lakbima.lk
2017-05-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.6200 , විකුණුම් මිල රු.154.4200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.194.2500 , විකුණුම් මිල රු.200.8600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.166.2500, විකුණුම් මිල රු.172.5500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.152.6900 , විකුණුම් මිල රු.158.7400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.0200 , විකුණුම් මිල රු.114.3800 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.110.6800 , විකුණුම් මිල රු.115.6600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.6900 , විකුණුම් මිල රු.111.6300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3482, විකුණුම් මිල රු.1.3993 |

ඇමෙරිකානු ඩොලර් මිලියන 57.4 ක වාර්තාගත මුදලකට දියමන්ති කරාබු ජෝඩුවක් වෙන්දේසියක අලෙවිවූ පුවතක් ජිනීවා නගරයෙන් වාර්තා වෙයි.
ඇපලෝ හා ආටමිස් නමින් හැඳින්වුණු පෙයාර් ගෙඩිවල හැඩය ගත් මෙම දියමන්ති එකක් කැරට් 16 බැගින් වෙයි.
දකුණු අප්‍රිකාවේ දියමන්ති නිධියකින් හමුවූ මෙම දියමන්ති පෙනුමින් එක සමාන වුවද පැහැයෙන් වෙනස්ය.ඉන් එකක් නිල් පැහැය ගන්නා අතර අනෙක රෝස පැහැතිය.
මෙවැනි වර්ණවත් දියමන්ති බෙහෙවින් දුලබ බව පැවැසේ.
මෙම දියමන්තිවල කිසිදු ආකාරයක සිහින් හෝ පළුද්දක් නැති බව කියන සොතෙබිස් වෙන්දේසිකරුවෝ මෙවැනි වර්ණවත් දියමන්ති ඉතා කලාතුරකින් ලැබුණු විට එයට වෙන්දේසිවල විශේෂ තැනක් හිමිවන බවද කියයි.
 
නිශානි දිසානායක

මේ පිංතූරයේ ඔබ දකින දියවීගෙන යන නිවස පිහිටා තිබෙන්නේ ප‍්‍රංශයේ පැරිස් නගරයේ. මේ විදියට බැලූවොත් තව පැය කීපයක් ඇතුළත මේ නිවස දියවෙලා පොළොවට පතිත වෙන්න ඉඩ තිබෙනවා. නමුත් කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම මේක දෘෂ්ටි මායාවක්. මේ නිවස ඉදිකරලා තියෙන්නෙත්, තීන්ත ආලේප කරලා තියෙන්නෙත් දියවෙමින් පවතින ආකාරයක් පෙනෙන විදියටයි. රිචර්ඞ් මර්ෆි කියන ගෘහ නිර්මාණ ශිල්පී සමාගමේ නිර්මාණයක් වුණු මෙහි මේ වනවිට පැරිස් නගරයේ ධන කුවේරයෙකු ජීවත්වෙනවා.

ලෝකයේ බොහොමයක් වනාන්තර තුළ විසඳිය නොහැකි ආකාරයේ අබිරහස් සැඟව ඇතැයි අතීතයේ සිටි ෙජෙව විද්‍යාඥයන් විසින් පවසා තිබේ. ට්‍රාන්සිල්වේනියාවේ ඇති හෝයා බැසියු වනාන්තරය ද එවැනි අබිරහස් රැසක් සැඟව ඇති වනාන්තරයක් ලෙස වාර්තා වී තිබේ. මෙහි ඇති ප්‍රධාන අබිරහස වන්නේ මෙම වනාන්තරය තුළ එක් ප්‍රදේශයක ඇති ගස්වල කඳ වෘත්තාකාර ලෙස වක ගැසී පැවතීමයි. මේ ආකාරයේ ගස් තුන් දහසක් පමණ දැක ගන්නට පුළුවන. ගස්වල කඳන්වල එවැනි වක ගැසීමක් සිදුවූ ආකාරය ගැන කිසිදු මතයක් ඉදිරිපත් කරන්නට ෙජෙව විද්‍යාඥයන්ට පවා හැකි වී නැත. මේ කියන්නට යන්නේ හෝයා බැසියු වනාන්තරයේ ඇති වක ගැසුණු ගස් පිළිබඳව නොවේ. මෙම ගස් පිළිබඳව පර්යේෂණ පවත්වන්නට එක් වසරකට විවිධ රටවලින් ෙජෙව විද්‍යාඥයන් පන්සියයක් පමණ පැමිණේ. ඊට අමතරව මෙම අරුම පුදුම ගස් දැක බලා ගැනීමට වසරකට සංචාරකයන් දස දහස් ගණන් පැමිණේ.

