Coss Ear2
lakbima.lk
COSS Ear 1

බැලූ බැල්මට ඉත්තෑවෙක් ඔළුව උඩ තියාගෙන ඉන්නවා වගේ පෙණුනට ඇත්තටම මෙයාගේ ඔළුව උඩ තියෙන්නේ එයාගෙම කොණ්ඬේ කියලා හොඳට බැලූවොත් දකින්න පුළුවන්. මෙයාගේ නම එරික් හැන්. ඉන්නේ ඇමෙරිකාවේ නෙබ‍්‍රස්කාවල. එරික්ට පුංචි කාලේ ඉඳලා තිබුණු ආසාවකට අනුව එයා එයාගේ කොණ්ඬේ දිගට වවලා ඊට පස්සේ දෙපැත්තෙන් තට්ටෙ ගාලා මේ විදියට උඩට උස්සලා හදා ගෙන. හරියටම මැනලා බැලූවාම එරික්ගේ කොණ්ඩයේ දිග නෙවෙයි උස සෙන්ටි මීටර් 68.58ක්, ඒ කියන්නේ අගල් 27ක් වෙනවා. ඒ කොහොම වුණත් එයාව ඉත්තෑවෙක් වගේ පෙනෙන එකට නම් පිළියමක් නැහැ.

wow නමැති වෙබ් අඩවිය පහුගිය දවසක ටිකක් පුදුම කාරණයක් අනාවරණය කරලා තිබුණා. ඒ කාන්තාවන්ගේ එක් දක්ෂතාවක් ගැන. ඔවුන් කියන විදියට නම් ලෝකයේ කාන්තාවන් සියයට 80ක්ම අඩි උස සපත්තු පළඳින්න කැමැත්තක් දක්වනවා. ඒ වගේම ඔවුන්ට අඩි උස සපත්තු පැළඳීම කොච්චර පහසුයි ද කියනවා නම් අ`ගල් 4 ක් උස අඩියක් තියෙන සපත්තු කුට්ටමක් දාගෙන පැයට කිලෝමීටර් හයක වේගයෙන් දුවන්න ඔවුන්ට පුළුවන්. ඒ වගේම ව්‍යායාම කරන උපකරණ පාවිච්චි කරලා ව්‍යායාම කරන්න වුණත් පුළුවන්. නමුත් පිරිමි අයට නම් ඒක අමාරු දෙයක්. පිරිමි කෙනෙක් අ`ගල් 4ක් උස අඩියක් තියන සපත්තු කුට්ටමක් පැළඳුවොත් උපරිම ඒ අයට ඇවිදින්න පුළුවන් වෙන්නේ මීටර් 200ක දුරක් විතරලූ. ඒ දුර ඇවිදින්නෙත් බොහොම අමාරුවෙන් සහ හිමින්ලූ. ඒ අනුව අඩි උස සපත්තු පැළඳීමේ අති දක්ෂතාවක් ගැහැනු අයට තියෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ.

මිනිස් මොළය කියලා කියන්නේ එක්තරා ආකාරයක තොරතුරු ගබඩාවක්. හරියටම කියනවා නම් පරිගණකයක හාඞ් ඩිස්ක් එකක් වගෙයි. නමුත් වර්තමානයේ නිෂ්පාදනය කරලා තියන හාඞ් ඩිස්ක්වල හැටියට නම් මොළයට ලැබෙන්නේ දෙවැනි තැන. පරිගණක භාෂාවෙන් කියනවා නම් මොළයේ දත්ත ගබඩා කළ හැකි ඉඩ ප‍්‍රමාණය ටෙරා බයිට් 100ක් විතර වෙනවා. නමුත් වර්තමානයේ නිෂ්පාදනය කරලා තියෙන ටයිටන් කියලා නම් කරපු සුපිරි පරිගණකයේ හාඞ් ඩිස්ක් එකේ ටෙරා බයිට් 710ක දත්ත ගබඩාවක් තියෙනවා. අද වෙද්දී ලෝකයේ තියෙන සුපිරිම පරිගණකය තමයි ටයිටන්. ඒ කියන්නේ එ්ක මිනිස් මොළය වගේ හත් ගුණයක ධාරිතාවකින් යුක්තයි. හැබැයි ඉතින් ටයිටන්ව තියන්න වර්ග අඩි 5000ක විතර කාමරයක්  ඕනේ. මොකද ඒකේ ප‍්‍රමාණය වර්ග අඩි 4352ක් වෙනවා.

