lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

මොනවද මේ ඩ්‍රෝන්

කාලෙන් කාලෙට එක එක ක්ෂේත්‍රවලට අලුත් වචන එකතු වෙනවනේ. අන්න ඒ විදියට එකතු වුණු අලුත් වචනයක් තමයි ‘ඩේ‍රා්න්’ කියන්නේ. මේ වචනේ පාවිච්චි කරන්න පටන් අරන් තාම අවුරදු තුන හතරක් විතර වුණාට මේ වෙද්දී ඩේ‍රා්න් ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඩේ‍රා්න් කියන්නේ නියමුවන් රහිතව ගුවන්ගත කළ හැකි යානාවලට. ඩේ‍රා්න් කිව්වම අපි දන්නේ කැමරාවක් හයිකරපු මකුළුවෙකුගේ පෙනුම තියෙන ගැජ්ට් එකනේ. අපි මුලින්ම ඩේ‍රා්න් හඳුනා ගත්තේ අහසේ පාවෙමින් ඡායාරූපගත කරන්නත්, වීඩියෝ කරන්නත් පුළුවන් වෙන්න නිර්මාණය කරලා තියෙන කැමරා සහිත උපකරණයක් විදියට. හැබැයි ඩේ‍රා්න්වලින් කරන්නේ ෆොටෝ ගන්න එකයි, වීඩියෝ කරන එකයි විතරක්ම ‍නෙවෙයි. ඒ වුණාට තාම අපේ රටේ නම් කරන්නේ ඒ දෙක විතරයි.
සාමාන්‍යයෙන් ඩේ‍රා්න්වල මිල ගණන් ලොකු පරාසයක විහිදිලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඕනෙ නම් රුපියල් 2500කට විතර වුණත් ඩේ‍රා්න් එකක් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ලක්ෂ විසි තිස් ගණන්වලටත් ඩේ‍රා්න් තියෙනවා. හැබැයි ඉතින් රුපියල් දෙදාස් ගණන්වලට තියෙන ඩේ‍රා්න් නිකන් සෙල්ලම් බඩු වගෙයි. හරියටම කියනවා නම් රුපියල් 2400ක් වටින X5C-1 කියන ඩේ‍රා්න් එකේ කැමරා කොලිටි එක මෙගා පිස්කල් 2යි. මේ ඩේ‍රා්න් එක පාලනය කරන්නෙ රේඩියෝ සිග්නල්වලින්. ගිගා හර්ට්ස් 2.4ක සංඛ්‍යාතවලින් විතරයි ඒක පාලනය වෙන්නේ. ඒ වගේම මේ ඩේ‍රා්න් එක අහසේ සමබරව තබා ගන්න පුළුවන් විදියේ Gyro එකකින් සමන්විත වෙනවා. විනාඩි 45ක් විතර මෙකෙ බැටරිය රීචාජ් කරලා පැය එක හමාරක් විතර ඩේ‍රා්න් එක අහසේ රඳව ගන්න පුළුවන්.
ලෝකයේ මිල වැඩිම ඩේ‍රා්න් එක Freefly Alta 8 විදියට නම් කරලා තියෙනවා. මේ ඩේ‍රා්න් එක අඟල් 18ක් දිගයි. කාබන්ෆයිබර්වලින් තමයි මේකේ බඳ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා බරින් අඩුයි. Freefly Alta 8 ඩේ‍රා්න් එක වැඩිපුරම යොදා ගන්නේ සිනමා කර්මාන්තයේදී. මේකේ තියෙන විශේෂත්වය තමයි රාත්තල් 20ක් විතර බර දෙයක් මේ ඩේ‍රා්න් එකේ පහසුවෙන්ම පටවාගෙන යන්න පුළුවන්වීම. ඒ කියන්නේ රාත්තල් 20ක බරකින් යුතු අධි තාක්ෂණික කැමරාවක් මේ ඩේ‍රා්න් එකට සවි කරන්න පුළුවන්. ඉතින් මේ ඩේ‍රා්න් එකේ ගාණ කීයක් කියලද හිතන්නෙ? එච්චර හිතන්න එපා. ඒකෙ ගාණ රුපියල් ලක්ෂ 27ක් විතරයි.

