Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පැරණි ලෝක පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන ඊජිප්තුවේ පිරමීඩ සහ ඒවා ගොඩනගා ඇති ආකාරය පිළිබඳව ඉතිහාසඥයන්ටත් පුරාවිද්‍යාඥයන්ටත් පසුගිය දෙදහස් වසර තුළම පැවැතියේ විසඳා ගත නොහැකි ආකාරයේ ගැටලූවකි. නමුත් මෙම ගැටලූවට තිත තබමින් පිරමීඩ ගොඩනගා ඇති ආකාරය පිළිබඳ සෙවීම සඳහා පිරමීඩ තුළට නොගොස් එතුළ පරීක්ෂා කළ හැකි නව තාක්ෂණික ක‍්‍රමවේදයක් සොයා ගන්නා ලදී. මාස හතරක් පුරා පර්යේෂණ මට්ටමේ පැවති මෙම තාක්ෂණික ක‍්‍රමවේදය ලොවට හෙළි කරන ලද්දේ ජූලි මාසය අග දීය. පුරා විද්‍යාඥයන් පවසන්නේ මෙම තාක්ෂණික ක‍්‍රමවේදයත් සමග වසර 4500ක් පමණ අතීතයක් පුරා රහසක්ව පැවති පිරමීඩ ගොඩනැගීමේ තොරතුරු සහ පිරමීඩ තුළ ඇති සැ`ගව ඇති රහස් රැුසක් තවදුරටත් රහසක් බවට පත් නොවනු ඇති බවයි.

අතීත ඊජිප්තු වැසියන් පිරමීඩ ගොඩනැගීම සඳහා දැවැන්ත ගඩොල් මිලියන් ගණන් එක් කර ඒවා එක මත එක තබනු ලැබුවේ කිසිදු ආකාරයක යන්ත‍්‍රයක භාවිතයකින් තොරවය. අවසන් පාරාවෝ අධිරාජ්‍යයා රාජ්‍ය කළ ක‍්‍රිස්තු පූර්ව 2575ත් 2134ත් අතර කාලයේ පවා පිරමීඩ ඉදිකළ අතර මෙම පිරමීඩවල ඇතුළත සූර්යාලෝකයෙන් ආලෝකමත් වූ ආකාරය පවා අබිරහසක්ව පැවතුණි. නමුත් මෙම සියලූම අභිරහස්වලට පිළිතුරු ලබා දීමට නව තාක්ෂණික ක‍්‍රමවේදයට හැකියාව ලැබී ඇති බව එහි නිර්මාපකයන් වන ප‍්‍රංශ සහ ඊජිප්තු ජාතික පර්යේෂක කණ්ඩායම පවසා සිටී. මෙම ක‍්‍රමවේදය ඔවුන් නම් කර තිබෙන්නේ ScanPyramids නමිනි. මෙම ව්‍යාපෘතිය ScanPyramids Mission ලෙස හඳුන්වා තිබේ.

ScanPyramids Mission ආරම්භ කිරීමේ මූලික පියවර ගනු ලබන්නේ 2015වසරේ ඔක්තෝබර් මස 25වනදාය. ඒ Egyptian Ministry of State for Antiquities, Faculty of Engineering of the University of Cairo iy French HIP Institute යන ආයතනවල සුසංයෝගයෙනි. මෙම ව්‍යාපෘතිය සඳහා ප‍්‍රංශ, ජපන් සහ කැනේඩියානු විද්‍යාඥයන් සහ ඉංජිනේරුවරුන් සහභාගි වී තිබිණි. ScanPyramids තාක්ෂණයෙන් මූලිකවම සිදු වන්නේ විකිරණ රේඛය ඔස්සේ පිරමීඩ තුළට සංඥා ගමන් කරවීමයි. ඊට අමතරව උෂ්ණත්ව රේඛය, ඡුායා රේඛන මිතිය සහ ත‍්‍රිමාණ පරිලෝකණයද මෙහිදී භාවිතයට ගෙන තිබේ. ඒ අනුව පිරමීඩ තුළට ගමන් කිරීමකින් තොරව ඒවා පහසුවෙන් දැක බලා ගැනීමට මේ ඔස්සේ හැකියාව ලැබේ.

එපමණක්ද නොව මෙමගින් පිරමීඩය නිර්මාණය කිරීම සඳහා ගඩොල් සවිකර ඇති පිළිවෙළ පිළිබඳව යම් ආකාරයක අවබෝධයක් ලබා ගත හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි. ජපානයේ පිහිටා ඇති සුවිශාල ෆුකුෂිමා ගිනි කන්ද ඇතුළු සෙසු ගිනි කඳුවල ඇතුළත තත්ත්වය පරීක්ෂා කිරීම සඳහාත් විදාරණය වීමට පෙර ඒ බව මහජනයාට දැනුම් දීම සඳහාත් යොදා ගනු ලබන්නේ ද මීට සමාන ක‍්‍රමවේදයකි.

මෙම පර්යේෂණය සඳහා විද්‍යාඥයන් යොදාගෙන තිබෙන්නේ ගීසා හි පිහිටා ඇති Pyramid of Cheops සහ Pyramid of Chephren යන පිරමීඩ දෙකයි. විද්‍යාඥයන් පවසන අන්දමට දැවැන්ත pyramid of Cheops නිර්මාණය කර තිබෙන්නේ මීටර් 146ක උසින් යුතු වන ආකාරයටය. එහි පාදම හෙක්ටයාර පහක් පුරා පැතිර තිබේ. එය නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇති ගඩොල් ප‍්‍රමාණය මිලියන 2.5කි. pyramid of Cheops ඉදිකිරීමට පෙර ටොන් 63ක් පමණ බරින් යුතුව ග‍්‍රැනයිට් පාෂාණ යොදා පාදමක් සකස් කර තිබේ. පාරාවෝ අධිරාජ්‍යයාගේ සොහොන් ගැබ මෙම පිරමීඩය තුළ මීටර් 60ක් උසින් ඉදි කර ඇති මණ්ඩපයක් මත තබා ඇති බව ද ScanPyramid තාක්ෂණය ඔස්සේ මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. මෙම පිරමීඩය ඉදිකර ඇත්තේ ක‍්‍රිස්තු පූර්ව 26වන සියවසේ පමණ වන බවද පර්යේෂණ මගින් හෙළි කර ගන්නට මෙම පර්යේෂක විද්‍යාඥයන් පිරිස සමත් වී ඇත.

මීට අමතරව ScanPyramids තාක්ෂණය මගින් මෙම පිරමීඩය තුළ ඉදිකර ඇති අංගන, කොරිඩෝ, රහස් පැසේජ, විශාල කුහර සහ අධිරාජ්‍යයා විසින් පරිභෝජනය කළැයි සැලකිය හැකි උපකරණ පිළිබඳව ද කරුණු අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව මෙතුවක් කාලයක් අබිරසහක්ව පැවති පැරණි ලෝක පුදුම හතෙන් එකක් වූ ඊජිප්තුවේ පිරමීඩ පිළිබඳ අබිරහස සම්පූර්ණයෙන්ම ලෝකයට හෙළි වන දිනය වැඩි ඈතක නොවන බව කිව යුතුය.

දුලංජලී මුතුවාඩිගේ

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5251

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3646

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5132

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5748

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6568

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4060

Please publish modules in offcanvas position.

X

Right Click

No right click