Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලෝකයේ චීස් වෙන්දේසියක් පවත්වන එකම රට තමයි නෙදර්ලන්තය. නෙදර්ලන්තය වර්තමානයේ පවා චීස් නිෂ්පාදනය කරන්නේ සාම්ප‍්‍රදායික ක‍්‍රමවලින්. ඒ නිසා නෙදර්ලන්ත චීස්වලට තියන්නේ ඉහළ ඉල්ලූමක්. ඔවුන් වාර්ෂිකව පවත්වන චීස් වෙන්දේසිය සති තුනක් පුරා පැවැත්වෙනවා. මේ වෙන්දේසියෙන් චීස් මිලදී ගන්න විදේශිකයන් පවා එනවා. සාමාන්‍යයෙන් එක අවුරුද්දකට මේ වෙන්දේසියේදී වෙන්දේසි වෙන චීස් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් මිලියන 40 ක් විතර වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.

මේ ඉන්නේ පැසිෆික් සාගරයේ ජීවත් වන මුහුදු ඌරා නමින් හඳුන්වන මත්ස්‍යයෙක්. මේ මුහුදු ඌරාගේ තියෙන විශේෂත්වය තමයි එයාට ඔළු දෙකක් පිහිටා තිබීම. මේතාක් කිසිම අවස්ථාවක ඔළු දෙකේ මුහුදු ඌරෙක් ගැන කිසිම ප‍්‍රදේශයකින් වාර්තා වෙලා නැහැ. ඒ වගේම මේ මුහුදු ඌරා සාගර පත්ලේ ජීවත් වන ඔළු දෙකක් සහිත එකම එක මුහුදු ඌරා විය හැකි බවයි වාර්තා වෙන්නෙ. සාගර විද්‍යාඥයින් මේ සත්වයා මුහුදු පත්ලේ සකස් කළ ප‍්‍රමාණයෙන් විශාල විශේෂිත කුටියක් තුළ තබා තිබෙනවා. ඒ මෙම සත්වයාගේ හැසිරීම නිරීක්ෂණය කරන්න පහසු වෙන්නයි.

පුංචි දරුවො එක්ක වැඩපල කරගන්න අමාරුයි කියන අම්මලාට ඇමෙරිකානු නිළි කොකෝ ඔස්ටින් පින්තූරයකින් උත්තර දීලා. මේ තියෙන්නේ කොකෝ සහ ඇගේ නැගණිය ක‍්‍රිස්ටි යෝග ව්‍යායාම කරන පින්තූරයක්. මේ වගේ අවස්ථාවලට කොකෝගෙ පුංචි දුව චැනල්වත් ඇය මේ විදියට සහභාගි කර ගන්නවලූ. නැත්නම් චැනල් එක්ක මේ වගේ දේවල් කරන්න බැරිලූ. කොහොම වුණත් මේ සමබරතාව නම් අගය කළ යුතු දෙයක්.

1980 වසරේ කැලිෆෝනියා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පිරිසක් එකතු වෙලා කරපු පර්යේෂණයකින් අපූරු දෙයක් හොයා ගත්තා.

ඒ තමයි දකුණු අත හුරු අය වමත හුරු අයට වඩා අවුරුදු නවයක් විතර වැඩිපුර ජීවත් වෙනවා කියන එක.

නමුත් එහෙම වෙන්නේ විවිධ අසනීප තත්ත්වයන් නිසා අකාලයේ මිය ගියේ නැත්නම් විතරයි.

මේ පර්යේෂණයේ ප‍්‍රතිඵල වැරදියි කියලා මෑත කාලීන පර්යේෂකයන් කියනවා. නමුත් දකුණත හුරු අය වමත හුරු අයට වඩා වැඩි කාලයක් ජීවත් වෙන බව මෑත කාලීන විද්වතුන් පිළිගන්නවා.

පීනන මාළු ගැන අපි ඉපදුණු දවසේ ඉඳලා අහලා තියනවා. ඊට පස්සේ මෑත කාලෙදී අපි දැන ගත්තා පියාඹන මාළු ගැන. මේ කියන්න යන්නේ ඇවිදින මාළු ගැන. මෙයාව නම් කරලා තියෙන්නේ ස්ටින් ෆිෂ් කියලා.
මෙයාලා ජීවත් වෙන්නේ ගැඹුරු මුහුදේ පස් තුළ කුහර හදාගෙන. ඒ වගේම එයාලා පීනන්නේ නැහැ. ඉස්සරහා වරල් දෙක ළගින්ම පිහිටා තියන පාද දෙක උදව්වෙන් මේ අය ඇවිදිනවා.
ඒ වගේම කුහර හදා ගන්නත් ඒ පාද දෙක තමයි උපයෝගී කර ගන්නේ. ස්ටින් මාළුවන්ට වරල් ආධාරයෙන් පීනන්න පුළුවන් උපරිම දුර මීටර් තුනක් විතර කියලා තමයි සාගර විද්‍යාඥයන් කියන්නේ. ඒ නිසා මේ අයව දකින්න නම් මුහුදු පතුළටම යන්න වෙනවා.

තමන් දකින දේ එ් ආකාරයෙන්ම, එ් අවස්ථාවේම ඡායාරූප හෝ වීඩියෝ ගතකරන්න නම් තමන්ගේ ඇස ළගම කැමරාවක් සවිකරගත යුතු වෙනවා. Blincam First-Person Camera කියන අපූරු උපැස් යුවළ ඔබට මේ අවස්ථාව උදාකර දෙන බව සදහන් කළ හැකියි.
මේ උපැස් යුවළේ ඉදිරිපස ඉතා උසස් ගුණත්වයෙන් යුක්ත, නමුත් ඉතා කුඩා කැමරාවක් සවිකොට ඇති නිසා මෙයින් ඔබ දකින සියලූ දේ ඡායාරූප හෝ වීඩියෝ ගත කළ හැකියි. මෙතෙක් වෙළෙදපොළට පැමිණි මෙවැනි අනෙකුත් කැමරා ක‍්‍රියාත්මක කළයුත්තේ අතින්.
නමුත් මෙම කැමරාවේ තිබෙන විශේෂත්වය වන්නේ මෙය ක‍්‍රියාත්මක කිරීමට නම් ඔබ කළයුත්තේ කැමරාව පැත්තේ ඇති ඇස වැසීම පමණක් වීමයි. එම චලනය උපැස් යුවළේ සංවේදකවලට දැනෙන අතර එවිට කැමරාව ක‍්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. මෙහි බැටරිය පැය අටක කාලයක් දක්වා භාවිත කළ හැකියි. මෙහි මිල නම් මෙතෙක් දැනුම්දී නැහැ.
 

Page 6 of 8

IMAGE

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 190

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 3492

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 2132

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1574

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3823

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 6398

Please publish modules in offcanvas position.