Coss Ear2
lakbima.lk
COSS Ear 1

එංගලන්තයේ ආච්චිලා සීයලාට තහනමක්

ENG

කෝටි හත්සිය පනහක් පමණ වන ලෝක ජනගහනයෙන් 15.34ක් වයස අවුරුදු 65 ඉක්ම වූවන් බව එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය හා ජනගහණ සංඝණන දෙපාර්තමේන්තුව වාර්තා කර සිටියි.
රටවල් අතරින් ලොව වැඩිම වැඩිහිටි ජනගහනයක් වෙසෙන රට ලෙස වාර්තා වන්නේ ජපානයයි. අනෙකුත් සංවර්ධිත රටවල ජනගහනයට සාපේක්ෂව ජපානයේ ජනගහනයෙන් 25ක් වයස 65 ඉක්ම වූවෝ වෙති. ඒ ඒ රාජ්‍යන්හි ආර්ථික ශක්තිය මත වැඩි දියුණු කරගත් සෞඛ්‍ය පහසුකම් මෙන්ම වයසට යන අය කෙරෙහි දක්වන දයාව කරුණාව, හා ඇප උපස්ථාන මත වැඩිහිටි ජනයාගේ ආයුෂ කාලයද තීරණය වේ. එනිසාම වැඩිහිටි ප්‍රජාවගේ සංඛ්‍යාත්මක වර්ධනයක් ඇති වීම වැළැක්විය නොහැක. වෙදකම සහ හෙදකම එම වර්ධනයේ අනිවාර්ය සාධකය වේ. ජපානය එම කරුණෙහිලා පෙරමුණේ සිටින්නීය.
බොහෝමයක් සංවර්ධිත රටවල ‍‍‍ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍යමය ගැටලු ඇතුළු සියලු යටිතල පහසුකම් වෙනුවෙන් ක්‍රියාත්මක සුවිශේෂී වූ ස්ථාවර ජාතික ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මකය. වැඩිහිටියන්ගේ සුබ සාධනය සඳහා වාර්ෂිකව වෙන් කෙරෙන මූල්‍යමය ප්‍රතිපාදනද රටේ ප්‍රගමනයට කෙරෙන ආයෝජනයක් සේ පිළිගෙන ඇත.
එහි පළමු පියවර වශයෙන් විශ්‍රාමික පුරවැසියන් වෙනුවෙන් වෙන් කෙරෙන මූල්‍යමය ප්‍රතිපාදන කප්පාදුවකට මේ වන විට එංගලන්තය පිඹුරුපත් සකසමින් සිටින බැව් සමාජ වබේ අඩවි හා අනෙකුත් මාධ්‍යයන් හරහා ලොකු කතා බහක් ඔස්සේ තොරතුරු හෙළිදරව් වෙමින් පවතී.
අවුරුදු තිහ හතළිහක් වැනි සැලකිය යුතු කාල පරාසයක් තුළ රට වෙනුවෙන් සිය ශ්‍රමය වැය කිරීමෙන් අනතුරුව ඉසුම්බ ලබමින් සිටින විශ්‍රාමික වයසක ඇත්තෝ ගෙවී ගිය ජීවිතය පුරා විසිරී ඇති රසවත් තොරතුරු පැරණි මිතුරන් හා දොඩමලුවී යළි යළිත් තලු මරමින් රස විඳින්නට සැන්දෑ අඳුර එළඹීමත් සමග නගරයට ඇදී ඒම පුරුද්දක් කොට ගෙන සිටිති.
දිවා කාලයේ දැනෙන කාංසිය පාළුව මකා ගැනීමට නගරයේ සාප්පු සංකීර්ණය තුළ කොනක පිහිටි කෝපි කඩයට එක් රොක් වී සම වයසේ වූවන් හා සතුටු සාමිචියේ යෙදී හිත සැහැල්ලුවෙන් රෑ බෝවී නිවහනට යාම ඔවුන්ගේ ෙදෙනික පුරුද්දකි. ඒ සඳහා විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට ආරක්ෂාකාරී ගමනා ගමන පහසුකම් සෞඛ්‍ය පහසුකම් ඇතුළු සියලු අයිතිවාසිකම් සුරැකෙන අයුරින් රජයේ ඉහළම වගකීමක් හා යුතුකමක් ලෙස නීති රීති සජීවීව ක්‍රියාත්මක වේ. ඒ සියල්ල සංවර්ධිත දියුණු රාජ්‍යයන්හි ජාතික ප්‍රතිපත්ති ලෙසද පිළිගෙන ඇත. ඒ නීතිරීති තුළ වැඩිහිටි පුරවැසියන් සඳහා පිළිගත් පාරම්පරිකව ගැටගැසුණු සාරධර්ම රැසක්ද සංකලනය වී තිබිම තුළ ‍‍‍ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සෑම අයුරකින්ම ආරක්ෂා කොට ගත යුතු සමාජ කොට්ඨාසයක් බවටද පිළිගැනීමක් ඇත.