හෝයා බැසියු වනාන්තරයේ ගස්වල අබිරහස අතරට තවත් අබිරහසක් එක්වූයේ 19වන සියවස මැද භාගයේදී එක් මාර්තු මාසයක මෙම අරුම පුදුම වනාන්තරය දකින්නට පැමිණි සංචාරකයන් පිරිසකට පුදුමාකාර අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වී තිබිණි. ඒ එකවරම ඔවුන්ගේ සිරුරුවලින් පිළිස්සුණු සහ තුවාල කැලැල් දර්ශනය වෙන්නට පටන් ගැනීමයි. මේ පිළිබඳව කිසිදු මතකයක් තුවාල ලැබුවන්ට නොතිබුණේ මෙම තුවාල සිදුවන අවස්ථාවෙ පැයක පමණ කාලයක් ඔවුන් කළ කී සියලුම දේ ඔවුන්ගේ මතකයෙන් ගිලිහී තිබිම නිසාය. එසේ වූයේ කෙසේද යන්න පවා ඔවුන් දැන සිටියේ නැත. ඔවුන්ට මතක තිබුණේ තුවාල සිදුවන්නට මොහොතකට පෙර අවස්ථාවත් තම සිරුරුවල තුවාල ඇති වී තිබෙන ආකාරය දුටු අවස්ථාවත් පමණි. මෙම සිදුවීමෙහි අනෙක් විශේෂත්වය වූයේ මෙම සංචාරකයන් මෙකී අරුම පුදුම අත්දැකීමට මුහුණ දී තිබුණේ ඉහත කී වක ගැසුණු අරුම පුදුම ගස් සහිත ප්‍රදේශයේදී වීමය.

කාලයත් සමග මෙම සිදුවීම් සියල්ල ජනතාවගේ මතකයෙන් ගිලිහී යන ලදී. නැවත වරක් ඒ පිළිබඳව කතාබහක් ඇති වන්නේ 1968 වසරේදීය. ඒ ඇලෙක්සැන්ඩ්‍ර සිෆ්ට් නම්වූ වනජීවී ඡායාරූප ශිල්පියා විසින් මෙම වනාන්තරය තුළ දී සිය කැමරාවට හසුකර ගන්නා ලද සුවිශේෂී ඡායාරූපයකින් පසුවය. ඔහු විසින්  හෝයා බැසියු වනාන්තරයේ ඡායාරූප ගනිමින් සිටියදී එක්වරම දැවැන්ත ආලෝක කදම්බයක් පතිත වූ බවත්, එම ආලෝකය පතිත වූයේ ‍පොළොවේ සිට මීටර් 100 ක් පමණ ඉහළින් ස්ථානයක එක මත එක නැවූ පීරිසි දෙකක් වැනි අතිවිශාල වස්තුවකින් බවත්, තමන් වහාම එහි ඡායාරූපයක් ගත් බවත් පසු කාලයේ පවසා තිබිණි. ඔහු එය හැඳින්වූයේ පියාඹන පීරිසියක් ලෙසය.

