Coss Ear2
lakbima.lk
COSS Ear 1

බුද්ධි ආබාධිකත්වයට ප්‍රතිකාර තිබේද?

'අක්කේ දන්නවද වැඩක් මට අර සුනීතා අක්කව යාළු කර ගන්න පුළුවන්'  පවිත්‍රාගේ දහසය හැවිරිදි මලණුවන් ඇය  හමුවට පැමිණ කීයේ මහත් උනන්දුවකිනි. ඔහුගේ එම කතාව ඇසූ සැණින් පවිත්‍රාට 'දෙලෝ රත්විය' ඒ සුනීතා යනු මෑත දිනයෙක තම නිවෙසට  ආසන්න නිවසට ආ තරුණ විවාහක කාන්තාවක බැවිණි.
'ඕක කවුරු හරි තමුසෙට දීපු ලණුවක්, කවුද කියනවා  ඔය බලු කතාව  තමුසෙට කිව්වේ?'
පවිත්‍රා තම මලණුවන්ගෙන් ඇසුවේ තදබල  නොඉවසුමකින් සහ දැඩි කෝපයකිනි.
'ත්‍රීවීලර් පාක්  එකේ අනිල් අයියා.'
මලණුවන් මහත් සතුටින් යුතුව පිළිතුරු දෙනු පවිත්‍රා සංවේගයෙන් කැළඹෙමින් අසා සිටියාය. අනිල් යනු තමන්ගේ අසල්වැසි තරුණයෙකි
'හැබැයි තමුසෙ ඔය කතාව  තැනින් තැන කියන්න ගියොත් මැරෙන්න වෙන්නේ පිහි ඇනුමකින්. අන්න ඒකත් හොඳට මතක තියාගන්නවා. අවසානයේ පවිත්‍රා කියා සිටියේ සංවේගයෙන් සහ කෝපයෙන් යුතුවය.
'ඒවා කොහේද ? මාත් එක්ක' අනික අනිල් අයියා කිව්වා සුනීතා අක්කගේ හස්බන්ඩ්ට කාලක් අරන් දුන්නහම සේරම  හරි. ඒකා හවසට ගෙදර එන්නේ  හතරගාතෙන් කියලා.
තම මලණුවන් එසේ පවසත්ම කෝපයෙන් නිම් හිම් නැති වූ පවිත්‍රා මදකුදු පමා නොවී තම නිවස ආසන්නයේ පිහිටි ත්‍රිරෝද රථගාල වෙත ඈ ගියාය. ඒ නිසි පරිදි බුද්ධිය වර්ධනය වී නොමැති තම ළාබාල  සොයුරාට මෙබඳු බිහිසුණු සොරකම් නොකරන ලෙස අනිල්ට දන්වනු පිණිසය.
'මේ නංගී අපිත් මේ ඔයාට කියන්නමයි හිටියේ. මීට පස්සේ නම් ඔය යෝදයා පැත්ත පළාතේ එවන්න එපා. මොකද වයසේ  හැටියට ‍නෙවෙයි ඔය හාදයගේ මනමාල පිස්සුව. මිනිහ කියන ඒවා අහගෙන ඉන්නකොට මෙහේ කොල්ලොත් නරක් වෙනවා. ඕකත්  ඔය හාදයා අපිට කියපු කතාවක් මිසක් අපි  මිනිහට කියපු දෙයක් ‍නෙවෙයි. ත්‍රිරෝද රථ ගා‍ලේ සිටි අනිල් නමැති එම ත්‍රිරෝද රථ රියැදුරුගේ කතාව ඇසූ සැණින් දැඩි කම්පාවටත් ලැජ්ජාවටත් සංවේගයටත් පත් පවිත්‍රා නිවසට පැමිණ නොකා නොබි  හඬාවැටෙන්නට වූවාය. ඊට හේතුව වයසේ තරමට නුවණ මුහුකුරා නොගිය ඔහු නිසා තමන්ට අත්විඳීමට සිදුව ඇති නින්දා අපහාසවල සීමාවක් නොමැති බැවිණි.
සැබැවින්ම පවිත්‍රාගේ මලණුවන් තුළ පවතින මෙම බුද්ධි හීනතාවය පිළිබඳව දෙමාපියන් දැනුවත් වූයේ ඔහුගේ වයස අවුරුදු දහය පමණ වනවිටදීය. එහිදී වෛද්‍යවරුන් කියා සිටියේ මෙය ඔහුගේ මොළයේ ඇති ඓන්ද්‍රීය දෝෂමය තත්ත්වයක් මිස ඖෂධ සහ වෙනත් ප්‍රතිකාර මගින් සුව කළ හැකි රෝගයක් නොවන බවය. එමෙන්ම ඔහු උපදින විට මවගේ වයස අවුරුදු හතළිස් පහක් පමණ වීමද මෙම තත්ත්වයට හේතු විය හැකි බව  එවක වෛද්‍යවරුන් විසින් මා පියන්ට පෙන්වා දෙන ලදී.
