Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

භූමි කම්පාවක් ඇති වෙන්න ළං වෙද්දී බල්ලන්ගේ හැසිරීම වෙනස් වෙනවා කියලා අපි අහලා තියනවා. ඒ වගේම අතීත ග‍්‍රීසියේ හිටපු මේ ගැඩවිල් පණු වර්ගයට භූමි කම්පාවක් ඇතිවෙන්න තියෙනවා නම් සතියකට කලින් එය හඳුනා ගන්න පුළුවන්ලූ. භූමි කම්පාවක් ඇති වෙන්න සතියකට විතර කලින් පොළොවෙන් මතු වෙන මේ ගැඩවිල් පණුවන් දහස් ගණන් තැන් තැන්වල මියගොස් සිටින ආකාරය ඒ කාලේ  ග‍්‍රීසි වැසියන්ට දැක ගන්න ලැබිලා. ඉතින් මේ අපූරු හැකියාව මේ ගැඩවිල් පණුවන්ට තියන සුපිරි බලයක් කියලා තමයි අතීත ග‍්‍රීසියේ වැසියන් හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඒ නිසා සමහර රජවරු ස්වාභාවික විපත් ගැන සාස්තර කියන මේ ගැඩවිල් පණුවන් දේවත්වයෙන් අදහන්නත් පුරුදු වෙලා තියනවා.

ස්කොට්ලන්තය කියලා කියන්නේ කොච්චර දියුණු රටක් වුණත් සාම්ප‍්‍රදායික ක‍්‍රමවලට මුල් තැන දෙන රටක්. ඒ නිසා ඔවුන්ගේ විවාහ චාරිත‍්‍රවලටත් විවිධ පුදුම දේවල් එකතු වෙලා තියෙනවා. ස්කොට්ලන්ත විවාහවලදී මනාලියට විඳින්න සිද්ධ වෙන අඩම්තේට්ටම් ටිකක් වැඩියි. විවාහයට දවස් තුනකට කලින් මනාල පාර්ශ්වයේ ඥාතීන් මනාලියගේ ගෙදරට එනවා.
එහෙම එන්නේ කුණු බිත්තර සහ කුණු මාළු අරගෙන. ඊට පස්සේ මේ ඔක්කොම එකට කළවම් කරලා ඒවයින් මනාලියට ගහනවා. මේ විදියට කුණු බිත්තර සහ කුණු මාළුවලින් පහර කෑමෙන් පස්සේ තරුණියක් විවාහය සඳහා සුදුසුයි කියලා තීරණය වෙනවා.

සතුන් අතරින් සමහර මිනිස් ක‍්‍රියාකාරකම් ඒ විදියටම සිදු කරන සතෙක් තමයි අලියා. මිනිසුන් වගේම අලිත් තමන්ගේ මිය ගිය අය වෙනුවෙන් ශෝක වීම සහ දේහයට අවසන් ගෞරව දැක්වීම සිදු කරනවා.
මේ හැසිරීම දැක ගන්න පුළුවන් වෙන්නේ වනාන්තරවල ජීවත් වන අලින් අතර විතරයි. තමන්ගේ රංචුවෙ අලියෙක් මිය ගියොත් අනිත් අලි රංචුව ඇවිත් මිය ගිය අලියා වෙනුවෙන් ශෝක වීම දින දෙකක් හෝ තුනක් සිදු කරනවා. ඒ වගේම අවසානයේ මිය ගිය අලියාගේ දේහයට දණ නමා ආචාර කරලා තමයි ඒ ස්ථානයෙන් පිටත්ව යන්නේ.

දත්ත බෙදා හදා ගන්න වේගවත් ක‍්‍රම දැන් අපට සෑහෙන්න තියෙනවා. මේ කියන්න යන්නෙත් එහෙම දෙයක් වුණත් ටිකක් වෙනස් විදියේ දෙයක් ගැනයි. මෙය හඳුන්වනු ලබන්නේ iKliDS නමිනි. මෙය ඇපල් පරිගණක සහ ඇපල් ස්මාර්ට් දුරකථන සඳහාම නිෂ්පාදනය කළ ගැජට් එකක්.
මේ ගැජට් එක තියෙනවා නම් ඇපල් පරිගණකයේ තිබෙන ඕනෑම පරිගණක ගොනුවක් කිසිම බාහිර මෘදුකාංගයකින් තොරව වෙනත් ඇපල් නිෂ්පාදන සමග බෙදා හදා ගන්න පුළුවන්. අනෙක නිෂ්පාදකයන් පවසන්නේ දැනට ලොව නිපදවා ඇති ෆ්ලෑෂ් මතක අතුරින් වේගවත්ම එක මෙය බවයි. මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 69 (රු. 10,546)ක් වෙනවා.

