Coss Ear2
lakbima.lk
COSS Ear 1

බි‍්‍රතාන්‍ය මහ රැජිනත් හිත ගිය තැන මාලිගා හදන කෙනෙක්. මෙහෙම කියන්නේ ඇගේ ඇඳුම් නිර්මාණ ශිල්පිණිය. එහෙම කියන්න හේතුවක් තියනවා. 1988 අවුරුද්දේ එලිසබෙත් රැජින පාවිච්චි කරන්න පටන් ගත්තු නිය ආලේපන වර්ගයක් තමයි Essie  කියන බ‍්‍රෑන්ඞ් එක. මේ වර්ගයේ පේල් පින්ක් කියන වර්ණය තමන්ට හොඳින්ම ගැලපෙනවා කියලා රැජිනගෙ හිතට කාවැදිලා. එදා ඉඳලා අද වෙනකන් අවුරුදු  30 කට කිට්ටු කාලයක් ඇය නිය ආලේපන විදියට පාවිච්චි කරන්නෙ Essie බ‍්‍රෑන්ඩ් එකේ පේල් පින්ක් කියන වර්ණය විතරමලූ. ඒ වගේම මේ බ‍්‍රෑන්ඩ් එක බි‍්‍රතාන්‍යයෙන් මිලදී ගන්න නැති වුණොත් ඒක නිෂ්පාදනය කරන සමාගමට ඇණවුමක් දීලා හරි ඒකම ගෙන්වන්න කියලා එලිසබෙත් රැජින එයාගෙ ඇඳුම් නිර්මාණ ශිල්පිණියට කියලා තියනවලූ.{jcomments on}

මේ දිනවල ලෝකයේ වැඩි වශයෙන්ම කතාබහට ලක්වන රටක් පවතී නම් එ් අන් කිසිවක් නොව මැදපෙරදිග කලාපයේ පිහිටි ඉස්ලාම් රටක්වන ‘කටාර්’ රාජ්‍යයයි. ඔවුන් ලෝකයේ ඇති විවිධ ත‍්‍රස්තවාදී කණ්ඩායම්වලට විවිධාකාරයෙන් උදව් උපකාර කරමින් මැදපෙරදිග කලාපයේත්, ලෝකයේ සෙසු රටවලත් ත‍්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම ස`දහා උදව් උපකාර කරන්නේය යන චෝදනාව පිට පසුගියදා එහි තදාසන්න රටවල් වන සවුදි අරාබිය, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව කටාර් රාජ්‍යය සමග පවතින සියලූ රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා අතහැර දැමුවේය. මෙයින් පසු කටාර් යනු කුමනාකාර රාජ්‍යයක්ද, එය පිහිටා ඇත්තේ කොහිද වැනි කරුණු පිළිබ`ද බොහෝ දෙනකු කතා කරන්නට විය. එබැවින් කටාර් රාජ්‍යය පිළිබ`ද යමක් සැකෙවින් කතාබහ කිරීමට මේ හො`දම කාලය යැයි සිතේ.

කටාර් රාජ්‍යය යනු බටහිර ආසියාවේ, අරාබි අර්ධද්වීපයේ ඊසාන දිගට වන්නට කුඩා උප අර්ධද්වීපයක් ලෙස පිහිටා ඇති වර්ග කිලෝමීටර 11,586ක භූමි ප‍්‍රදේශයක් පුරා පැතිර ගිය ස්වාධීන රාජ්‍යයකි. කටාර් අර්ධද්වීපය ගල්ෆ් මුහුද දෙස කිලෝමීටර 160ක් විහිදී තිබේ. වැඩි භූමි ප‍්‍රදේශයක පවතින්නේ නිසරු සහ වැලි සහිත භූමියකි. එහි දකුණ දිග සීමාව සවුදි අරාබියෙන් මායිම් වන අතර භූමියේ අන් සියලූ කොටස් පර්සියානු මුහුදු බොක්කෙන් වට වී තිබේ. මෙහි අග නගරය දෝහා වේ. මුදල් එ්කකය වන්නේ කටාර් රියාල්ය.