ඒ කෙසේ හෝ වයස අවුරුදු දහයේදී  සෙසු දරුවන් සමග අධ්‍යාපනය  ලැබිමට ඇති නොහැකියාව මත ඔහුගේ පාසල් ගමනද නතර කෙරිණ. එසේම ඔහු මුල් කොට පවු‍ලේ සැමට එල්ලවන සමාජ අපවාද හේතුවෙන්ම බාල පුතු මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට පවිත්‍රාගේ දෙමාපියෝ තීරණය කළහ.
එහිදී එම තරුණයා මූලික වශයෙන් පරීක්ෂා කළ මනෝ වෛද්‍යවරයා ඔහුගේ එම තත්ත්වය බුද්ධි ආබාධිකත්වය Intellectual  Disability ලෙසින් හඳුනාගත්තේය. යම් පුද්ගලයෙකු සතුව තිබිය යුතු නර්තන, ගණිතමය,  භාෂාමය ආදී හැකියාවන් සැලකිය යුතු ලෙසින් අව ප්‍රමාණවීම මෙම තත්ත්වයේ බාහිර ලක්ෂණ ලෙස හඳුනාගත හැකි බව කී වෛද්‍යවරයා විසින් මෙහි ප්‍රබලතම අවස්ථාව මන්ද මානසිකත්වය  mental retardation නමින් හැඳින්වෙන බවද ඔහුගේ දෙමාපියන් හමුවේ ප්‍රකාශ  කරන ලදී. එමෙන්ම මෙම තත්ත්වය ඇතිවීම පිණිස පාරම්පරික හෙවත් ජානමය හේතු මොළයේ ඇතිවන  ඓන්ද්‍රීය තත්ත්වයන්'  උපත්් සංකූලතා උපතින් පසුවන ඇති වන මැනිත්ජයටිස්, එන්කෙපලයිටස් වැනි මොළයේ රෝග තත්ත්වයන්   ආදී හේතු රැසකින් එකක් හෝ කිහිපයක් බලපෑ හැකි බව පෙන්වා දුන් මනෝ වෛද්‍යවරයා මෙම තත්ත්වය යටතේ තර්ක ගණිතමය භාෂා සහන හැකියාවන් අඩු... එමගින් සමාජ  කුශලතා  හීන වීමත් මත  ඒ පුද්ගලයාට සහ ඔහුගේ පවු‍ලේ ඥාතීන්ට පෞරුෂමය, පවුල්මය සහ සමාජමය අර්බුදවලට මුහුණ පෑමට සිදුවිය හැකිබවද එම දෙමාපියන්ට පහදා දුන්නේය.
බුද්ධි ආබාධිකත්වය හැමෝටම එක විදිහටම බලපාන්නේ නැහැ. උදාහරණයක් විදිහට සමහරුන්ගේ තර්ක හැකියාවන් යහපත් මට්ටමක තිබියදී භාෂා හැකියාවන් හුඟාක් පහළ යන්න පුළුවන්. තමුන් මේ සියල්ලම සමස්ත බුද්ධිඵලයට Inteligence guatient වගේම සමාජ කුශලතාවයන්ටත් බලපානවා. ඒ හින්දා මේ වගේ බුද්ධිපල පරීක්ෂණ (IQ test) මගින් මේ අයගේ සමස්ත බුද්ධි පමාණය වගේම බුද්ධියේ පැතිරීම පිළිබඳ නිවැරදි වැටහීමක් ලබාගෙන ඒ අයගේ  යටපත් වූ කුශලතා වර්ධනය කරවන්න පුළුවන්. ඒ සඳහා වන විශේෂිත පාසල් නමුත්  අධ්‍යාපන ආයතන කීපයක් අපේ රටේ තියනවා. දැනට අපේ රටේ පවතින  පහසුකම් අනුව ඒකට සෑහෙන කාලයක් වගේම සමහරවිට යම් මුදලකුත් වැය වෙන්න පුළුවන්. 
නමුත් දරුවා ඒ වගේ පුනරුත්ථාපන වැඩ සටහනකට යොමු කරවීමේදී  ඒ ආයතන සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන්ගේ වෘත්තීය සුදුසුකම් ගැනත් නිවැරදි අවබෝධයක් ලබාගත යුතු වෙනවා' මනෝ වෛද්‍යවරයා උපදෙස් දුන්නේය. පවිත්‍රාගේ මලණුවන් එවැනි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන පුහුණු ආයතනයකට ඇතුළු කරන ලද්දේ ඉන් පසුවය.
 
