Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     
තව නොබෝ දිනකින් ජර්මනියේ නියුරම්බර්ග් නගරයේදී ඓතිහාසික වෙන්දේසියක් පැවැත්වෙනවා. එහිදී අලෙවි වන්නේ මීට අවුරුදු 100කට පමණ ඉහතදී අඳින ලද දියසායම් චිත්‍ර එකතුවක්. මේ ප්‍රවෘත්තියේ විශේෂත්වය  වන්නේ මේ චිත්‍රවල නිර්මාණ ශිල්පියායි. ඔහු ලෝක ඉතිහාසයේ ඉතා බිහිසුණු පාලකයකු වූ ඇඩොල්ෆ් හිට්ලර්. අදටත් ලෝක ඉතිහාසයේ දරුණුම පාලකයා ලෙස පිළිගැනෙන්නේ හිට්ලර්. ඉතාමත් දරදඬු ඒකාධිපති පාලකයකු වූ හිට්ලර් දසදහස් ගණන් අහිංසක යුදෙව්වන් අමානුෂික ලෙස මරා දැමුවා.
නමුත් මේ ඉතාමත් රෞද්‍ර චරිතය තුළ ඉතාමත් දක්ෂ කලාකරුවකුද ජීවත් වී ඇති බව පෙනී යනවා. ඔබව වඩාත් පුදුමයට පත් කරවන හිට්ලර් විසින් අඳිනු ලැබූ මේ පිටුවේ පළවන චිත්‍ර කිහිපය ඊට හොඳම උදාහරණයක්.
ළමා වියේ සිටම හිට්ලර්ට වුවමනා වුණේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන්නටයි. ඒ සඳහා ඔහු ගුරුවරයකුගෙන් ක්‍රමානුකූලව චිත්‍ර ශිල්පය හැදෑරුවා. ඔහු තවදුරටත් චිත්‍ර ඇඳීමේ හැකියාව  වැඩිදියුණු කරගන්නට ජර්මනියේ වියානා චිත්‍ර කලා ඇකඩමියට සම්බන්ධ වෙන්න උත්සාහ කළා. නමුත් එය සාර්ථක වුණේ නැහැ.
ඒත් ඒ වෙද්දී එනම් 1904 - 1922 අතරතුරදී හිට්ලර් දියසායම් චිත්‍ර රාශියක් ඇඳ තිබුණා. තරුණ වියේදී ඔහුට ඇති වූ ආර්ථික ගැටලු විසඳාගත්තේ මේ චිත්‍ර විකිණීමෙන්. එසේ විකුණා ඉතිරිව තිබුණු චිත්‍ර කිහිපයක් තමයි මේ වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන්නේ.
හිට්ලර්ගේ මේ දියසායම් චිත්‍ර සියල්ලම යුරෝ 4,00,000 (ඩොලර් 4,50,000)කට පමණ අලෙවි කිරීමයි වෙන්දේසිකරුවන්ගේ බලා‍පොරොත්තුව.
මේවායින් එක් චිත්‍රයක් යුරෝ 1,00,000කට පමණ මිල නියම කර තිබෙනවා. චීන ජාතිකයෙක් දැනටමත් ඒ චිත්‍රය මිලදී ගන්නට  තීරණය කර අවසන්. මේ වෙන්දේසියේ වැඩිම මිලක් නියමකර ඇත්තේ මේ චිත්‍රයටයි.
මේ වෙන්දේසියට ජර්මනිය, ප්‍රංශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් රැසකින් ගැනුම්කරුවන් ඉදිරිපත් වී සිටිනවා.
මේ චිත්‍ර වෙන්දේසියෙන් ලැබෙන ආදායම හිමිවෙන්නේ කවරෙකුටද? ඒ මුදල යෙදවෙන්නේ කුමන කටයුත්තකටද? යනාදී ප්‍රශ්නවලට නම් තවමත් පිළිතුරු ඉදිරිපත් වී නැහැ. 
 
නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4590

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3299

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4785

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5393

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6219

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3797

Please publish modules in offcanvas position.

X

Right Click

No right click