ඉන් අනතුරුව ඔහු වැඩි අවධානයක් යොමු කරන ලද්දේ වනජීවී ඡායාරූප ගැනීමට නොව මෙම වනාන්තරයට පියාඹන පීරිසි එන්නේ දැයි නිරීක්ෂණය කර ඒවා සිය කැමරාවේ සටහන් කර ගැනීමටය. නමුත් ඉන් පසු කිසි දිනක ඔහුට එවැනි අවස්ථාවක් ලැබුණේ ද නැත. ඇලෙක්සැන්ඩ්‍ර විසින් ලබා ගන්නා ලද පියාඹන පීරිසියක් යැයි අනුමාන කළ ඡායාරූපයක් ඉහත කී සංචාරකයන්ගේ සිරුරු එක්වරම පිළිස්සීමත්, ඔවුන්ගේ මතකයෙන් පැය කීපයක් අතුරුදන් වීමත් වැනි සිදුවීම්වල යම් ආකාරයක සම්බන්ධතාවක් ඇති බවට සැකයක් මතු වන්නේ ඇලෙක්සැන්ඩ්‍රගේ ඡායාරූපය මාධ්‍යයේ පළ වීමත් සමගය. ඉන් ඔහුට ඉතා විශාල ප්‍රසිද්ධියක් ද ලැබිණි. 1993 වසරේදී ඔහු මිය යන ලද්දේ ඇසේ ෙසෙල ආශ්‍රිතව ඇති වූ පිළිකාවකිනි. ඉන් මාසයකට පමණ පසු ඔහු විසින් ලබා ගත් ඉහත කී සුවිශේෂී ඡායාරූපය සහ එහි දලසේයා පටය ද අතුරුදන්ව තිබිම පුදුමයට කරුණකි.

දුලංජලී මුතුවාඩිගේ

 

GINI

විශ්වාස කිරීමට නොහැකි, විශ්වාස කිරීමට අපහසු දේවල් මේ ලෝකයේ ඕනෑ තරම් තිබේ. එමෙන්ම විසඳා ගත නොහැකි වූ අබිරහස් ද එමටය. ෆ්‍රැන්සිස් ලෙවීගේ පුදුමාකාර අත්සලකුණේ කතාවද එවැනි අබිරහසකි.

ෆ්‍රැන්සිස් ලෙවී යනු 1920 වසරේදී ගිනි නිවන හමුදාවට බැඳුණු ඉතා ප්‍රසන්න පුද්ගලයෙකි. සෑමවිටම සිනා මුහුණින් යුතුව ගත කරන ඔහු සිය රැකියාවට මෙන්ම මිතුරන්ට ද පුදුමාකාර ආදරයක් දැක්වීය. ඕනෑම කෙනෙකුට උදව් කිරීමට ඉදිරිපත් වූයේ දෙවතාවක් නොසිතාමය. වසර හතරක් මේ ආකාරයට ඉතා ප්‍රියමනාප ලෙස සේවය කළ ඔහු දිනක් පුදුමාකාර වෙනස් පුද්ගලයෙකු බවට පත්විය. ඒ හරියටම 1924 වසරේ අප්‍රේල් 18 වෙනිදාය. එදින ඔහු සේවයට වාර්තා කළද කිසිවෙකුත් සමග සිනාසුණේ හෝ කතා කළේ නැත. මුහුණු දිහා බැලුවේවත් නැත. වෙනදා මෙන්ම ඔහු චිකාගෝ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ වීදුරු ජනේල පිරිසිදු කිරීමෙන් වැඩකටයුතු ආරම්භ කළේය. ඔහුගේ හැසිරීම වෙනදා මෙන් නොවන බව වටහා ගත් ඔහුගේ මිතුරන් ඒ පිළිබඳව ලෙවීගෙන් විමසන්නට වූහ. ‘අද මම මැරෙනවා’ ඔහු කීවේ එපමණකි.

ඒ සමගම ගිනි නිවන දෙපාර්තමේන්තුවේ දුරකථන නාද වෙමින් අසල වූ ගොඩනැගිල්ලක ඇතිවී තිබෙන ගින්නක් පිළිබඳව වාර්තා කෙරිණි. ලෙවී සහ ඔහුගේ කණ්ඩායමේ කීපදෙනෙකු වහාම ගිනි නිවන රථවල නැගී ගිනි ගත් ගොඩනැගිල්ල ඇති දෙසට වේගයන් ගමන් කරන්නට වූහ. එහි දී ද ලෙවී තොල් මතුරමින් කියා සිටියේ ‘අද මම මැරෙනවා’ යන්නය.