සටහන දමයන්ති ගමගේ 

O/L පන්තියේදී දිගට හරහට තරුණයන් රැසක් ලිංගිකව ඇසුරු කළ වනමලී

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලිකා පාසලක ලබන වසරේ අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටින වනමලීගේ භාරකරුවන්ට වහාම පැමිණ තමන් හමුවන මෙන් විදුහල්පතිනිය දන්වා යවා තිබිණ. ඒ අනුව ඇය හමුවීම පිණිස වනමලීගේ මිත්තණිය පාසලට ගියාය. 
“කෝ දරුවාගේ අම්මා තාත්තා නැද්ද ?” විදුහල්පතිනිය වනමලීගේ මිත්තණියගෙන් ඇසුවාය. 
“මෙයාට වයස අවුරුදු හයේදී මෙයාගේ අම්මා. ඒ කියන්නේ මගේ දුව රට ගියා. ඊට පස්සේ මෙයාගේ තාත්තා වෙන ගෑනු කෙනෙක් එක්ක ගියා. ඒ හින්දා පවු‍ලේ ආදායම හොඳටම පහළ බැහැපු හින්දා මගේ දුවට දිගින් දිගටම රට ඉන්න සිද්ධ වුණා. දැන් අවුරුදු දොළහක් තිස්සෙම මගේ දුව ඉන්නේ රට. ඒ හින්දා වනමලීගේ මේ ළමයා දැන් හැදෙන්නේ මගේ ළඟ.” වනමලීගේ මිත්තණිය විදුහල්පතිනිය හමුවේ කියා සිටියාය. 
“මෙහෙම කිව්වට තරහා වෙන්න එපා. ඔය ළමයා අතිශය බරපතළ වැරදි රාශියක් කරලා තියෙනවා. ඒවායේ බරපතළ කමේ හැටියට ඒ ළමයගේ ශිෂ්‍ය භාවය අහෝසි කරන්නත් සිද්ධ වෙනවා” විදුහල්පතිනිය පවසනු වනමලීගේ මිත්තණිය අසා සිටියේ විස්මයෙන් යුතුවය. 
“ඇයි මේ ළමයා පන්තියේ වැඩවලට එච්චරම දුර්වලද මැඩම්” ඒ සමගම වනමලීගේ මිත්තණිය විදුහල්පතිනියගෙන් අසා සිටියේ කිසිවක් අදහාගත නොහැකි ලෙසිනි. 
“අධ්‍යාපනයට දුර්වලවීම වෙනම කාරණාවක්. ඒත් මෙතැන සිද්ධවෙලා තියෙන්නේ ඊට වඩා බොහොම බරපතළ දෙයක්. ඔය ළමයා දැන් අවුරුදු දෙක තුනක ඉඳලා බොහොම නරක විදිහට පිරිමි ළමයි ආශ්‍රය කරනවා. ඒක කරන්නේ සාමාන්‍ය ගෑනු ළමයෙක් පිරිමි ළමයි ආශ්‍රය කරන විදිහටත් ‍නෙවෙයි. ඔය ළමයා පිරිමි ළමයි කීප දෙනෙක් එක්ක මාරුවෙන් මාරුවට කාමර වලට  ගිහින් තියනවලු” විදුහල්පතිනිය එසේ පවසත්ම වනමලීගේ මිත්තණිය තුළ ඇතිවූයේ දරාගත නොහැකි කම්පනයක් සහ කලබලයකි.” අනේ මැඩම් ඒක නම් කීයටවත් වෙන්න බැහැ. අපේ ළමයා එහෙම නරක කෙනෙක් ‍නෙවෙයි. එහෙම නම් සේරටම කලින් අපි දැන ගන්න ඕනේ” ඇය ඒ කලබලය අතරින්ම කීවාය. 
“කලබල වෙන්න එපා. ඒ ළමයා මුලින්ම එයා යාළුවෙලා ඉන්න පිරිමි ළමයි ගැන යන එන තැන් ගැන කරන කියන දේවල් ගැන එයාගේ හොඳම යාළුවෝ කීප දෙනෙක් එක්ක කියලා තියනවා. පස්සේ ඒක එයාලගේ පන්ති භාර ගුරුතුමියට ආරංචිවෙලා ගුරුතුමිය ඒ ළමයාගෙන් උපායශීලීව ඒ කාරණේ අහලා තියනවා. බලනකොට එයා කියල, තියෙන්නේ සම්පූර්ණ ඇත්ත.” විදුහල්පතිනිය එසේ පවසත්ම වනමලීගේ මිත්තණිය එක්වරම හඬා වැටෙන්නට වූයේ එසේ නම් ඒ සඳහා කුමක් හෝ විසඳුමක් පතමිනි. 
“පළමුවෙනි කාරණේ මේ සිද්ධිය මුල් කරගෙන දරුවට ගහන්න බණින්න සැරපරුෂ විදිහට සලකන්න යන්න එපා; එතකොට දරුවා තමන්ගේ ජීවිතයට අනතුරක් කර ගන්නත් ඉඩ තියනවා. අපි පහුගිය දවසක මේ ළමයා ශිෂ්‍ය උපදේශනය භාර ගුරුතුමිය වෙතටත් යොමු කළා. ඒ ගුරුතුමිය කියන්නේ දරුවා මනෝ වෛද්‍යවරයෙක් ළඟට එක්ක ගියොත් හොඳයි කියලා. ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනට ඒ දේ කරන්න. එතකොට දරුවා මොකක් හරි මානසික ප්‍රශ්නයක් උඩ මේ වගේ දේකට පෙළඹුණා නම් මීට වඩා සහනශීලී විදිහට හිතන්න අපිට පුළුවන්” විදුහල්පතිනිය කී අතර වනමලීගේ මිත්තණිය කීයේ එවන් කටයුත්තක් සම්බන්ධ දැනුමක් තමන්ට නොමැති බවකි. එබැවින් වනමලී මනෝ වෛද්‍ය වරයකු වෙත කැඳවාගෙන යන ගමනට එක්වීමට එම පාස‍ලේ උපදේශනය භාර ගුරුතුමිය ද එකඟ වූවාය. 
