Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

චීනය කියන්නේ ලෝක වෙළෙඳපොළ ඉතාම කෙටි කාලයකින් ආක‍්‍රමණය කරන ලද නැගී එන රටක්. එනිසාම චීන භාෂාවේ
නිපුණයෙකු වීම නූතන රැකියා වෙළෙඳපොළ ජය ගැනීමට හේතු වන සාධකයක්. එවන් රටක ආගන්තුක සත්කාරක සේවය හා සංචාරක කර්මාන්ත පුහුණුවක් හෝටල් ක්‍ෂේත‍්‍රය තුළින් ලබාදීමේ අනගි අවස්ථාවක් පිරිනැමීමට පසු ගිය 10 වැනිදා Coss Lanka ආයතනය විසින් සිදුකරන ලදී. හෝටල් ක්‍ෂේත‍්‍රයේ පවතින ශ‍්‍රම හිඟයට සාර්ථක විසඳුමක් ලෙස ශ‍්‍රී ලාංකීය තරුණ, තරුණියන් 25 දෙනෙකු හට හෝටල් කළමනාකරණ හා සූපවේදය සම්බන්ධ වැටුප් සහිත රැකියා පුහුණුවක් මෙන්ම චීන භාෂා වැඩසටහනක් පිරිනැමීම එදින කොළඹ කින්ග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි. ඒ සඳහා මෙරටින් පිටත් වන තරුණ, තරුණියන් සමඟ ගිවිසුම් අත්සන් කරමින් ඔවුන්ගේ පාස්පෝට්, වීසා හා ගුවන් ටිකට්පත් පිරිනැමීම Coss Lanka ආයතන ප‍්‍රධානී රොහාන් ජී. රුබේරු 
මහතා ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණ. ඒ සමඟම එම තරුණ, තරුණියන්ගේ දෙමව්පියන් දැනුම්වත් කිරීම ද සිදු විය.
 
පාඨමාලා පිලිබඳ වැඩි විස්තර 0770 - 678678 ඇමතීමෙන් ලබා ගත හැක.
 






 

සාමාන්‍යයෙන් කටුස්සෝ එයාලට  ඕනෙ කරන කෑම බීම සපයා ගන්නේ සිරුරේ පාට වෙනස් කරලා. සිරුරේ පාට එයාලා ඉන්න පරිසරයේ පාටට සමාන වෙන විදියට වෙනස් කළාම නොදැන එයාලගෙ ළඟට එන කෘමි සතුන්ව බොහොම පහසුවෙන් අල්ලාගෙන කන්න එයාලට පුළුවන්.
මේක කටුස්සාගේ විදිය වුණාට ‘අං කටුස්සා’ එහෙම නැහැ. එයාට අනිත් කටුසු වර්ග තරම් හොඳට සිරුරේ පාට පරිසරයේ පාටට වෙනස් කර ගන්නත් බැහැ. ඒ වුණත් එයාලට ස්වභාව ධර්මයෙන් ඊට වඩා හොඳ ක‍්‍රමයකට කෘමි සතුන් ගොදුරු කර ගන්න අවස්ථාව ලබා දීලා තියනවා.
ඒ තමයි ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ ඇස්වලින් රතු පැහැති දියරයක් නිකුත් කරන්න. මේ දියරය හරියට රුධිරය වගේමයි. ඉතින් මේ රතු පාටින් ගලා යන්නේ මැරිච්ච කටුස්සෙකුගේ රුධිරය කියලා හිතන කෘමි සතුන් කටුස්සා ඉන්න දිහාට ඇදිලා යනවා. අන්න එතකොට තමයි කටුස්සා ඒ කෘමින්ව අල්ලාගෙන ගිල දාන්නේ. මේ විදියට කෘමි සතුන්ට වඩා ටිකක් විශාල කුරුල්ලන් වගේ සතුන්ව වුණත් රවට්ටලා ගිල දාන්න මේ අං කටුස්සා පසුබට වෙන්නේ නැහැ. 

ඉන්දියාව කියන්නේ පුදුමාකාර සිරිත්වලින් පිරුණු රටක්ග ඉන්දියානු දැරියක් කුජ සහ සෙනසුරු හතේ ඇතිව ඉපදුණොත් ඇයට විවාහ වෙන්න පිරිමියෙක් හොයන්න වෙන්නේ නැති තරම්. එහෙම උපදින දැරියන් විවාහ වුණාට පස්සේ ඉතාම ඉක්මනින් සැමියා මිය යනවා කියලා ඉන්දියානුවන් විශ්වාස කරනවා. ඒ නිසා ඒ වගේ දැරියකට විවාහ වෙන්න සිද්ධ වෙන්නේ ගහක් එක්ක.
මේ විදියට විවාහයට තෝරා ගන්නා ගස දැරිය උපදින්න කලින් රෝපණය කළ එකක් වෙන්න  ඕනේ. එ් වගේම එ් ගහේ බඳේ වට ප‍්‍රමාණය අඩි 7 කට වඩා වැඩි වෙන්නත්  ඕනේ. ඉතින් එ් විදියේ ගහක් හොයාගෙන ඒ ගහ එක්ක සියලූ චාරිත‍්‍ර සහිත විවාහයක් සිදු කළ යුතු වෙනවා. එහෙම විවාහ වෙලා දවස් හතක් ඇතුළත මේ මහා විශාල ගහ කපලා දාන්න  ඕනේ. ගහ කපලා දැම්මට පස්සේ ගහ එක්ක විවාහ වුණු තරුණියට සාමාන්‍ය විදියට පිරිමි කෙනෙක් එක්ක විවාහ වෙන්න අවසර ලැබෙනවා.