19 වැනි සියවසේ මුල් භාගයේ සිටම කටාරය පාලය කරන ලද්දේ ‘තානි’ රාජවංශයයි. කටාර් රාජ්‍යය බිහි කිරීමේ ගෞරවය හිමිවනුයේ ෂීක් ජසිම් බින් මොහොමඞ් අල් තානිහටය. මෙහි පාලන බලය පරම්පරාවෙන් හිමිවන්නක් වන අතර එහි පාලකයා වන්නේ ෂීක් තමිම් බින් අල් තානිනම් එමීර් වරයාය. කටාරය තුළ පැවැතිය යුත්තේ රාජ්‍ය පාලනයක්, එසේත් නැතිනම් ව්‍යාවස්ථානුකූල පාලනයක්ද යන මතය පැන නැගුණෙන් 2003 වසරේදී ජනමත විචාරණයක් පවත්වන ලද අතර එහිදී 98%ක්ම ව්‍යාවස්ථාවක් ස`දහා සිය කැමැත්ත පළ කොට තිබිණි.

2017 වසරේ මුල් සමය වන විට කටාරයේ මුළු ජනගහනය මිලියන 2.6ක් විය. මෙයින් 313,000ක් කටාර් පුරවැසියන් වන අතර සෙසු මිලියන 2.3 සමන්විත වන්නේ විදෙස් සංක‍්‍රමණිකයන්ගෙනි. සමස්ත ජනගහනයෙන් ඉන්දියානුවන් 25%ක්ද, කටාර් වැසියන් 12.1%ක්ද, බංග්ලාදේශ වැසියන් 10.7%ක්ද, ශ්‍රී ලාංකිකයන් 5.6% ක්ද, පාකිස්තානුවන් 4.8% ක්ද ආදී වශයෙන් සමන්විත වේ.

කටාරයේ පවතින තෙල් නිධි නිසා එය ලෝකයේ පවතින ඉහළ ආදායමක් ඇති රාජ්‍යයක් බවට පත්ව තිබේ. ලෝකයේ පවතින ඉහළතම එ්ක ශීර්ෂ ආදායමක් ඇති රටවල් අතරින් එකක් වන්නේද කටාරයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අන්දමට ලෝකයේ වැඩිම දියුණුවක් ඇති මානව සම්පත ඇත්තේ කටාරයේය. සැලකිය යුතු බලයක්ද හිමි රාජ්‍යයක් වන කටාරය පසුගිය සමයේ පැවැති ‘අරාබි වසන්තය’ නම් කැරළිකාර සමයේදී, ලෝකයේ කැරළිකාර සංවිධාන ගණනාවකට ධනයෙන් හා බලයේ උදව් උපකාර කළේය. එමෙන්ම අල්ජසීරා මාධ්‍ය ජාලය ලෝකය පුරා බලවත්ව ව්‍යාප්ත කරන්නට මූල්‍ය ශක්තිය ලබාදුන්නේද කටාර් රාජ්‍යයමය. කෙසේ නමුත් ඔවුන් සහය ලබා පෝෂණය කළ කැරළිකාර කණ්ඩායම්වල ක‍්‍රියාකාරීත්වයම අද ඔවුන්ට රාජ්‍ය තාන්ත‍්‍රික සබ`දතා අහිමි කරවන තත්ත්වයට වැඩිදියුණු වී තිබෙන බැව් පෙනේ. ඔවුන් පවසන්නේ තමා කිසිදු ත‍්‍රස්තවාදී කණ්ඩායමකට සහය පළ නොකරන බවය. කෙසේ නමුත් ත‍්‍රස්තවාදයේ මුහුණුවර වසා ගනිමින් ලෝකය පුරා ව්‍යාප්ත වාදයක් පවත්වාගෙන යාමට කටාරය මූල්‍ය ශක්තිය සපයන බව නම් පසුගිය කාලය පුරාම ලෝකයේ මාධ්‍යවල නිතර කතාබහට ලක්විය. අප රටේද බොහෝ ව්‍යාප්ත වාදයන් ස`දහා ඔවුන්ගේ මූල්‍ය ශක්තිය ලැබෙන බැව් අසන්නට ලැබිණි.