මෙහිදී එම දැරිය ඇගේ මිත්තණිය සහ උපදේශනය භාර ගුරුතුමිය වෙතින් කරුණු විමසා සිටි මනෝ වෛද්‍යවරයා මෙම වනමලී තුළ හටගෙන ඇති මායිම් පෞරුෂ අර්බුදය (Boderline Personality disorder) බව මූලිකව හඳුනා ගත්තාය. ඒ හැරුණු කොට මොළයේ ඇතිවන ෙජෙව රසායනික වෙනස්වීම් මත හටගන්නා මානසික රෝග නිසාද මෙලෙස ශිෂ්ටාචාරය පිළිබඳ හැඟීම් යටපත්ව කාමාශාව වැනි ආවේග ඉස්මතු විය හැකි පෙන්වා දුන් වෛද්‍යවරයා මෙය එවන් තත්ත්වයක් නොවන බවද පහදා දුන්නාය. 
දරුවකු වැඩෙන විට ඒ දරුවාගේ මොළයේ ඉදිරිපස ඇති ලලාට පිණ්ඩිකය (frontal lobe) නම් කොටස තුළට ලැජ්ජා, බය, හැඳියාව වැනි දේවල් පිවිසුවිය යුත්තේ වැඩිහිටියන් විසිනි. එවිට  ඊට අදාළ සංස්කෘතික පසුබිමට අදාළ හැඳියාවක් දරුවා තුළින් පිළිබිඹු වෙයි. එහෙත් කුඩා කාලයේම දෙමාපියන් දුරස් වූ වනමලී හට ඒ අවස්ථාව අහිමි වූයේ ඇය කුඩා කාලයේ දීම තම දෙමාපියන් දෙපසකට වෙන් වූ බැවිනි. 
එමෙන්ම නව යෞවනය යන ඕනෑම දරුවකුගේ හෝ දැරියකගේ ශරීරය ශීඝ්‍රයෙන් ජෛවමය පිබිදුමකට ලක් වන අවදියකි. එහිදී එම දරුවන් තුළ ලිංගික හැඟීම් ආවේග පැන නැගීම ස්වභාවික මුත් එය පාලනය වූයේ වැඩිහිටි සමාජයේ බලපෑම් සහ මොළයේ ලලාට පිණ්ඩිකයේ ව්‍යුහගත වී ඇති ලැජ්ජා බය සහ හැඳියාව වැනි කරුණු මුල්කරගෙනය. 
එහෙත් වනමලී හට ඒ සඳහා පැහැදිලි අවකාශයක් නොලැබිම මත ඇය තම ස්වභාවික හැඟීම් ආවේගයන් තරුණයන් වෙතින් සපුරාගෙන තිබේ. එහිදී තරුණයන් උපායශීලී ලෙස ඇය ඒ සඳහා යොමු කොට ඇති බවද පැහැදිලි විය. එමෙන්ම ජීවිතයට නිසි මාර්ගෝපදේශනයක් හිමිවිය යුතු මෙම අවදියේ එම මෙහෙවර වැඩිහිටියන්ගෙන් සිදු නොවීම මත ඒ අඩුව සපුරා ගැනීම පිණිස මෙබඳු නොවිධිමත් උපාය මාර්ග ගැනීමට යෞවනියන් පෙළැඹිය හැකි බවද මනෝ වෛද්‍යවරයා විසින් පහදා දෙන ලදි. 
කෙසේ හෝ පසුව වනමලීගේ මෙම මානසික අර්බුදය සඳහා ඖෂධීය සහ ඥානක චර්යාත්මක චිකිත්සක ප්‍රතිකාර නියම කෙරුණු අතර ඇයට මනෝ විද්‍යා උපදේශනය ලබාදීම පිණිස පාස‍ලේ උපදේශන භාර ගුරුතුමිය වෙත පවරන ලද්දේ වනමලීගේ මිත්තණියට ඒ සඳහා ඇති අවකාශය මඳ බැවිනි. එසේම ගතවූ කාලය තුළ ඇගේ චර්යාවන් පිළිබඳව සැලකිල්ලට ගත් මනෝ වෛද්‍ය වරයා ඇය ලිංගික සම්ප්‍රේෂණ රෝග සායනය වෙත ද යොමු කරන ලද්දේ වනමලී තුළ එවන් රෝගී තත්ත්වයක් ද ඇතිවීමේ අවකාශය සලකා බලමිනි. 
නමුදු ඇය කෙරෙන් එබඳු රෝගී තත්ත්වයක් දක්නට නොලැබුණු බැවින් සාමාන්‍ය දිවි පවෛතකට එළැඹීමට වනමලීට හැකියාව ලැබුණි. ඒ අතර මේ වන විට එම මානසික අර්බුදය මුළුමනින් සුව වී සිටින ඇය සාර්ථක දිවි පවෛතකට මුලපුරා තිබේ. 
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් (M.B.B.S.) M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි
 