ගිනි ගත් ගොඩනැගිල්‍ලේ ගින්න පැතිරීමෙන් ජීවිත සහ දේ‍පොල හානි විශාල වශයෙන් සිදුවී තිබිණි. ලෙවී වෙනදා මෙන්ම මිනිසුන්ගේ දිවි බේරා ගනිමින් ගොඩනැගිල්‍ලේ වූ ගින්න මැඩලන්නට වහ වහා පියවර ගන්නා ලදී. ඔහු නිසා මිනිස් ජීවිත 50කට අධික සංඛ්‍යාවක් බේරිණි. නමුත් අවසන් විනාඩියේ ලෙවීද ගින්නට හසුවිය. පිළිස්සුම් තුවාල ලැබූ අනිකුත් රෝගීන් සමග ලෙවී ද රෝහල් ගත කරන ලදී. 

පසුදා ගිනි නිවන දෙපාර්තමේන්තුවේ සේවයට වාර්තා කළ ලෙවීගේ මිතුරන්ට දැනගන්නට ලැබුණේ පිළිස්සුම් තුවාල ලබා සිටි ලෙවී මියගොස් ඇති බවයි. මේ ආරංචිය ලැබෙන මොහොතේ ඔහුගේ හිතවතුන් සිටියේ පෙර දින ලෙවී විසින් පිරිසිදු කරමින් සිටි ජනේලය අසලය. පණිවුඩය ලද විගසම සියලු දෙනාට සිහිවූයේ පෙර දින ලෙවී මෙම ස්ථානයේ ජනේලය පිරිසිදු කරමින් සිටින අතර ‘අද මම මැරෙනවා’ යනුවෙන් පැවසූ වදනයි. ඒ සමගම ජනේලය දෙස බැළුණු ඔවුන්ට දැකගන්නට ලැබුණේ මතෛක් කිසිදා ජනෙල් වීදුරුව මත නොතිබුණු අත්ලක සටහනකි. කෙටි මහත ඇඟිලිවලින් යුතු එම අත්ල සහිත සටහන ලෙවීගේම අත්‍ලේ සටහන බවට මිතුරන් විසින් හඳුනා ගන්නා ලදී.

මෙම අත්‍ලේ සටහන වීදුරුව මත සටහන් වූයේ කෙසේද යන්න ගැන කිසිවෙකුටත් සිතාගත නොහැකි වූයේ කොතරම් පිරිසිදු කළද එය මැකී නොගිය බැවිනි. පසුකාලයේ, එනම් 1944 වසරේ චිකාගෝ ගිනි නිවන දෙපාර්තමේන්තුව එතැනින් ඉවත් කර වෙනත් ස්ථානයක ස්ථාපිත කරනතුරු ලෙවීගේ අත්‍ලේ සටහන එහි පැහැදිලිව දකින්නට තිබුණු අතර අසල සෙල්ලම් කළ කුඩා 

ළමුන් පිරිසක් එල්ල කළ බෝල පහරක් වැදීමෙන් ජනේලය බිඳීයාම ලෙවීගේ අත්‍ලේ සලකුණෙහි අවසානයද විය.

 