ඒ වගේම අපේ අත් උඩ තියා ගන්න පුළුවන් තරමේ පුංචිම පුංචි ඩේ‍රා්න් පවා මේ වෙද්දී නිර්මාණයකරලා තියෙනවා. මේවාට කියන්නේ Nano Quad copter කියලා. මේ එකක දිග මිලි මිටර් 45ක් විතර වෙනවා. නමුත් අවුලකට තියෙන්නේ මේ නැනෝ කොඩ් කොප්ටර් එකේ බැටරිය විනාඩි 30ක් රීචාජ් කළාට පස්සේ මේ ඩේ‍රා්න් එක ගුවන් ගත කරන්න පුළුවන් වෙන්නේ විනාඩි 8කට විතරයි. ඉට පස්සේ බැටරිය ආයෙත් චාච් කරන්න ඕනේ. මේක තමයි ලෝකෙ තියෙන පුංචිම ඩේ‍රා්න් එක. පෙනුමෙන් පුංචි වුණාට මෙයා මාර ගණන්. කැමරාවත් එක්කම මේ ඩේ‍රා්න් එක රුපියල් තිස් දාහක් විතර වෙනවා.
කලින් කිව්වා වගේ අපි මේවා ෆොටෝ ගන්නයි වීඩියෝ කරන්නයි පාවිච්චි කළාට වෙනත් රටවල් ඩේ‍රා්න්වලින් ලොකු සේවාවක් සිදු කරගන්නවා. කැනඩාවේ සමහර ප්‍රාන්තවල පීසා බෙදන්නත් ඩේ‍රා්න් පාවිච්චි කරනවා. ඊට අමතරව කලින් ඇනවුම් කරපු ‍පොත්පත් පාරිභෝගිකයන්ගේ ගෙදරට යවන්න, පුංචි පුංචි තෑගි පාර්සල් ගෙවල්වලට යවන්න ඩේ‍රා්න් පාවිච්චි කරනවා. ස්විට්සර්ලන්තයෙත් එහෙමයි. හොඳට සූර්යාලෝකය තියන දවසක එළියට බැහැලා අහස බැලුවොත් මෙරු යනවා වගේ එක එක පාර්සල් අරගෙන ඩේ‍රා්න් යනවා දකින්න පුළුවන්.
ඒත් ඉතින් මේ ඩේ‍රා්න් වැඩේ අපේ රටේ නම් තහනම්. පහුගිය කා‍ලේ තිබුණු යුද්ධය නිසා ඩේ‍රා්න් පාවිච්චිය තහනම් කෙරුවා. ඒ වගේම කාටහරි ඩේ‍රා්න් එකක් පාවිච්චි කරන්න ඕනෙ නම් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයාගෙන් අනුමැතිය අරගෙන පාවිච්චි කරන්න බැරිකමක් නැහැ. හැබැයි ඒකට හොඳ හේතුවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ‘මම ඩේ‍රා්න්වලට ආසයි, ඒ නිසා අවසර දෙන්න” කියලා කියන්න බැහැ. චිත්‍රපටයක හෝ නාට්‍යයක රූගත කිරීමක්, සංගීත සංදර්ශනයක්, ප්‍රවර්ධන වැඩසටහනක්, දේශපාලන රැස්වීමක්. මීඩියා කවරේජ් එකක් එහෙමත් නැත්නම් වෙඩින් එකක් වුණත් කමක් නැහැ. අවශ්‍යතාව ඉදිරිපත් කරලා අවසර ලබාගන්න පුළුවන්. ඩේ‍රා්න් එක පාවිච්චි කරන දවස, වෙලාව වගේම ඩේ‍රා්න් එකේ විස්තරත් ඉදිරිපත් කළාට පස්සේ තමයි ඒ අවසරය ලැබෙන්නේ. නමුත් භාණ්ඩ ප්‍රවාහනයට නම් අපේ රටේ ඩේ‍රා්න් පාවිච්චි කරන්න කොහෙත්ම අවසර නැහැ. කැමරාවක් සහිත ඩේ‍රා්න් එකක් රුවන්වැලි සෑයේ ගැටුණු කතාවක් ගැන පහුගිය කාලෙ ආරංචි වුණා. ඒ සිදුවීමෙන් පස්සෙ ඩේ‍රා්න් කැමරා පාවිච්චිය ගැන තිබුණු නීති තවත් දැඩි වුණා.
මේ වෙද්දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඩේ‍රා්න් පාවිච්චිය ගැන උපදෙස් මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ උපදෙස් මාලාවේ හැටියට ඩේ‍රා්න් කොටස් දෙකකට බෙදලා තියෙනවා. පළවෙනි කොටස තමයි කිලෝ 1ත් 25ත් අතර බරකින් යුතු ඩේ‍රා්න් අනිත් කොටස බර කිලෝ එකට වඩා අඩු ඩේ‍රා්න්. සාමන්‍යයෙන් කිලෝ 1ත් 25ත් අතර ඩේ‍රා්න්වලට තිබෙන නීතිමය තත්ත්වය වැඩියි. ඒ කියන්නේ ඒ වගේ ඩේ‍රා්න් එකක් ගුවන් ගත කරනවා නම් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයාගේ අවසරය අනිවාර්ය වෙනවා. ඒ වගේම ගුවන්ගත කරන්න ගෙවිය යුතු ගාස්තුත් නියමිත පරිදි ගෙවන්න වෙනවා. ඒ වගේම ඒ ඒ ඩේ‍රා්නවල විවිධත්වය අනුව ඒවා ඉහළ යැවිය හැකි උස ප්‍රමාණයන් වෙනස් වෙනවා.