සටහන දමයන්ති ගමගේ 

ඉන්දීය ටෙලි නළුවෙකු තමන්ට පෙම් කරන බව සිතූ යුවතියක්

‘අනේ නිමේෂා මට කාටවත් කියා ගන්න බැරි දෙයක් තියනවා; එක අතකට ඒක නොකියත් බැහැ. මම හිතනවා මම තවදුරටත් මේක හංගාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ කියලා”
දිනක් කාර්යාලයේ කෑම විවේකයේ දී උපුලී තම සමීපතම  මිතුරිය වන නිමේෂාට එසේ කීවාය. 
“මට දැන් ටික දවසක ඉඳලා තේරෙනවා අර ටෙලි ඩ්‍රාමා එකේ ඉන්න අභිජිත්ගේ හිතේ මං ගැන ලොකු ආදරයක් තියනවා ඇති කියලා” උපුලි එසේ කියත්ම නිමේෂා පුදුමයෙන් පුදුමයට පත්විය. උපුලි මෙලෙස පවසනුයේ මේ දිනවල අපගේ රූපවාහිනී චැනලයක් මගින් ප්‍රචාරය කෙරෙන සිංහල හඬ කැවූ ඉන්දීය ටෙලි නාට්‍යයක නළුවෙකු පිළිබඳවය. 
“ඉතින් කොහොමද උපුලී එහෙම දෙයක් වෙන්නේ ? ඒක හීනෙකින්වත් හිතන්න බැරි දෙයක්නේ”
නිමේෂා කීයේ උපුලී කී දේ අගක් මුලක් තේරුම් ගැනීමට නොහැකිවය. “මටත් ඒක කොහොමද වෙන්නේ කියලා නම් තේරෙන්නේ නැහැ නිමේෂා; ඒත් ඒක සහතික ඇත්තක්. අනික මං මොකටද ඒ වගේ දෙයක් ගැන බොරු කියන්නේ”
උපුලි කීයේ නිමේෂා තවදුරටත් අන්දමන්ද කරවමිනි. 
“හොඳයි එහෙනම් කොහොමද කියන්නකෝ ඔයාට ඒ වගේ දෙයක් වැටහුණේ” අනතුරුව එම විස්මය අතුරින් නිමේෂා උපුලිගෙන් අසා සිටියාය. 
“මේ ලෝකේ සිද්ධ වෙන හැම දේකටම පැහැදිලි හේතු  දක්වන්න බැහැ නිමේෂා; සමහරවිට මේක සංසාර පුරුද්දක් වෙන්න පුලුවන්. කොහොම නමුත් මට දැන් හොඳටම තේරෙනවා නිමේෂා එයාගේ හිතේ වෙන කා ගැනවත් නැති ආදරයක් මං ගැන තියන බව” උපුලි එසේ පවසන විට තම ඉවසීමේ සීමාව ඉක්මවා යන බව නිමේෂාට වැටහිණ. 
“මං මෙහෙම ඇහුවට තරහා වෙන්න එපා. එතකොට ඔයා හිතන්නේ ඔයා ගැන එයාගේ හිත යන්න ඇත්තේ කොහොම කියලද?” නිමේෂා එසැනින් ඇසුවාය. 
“ඒක මට හරියටම කියන්න බැහැ. හැබැයි මම මීට අවුරුද්දකට විතර කලින් එයාගේ එෆ්බි ෆෑන් පේජ් එකට ලයික් එකක් දැම්මා; සමහරවිට ඒකෙන් පස්සේ එයා මගේ එෆ්බි එකට යන්න ඇති” උපුලි කීවාය. 
“එතකොට එයා ඔයාගේ එෆ්බි ෆේ‍රන්ඩ් කෙනෙක්ද?” නිමේෂා යළි ඇසුවේ උපුලිගේ මෙම අසාමාන්‍ය ප්‍රකාශය තුළින් කිනම් හෝ විශ්වාස කළ හැකි තොරතුරක් ලබා ගැනීම පිණිසය. 
“මොනවද අනේ ඔයා අහන ප්‍රශ්න ? තමන්ගේ හිත යන හැම කෙනෙක්ම එෆ්.බි  ෆේ‍රන්ඩ් කෙනෙක් කරගන්න ඕනේ කියලා නියමයක් නෑනේ නිමේෂා” තම මිතුරියගේ ප්‍රකාශයෙන් මඳක් කෝප ගැන්වුණු උපුලි කීවාය. 
ඒ කෙසේ හෝ සිංහල හඬ කැවූ ඉන්දීය ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන එම නළුවා පිළිබඳව උපුලි දිගින් දිගටම කරුණු කියන්නට වූ අතර මහේෂි ඒවා අසා සිටියේ විස්මයෙන් පුළුල් කරගත් දෙනෙතින් යුතුවය. එහිදී ඇය තවදුරටත් කියා සිටියේ එම නළුවා ටෙලි නාට්‍යයක පෙනී සිටින විට ඔහුට ඒ තුළින් තමන් නිවසේ රූපවාහිනිය නරඹන අන්දම පවා හොඳින් දැක බලාගත හැකි බවය. එසේ සිදුවනුයේ කෙසේදැයි තමන් හට නොවැටහෙන නමුදු එය එලෙසින්ම සිදුවන බව සහතික යැයි උපුලි කියා සිටියාය. එහෙත් ඇගේ මෙම සිතුවිලි අතිශයින් අස්වාභාවික බව වටහා ගත් මහේෂි උපුලිගේ වැඩිහිටියන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ විට ඔවුන් කියා සිටියේ උපුලි තුළ පවත්නා මේ අසාමාන්‍යතාවය තමන්ටද හොඳින් වැටහී ඇති බවය. 
කෙසේ හෝ උපුලී මේ සම්බන්ධයෙන් මනෝ වෛද්‍යවරයකු හමුවීමට කැමැත්ත පළකරන ලද්දේ දෙමාපිය වැඩිහිටියන්ගේ දැඩි පෙරැත්තය මතය. මෙහිදී උපුලිගේ විස්තරය හොඳින් අසා සිටි මනෝ වෛද්‍යවරයා මෙය ආදර මෝහය (ච්ඥතභඵඪධදඵ ධට තධමඥ) නම් රෝගය බව නිශ්චය කළේය. තමන්ට කිසිවකු ආදරය කරන බව ප්‍රකෘති නොවූ නිර්ණායක ඔස්සේ නිගමනවලට එළැඹීම මෙම රෝගයේ ප්‍රධානතම ලක්ෂණය බවත් එම තත්ත්වය දුරලීම පිණිස ඖෂධ ප්‍රතිකාර අවශ්‍යම බවත් පෙන්වා දුන් මනෝ වෛද්‍යවරයා ඉන්පසුව උපුලි ඥානක චර්යාත්මක චිකිත්සාවන් වෙත යොමු කළ යුතු බව පැවසීය. ඒ කෙසේ හෝ මාස කිහිපයක් අඛණ්ඩව ඖෂධ සහ ඥානක චර්යාත්මක චිකිත්සාවන් ලබාගත් උපුලී මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති අතර ඇය අද වන විට සුදුසු පෙම්වතකු ඇසුරු කිරීමද ආරම්භ කොට තිබේ. එමෙන්ම ඇය ඉන්පසු දිනයක එම මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණ කියා සිටියේ තම සිත තුළ පැවැති එම වැරදි විශ්වාසය මත තමන් දැඩි මානසික පීඩනයකින්  සිටි අතර දැන් ඉන් තමන් මුළුමනින් අත්මිදී සිටින බවකි. 
 
ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් අනාවරණය කරයි 
 
සටහන දමයන්ති ගමගේ 

රැකියාවට එන මුවාවෙන් ‘හිස හැරුණු අතේ’ ගිය ගීතිකා

පසුගිය වසරේ පමණ ඉක්මවා වැටුප් රහිත නිවාඩු ගැනීමෙන් රැකියාව පවා අවදානමකට ලක්වන බවට ගීතිකා තම ආයතන ප්‍රධානියාගෙන් බැණුම් ඇසුවාය. එහෙත් ඇගේ  එම නිවාඩු ගැනීම මේ වසරේ මුල් දින කිහිපයේදීම යළි ඇරඹිණ.
එහෙත් ගීතිකා මෙලෙස රැකියාවෙන් වරින් වර  නිවාඩු ගැනීමට හේතුව කිසිවෙකුත් දැන සිටියේ නැත. එනිසාම ඇය රැකියාවට පැමිණෙන මුවාවෙන් සේවා ස්ථානයට නොපැමිණ රහසිගත ගමන් යන බවට කට කතා ආයතනය පුරා පැතිරුණි. ඉන් බොහෝ දෙනෙකු කියා සිටියේ ගීතිකා අනියම් පෙම්වතෙකු ඇසුරු කරන බවත් ඔහු සමග රහසිගත ගමන් බිමන්වල යෙදෙන බවත්ය. නමුත් ඊට ප්‍රතිවිරුද්ධ අදහස් පළ  කළ තවත් පිරිසක් කියා සිටියේ ගීතිකාගේ මුහුණේ ඇති ශෝකී මළානික ස්වභාවය අනුව එය කිසිසේත් විශ්වාස කළ නොහැක්කක් බවය. සැබැවින්ම ගීතිකාගේ චරිතය තුළ සැඟවුණු මෙම ඛිෙදවාචකය කුමක්ද?
පවු‍ලේ එකම දියණිය  වූ ගීතිකා කුඩා කාලයේදීම ඇගේ පියා මියගොස් තිබිණ. ඉන්පසුව ඇය හදා වඩා ගන්නා ලද්දේ ඇගේ මව විසිනි.  එහෙත් ගීතිකා වැඩිවියට පත්ව සුළු කාලයක් තුළ ඇගේ මවද අකල් මරණයකට ලක් වූවාය. ඉන්පසුව ඇය හදා වඩා ගන්නා ලද්දේ නැන්දණියක විසිනි. කුඩා කාලයේ සිටම ඉගෙනුමට මහත් දක්ෂතාවයක් දැක් වූ ගීතිකාට රජයට අනුබද්ධ ආයතනයක රැකියාවක් ලබා ගැනීමේ හැකියාවක් ලැබි තිබිණ. එහෙත් ඇය විවාහ වූයේ තම නැන්දණිය සොයා දුන් විශාල වයස් පරතරයක් ඇති පුද්ගලයෙකු සමගිනි. එමෙන්ම ගුප්ත විශ්වාස කෙරෙහි මුළුමනින්ම නතු වී සිටි ඔහු කිසියම් ෙදෙවඥයෙකුගේකීමක් මත ගීතිකා නිසා තම ජීවිතයට අනර්ථයක් සිදුවෙතැයි යන මිථ්‍යාවේ එල්බගෙන සිටියේය. 
ඒ අනුව විවාහයකදී බිරිඳකට පතිනියකට හිමිවිය යුතු තැන සහ සැමියකුගෙන් බිරිඳකට හිමිවිය යුතු ආදරය සෙනෙහස ඔහු කෙරෙන් ලැබිමට ගීතිකා අසමත් වූවාය.
එමෙන්ම තමන්ට එදිනෙදා ජීවිතයේ මුහුණපෑමට සිදුවන ප්‍රශ්න ගැටලු අර්බුදවලට හේතුව ගීතිකා බව තරයේ විශ්වාස කළ ඔහු ඇයට රැයක් දවාලක් නොතකා කෙනෙහිළිකම් කරන්නට විය. මේ තත්ත්වය තුළ ඇගේ ගෘහ ජීවිතය බෙහෙවින් අසාර්ථක වූ අතර ඊට සාපේක්ෂව ඇගේ රැකියාවද කමෛන් නීරස වෙමින් තිබිණ.  ඒ අතර ආයතනයේ විවිධ පුද්ගලයන්ගෙන් සිත් රිදුම්වලට ලක් වූ ගීතිකාට කමෛන් ගෘහ ජීවිතයේ සේම උදෑසන අවදිවීමේ සිට රැකියාවට ඒමද මහත් පීඩාකාරී අත්දැකීමක් විය. ඒ නිසාම මුලදී  උදේ රැකියාවට ඒම සඳහා නිවසින් පිටත්වන ඇය රැකියාවට නොගොස් හිස හැරුණු අතේ යාම පුරුද්දක් බවට පත් කර ගත්තාය.
මේ අනුව කමෛන් ගීතිකා තුළ මෙම පුරුද්ද ප්‍රවර්ධනය වූ අතර සතියකට වරක් ඇගේ දහවල ගතවන ලද්දේ දුම්රිය ස්ථාන, බස්නැවතුම්පළවල් ඇතුළු ‍පොදු ස්ථානවලය. කෙසේ හෝ ගීතිකාට පැරණි පාසල් මිතුරියක හමුවන ලද්දේ ගීතිකා එසේ ඉබාගාතේ යමින් සිටියදීය.
එහිදී ගීතිකා තමන් මුහුණ දී ඇති ගැටලු ප්‍රශ්න අර්බුද සියල්ල යෙහෙළිය හමුවේ නොවලහා අනාවරණය කළාය. එහිදී යෙහෙළියගේ උපදේශය වූයේ ඇය මනෝ වෛද්‍යවරයෙකු හමුවීමට යායුතුබවය. මුලදී  ඒ සඳහා අකමැති වුවද පසුව මිතුරියගේ පෙරැත්ත මත ඈ ඊට එකඟ වූවාය.
මෙහිදී ගීතිකාගේ ගැටලුව පිළිබඳ අවධානය යොමු කළ මනෝ වෛද්‍යවරයා ඇය දැනට පසුවන විශාද රෝගී තත්ත්වය මත ප්‍රශ්නවලින් පලායාමේ උත්සාහයක යෙදෙන බව වෛද්‍යවරයාට හඳුනා ගැනීමට හැකිවිය.
මෙය හැඳින්වෙන්නේ විඝටනය යන නමිනි. කෙසේ හෝ ඇගේ මෙම විශාද තත්ත්වයට මුල් වී ඇත්තේ ඇගේ මොළයේ පවත්නා ෙජෙව රසායනික තත්ත්වයක්ද, එසේ නොමැතිනම් ඇය තුළ පවත්නා පෞරුෂ විෂමතාවයක්ද, එසේත් නොමැතිනම් ඇය ඇසුරු කරන සමාජයෙන් ඇය වෙත එල්ල වන ප්‍රබල අහිතකර බලපෑම්ද යන්න පිළිබඳව දෙවනුව විශේ‍ලේෂණය කළ යුතු බව මනෝ වෛද්‍යවරයාගේ අදහස විය.
එමෙන්ම මෙහිදී මෙම ප්‍රශ්නය වඩාත් හොඳින් නිරාකරණය කිරීම පිණිස ඇය ජීවත්වන පරිසරයෙන්ද තොරතුරු ලබාගත යුතු බැවින් ඇගේ සැමියාද කැඳවාගෙන එන ලෙස වෛද්‍යවරයා විසින් දන්වන ලදී. ඒ අනුව මෙම ගැටලුව ක්‍රමිකව විසඳිය යුත්තක් බවත් මේ සඳහා ඖෂධ සේම අන්තර් පුද්ගල මනෝ චිකිත්සාව යොදා ගත යුතු බවත් වෛද්‍යවරයා විසින් දන්වන ලදුව එම ක්‍රියාවලියෙන් පසු ගීතිකාගේ පෙර පැවැති මානසික පීඩනය දුරු වි ඇගේ ජීවිතය කමෛන් යහපත් තත්ත්වයට පත්වීම කමෛන් ඇරඹෙන ලදී.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ  මනෝ වෛද්‍ය රූමි රූබන් අනාවරණය කරයි.
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් (M.B.B.S.) M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි
 