එහෙත් ඉහත කී සියලු වගකීම්, අයිතිවාසිකම්, යුතුකම්, සාරධර්ම, හා ජාතික ප්‍රතිපත්ති උඩු යටිකුරු කරමින් ලෝ පුරා වැඩිවන ජනගහනයත් සමග ගැටගැහෙන ආර්ථික උද්ධමනය හමුවේ වැඩිමහල් ප්‍රජාව සඳහා දියුණු රාජ්‍ය නව නීති රීති රැසක් ක්‍රියාත්මක කිරීමට යුරෝපය සූදානමින් සිටිති.
රජය විසින් ළදරුවන් සේ රැක බලා ගන්නා විශ්‍රාමික
‍‍‍ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සැහැල්ලු ගමනින් අවට සෞන්දර්ය නරඹමින් සැරිසැරීම අතිශය කාර්ය බහුල නගරයක ෙදෙනික ක්‍රියාකාරකම් සඳහා බලවත් අවහිරයක් මෙන්ම හිරිහැරයක් බව බලධාරීන්ගේ මතය වී ඇත. විශේෂයෙන්ම මහමග නිසංස‍ලේ සැරිසරන වැඩිහිටියන්ගේ ආරක්ෂාව සැලසීම හා සෞඛ්‍යමය අවශ්‍යතාවන් හෙවත් කැසිකිළි වැසිකිළි පහසුකම් පිළිබඳ නිරන්තර අවධානයකින් සිටීම නාගරික බලධාරීන්ට අපහසු වී තිබේ.
නාගරික බලධාරීන් විසින් සීයලා අත්තම්මලා නගරයට පැමිණෙනවා දකින්නට අකමැත්තක් දැක්වීමට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දෙන්නේ පදික මාරුවයි. කහ ඉර මතින් පාර මාරුවීමට අවසර ලබාදෙන කොළ මිනිසා ගේ කාල වේලාවට අනුගත වීමට වයසක අයට ඇති අපහසුව නිසා සිදුවිය හැකි වාහන අනතුරුවල ඉහළ ප්‍රවණතාවයක් ඇති බැව්ද පවසති.
සාමාන්‍යයෙන් කොළ මිනිසා දකින්නට  පෙර තත්ත්පර පහක කාලයක් පදිකයන්ට ලබාදීම ජාත්‍යන්තර නීතියයි. කොළ මිනිසා  පදික මාරුවට ලබාදී ඇති කාලය විනාඩි එකහමාරක් හෝ විනාඩියක් ලෙස සැලකේ. පර්යේෂකයන්ට අනුව වයස 65ට වැඩි අයගෙන් 85ක් කොළ මිනිසාට ලබා දී ඇති කාලවේලාව තුළ ඇවිද යාමට අපහසු බවක් පෙන්නුම් කරයි. සාමාන්‍ය මිනිසකු පාර මාරුවන කාලවේලාවට වඩා තත්පර දෙකක් හෝ තුනක් කාලයක් වයස 65-70 ඉක්මවූ පදිකයෙකු විසින් ගත කරන බවද පෙන්වා දෙති.
‍‍‍ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ජනාකීර්ණ නගර වෙත සැරිසැරීම සඳහා අනපනත් සැකසීම කාලීන අවශ්‍යතාවක් ලෙස දකින යටිතල පහසුකම් සපිරුණු ලොව සියලුම රාජ්‍යයන්
‍‍‍ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සුරැකීමේ මුවාවෙන් ඔවුන්ගේ සැඳෑ කල දිවිය නාගරික පරිසරයෙන් මෑත්කොට තැබිමට පියවර ගනිමින් සිටිති. බ්‍රිතාන්‍ය රජය මේ වන විට එම නීති රීති ක්‍රියාත්මක කරමින් සිටින බවට වාර්තා වේ.

සරත් අමරකෝන්

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 1234

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 705

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 4100

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2353

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 4386

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5543

Please publish modules in offcanvas position.