ක‍්‍රි.ව. 23 වසරේ ඉපිද ක‍්‍රි.ව. 79දී මියගිය රෝම ලේඛකයකු සහස්වභාවික විද්‍යාඥයකු වූ ප්ලිනි කටාර් දේශය සහ එහි වැසියන් පිළිබ`ද සිය ඉතිහාස තොරතුරුවල ස`දහන් කොට තිබේ. ඔහු ඔවුන්ව හ`දුන්වාදී ඇත්තේ ‘කත්තාරෙයි’ නමිනි. ටොලමි සිය සිතියම්වල මෙම දේශය ‘කටාරා’ වශයෙන් ස`දහන් කොට තිබේ. එම සිතියමට අනුව මෙම අර්ධද්වීපයේ නැගෙනහිරට වන්නට ‘කඩාරා’ නමින් පැවැති නගරයක්ද ඔහු සිය සිතියමේ සටහන් කොට තිබේ. ‘කටාර්’ යන්න බි`දීවිත් ඇත්තේ මේ ආකාරයෙන් බැව් පෙනේ.

කටාරයේ මිනිස් වාසභූමි අදින් වසර පනස්දහසක් පමණ අතීතයකට දිවෙන අතර ගල්යුගයට අයත් ජනාවාස කොටස් සහ විවිධ මෙවලම් මෙම අර්ධද්වීපයෙන් හමුවී තිබේ.

ක‍්‍රි.ව. 224දී මෙම ප‍්‍රදේශය සසා නියන් අධිරාජ්‍යයට නතු වූ අතර එම සමයේදී කටාරය වාණිජ මධ්‍යස්ථානයක් ලෙස ඔවුහු භාවිත කළහ. මෙම සමයේ කිතුණු ආගම මෙම ප‍්‍රදේශයේ ව්‍යාප්තව තිබූ බැව් පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් ක‍්‍රි.ව. 628 දී මුන්සිර් ඉබ්න් සාවා අල් තමීමි මෙම ප‍්‍රදේශය අත්පත් කරගත් අතර එහි යටත් වැසියන්ට ඉස්ලාම් ආගම ඇදහිය යුතු යැයි ඔහු පැවැසූවේය. මේ අනුව මෙම ප‍්‍රදේශයේ බොහෝ දෙනෙක් ඉස්ලාම් ආගම වැළ`ද ගත්හ. ක‍්‍රි.ව. 661-1783ත් අතර සමයේ මේ ආකාරයට මූලික ඉස්ලාම් පාලන තන්ත‍්‍රයක් පැවැති අතර පසුව ක‍්‍රි.ව. 1783 - 1868 ත් අතර බහරේන් සහ සවුදි පාලනයක් පැවැතිණි. ක‍්‍රි.ව. 1871 - 1915 අතර සමයේ ඔටෝමාන් පාලනයක් පැවැති අතර ක‍්‍රි.ව. 1916දී මෙය බි‍්‍රතාන්‍යයේ යටත් ප‍්‍රදේශයක් බවට පත්විය. කටාරය බි‍්‍රතාන්‍යයෙන් නිදහස් වූයේ 1971 වසරේදීය.

කටාරයේ ඉස්ලාම් භක්තිකයන් 67.7ක් සිටින අතර ඉස්ලාමය එහි නිල ආගම වේ. එයට අමතරව 13.8ක් කිතුනුවන්ද, 13.8ක් හින්දු භක්තිකයන්ද, 3.1ක් බෞද්ධයන්ද ජීවත් වෙති.

කටාරය යනු ව්‍යවස්ථාවක් සහිත  රජ පරම්පරාවක පාලනයක් පවතින රාජ්‍යයක් ලෙස හැ`දින්වීම වඩාත් නිවැරදිය. දැනට පාලනය පවතින අල් තානි රාජවංශය මෙහි ස්ථාපිත වූයේ වර්ෂ 1825දීය. දැනට සිටින තමීම් බින් හමාඞ් අල් තානි යනු එරට සිටින අල් තානි රාජවංශයේ අට වැනි එමීර් වරයා වේ.