රෝමයේ තියන Ponte Milvio ගඟේ පාලමේ ගැට්ට උඩ යතුරු දාපු ඉබ්බෝ ලක්ෂ ගණනක් දැක ගන්න පුළුවන්. ඇත්තටම මේ ඉබ්බෝ මෙතෙනට ආවේ කොහොමද? ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. තරුණ ආදරවන්තයන් අතර විශ්වාසයක් තියනවා ආදරය කරන දෙන්නගේ නම් දෙක ලියපු ඉබ්බෙක් Ponte Milvio ගඟේ පාලමේ ගැට්ටට දාලා යතුර ලොක් කරලා ඒ යතුර Ponte Milvio ගඟට විසි කළාම නම ලියපු දෙන්නගේ ආදරය සදා කල්හිම පවතිනවා කියලා. ඒ කියන්නෙ අර ලොක් කරපු ඉබ්බා පාලම් ගැට්ටෙ එල්ලි එල්ලීි තියෙනකන් පවතිනවා කියලා.
ඉතින් ඒ නිසා ඉතාලි ජාතිකයන් විතරක් නෙවෙයි ලෝකෙ වටේම ඉඳන් මෙතනට එන හැම ආදරවන්තයෙක්ම තමන් ආදරය කරන කෙනාගේ නම ලියපු ඉබ්බෙක් මේ පාලම් ගැට්ටට දාලා යතුර ගඟට විසි කරන්න අමතක කරන්නේ නැහැ.

 

 

 

 

‘ටේප් එක’ කියලා අපි කටවහරට හඳුන්වන්නේ දිග මනින්න යොදා ගන්නා පටියටයි. කාමරයක, නිවසක දිග පළල මැනගන්න නම් දෙන්නෙක් එක්ක එකතු වෙලා තමයි මනින වැඬේ කරන්න වෙන්නේ. එ්ත් අලූත් තාක්ෂණයත් එක්ක දැන් මේ වැඬේට දෙන්නෙක්  ඕන වෙන්නේ නෑ. එ් වෙනුවට ඩිජිටල් ටේප් එකක් දැන් ඇවිත් තියෙනවා. මෙය හඳුන්වන්නේ Suaoki P7 Digital Laser Measurer නමින්. මෙය දිග මනින්න යොදාගන්නේ ලේසර් තාක්ෂණයයි.
එ් වගේම කෝණ මනින්න සංවේදකයක් වෙනම තියෙනවා. මෙහි ඇති බ්ලූටූත් තාක්ෂණය ඔස්සේ ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය හා සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඔබ කළ යුත්තේ ඔබට දිග මනින්න අවශ්‍ය තැනට ගොස් එක් කෙළවරක මෙය තබා අනෙක් කෙළවරට මෙය එල්ල කොට බොත්තමක් තද කිරීම පමණයි.
එවිට මේ ස්ථාන දෙකේ දුර නිවැරදිව මෙයින් ගණනය කරනවා. ඔබේ අතේ යම් සෙලවීමක් වුවත්, එය ද මෙයින් ගණනය කොට එම වරද නිවැරදි කරන්නටත් මෙයට පුළුවන්. එ් වගේම කාමරයක නම් දිග සහ පළල මැනීමෙන් පසු එහි වර්ග ප‍්‍රමාණයත් ස්වයංක‍්‍රීයවම ගණනය කොට පෙන්වනවා. ඊට අමතරව තවත් පහසුකම් රැසක්ම මෙයින් ලබා ගන්නට පුළුවන්. මෙහි මිල ඇමෙරිකානු ඩොලැර් 59ක් (රු. 9,027) වෙනවා.
 

Page 3 of 8

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 2982

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 1812

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1394

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3543

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 5984

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 5249

Please publish modules in offcanvas position.