ආදරය කරන පිරිමින්ගෙන් පළිගත් ගැහැනියක්

හතලිස් පස් වියැති මේනකා පෞද්ගලික සමාගමක විධායක නිලධාරිනියකි. වරක් බැලූ අයෙකු නැවත වරක් හැරී බලන අන්දමේ රූසපුවකින් යුතු ඇය සමාජ කුසලතා ආදියෙන්ද ඉතා යහපත් මට්ටමක පසුවූවාය.

එහෙත් මේ වන විටත් මේනකා විවාහ නොවී සිටීම බොහෝ දෙනෙකුගේ කුතුහලයටත් විමතියටත් හේතුවී ඇත. ඇගේ සේවා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සේම ඇයට වඩා වයසින් අඩු තරුණ නිලධාරීන්ගෙන්ද ඇය වෙත යොමුවන ප්‍රේමාරාධනා සහ විවාහ යෝජනා වල නිමක් නැත.

එහෙත් එවැන්නවුන් සමඟ කෙටි කලක් ඇසුරු කරන මේනකා හිටි හැටියේ ඔවුන් අතහැර දමන්නීය. එහෙත් ඇය සමඟ ඇසුරුකොට එක්වරම ඇගෙන් වෙන්වන කිසිවකුත් ඊට හේතු නොකියති. නමුදු මේනකාගේ සමීපතම මිතුරියක වූ මහේෂිට හමුවූ එම ආයතනයේ වෙනත් ශාඛාවක සේවය කරන නිලධාරියෙකු මහේෂි හමුවේ මේනකා පිළිබඳව මෙම රහස් තොරතුරු අනාවරණය කළාය.