කිලෝ එකට වඩා අඩු ඩේ‍රා්න්වලට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයාගේ අවසරය අනිවාර්ය නැහැ. ඒ වුණත් ගුවන්ගත කරන පරිශ්‍රයේ අයිතිකාරයාගේ අවසරය තියෙන්න ඕනේ. ඒ විතරක් ‍නෙවෙයි, ඒ වගේ ඩේ‍රා්න් හඳුනා ගන්න පුළුවන් වෙන විදියට අයිතිකරුගේ විස්තර, දුරකථන අංක ලියූ සටහන් ඩේ‍රා්න් එකේ සවි කරලා තියෙන්න ඕනේ. මේවා ගුවන් ගත කරන්න අවසර ලැබෙන්නේ ‍පොළොව මට්ටමේ ඉඳලා අඩි 40ක උසක් දක්වා විතරයි. ඒ වගේම ගුවන් තොටු‍පොළක ඉඳලා සැතපුම් පහක් ඇතුළත ඩේ‍රා්න ගුවන්ගත කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒ වගේම සන්නිවේදන කුලුනු ආසන්නයෙන්, දුම්රිය මාර්ගවලට ඉහළින්, අනාරක්ෂිත විදුලි වැටවලට හෝ විදුලි රැහැන්වලට ඉහළින් ඩේ‍රා්න් ගුවන් ගත කරන එකත් තහනම් කරලයි තියෙන්නේ.
සමහර වෙලාවට දේශපාලන රැස්වීම්වලට වගේම පා ගමන්වලට ඉහළින් කොඩි හෝ බැනර් ප්‍රදර්ශණය කරමින් එහෙමත් නැත්නම් මල් විසුරුවමින් ඩේ‍රා්න් ගමන් කරනවා අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම දේවල් අපේ රටේ ඩේ‍රා්න්වලින් කරන්න නීතියෙන් අවසර නැහැ. ඒ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ නියමුවෙකු සහිත කුඩා හෙළිකොප්ටර්වලින් විතරයි. ඒ වගේම ඩේ‍රා්නයක් පාලනය කරන තැනැත්තා ඒ ගැන සම්පූර්ණ අවබෝධයෙන් වගේම අවදානයෙන් ඉන්න ඕනේ. වාහන පදවන වෙලාවක වගේ මත්පැන් පානය කර හෝ මත් වී ඉන්න අවස්ථාවක ඩේ‍රා්න පාලනය කරන්න අවසර නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් ඩේ‍රා්නයක් ගුවන් ගත කරන්න අවසර තිබෙන්නේ පාන්දර 5ත් සවස 6ත් අතර කාලය ඇතුළත විතරයි. ඒ වෙලාවෙන් අමතරවත් ඩේ‍රා්න පාවිච්චි කරන්න ඕනේ නම් ඒකට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයාගේ විශේෂ අවසරයක් ගන්න වෙනවා.
ඉතින් කාට හරි රුපියල් 2500ක් වියදම් කරලා පේමන්ට් එකෙන් පුංචි ඩේ‍රා්න් එකක් ගන්න ආසාවක් තියෙනවා නම් බර කිලෝ එකට අඩු එකක් ගන්න. එතකොට නීති අඩුයි. හැබැයි ඉතින් ඩේ‍රා්න් එක හරියට පාලනය කරන්න දන්නේ නැත්නම් ගෙදර මිදුලෙන් එහාට ඩේ‍රා්න් එක යවන්න එපා. ඩේ‍රා්න් එක නිසා අහලපහළ ඉන්න කෙනෙකුගෙ ගෙදර ජනේලයක් බිඳුණත් එයාලට පුළුවන් නීති මාර්ගයෙන් කටයුතු කරන්න. එතකොට ජනෙල් වීදුරුව වගේ විසි තිස් ගුණයක දඩයක් කන්න සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට දවස් 14ක් හිරබත් කන්නත් සිද්ධ වෙන්න පුළුවන්.