මෙහි නීති පද්ධතිය මුළුමනින්ම පදනම් වී ඇත්තේ ෂාරියා නීතිය මතය. නමුත් ප‍්‍රයෝගිකව මෙහි සිවිල් සහ ෂාරියා යන නීති මිශ‍්‍රණයක් දක්නට ලැබේ. ආගම අතහැර දැමීම සහ සමලිංගිකත්වය මරණ ද`ඩුවම් ලැබිය හැකි වරදක් වේ. සෙසු ඉස්ලාම් රටවල මෙන්ම මෙහිද ඉස්ලාම් ජාතිකයන්ට මත්පැන් පානය තහනම් ය. ඉස්ලාම් නොවන පුද්ගලයන් වෙනුවෙන් තරු පහේ හෝටල සහ වෙනත් අවසර ලත් ස්ථානවලදී මත්පැන් මිලට ගත හැකිය. ඉස්ලාම් නොවන්නන් ස`දහා පමණක් ඌරුමස් ආනයනටද අවසර ලබා දී තිබේ.

කටාරයේ යුද, ගුවන් සහනාවික වශයෙන් 11,000 කින් සමන්විත හමුදාවක් පවත්වාගෙන යනු ලබයි. ඔවුහු සිය දළ ජාතික නිෂ්පාදිතයෙන් 4.2%ක් ආරක්ෂාව වෙනුවෙන් වැය කරති.{jcomments on} 

තායිලන්තයේ සෆාරි උද්‍යානවල ඉන්න වඳුරන්ගෙන් අඩක්ම පහළ ඉන්න වඳුරා වගෙයි. ඒ වගේම මේ පින්තූරයේ ඉන්න වඳුරා සාමාන්‍ය වඳුරෙක් වගේ තුන් ගුණයක් බරින් වැඩියි. මෙයා සාමාන්‍ය වඳුරෙක් බවට පත් වෙන්න නම් බර රාත්තල් 60කින් අඩු කරගන්න වෙනවා. තායි සෆාරි වඳුරන්ට මේ දේ වෙලා තියෙන්නේ ඔවුන්ව බලන්න එන නරඹන්නෝ නිසා. නරඹන්නන් මේ වඳුරන්ට තෙල් සහිත ආහාර සහ සෝඩා බෝතල් බොන්නට දීමේ විපාකයක් තමයි මේ. සෆාරි වඳුරන් මේ වගේ තෙල් සහ ලුණු සහිත ආහාරවලට පුරුදු වෙලා ඉන්න නිසා ඔවුන් පලතුරු කන්නත් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් මේක සෆාරි කාර්ය මණ්ඩලයටත් ලොකු ප්‍රශ්නයක්. කොහොම වුණත් මේ තත්ත්වය නිසා වඳුරන්ගේ ජීවිත කාලය අඩකින් පමණ අඩු වෙයි කියලත්, මෑතකදීම තායිලන්තයේ වඳුරු ගහණය විශාල ලෙස අඩු වෙන්න පටන් ගනී කියලත් පශු වෛද්‍යවරු කියනවා.

Modi
ප්‍රියංකා චොප්රා ඉන්දියාවේ සිටින සුපිරි නිළියන් අතර කෙනෙකි. ඇය මේ වනවිට දස්කම් දක්වමින් සිටින්නේ ඉන්දියාවේ පමණක් නොවේ. ඇමෙරිකානු හොලිවුඩ් සිනමාවේ මෙන්ම රූපවාහිනියේද ප්‍රියංකා දැන් සිය හැකියාවන් ප්‍රදර්ශනය කරමින් සිටියි.
නමුත් මේ දිනවල ඇය කතාබහට ලක්වන්නේ ඇගේ රංගන දක්ෂතා නිසා පමණක් නොවේ. ඇය පසුගිය දිනෙක හැඳ සිටි ඇඳුමක්
නිසාද, දැන් ප්‍රියංකා සම්බන්ධයෙන් ආන්දෝලනයක් හටගෙන ඇත. මෙසේ මතභේදයට ලක් වූ ඇඳුම ප්‍රියංකා හැඳ සිටියේ පසුගිය දිනෙක ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට පැමිණි අවස්ථාවකය. (ඇය මෙම ඇඳුමෙන් සැරසී අගමැතිවරයා අසල වාඩි වී සිටින සැටි පෙන්වන ඡායාරූපයක් මුලින්ම පළ වූයේ ඇගේම ෆේස්බුක් පිටුවේය).
ප්‍රියංකාගේ ඇඳුම ගැන මෙවැනි මතභේදයක් ඇති වූයේ එය ඇයගේ දෙකකුල් නිරාවරණය වන ආකාරයේ කෙටි ඇඳුමක් වීම නිසාය. සිය රටේ අගමැතිවරයා හමුවීමට පැමිණෙද්දී මීට වඩා ගරුසරු ඇති ආකාරයෙන්, සංවරව හැඳ පැළඳගෙන ආ යුතුය යනුවෙන් ඇයට චෝදනා එල්ල වන්නට විය. මේ චෝදනා බොහොමයක්ම එල්ල වූයේ  සමාජ  අඩවි හරහාය.