දදුලංජලී මුතුවාඩිගේ

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ හැරී කුමරු සාමාන්‍යයෙන් හඳුන්වන්නේ, රජ පවු‍ලේ දඩබ්බරයා ලෙසිනි. ඒ, ඔහු නිතරම හැසිරෙන්නේ, බ්‍රිතාන්‍ය කිරීටයේ අන්සාමාජිකයන් ලෙසින් නොව, තරමක හිතුවක්කාරී ලෙසින්වීම නිසාය. එහෙත් ඇතැම් අවස්ථාවල ඔහු එලෙස තරමක් දඩබ්බර ස්වරූපයෙන් හැසිරුණේ, සිය කුඩා අවධියේම තම ආදරණීය මෑණියන් තමන්ගෙන් වෙන්වීම නිසාදෝයි හැඟෙන ප්‍රවෘත්තියක් පසුගියදා අසන්නට ලැබිණි. ඒ, තමන්, තම මවගේ හදිසි මියයාම හේතුවෙන් දැඩි මානසික කම්පනයකට පත්වී ඒ සඳහා ප්‍රතිකාරද ලබාගත් බවට ඔහු කළ ප්‍රකාශයක් සමගය.
හැරී කුමරු මෙම ප්‍රකාශය කර තිබුණේ, ඩේලි ටෙලිග්‍රාෆ් සඟරාව ඔහු සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය. එහිදී ඔහු පවසා තිබුණේ, සිය මව වන ඩයනා කුමරියගේ මිය යාමත් සමග තමා මුළුමනින්ම අවුල් වියවුල් තත්ත්වයකට පත්වූ බවය. එහෙත් දශක දෙකකට ආසන්න කාලයක් ඔහු ජීවත්වී ඇත්තේ, එකී කම්පනය කිසිවෙකු සමග හෙළිනොකර, එවකට දොළොස් හැවිරිදිවූ තමාගේ කුඩා සිත තුළම සිරකර තබා ගනිමිනි. පසුකලක බොහෝ රාජකාරිමය වගකීම් අතරතුරේ ද සිය ආදරණීය මෑණියන් ළඟ නොමැති සාංකාවෙන් තමා පෙළුණු බව ඔහු කියයි.
“මගේ මෑණියන් මට අහිමිවෙද්දි අවුරුදු දොළහයි. පසුගිය වසර විස්සක කාලය තුළ මම ජීවත් වුණේ මගේ හැඟීම් සඟවාගෙනයි” හැරී කුමරු පවසා තිබුණි.
මේ නිසාම පසුකාලීනව විවිධ දඩබ්බර ක්‍රියාවන්ට ද තමන් නොදැනුවත්වම පෙළඹුණ බවත්, පසුව මනෝ වෛද්‍ය උපදේශන සේවා සඳහා පවා යොමුවීමට සිදුවූ බවත්, ඔහු සිය සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම ඔහු මෙහිදී පවසා තිබූ ආකාරයට කුඩා කාලයේදීම එලෙස  මව අහිමිව යාම ඔහුගේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයටද දැඩි බලපෑමක් එල්ල කර තිබේ. බොහෝ අවස්ථාවල මෙම මානසික පීඩාකාරී තත්ත්වය හමුවේ තම ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳවැටීමට ආසන්න තත්ත්වයට පවා පත්වූ බවත් ඔහු පවසා තිබිණි.
හැරී කුමරු පෙළුණ මෙකී මානසික පීඩාකාරී තත්ත්වයෙන් මිදෙන්නට ඔහුට උපකාර කර ඇත්තේ, සහෝදරයා වන විලියම් කුමරු සහ නෑනණ්ඩිය වන කේට් කුමරියයි. ඔහු පසුකාලීනව උපදේශන සේවාවකට යොමුවී ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීමට අනුවය. මේ වනවිට තිස් දෙවන වියෙහි පසුවන හැරී කුමරු පවසන්නේ, උපදේශන සේවාවට යොමු වීමත් සමග තම මානසික මට්ටම වඩාත් යහපත් මට්ටමකට පැමිණ තිබෙන බවය.




ගයාත්‍රි ගීගනආරච්චි

ලියනාඩෝ ඩා වින්චි නිසා ලෝක ප්‍රසිද්ධියට පත් කාන්තාවක් ලෙස Lisa del Giocondo  යන සේද රෙදි ව්‍යාපාරිකයාගේ බිරිඳ වුණු ලීසා නම් වංශවත් කාන්තාව හැඳින්විය හැක. ඇය කවුදැයි අපි හරියටම දන්නේ ඩා වින්චි විසින් නිර්මාණය කරපු ඇගේ සිතුවමක් නිසාය. මේ සිතුවම නම් කර තිබෙන්නේ මොනාලිසා ලෙසය. විවිධ කාල වකවානුවල මොනාලිසා චිත්‍රය ගැන විවිධ අදහස් සහ මත පළ විය. මේ සිතුවම ගැන මෙන්ම මේ කාන්තාව ගැනත් අලුත් මත කීපයක් ඉදිරිපත් කිරිමට කැනේඩියානු විද්‍යාඥ පිරිසක් සමත් වී සිටිති. ඔවුන් මේ මත ඉදිරිපත් කරනු ලැබුවේ ඩාවින්චි විසින් අඳින ලද මොනාලිසා මුල් පිටපත ත්‍රිමාණ පරිලෝකනයට 3ච් ඉජචද ලක්කිරීමෙන් පසුවය.