දුලංජලී මුතුවාඩිගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

සුද්දන් දෙකට පැලූ 'මීයන් ඇල්ලේ' කතාව

IMAGE 2017 Mar 27 16:59
වර්ෂ 1815දී අප රටේ පාලනය මුළුමනින්ම සිය’තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ...
Views - 158

මැතිනිය බක්කි කරත්තෙන් ඉස්කෝ‍ලේ ගිය හැටි

IMAGE 2017 Mar 27 11:07
ඒ වර්ෂ 1923 ජූලි මස 9 බ්‍රහස්පතින්දායි. රත්නපුර දඹවින්න වලව්වෙන් පිටත් වූ බක්කි කරත්තය නගරයේ...
Views - 686

සමහර සාස්තර බලාගෙන හිටියා වගේ කියැවෙන්නේ කොහොමද?

IMAGE 2017 Mar 27 10:43
ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී...
Views - 896

සමහරු සල්ලි මත්තේ නැහෙද්දී තාත්තා වින්දනය සොයමින්...

IMAGE 2017 Mar 26 14:43
සිංහල වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය විජයග්‍රහණය කළ චරිතාංග නළුවකු වශයෙන් ජයලත් මනෝරත්නයන්...
Views - 5034

රන්ජන් එක්ක ගත්ත මංගල ඡායාරූපය නිසා මට ප්‍රශ්න පිට...

IMAGE 2017 Mar 26 14:30
ජනප්‍රිය නළු නිළියන් දෙ‍පොළක් වූ රන්ජන් රාමනායක සහ අනූෂා දමයන්ති පෙනී සිටි මංගල ඡායාරූපය...
Views - 3194

හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

IMAGE 2017 Mar 24 13:39
හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන්...
Views - 5009

Please publish modules in offcanvas position.