lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

තට්ටු හතක් පුරා වරකට සෙල්ලම් බඩු පනස්දහසක් පමණ ගබඩා කර තිබෙන ලොව ලොකුම සෙල්ලම් බඩු සාප්පුව ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේය. හැම්ලිස් නම් වන එය ලොව පැරණිම සෙල්ලම් බඩු සාප්පුවද වෙයි. 1760 වසරේදී එනම් වසර දෙසිය පනස් හතකට පෙර විලියම් හැම්ලි විසින් ලන්ඩනයේ, හයි හොල්බෝර්න්හි ආරම්භ කරන ලද මේ සෙල්ලම් බඩු සාප්පුව 1881 එය දැනටත් පවතින රිජන්ට් වීදිය වෙත ගෙනෙන ලදී. මේ වනවිට එහි ශාඛා ලොව පුරා ව්‍යාප්තවී ඇත. හැම්ලිස් වෙතින් භාණ්ඩ මිලදී ගන්නට මෙන්ම එය නරඹන්නටත් වසරකට ඇදී එන මිලියන පහකට අධික පිරිස නිසා එය ලන්ඩනයේ ප්‍රධාන පෙළේ සංචාරකයන් ආකර්ෂණය කරගන්නා තැනක් බවට පත්ව තිබේ. මෙයට අමතරව කුඩා ප්‍රමාණයේ හැම්ලිස් සෙල්ලම් බඩු සාප්පු දහයක් බ්‍රිතාන්‍යයේ ඇති අතර ලොව පුරා හැම්ලිස් සාප්පු හැටක් වෙයි.
නෝවාස් ආක් ලෙස ආරම්භයේදී හැඳින්වුණ හැම්ලිස් සාප්පුව විලියම් හැම්ලිගෙන් පසු ක්‍රමයෙන් ඔහුගේ දරුවන් හා මුණුපුරන් විසින් පාලනය කරන ලද අතර එය ඔහුගේ මුණුපුරන් විසින් පාලනය කරනු ලබන 1837 වසර වනවිට එය රාජකීයයන් හා වෙනත් ප්‍රභූවරුන් විසින්ද තම දරුවන් වෙනුවෙන් සෙල්ලම් බඩු මිලයට ගන්නා සුප්‍රකට වෙළඳසලක් බවට පත්ව තිබිණි. හයි හිල්බෝන් හි සාප්පුවේ ඇතිවූ ගින්නක් නිසා රීජන්ට් විදියට ගෙන යනු ලැබූ හැම්ලිස් සාප්පුව දෙවැනි ලෝක යුධ සමයේදී පස්වරක් බෝම්බ ප්‍රහාරයන්ට ගොදුරු විය.
හැම්ලිස් ප්‍රධාන සාප්පුවේ තට්ටු හත වෙන්වී ඇත්තේ විවිධ සෙල්ලම් බඩුවලටය. පහළම තට්ටුව පිරී ඇත්තේ පුළුන් පිරවූ සෙල්ලම් බඩුවලටය.හැම්ලිස් වෙත වාසනාව ගෙනෙන එහි සංකේතයන් ලෙස සැලකෙන්නේද හැම්ලි හා හැටී නම් වන පුළුන් පිරවූ වලසුන් දෙදෙනාය.

නිශානි දිසානායක

IMAGE

විවාහය සතුටක් තනිකඩ ජීවිතය දුකක් ඒත් මම විවාහ වෙන්නේ නෑ

IMAGE 2017 Apr 23 18:12
“සතුටයි දුකයි“ අතර ගෙවී යන ජීවිතයේ අහුමුළු ස්පර්ශ කරන ‘සතුටයි දුකයි‘ කියන අපේ...
Views - 657

කුණු කන්දට විරුද්ධ වුණාම මට ගැහුවා, නඩු දැම්මා

IMAGE 2017 Apr 23 14:22
මීතොටමුල්‍ලේ කුණු කන්දේ මේ ඛිෙදවාචකය සිදු වන බවට කල් තියාම දැනගෙන හුන් පුද්ගලයෙක් හුන්නේය....
Views - 550

ශරීරයේ සීනි අඩුකරන 'මස්බැද්ද' ගැන රහසක්

IMAGE 2017 Apr 20 12:15
මගෙන් ප්‍රතිකාර ගන්නා රෝගියකුට දියවැඩියාව පාලනය කර ගැනීම පිණිස වන ඖෂධ සහ වෛද්‍ය උපදෙස් නියම...
Views - 29183

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් නිදහස් වූ අපේ සූපවේදියා

IMAGE 2017 Apr 19 13:29
අපි අටදෙනාට පණ පිටින් ලංකාවට ඒමට අවස්ථාවක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මට අද විශාල...
Views - 2490

මතුරට තරුණියට වතුපිටිවලින් හමුවූ ‘විස්මිත නෑයෝ’

IMAGE 2017 Apr 19 12:04
දිනය පසුගිය අප්‍රේල් දහසය වන ඉරිදාය. ස්ථානය වතුපිටිවල ප්‍රදේශයේ  නිවසකි. වේලාව පස්වරු දෙක...
Views - 6768

වැඩිපුර අවුරුදු කෑ සිවිල් ආරක්ෂක සෙබළා මරුට

IMAGE 2017 Apr 19 10:06
වැඩිමහල් සහෝදරයාගේ නිවසේ පැවැති අවුරුදු සාදයකට සහභාගි වී ප්‍රමාණය ඉක්මවා රාත්‍රී ආහාරය...
Views - 3293

Please publish modules in offcanvas position.