මේනකා කියන්නේ මහා පුදුමාකාර ගෑණියෙක්. මීට අවුරුදු දහයකට විතර කලින් ඔය මේනකා ගැන මගේ හිතේ ආදරයක් ඇති වුණා. ඊට පස්සේ මම ඒබව කිව්වම මේනකා වැඩි ගණනකට ගත්තේ නැහැ. ඒත් පහුවෙනකොට මේනකා මගෙත් එක්ක සම්බන්ධයක් ඇතිකරගන්න කැමති වුණා. කොහොම වුණත් මට මුලදිම තේරුණා එයාගෙ හිතේ මං ගැන විශේෂ කැමැත්තක් නැති බව. මම එයාට කිට්ටුවෙන්න හදන හැම වෙලාවකම එයා මාව පුදුම විදිහට රිද්දවන්න පටන් ගත්තා. දවසක් අපි දෙන්නා නුවර යන්න කතා කරගත්තා. ඒත් නියමකරපු දවසේ නියම වෙලාවට මේනකා ආවේ නෑ. එයා ෆෝන් එකට ආවෙත් නැහැ. කොහොම හරි එදා මම පුදුම විදිහට රස්තියාදු වුණා. පහුවෙනිදා ඔෆිස් ඇවිල්ලා මේනකාගෙන් ඇහුවා ඇයි ඔයා මට අරවගේ වැඩක් කළේ කියලා. එතකොට මේනකා කිව්වා ඊයෙ නම් මට කොහොමත් එන්න බෑ අපේ අක්කගෙ දුවගෙ බර්ඩ්ඩේ පාටිය තිබුණෙ ඊයේ කියලා. එතකොට මට හොදටම කේන්ති ගියා. එතකොට මං ඇහුවා එහෙනම් ඇයි ඔයා මට අරවගේ පහත් වැඩක් කළේ කියලා. එතකොට එයා හිනාවෙලා කිව්වා මම ඔයාට නුවර යන්න එනවා කිව්වෙ ඊයෙද මම හිතුවෙ අපි දාගත්තෙ ලබන සති අන්තෙ කියලනෙ. පස්සෙ මං දැනගත්ත විදිහට මේනකා පිරිමි එක්ක ආශ්‍රය කරන්න කැමති නෑ. එහෙම ආශ්‍රය කරන්න එන අයගෙන් සියුම් විදිහට පලි ගන්නවා. ඒක එයාගේ මානසික අසාමාන්‍යතාවයක්.

මේනකාගේ පැරණි පෙම්වතා කී අන්දමට එක්තරා දිනයක මහේෂි මේනකාගෙන් මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසා සිටියාය. එවිට ඇය කියා සිටියේ තමන්ගෙන් ආදරය ඉල්ලා කරදර කරන පිරිමින් ගැන තම යටි හිතෙහි කෝපයක් වැනි හැඟීමක් ඇතිවන අතර එය මුල්කොට ඔවුන්ගෙන් පළිගැනීමට තමන් පෙළබෙන අතර එය මුල්කොට ඔවුන්ගෙන් සියුම් ලෙස පළිගැනීමට තමන් පෙළඹෙන බවය. කෙසේ හෝ මේ තත්ත්වය යටතේ තමන්ට කිසිදා විවාහයක් ‍කරගත නොහැකි බවද ඇය පිළිගත්තාය.

 පසුව මේනකා  මනෝ‍ වෛද්‍යවරයෙකු හමුවූයේ තම මිතුරිය මහේෂිගේ බලවත් ඉල්ලීම ද පෙරදැරිකරගනිමිනි. එහිදී මේනකා ගෙන් එම තත්ත්වය පිළිබඳ කරුණු විමසා සිටි මනෝ වෛද්‍යවරයා මෙය ඇගේ ජීවිතයේ කිනම් හෝ අවස්ථාවක පිරිමින් පිළිබඳව හටගත් ‍ද්වේශයක් සිත තුළ කිදා බැසීම නිසා ඇති වූ තත්ත්වයක් බව නිගමනය කළේය.

එහිදී පිරිමි පාර්ශවය හෝ එය සංකේතනය කරන යමක් සම්බන්ධයෙන් ඇගේ යටි සිත තුළ හටගත් අවිඥානක ද්වේශය තමන්ට සමීපවන පිරිමින් වෙතින් එළි දැක්වීමක් ලෙස වෛද්‍යවරයා විසින් මෙය වටහා දෙන ලදී.

මෙය පරපීඩන කාමුකත්වය (Sadism)  අනුන්ට කායික මානසික තාඩන පීඩන කිරීමෙන් තෘප්තිමත් වීමේ මානසිකත්වයක් ඇය තුළ ඇති බව නිගමනය කළ වෛද්‍යවරයා ඇතැම් විට එසේ කිරීම තුළින් ඇය තමන් කෙරෙන්ද සියුම් ලෙස පළිගැනීමක් සිදුකරනු ඇතැයි කියා සිටියේය. ඒ පර - ස්වපීඩක කාමුකත්වය (Sadomasochism) නම් රෝගයේ ලක්ෂණයක් විය හැකි බවද පවසමිනි.

මේ තත්ත්වය යටතේ ඇගේ මානසිකත්වය තුළින් එම අවිඥානක ද්වේශය ඉවත් කිරීම පිණිස වූ ඥාණක චර්යාත්මක චිකිත්සාවන් කිහිපයක් හදුන්වාදුන් වෛද්‍යවරයා තමන් කෙරෙහි ප්‍රියතාවයක් දක්වන පිරිමින්ගේ අවංකභාවය පිළිබඳ නිසි විමසුමක් කොට ඔවුන් දෙස වෙනත් මානයකින් බැලීමේ ක්‍රමෝපායන්ද ඇය වෙත හදුන්වාදෙන ලදී. ඒ අනුව තමන් තුළ පවත්තනා මෙම තත්ත්වය අස්වාභාවික බව වටහාගත් මේනකා මේ වන විට සුදුසු සහකරුවෙකු හා විවාහවීමේ සූදානමකින් පසුවන්නීය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් (M.B.B.S.) M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි.

සටහන - දමයන්ති ගමගේ

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 636

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1160

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1018

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 786

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5445

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3599

Please publish modules in offcanvas position.