Coss Ear2
lakbima.lk
COSS Ear 1

චීනයේ ෂැංහයිවල ඉන්න ජියැංෂියා කියන කාන්තාව තමයි මේ ඉන්නේ. ජියැංෂියාගේ තියන විශේෂත්වය තමයි එයාගේ ඇහි පිහාටු ක‍්‍රම ක‍්‍රමයෙන් දිගින් වර්ධනය වීම. මේ නිසා ඇය පුංචි කාලේ ඇහි පිහාටු වැවෙන වාරයක් පාසා කපා දමලා තියනවා. නමුත් පස්සේ ඇය මෙහෙම හිතුවලූ.
ලෝකේ කාටවත් නැති විදියේ දිගින් වැඩිවන ඇහි පිහාටු තියෙන්නේ මට විතරයි. ඒ නිසා ඒවා කපා දමන එක නතර කරන්න  ඕනේ කියලා. මේ විදියට හිතපු ඇය අවුරුදු 21දී ඇහි පිහාටු කපා දැමීම නතර කරලා දාලා. මේ වෙද්දී ඇයට වයස අවුරුදු 44යි. ඇහි පිහාටුවල දිග අඟල් 4.9ක්. ඉතින් මේ ඇහි පිහාටු නිසා ඇය දැන් චීනයේ විතරක් නෙවෙයි ලෝකයේ ගොඩක් රටවල ප‍්‍රසිද්ධ වෙලා. 

සාමාන්‍යයෙන් මිනිස්සුන්ට රස දැනෙන්නේ දිවට. රස දැනෙන්න දිව මත රසාංකුර 2000 ත් 10000 ත් අතර ප‍්‍රමාණයක් පිහිටලා තියෙනවා. මේ රසාංකුර සති දෙකකට වරක් ප‍්‍රතිස්ථාපනය වෙනවා. ළමා කාලයේදීත්, තරුණ කාලයේදීත් අපට හොඳින් රස දැණුනට වයසට යද්දී රස දැනීම සියයට 50 කින්ම අඩු වෙනවා.
ඒ කියන්නේ වයස අවුරුදු 60 ක් විතර වෙද්දී දිව මත පිහිටන රසාංකුර නිසි පරිදි ප‍්‍රතිස්ථාපනය වීමක් සිදු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා රස දැනීම ක‍්‍රමයෙන් අඩු වෙලා යනවා. අවුරුදු 60 පැනපු අයට කොච්චර රස කෑමක් කන්න දුන්නත් ඒ අයට ඒ කෑමෙ මහා ලොකු රසයක් දැනෙන්නේ නැහැ. ඒක ස්වාභාවික දෙයක් නිසා යථා තත්ත්වයට පත් කරන්නත් පුළුවන්කමක් නැහැ.

භූමි කම්පාවක් ඇති වෙන්න ළං වෙද්දී බල්ලන්ගේ හැසිරීම වෙනස් වෙනවා කියලා අපි අහලා තියනවා. ඒ වගේම අතීත ග‍්‍රීසියේ හිටපු මේ ගැඩවිල් පණු වර්ගයට භූමි කම්පාවක් ඇතිවෙන්න තියෙනවා නම් සතියකට කලින් එය හඳුනා ගන්න පුළුවන්ලූ. භූමි කම්පාවක් ඇති වෙන්න සතියකට විතර කලින් පොළොවෙන් මතු වෙන මේ ගැඩවිල් පණුවන් දහස් ගණන් තැන් තැන්වල මියගොස් සිටින ආකාරය ඒ කාලේ  ග‍්‍රීසි වැසියන්ට දැක ගන්න ලැබිලා. ඉතින් මේ අපූරු හැකියාව මේ ගැඩවිල් පණුවන්ට තියන සුපිරි බලයක් කියලා තමයි අතීත ග‍්‍රීසියේ වැසියන් හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඒ නිසා සමහර රජවරු ස්වාභාවික විපත් ගැන සාස්තර කියන මේ ගැඩවිල් පණුවන් දේවත්වයෙන් අදහන්නත් පුරුදු වෙලා තියනවා.

ස්කොට්ලන්තය කියලා කියන්නේ කොච්චර දියුණු රටක් වුණත් සාම්ප‍්‍රදායික ක‍්‍රමවලට මුල් තැන දෙන රටක්. ඒ නිසා ඔවුන්ගේ විවාහ චාරිත‍්‍රවලටත් විවිධ පුදුම දේවල් එකතු වෙලා තියෙනවා. ස්කොට්ලන්ත විවාහවලදී මනාලියට විඳින්න සිද්ධ වෙන අඩම්තේට්ටම් ටිකක් වැඩියි. විවාහයට දවස් තුනකට කලින් මනාල පාර්ශ්වයේ ඥාතීන් මනාලියගේ ගෙදරට එනවා.
එහෙම එන්නේ කුණු බිත්තර සහ කුණු මාළු අරගෙන. ඊට පස්සේ මේ ඔක්කොම එකට කළවම් කරලා ඒවයින් මනාලියට ගහනවා. මේ විදියට කුණු බිත්තර සහ කුණු මාළුවලින් පහර කෑමෙන් පස්සේ තරුණියක් විවාහය සඳහා සුදුසුයි කියලා තීරණය වෙනවා.

සතුන් අතරින් සමහර මිනිස් ක‍්‍රියාකාරකම් ඒ විදියටම සිදු කරන සතෙක් තමයි අලියා. මිනිසුන් වගේම අලිත් තමන්ගේ මිය ගිය අය වෙනුවෙන් ශෝක වීම සහ දේහයට අවසන් ගෞරව දැක්වීම සිදු කරනවා.
මේ හැසිරීම දැක ගන්න පුළුවන් වෙන්නේ වනාන්තරවල ජීවත් වන අලින් අතර විතරයි. තමන්ගේ රංචුවෙ අලියෙක් මිය ගියොත් අනිත් අලි රංචුව ඇවිත් මිය ගිය අලියා වෙනුවෙන් ශෝක වීම දින දෙකක් හෝ තුනක් සිදු කරනවා. ඒ වගේම අවසානයේ මිය ගිය අලියාගේ දේහයට දණ නමා ආචාර කරලා තමයි ඒ ස්ථානයෙන් පිටත්ව යන්නේ.

දත්ත බෙදා හදා ගන්න වේගවත් ක‍්‍රම දැන් අපට සෑහෙන්න තියෙනවා. මේ කියන්න යන්නෙත් එහෙම දෙයක් වුණත් ටිකක් වෙනස් විදියේ දෙයක් ගැනයි. මෙය හඳුන්වනු ලබන්නේ iKliDS නමිනි. මෙය ඇපල් පරිගණක සහ ඇපල් ස්මාර්ට් දුරකථන සඳහාම නිෂ්පාදනය කළ ගැජට් එකක්.
මේ ගැජට් එක තියෙනවා නම් ඇපල් පරිගණකයේ තිබෙන ඕනෑම පරිගණක ගොනුවක් කිසිම බාහිර මෘදුකාංගයකින් තොරව වෙනත් ඇපල් නිෂ්පාදන සමග බෙදා හදා ගන්න පුළුවන්. අනෙක නිෂ්පාදකයන් පවසන්නේ දැනට ලොව නිපදවා ඇති ෆ්ලෑෂ් මතක අතුරින් වේගවත්ම එක මෙය බවයි. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 69 (රු. 10,546)ක් වෙනවා.

Page 4 of 9

IMAGE

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 26

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2967

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 6217

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5199

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3112

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 3066

Please publish modules in offcanvas position.