වෙබ් අඩවි

අගමැති මෝදි සහ ප්‍රියංකා අතර හමුව සිදුවූයේ ජර්මනියේ බර්ලින් නුවරදීය. පසුගිය දිනවල නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා ජර්මනියට පැමිණි අතර ප්‍රියංකා ද ඒ වනවිට රැඳී සිටියේ බර්ලින් නුවරය. ඒ ඇය අලුතෙන්ම රඟපෑ Baywatch නමැති හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුත්තක් වෙනුවෙනි.
“ප්‍රියංකා, ඔබ අසුන්ගෙන සිටින්නේ අපේ රටේ අගමැතිවරයා සමගය. අඩු තරමින් ඔබේ දෙකකුල් නිසි පරිදි ආවරණය කරගෙන සිටින්නට තරම්වත් මූලික අවබෝධයක් ඔබ සතු විය යුතුව තිබිණි.” එක් ප්‍රතිචාරයක සඳහන් විය.
“ඔබ ලොකු ජාත්‍යන්තර තාරකාවක් විය හැකියි. නමුත් කරුණාකර අපේ අගමැති මෝදි මහතා ඉදිරියේ යම් ගෞරවයක් දැක්වෙන ආකාරයෙන් හැසිරෙන්න බලන්න ඔබ ඔහු ඉදිරියේ වාඩි වී සිටින සැටි” ඒ තවත් ප්‍රතිචාරයක වූ සටහනකි.
“ඊයේ වනතුරු ඔබ ඉන්දියාවේ සමස්ත තරුණ පරපුරට මහත් ආභාෂයක් සැපයූ චරිතයක් විය. මන්ද යත් ඔබ ජාත්‍යන්තරය තුළ යමක් කළ කෙනෙකු වූ නිසාය. නමුත් අද වනවිට ඔබ පෙන්නුම් කර ඇත්තේ මෙවැනි වැදගත් පුද්ගලයෙකු හමුවට යනවිට හැඳගෙන යා යුත්තේ කුමක්දැයි තේරුම් ගන්නට තරම්වත් සාමාන්‍ය අවබෝධයක් ඔබට නැති බවයි. මම ඔබට අනුකම්පා කරමි” ඒ තවත් ප්‍රතිචාරයකි.
බොහෝ දෙනෙකු අදහස් දක්වා තිබුණේ ප්‍රියංකා මේ තුළින් අගමැතිවරයාට කිසියම් නිගරුවක් කර ඇති බව කියමිනි. ප්‍රියංකාට එරෙහිව මේ ආකාරයෙන් චෝදනා එල්ල වෙද්දී ඇය වෙනුවෙන් අදහස් දැක්වූ පිරිස්ද දැක ගත හැකි විය.
“තමා අඳින්නේ කුමක්දැයි තීරණය කිරීමට කාන්තාවකට සම්පූර්ණ අයිතියක් තිබේ. අද අප ජීවත් වන්නේ අඳුරු යුගයක නොවේ” ඒ ඇයට පක්ෂව දක්වා තිබූ එක් අදහසකි.