අද දක්වා ලෝකයේ විවිධ රටවලින් කැණීම් කරලා ලබා ගත් සමස්ත රත්රන් ප‍්‍රමාණය ගැන number sleuth වෙබ් අඩවිය මෙන්න මේ විදියට වාර්තා කරලා තියනවා. අතීතයේ ඉඳලා අද වෙනතුරු පෘථිවි පෘෂ්ඨයෙන් හමු වුණු රත්රන් ප‍්‍රමාණය සියයට 99 ක්. නිවැරදිව කියනවා නම් ඒවායේ සමස්ත බර මෙටි‍්‍රක් ටොන් 1,65,000 ක් විතර වෙනවාලූ.
ඒවායේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් 8,487,797,102,400 ක්. පෘථිවියේ බිලියන 7.6 ක විතර ජනගහනයක් ඉන්නවා කියන එක අපි දන්නා දෙයක්නේ. ඉතින් මේ හැමෝම අතරේ ලෝකයේ මෙතෙක් හොයා ගත්තු රත්රන් සමානව බෙදා දුන්නොත් එක් අයෙකුට රත්තරන් ග‍්‍රෑම් 24 බැගින් ලැබෙනවා. ඒ කියන්නේ එක් අයෙකුට පුළුවන් මුදු 5 ගානේ හදා ගන්න. ඒත් ආර්ථික විශ්ලේෂකයන් නම් කියන්නේ රත්රන් කියන්නේ ඉතාම දුර්ලභ ඛනිජයක් කියලයි.
 

ලිප්ස්ටික් කියලා කියන්නෙ දෙතොල් සායම් කරන්න පාවිච්චි කරන එකක් බව  ඕනෑම කෙනෙක් දන්නවා. ඒත් ඇමෙරිකාවෙ ජීවත්වෙන රොබ් ෂුවට් කියන පුද්ගලයා ලිප්ස්ටික්වලින් දෙතොල් සායම් කරනවාට වඩා අමුතුම දෙයක් කරලා තිබුණා. ඒ තමයි පාට පාට ලිප්ස්ටික් කූරු එකතු කරලා සිතුවමක් නිර්මාණය කරන එක. මේ සිතුවමේ ප‍්‍රමාණය වර්ග අඩි 30 ක්. මුළු සිතුවමටම හරියටම ලිප්ස්ටික් කූරු 32098ක් වැයවෙලා තියෙනවා. නිකී මිනාජ් කියන ඇමෙරිකානු පොප් ගායිකව තමයි මේ සිතුවමේ ඉන්නේ.

ලෝකෙ කොහෙවත් නැති විදියේ ඇඳුම් විලාසිතා දැක්මක් පහුගිය දවසක ටෝකියෝ නගරයේදී පැවැත්වුණා. ඒ, ඇමසෝන් ෆැෂන් වීක් විලාසිතා දැක්ම අතරතුරයි. මේ විලාසිතා දැක්මේ විශේෂත්වය වුණේ ඇත්තටම එයට සහභාගි වුණු නිරූපිකාවන්ට අනිත් අයට පෙන්වන්න තරම් ඇඳුමක් නොතිබුණු එකයි. ඒ කියන්නේ මේ ඇඳුම් විලාසිතාව නම් කරලා තිබුණේ ‘ස්ට‍්‍රැප් ජීන්ස්’ කියලා. ඒ කියන්නේ පටි පටි වගේ ජීන්ස් කියන්නා වගේ අදහසක්. ඉතින් නමටම හරි යන විදියට මේ ජීන්ස්වල ඇත්තටම තිබුණේ ඉරිලා වෙන් වෙලා වැල් වෙලා ගිය රෙදි පටි ටිකක් කිව්වොත් නිවැරදියි. ඇත්තටම විලාසිතා දැක්මවල් දාලා පෙන්වන්න තරම් දෙයක් මේ ජීන්ස්වල තියනවාද කියලත් ප‍්‍රදර්ශනයෙන් පස්සේ සමහරු අහන්න ගත්තා.

Page 1 of 8

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3960

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3702

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6773

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4183

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2608

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3415

Please publish modules in offcanvas position.

Web Analytics