Coss Ear2
lakbima.lk
COSS Ear 1

මනුෂ්‍යයෙකුට වතුර යට ඉන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒක උපරිම විනාඩියක් දෙකක් වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි වෙලාවක් හුස්ම ගන්නේ නැතිව වතුර යට ඉන්න නම් කරමල් තියෙන්න ඕනෙ. ඒත් ස්පාඤ්ඤයේ ඇලෙයික්ස් සෙගුරා වෙන්ඩේ‍රල්ට නම් කරමල්නැතිව ගොඩක් වෙලා වතුර යට ඉන්න පුළුවන්. හරියටම කියනවා නම් විනාඩි 24කුත් තත්පර 4ක් හුස්ම තද කරගෙන වතුර යට හිටපු ඇලෙයික්ස් ලෝක වාර්තාවක් පවා පිහිටුවලා තියෙනවා. ඒ වැඩිම වේලාවක් හුස්ම නොගෙන වතුර යට ඉන්න පුද්ගලයා විදියට. 

තව නොබෝ දිනකින් ජර්මනියේ නියුරම්බර්ග් නගරයේදී ඓතිහාසික වෙන්දේසියක් පැවැත්වෙනවා. එහිදී අලෙවි වන්නේ මීට අවුරුදු 100කට පමණ ඉහතදී අඳින ලද දියසායම් චිත්‍ර එකතුවක්. මේ ප්‍රවෘත්තියේ විශේෂත්වය  වන්නේ මේ චිත්‍රවල නිර්මාණ ශිල්පියායි. ඔහු ලෝක ඉතිහාසයේ ඉතා බිහිසුණු පාලකයකු වූ ඇඩොල්ෆ් හිට්ලර්. අදටත් ලෝක ඉතිහාසයේ දරුණුම පාලකයා ලෙස පිළිගැනෙන්නේ හිට්ලර්. ඉතාමත් දරදඬු ඒකාධිපති පාලකයකු වූ හිට්ලර් දසදහස් ගණන් අහිංසක යුදෙව්වන් අමානුෂික ලෙස මරා දැමුවා.
නමුත් මේ ඉතාමත් රෞද්‍ර චරිතය තුළ ඉතාමත් දක්ෂ කලාකරුවකුද ජීවත් වී ඇති බව පෙනී යනවා. ඔබව වඩාත් පුදුමයට පත් කරවන හිට්ලර් විසින් අඳිනු ලැබූ මේ පිටුවේ පළවන චිත්‍ර කිහිපය ඊට හොඳම උදාහරණයක්.
ළමා වියේ සිටම හිට්ලර්ට වුවමනා වුණේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන්නටයි. ඒ සඳහා ඔහු ගුරුවරයකුගෙන් ක්‍රමානුකූලව චිත්‍ර ශිල්පය හැදෑරුවා. ඔහු තවදුරටත් චිත්‍ර ඇඳීමේ හැකියාව  වැඩිදියුණු කරගන්නට ජර්මනියේ වියානා චිත්‍ර කලා ඇකඩමියට සම්බන්ධ වෙන්න උත්සාහ කළා. නමුත් එය සාර්ථක වුණේ නැහැ.
ඒත් ඒ වෙද්දී එනම් 1904 - 1922 අතරතුරදී හිට්ලර් දියසායම් චිත්‍ර රාශියක් ඇඳ තිබුණා. තරුණ වියේදී ඔහුට ඇති වූ ආර්ථික ගැටලු විසඳාගත්තේ මේ චිත්‍ර විකිණීමෙන්. එසේ විකුණා ඉතිරිව තිබුණු චිත්‍ර කිහිපයක් තමයි මේ වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන්නේ.
හිට්ලර්ගේ මේ දියසායම් චිත්‍ර සියල්ලම යුරෝ 4,00,000 (ඩොලර් 4,50,000)කට පමණ අලෙවි කිරීමයි වෙන්දේසිකරුවන්ගේ බලා‍පොරොත්තුව.
මේවායින් එක් චිත්‍රයක් යුරෝ 1,00,000කට පමණ මිල නියම කර තිබෙනවා. චීන ජාතිකයෙක් දැනටමත් ඒ චිත්‍රය මිලදී ගන්නට  තීරණය කර අවසන්. මේ වෙන්දේසියේ වැඩිම මිලක් නියමකර ඇත්තේ මේ චිත්‍රයටයි.
මේ වෙන්දේසියට ජර්මනිය, ප්‍රංශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් රැසකින් ගැනුම්කරුවන් ඉදිරිපත් වී සිටිනවා.
මේ චිත්‍ර වෙන්දේසියෙන් ලැබෙන ආදායම හිමිවෙන්නේ කවරෙකුටද? ඒ මුදල යෙදවෙන්නේ කුමන කටයුත්තකටද? යනාදී ප්‍රශ්නවලට නම් තවමත් පිළිතුරු ඉදිරිපත් වී නැහැ. 
 
නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

බි‍්‍රතාන්‍ය කිරුළ හිමි හැරී කුමරුගෙයි හොලිවුඞ් නිළි මේගන් මාකල්ගෙයි ඇයි හොඳයිය ගැන මේ වෙද්දි මුළු ලෝකෙම දන්නවා. ඒත් ඊයෙ පෙරේදා දවසක මේ දෙන්නා ගැන අලූත් කතාවක් පැතිරෙන්න පටන් ගත්තා. ඒ තමයි මුළු ලෝකෙටම හොරෙන් මේ දෙන්නා විවාහ ගිවිසගෙන කියන කතාව. මේ ගිවිස ගැනීම සිදුවෙලා තියෙන්නේ මීට මාස 6 කට විතර කලින්ලූ. රජ පවුලේ හිතවත්ම අය කීප දෙනෙක් හැරෙන්න කිසිවෙක් මේ ගැන දන්නේ නැහැලූ. මේ ගිවිස ගැනීම ඇමෙරිකාවේ පල්ලියක බොහොම රහසිගත ආකාරයෙන් සිදුවුණා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ ගැන  ඇහුවාම මේගන් මාකල් කියලා තියෙන්නේ  ‘‘ඒ ගැන හරි වෙලාවට කියන්නම්’’ කියලා විතරයි.

මේ පිංතූරෙ ඉන්නේ මනාලියන් පස් දෙනෙක්. මේ පස් දෙනා එකම දවසේ එකම මනමාලයෙක් එක්ක විවාහ වුණා. ඒ තායිලන්තයේ. මේ අය ඉන්නෙ තායිලන්තේ ජාතික අලි සුරැකුම් මධ්‍යස්ථානේ. ඒ මනාලියන් පස් දෙනාව කසාද බඳින්න කැමති වුණු අලි මනාලයා ඉන්නෙත් එහෙමයි. ලෝකෙ ලොකුම විවාහ උත්සවය විදියට හැඳින්වෙන මේ විවාහය තායිලන්තයේ සාම්ප‍්‍රදායික අලි විවාහ උත්සවයක් විදියටයි සැලකෙන්නේ. මීට කලින් එක් අලි මනාලයෙක් අලි මනාලියන් තුන් දෙනෙකුට වඩා විවාහ කරගෙන නැහැ. අන්න ඒ නිසයි මෙය ලොකුම විවාහ උත්සවය කියලා හඳුන්වන්නේ.

ලෝකයේ චීස් වෙන්දේසියක් පවත්වන එකම රට තමයි නෙදර්ලන්තය. නෙදර්ලන්තය වර්තමානයේ පවා චීස් නිෂ්පාදනය කරන්නේ සාම්ප‍්‍රදායික ක‍්‍රමවලින්. ඒ නිසා නෙදර්ලන්ත චීස්වලට තියන්නේ ඉහළ ඉල්ලූමක්. ඔවුන් වාර්ෂිකව පවත්වන චීස් වෙන්දේසිය සති තුනක් පුරා පැවැත්වෙනවා. මේ වෙන්දේසියෙන් චීස් මිලදී ගන්න විදේශිකයන් පවා එනවා. සාමාන්‍යයෙන් එක අවුරුද්දකට මේ වෙන්දේසියේදී වෙන්දේසි වෙන චීස් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් මිලියන 40 ක් විතර වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.

මේ ඉන්නේ පැසිෆික් සාගරයේ ජීවත් වන මුහුදු ඌරා නමින් හඳුන්වන මත්ස්‍යයෙක්. මේ මුහුදු ඌරාගේ තියෙන විශේෂත්වය තමයි එයාට ඔළු දෙකක් පිහිටා තිබීම. මේතාක් කිසිම අවස්ථාවක ඔළු දෙකේ මුහුදු ඌරෙක් ගැන කිසිම ප‍්‍රදේශයකින් වාර්තා වෙලා නැහැ. ඒ වගේම මේ මුහුදු ඌරා සාගර පත්ලේ ජීවත් වන ඔළු දෙකක් සහිත එකම එක මුහුදු ඌරා විය හැකි බවයි වාර්තා වෙන්නෙ. සාගර විද්‍යාඥයින් මේ සත්වයා මුහුදු පත්ලේ සකස් කළ ප‍්‍රමාණයෙන් විශාල විශේෂිත කුටියක් තුළ තබා තිබෙනවා. ඒ මෙම සත්වයාගේ හැසිරීම නිරීක්ෂණය කරන්න පහසු වෙන්නයි.

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 747

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 357

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3463

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1961

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3955

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5045

Please publish modules in offcanvas position.