මේ ආකාරයට සිදුකළ ත්‍රිමාණ පරිලෝකනයෙන් පසු විද්‍යාඥයින් ඉතා සංවේදි කාච මගින් මොනාලිසා පිටපත නිරීක්ෂණයට ලක් කළහ. එහිදී ඔවුන්ට දැකගන්නට ලැබුණු එක් රහසක් වන්නේ මේ සිතුවම නිර්මාණය කරන කාලයේ ලීසා නම් වුණු මෙම කාන්තාව දරු උපතක් සිදුකර ඇති බවය. දරු උපත සිදුකොට තිබෙන්නේ සිතුවම නිර්මාණය කරන කාලයට දවස් කීපයකට පෙර බව ඔවුන් සොයාගෙන තිබුණි. ඒ මතය ඉදිරිපත් කිරීමට හේතුවී තිබුණේ මොනාලිසා සිතුවමේ ලීසාගේ උදරය ප්‍රදේශය, ඇගේ පියයුරු සහ මුහුණේ හැඟීම්වල තිබුණු අසාමාන්‍ය පෙනුම බව විද්‍යාඥයෝ පවසති. ආයාසයෙන් මේ ආකාරයේ සිනහාවක් මවා ගැනීමෙන් ඇගේ වේදනාව හොඳින් ඉස්මතු වෙන බව ඔවුන් පවසයි. එය නිවසේ කටයුතු නිසා ඇති වූ වේදනාවක් හෝ සැමියා සමග අඬදබර ඇති කරගැනීම නිසා ඇතිවූ වේදනාවක් නොවන බවත් ඔවුහු විශ්වාසයෙන්ම කියති.

එයට හේතුව වන්නේ සැමියෙක් තමන්ගේ බිරිඳගේ සිතුවමක් නිර්මාණය කරන්න තීරණය කරන්නේ ඇයට ඇති ස්නේහයට මිස තරහාවක් හෝ වෛරයක් නිසා නොවන බැවිනි. අනිත් කාරණය ලීසාගේ සැමියා ඉතාම ධනවත් ව්‍යාපාරිකයෙක් නිසා ඇයට වෙනත් කරදරවලට මුහුණ දීමට සිදුවු බවත් සිතා ගන්නට පුළුවන්කමක් නැති වීමයි.

මොනාලිසා සිතුවම දෙස බැලූ බැල්මට පෙනෙන්නේ ලීසාට ඇහිබැමි පිහිටා නැති ආකාරයකි. 16 වන සියවසේ සමහර කාන්තාවන් ඇහිබැමි සහ ඇස් පිය සම්පූර්ණයෙන්ම මුඩු කරන්න පුරුදු වී සිටියහ. ඉන් ඔවුන් අනිත් අයට දුන්නු පණිවුඩය වුණේ 'මම ගණිකාවක්' යන්නය. ගණිකාවන් අනිකුත් කාන්තාවන්ගෙන් වෙන් කර හඳුනාගැනීමේ ලක්ෂණය වුණේ එයයි. එසේ නම් ලීසා ගණිකාවක් විය යුතුය යන මතයක් ඒ කා‍ලේ සිට තිබුණි. නමුත් ඇය ගණිකාවක් නොවන බව කැනේඩිනු විද්‍යාඥයින්ට සහතික කරන්නට හැකි වුයේ. තමන්ගේ ත්‍රිමාණ පරිලෝකන පිටපත විශාලනය කර බැලූවිට ලීසාගේ ඇස් දෙකට ඉහළින් යාන්තමට ඇඳ තිබූ ඇහිබැමි සහ ඇහි පිහාටු දකින්නට හැකි වු නිසාය. ඉන් අදහස් වන්නේ ඇය ඇහි බැමි සහ ඇස් පිහාටු මුඩු කළ කෙනෙක් නොවන බව හා ලීසා ගණිකාවක් නොවන බවය.