මේ නත්තල් කාලේ නත්තල් ගස් හැම තැනම ඉදි වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඔළුවක් උඩ නත්තල් ගහක් ඉදි වෙන එක නම් ටිකක් අරුම පුදුම දෙයක්. එරිකා ඞී‍්‍රම්ස් ජීවත් වෙන්නේ ඔස්ටි‍්‍රයාවේ. එයා එයාගේ ඔළුව උඩ මේ විදියට නත්තල් ගහක් ඉදි කර ගත්තේ එයාගෙම කොණ්ඩය උපයෝගී කරගෙනයි. 
මේ කොණ්ඩ නත්තල් ගහේ උස මීටර් 2.66 ක්. ඒ කියන්නේ අඩි 8 යි අගල් 73 ක්. මේ විදියට කොණ්ඩෙන් නත්තල් ගහක් හදන්න පැය 44 යි විනාඩි 20 ක් ගත වෙලා තියනවා.

සිංහයා කියලා කියන්නේ බොහෝම ශබ්ද නගලා කෑ ගහන්න පුළුවන් සතෙක්. කතාවට කියන්නේ අක්කර දහස් ගණනක් විශාල කැලෑවක් ඇතුළෙ ඉන්න සිංහයෙක් කෑ ගහද්දි මුළු කැලෑවේම ඉන්න සත්තු බය වෙනවා කියලයි. නමුත් මෑතදී හොයාගෙන තියන කරුණුවලට අනුව සිංහයා කෑ ගහන ශබ්දයට වඩා වැඩියෙන් ශබ්ද නගලා කෑ ගහන්න පැස්බරාට පුළුවන්ලූ. ඒ වගේම පැස්බරා කියන්නේ බොහොම වේගයෙන් දුවන්න පුළුවන් සතෙක්.
හරියටම කියනවා නම් අශ්වයෙක් එක්ක පැස්බරෙක් ඔට්ටුවට දිව්වොත් අශ්වයාට වඩා වේගයෙන් පැස්බරා දුවනවා කියලත් හොයාගෙන තියෙනවා. වැඩුණු අශ්වයෙකුගේ වේගය පැයට කිලෝ මීටර් 48 ක් 50 ක් විතර වෙනවා. ඒත් වැඩුණු පැස්බරෙකුගේ වේගය පැයට කිලෝ මීටර් 70 ඉක්මවනවා.

චීනය කියන්නේ ලෝක වෙළෙඳපොළ ඉතාම කෙටි කාලයකින් ආක‍්‍රමණය කරන ලද නැගී එන රටක්. එනිසාම චීන භාෂාවේ
නිපුණයෙකු වීම නූතන රැකියා වෙළෙඳපොළ ජය ගැනීමට හේතු වන සාධකයක්. එවන් රටක ආගන්තුක සත්කාරක සේවය හා සංචාරක කර්මාන්ත පුහුණුවක් හෝටල් ක්‍ෂේත‍්‍රය තුළින් ලබාදීමේ අනගි අවස්ථාවක් පිරිනැමීමට පසු ගිය 10 වැනිදා Coss Lanka ආයතනය විසින් සිදුකරන ලදී. හෝටල් ක්‍ෂේත‍්‍රයේ පවතින ශ‍්‍රම හිඟයට සාර්ථක විසඳුමක් ලෙස ශ‍්‍රී ලාංකීය තරුණ, තරුණියන් 25 දෙනෙකු හට හෝටල් කළමනාකරණ හා සූපවේදය සම්බන්ධ වැටුප් සහිත රැකියා පුහුණුවක් මෙන්ම චීන භාෂා වැඩසටහනක් පිරිනැමීම එදින කොළඹ කින්ග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි. ඒ සඳහා මෙරටින් පිටත් වන තරුණ, තරුණියන් සමඟ ගිවිසුම් අත්සන් කරමින් ඔවුන්ගේ පාස්පෝට්, වීසා හා ගුවන් ටිකට්පත් පිරිනැමීම Coss Lanka ආයතන ප‍්‍රධානී රොහාන් ජී. රුබේරු 
මහතා ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණ. ඒ සමඟම එම තරුණ, තරුණියන්ගේ දෙමව්පියන් දැනුම්වත් කිරීම ද සිදු විය.
 
පාඨමාලා පිලිබඳ වැඩි විස්තර 0770 - 678678 ඇමතීමෙන් ලබා ගත හැක.
 






 

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 3618

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2396

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3558

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2120

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7201

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4431

Please publish modules in offcanvas position.