ප්‍රතිචාර

ප්‍රියංකා හැඳ සිටින්නේ බටහිර ඇඳුම් විලාසිතා අතර පිළිගත් ඇඳුමක් බවත්, ඇය වාඩි වී සිටින ඉරියව්වද ඇය වැනි කෙනෙකුගේ පෞර්ෂය විදහා දක්වන ආකාරයේ  එකක් බවත්,  යමෙකු එහි වරදක් දකී නම් එය ඇගේ වරදක් නොව දකින්නාගේ ප්‍රශ්නයක් බවත් සඳහන් ප්‍රතිචාරයන්ද දැකිය හැකි විය.
කෙසේ හෝ වේවා ප්‍රියංකා මේ ප්‍රතිචාරවලට සෘජුව
පිළිතුරු දෙන්නට ගොස් තිබුණේ නැත. ඒ වෙනුවට  තමාත්, තම මවත් දෙකකුල්  යම් තරමකට නිරාවරණය වන ආකාරයේ ඇඳුම් හැඳගෙන  වාඩි වී සිටින තවත් ඡායාරූපයක් සිය ඉන්ස්ටග්‍රෑම් අඩවියට එක් කිරීමට ඇය පියවර ගෙන තිබුණාය. ඒ අතර අගමැතිවරයා ඔහුගේ අතිශය කාර්යබහුල බව අතරේ වුවද තමා හමුවීමට කාලය වෙන් කිරීම ගැන ඇය ඔහුට ස්තූති කර තිබිණි.
මේ වනවිට ප්‍රියංකා චොප්රා රඟපෑ පළමු හොලිවුඩ් චිත්‍රපටය වන Baywatch ලොව පුරා තිරගත වන අතර තවත් ඇමෙරිකානු චිත්‍රපට කිහිපයක් සඳහාම ඇයට ඇරයුම් ලැබි ඇති බවද සඳහන් වෙයි. ඒ අතර ඇය රංගනයෙන් දායක වන Quantico නැමැති ඇමෙරිකානු රූපවාහිනි මාලා නාටකයද ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. ප්‍රියංකා මේ වනවිට ඉන්දියානු නිළියන් අතර වඩාත්ම සාර්ථක නිළියක් ලෙසිනි සැලකෙන්නේ.

කිත්සිරි මල්වත්ත

 

ඇමෙරිකානු ඩොලර් මිලියන 57.4 ක වාර්තාගත මුදලකට දියමන්ති කරාබු ජෝඩුවක් වෙන්දේසියක අලෙවිවූ පුවතක් ජිනීවා නගරයෙන් වාර්තා වෙයි.
ඇපලෝ හා ආටමිස් නමින් හැඳින්වුණු පෙයාර් ගෙඩිවල හැඩය ගත් මෙම දියමන්ති එකක් කැරට් 16 බැගින් වෙයි.
දකුණු අප්‍රිකාවේ දියමන්ති නිධියකින් හමුවූ මෙම දියමන්ති පෙනුමින් එක සමාන වුවද පැහැයෙන් වෙනස්ය.ඉන් එකක් නිල් පැහැය ගන්නා අතර අනෙක රෝස පැහැතිය.
මෙවැනි වර්ණවත් දියමන්ති බෙහෙවින් දුලබ බව පැවැසේ.
මෙම දියමන්තිවල කිසිදු ආකාරයක සිහින් හෝ පළුද්දක් නැති බව කියන සොතෙබිස් වෙන්දේසිකරුවෝ මෙවැනි වර්ණවත් දියමන්ති ඉතා කලාතුරකින් ලැබුණු විට එයට වෙන්දේසිවල විශේෂ තැනක් හිමිවන බවද කියයි.
 
නිශානි දිසානායක

මේ පිංතූරයේ ඔබ දකින දියවීගෙන යන නිවස පිහිටා තිබෙන්නේ ප‍්‍රංශයේ පැරිස් නගරයේ. මේ විදියට බැලූවොත් තව පැය කීපයක් ඇතුළත මේ නිවස දියවෙලා පොළොවට පතිත වෙන්න ඉඩ තිබෙනවා. නමුත් කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම මේක දෘෂ්ටි මායාවක්. මේ නිවස ඉදිකරලා තියෙන්නෙත්, තීන්ත ආලේප කරලා තියෙන්නෙත් දියවෙමින් පවතින ආකාරයක් පෙනෙන විදියටයි. රිචර්ඞ් මර්ෆි කියන ගෘහ නිර්මාණ ශිල්පී සමාගමේ නිර්මාණයක් වුණු මෙහි මේ වනවිට පැරිස් නගරයේ ධන කුවේරයෙකු ජීවත්වෙනවා.

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 264

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 499

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 450

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 391

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5020

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3298

Please publish modules in offcanvas position.