මොනාලිසා සිතුවමේ ලීසාගේ ඇස් දෙක අසාමාන්‍ය ලෙස කුඩාය. එමෙන්ම ඇස්වලට යටින් අයි බෑග් නමින් හඳුන්වන කොටස ඉදිමුණු ස්වභාවයකින් යුක්තය. මෙය ත්‍රිමාණ පරිලෝකන පිටපතේදී පෙනෙන්නේ ඉතාමත් අසාමාන්‍ය ආකාරයටය. හරියටම කියනවා නම් අධික කොලොස්ටරෝල් තත්ත්වය නිසා පීඩා විඳින රෝගියෙකුගේ දෑස මෙන් ආසන්න කාලයක දරු උපතක් සිදුකළ කාන්තාවකගේ රුධිරයේ කොලොස්ටරෝල් තත්ත්වය ඉහළ යාමට හැකිය. ඒ නිසා මේ කාලයේ ලීසා රුධිරයේ කොලෙස්ටරෝල් තත්ත්වය ඉහළ යාමේ රෝගයෙන් පෙළුන බව මේ සිතුවමෙන් නිරූපණය වන බව  විද්‍යාඥයෝ් පවසති.

මීට ශතවර්ෂයකට පෙර සිතුවම් කලාවේ පෙරළියක් ඇති කළ සොයා ගැනීමක් සිදුවිය. එය නම් කළේ ගෝල්ඩන් රේෂියෝ යනුවෙනි. ගෝල්ඩන් රේෂියෝ යන සංකල්පයට අදාළව සිතුවමක් නිර්මාණය කළොත් එය ඉතාම කලාත්මක සිතුවමක් බවට පත් වෙන බවත් මෙය සොයා ගත් ශිල්පීන් පෙන්වා දුන්හ. නමුත් මේ සොයා ගැනීම සිදුවුණේ මොනාලිසා සිතුවම නිර්මාණය කොට, වසර 400කට විතර පසුය. පුදුමයකට මෙන් ගෝල්ඩන් රේෂියෝ සංකල්පය මොනාලිසා සිතුවමට ආරෝපණය කළ විට මොනාලිසා සිතුවම ගෝල්ඩන් රේෂියෝ සංකල්පයට අනුව නිර්මාණය කළ සිතුවමක් බව හෙළි විය. ගෝල්ඩන් රේෂියෝ සංකල්පය සොයා ගැනීමට අවුරුදු 400කට කලින් ඩා වින්චි ගෝල්ඩන් රේෂියෝ ගැන යමක් දැනගෙන හිටි බව ඉන් අදහස් වෙයි. කෙසේ වුවද මෙය අහඹුවක් වෙන්නත් බැරි නැත.


දුලංජලි මුතුවාඩිගේ

Page 1 of 2

IMAGE

ප්‍රින්සිපල් සර් මට ඕන නැති තට්ටු දානවා

IMAGE 2017 May 24 09:00
මම වැඩකර කර ඉද්දිත් ප්‍රින්සිපල් සර් මගේ පිට අතගානවා. පිටට තට්ටු දානවා. එක දවසක් කබඩ් එකේ...
Views - 2114

ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

IMAGE 2017 May 23 11:20
මා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන අවදියේ දුරකථන මගින් වරින් වර කාලගුණික තොරතුරු...
Views - 1618

මඟුල් දා රෑ ඥාතීන් ඇවිත් මනාලිය පැහැරගෙන ගිහින්

IMAGE 2017 May 22 13:53
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක මධුසමය ගෙවමින් සිටි මනාල යුවලක මනාලිය මංගල රාත්‍රියේදීම...
Views - 3661

වාහන පර්මිට් වික්කෙ මොකද?

IMAGE 2017 May 22 11:13
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි විශේෂ වරප්‍රසාදයක් වන තීරුබදු රහිත බලපත්‍ර විකුණු...
Views - 3237

නෑ හිතමිතුරන් පළා ගිය පසුත් හාම්පුතාගේ දේහය රැකගත් ජිමී

IMAGE 2017 May 22 10:23
ශ්‍රී ලංකාවේ බඹර ප්‍රහාරවලට නිරතුරුවම ලක්වන්නේ මධ්‍ය කඳුකරයේ වතු කම්කරුවෝය. හැටන්,...
Views - 2499

කාටත් නොකී රහසක් නිරෝෂා හෙළිකරයි

IMAGE 2017 May 21 21:03
නිරෝෂා පෙරේරා ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ. මතුපිටින් ඔබ දකින නිරෝෂාට වඩා වෙනස්ම...
Views - 4610

Please publish modules in offcanvas position.