිප්‍රස් අතුවල සුවඳ ආඝ්‍රානය වීමත් සමග හිසරදය, ක්ලාන්තය සහ ඔක්කාරය සමග ඇදුම තත්ත්වයක්ද ඇතිවන බවකි.
යම් යම් පුද්ගලයන්ගේ කායික ව්‍යුහයන් අනුව ඇතැම් මල් වර්ග ආදියේ ඇති පරාග (pollen) වැනිදෑ ආඝ්‍රානය වීමෙන් ඇතිවන අසාත්මිකතා මත මෙවන් රෝග තත්ත්වයක් ඇතිවිය හැක. එහෙත් ඇය කී පරිදි සයිප්‍රස් අතුවලින් එවන් පරාග නිකුත් වීමක්ද සිදු නොවේ. සුලක්ඛනා වෙතින් ඇගේ අතීතය සම්බන්ධ කරුණු දීර්ඝ වශයෙන් විමසීමට වෛද්‍යවරයා තීරණය කරන ලද්දේ ඇගේ ඇදුමට බලපාන මෙම මානසික හේතුව වටහා ගැනීමටය.
එහිදී අනාවරණය වූ අන්දමට සුලක්ඛනාගේ පියා මීට වසර විසි දෙකකට පෙර කිසියම් පිරිසක් වෙත ඝාතනයට ලක්ව තිබේ. එය කිසිවකුත් සිහිනයකින්වත් නොසිතූ සිදුවීමකි. එවකට සය හැවිරිදිව සිටි සුලක්ඛනා හට මෙම මරණයේ බැරෑරුම් බව පිළිබඳ එතරම් තැකීමක් නොවිණි. එහෙත්, පියාගේ මෘතදේහය මල් ශාලාවේ සිට නිවසට ගෙන එන මොහොතේ ඇගේ මව යටිගිරියෙන් කෑගැසු අයුරු සුලක්ඛනාගේ මතකයේ යාන්තමින් සටහන්ව තිබේ. සාමාන්‍යයෙන් මෘත දේහයක් මල් ශාලාවකින් නිවසට ගෙනෙනවිට ඒ සමග මල් වඩමක් රැගෙන ඒමද සාමාන්‍ය තත්ත්වයකි. මෙහිදී පියාගේ මරණය පිළිබඳ සැබෑ වැටහීමක් ලද නොහැකි වයසක සිටි සුලක්ඛනාගේ මනැස තුළට ළය කම්පා කරවන මවගේ විලාපය සමග සංවේදනය වූ මල් වඩම්වලින් විහිදෙන සයිප්‍රස් අතු සුවඳ තීව්‍ර ලෙසින් කිඳා බසින්නට ඇත. ඊට පසු පියාගේ අවසන් කටයුතු නිමවා සාමාන්‍ය දිවි පවෛතකට එළැඹුණු ඇගේ මනැසින් පියා පිළිබඳ මතකය මඳින් මඳ ගිලිහුණද ඔහුගේ මෘත දේහය නිවෙසට ගෙනා මොහොතේ දැනුණු සයිප්‍රස් අතු පිළිබඳ තීව්‍ර සංවේදිතාව අවරෝධිත මතකයක් (Repressed memory) ලෙස මනැසේ තැන්පත් වන්නට ඇත. ඉන්පසුව පියාගේ වියෝවින් සිත තුළ හටගත් සංවේගය මුළුමනින් දුරු වුවද එම සංසිද්ධියත් සමග ඇතිවූ සයිප්‍රස් අතු සුවඳ ආඝ්‍රානය වීමේදී යළි තීව්‍ර ආතතියක් ඇගේ සිත තුළ ඇතිවූයේ එදා මෙදා තුර ලබන සම අත්දැකීම් මත පදනම් වන සංඝටනය (Association) නම් තත්ත්වය මුල්කර ගනිමිනි.
මෙම මනෝ විද්‍යාත්මක සාධකය පදනම් කරගත් මනෝ වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් සුලක්ඛනා දැනුවත් කරනු ලදුව පියාගේ වියෝව සහ සයිප්‍රස් අතු සුගන්ධය අතර ඇත්තේ හුදු ඇගේ සිත තුළට කාවැදී තැන්පත් වූ මනෝමය සම්බන්ධයක් පමණක් බව වටහා දී කමෛන් එම ආඝ්‍රානයට මුහුණ දීමට මනැස හුරු කරවන ඥානක චර්යාත්මක චිකිත්සා (Cognitive behavioral therapy) ඇය වෙත ලබා දෙන අතරේ ඒ වනවිට ඇය තුළ හටගෙන තිබූ සුළු විශාද තත්ත්වය සඳහා ඖෂධ ප්‍රතිකාර ද නියම කරන ලදී. සුලක්ඛනා තුළ පැවැති සයිප්‍රස් සුවඳ මුල්කොට ගත් ඇදුම තත්ත්වය මුලුමනින් දුරුකර දීමට හැකිවූයේ ඉන්පසුවය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් (M.B.B.S.) M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි
 
සැකසුම දමයන්ති ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?

IMAGE 2017 Aug 18 15:22
‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා...
Views - 1949

youtube සඳහා පෙම්වතිය තැබූ ‘බොරු වෙඩිල්ලෙන්’ පෙම්වතා මරුට

IMAGE 2017 Aug 18 10:40
ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල වබේ අඩවිවල සිදුවන ආසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන දැන් නිතර...
Views - 1593

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 2334

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1574

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 6123

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 3927

Please publish modules in offcanvas position.