lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

සිරුර විනිවිද පිළිකාවක් දැකිය හැකි අයුරු

කිහිල්‍ලේ හටගත් ගෙඩිය සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු වෛද්‍ය ගමගේ නිවසට පැමිණේ. දින කිහිපයකින් යළි රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු යළි පේරාදෙණිය රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි. එහිදී ඔහු තම කිහිල්ලෙන් ඉවත් කළ ගෙඩියේ පරික්ෂණ වාර්තාවෙන් වැලඳී ඇත්තේ පිළිකාවක් බව තහවුරු වීමෙන් අනතුරුව ඒ පිළිබද වැඩිදුරටත් අන්තර්ජාලය ඔස්සේ දැනුවත් වෙයි. ඉන් අනතුරුව වෛද්‍ය ගමගේ පිළිකා රෝගය සඳහා රසායන ප්‍රතිකාර වෙත යොමුවේ.
අද එතැන් සිට...
 
බොහෝ පිළිකාවල් මුලින්ම හඳුනා ගන්නේ රෝග ලකුණුවලට අනුව ය. එහෙත් සමහර පිළිකා තත්ත්වයන් හඳුනා ගන්නේ වෛද්‍යවරයා පරීක්ෂා කරන අවස්ථාවේ දී අතට දැනෙන ගෙඩියක් ලෙස හෝ රෝග හඳුනා ගැනීම සඳහා කරනු ලබන පියයුරු පරික්ෂාව (මැමෝග‍්‍රැම්), ගර්භාශයේ ගෙල පරික්ෂාව හෝ මුඛය පරික්ෂා කරන අවස්ථාවන්හි දී ය. 
මගේ දකුණු කිහිල්ලේ ඇති වූ පිළිකාව දැන ගන්නට ලැබුණේ අහම්බෙනි. වෛද්‍යවරයෙක් වූ නිසා මගේ සිරුරේ විමසිලිමත්ම ස්පර්ශ කිරීම නිසා එය පහසු විය. ලිම්ෆෝමාවක් නිසා රාත‍්‍රී කාලයෙත් දහඩිය දැමූවත් මා සිතුවේ උෂ්ණ කාලගුණය නිසා එය ඇති වූවා කියා ය. වෙනත් සාමාන්‍ය පුද්ගලයෙකු නම් එවැනි ගෙඩියක් වේදනා රහිත නිසා ගණන් ගන්නේ නැත. එහෙත් මා හට එය පිළිකාවක් විය හැකියි සිතුණේ මාගේ වෘත්තීිමය දැනුම හා අත්දැකීම් නිසා විය යුතු ය. 
 
ලිම්ෆෝමාවක රෝග ලක්ෂණ
 
1. ඉදිමුණු වසා ගැටිත්ත / ගැටිති
2. උදරය ඉදිමීම (උදරයේ පිළිකාවක් හට ගත් විට)
3. ආහාර සු`ඵ ප‍්‍රමාණයක් ගත් විට බඩ පුරවා දැමීම - (උදරයේ පිළිකාවක් හට ගත් විට)
4. උරයේ වේදනාව / තද ගතිය - (උදරයේ පිළිකාවක් හට ගත් විට)
5. හුස්ම ගැනීමේ අපහසුව - (පපුව තුළ පිළිකාවක් හට ගත් විට)
6. උණ 
7. බර අඩු වීම 
8. රාත‍්‍රීයේ දහඩිය දැමීම 
9. ඈලි මෑලි දුබල ගතිය / මහන්සිය  
10. රක්තහීනතාවය  
 
එහෙත් මා හට ඇති වුණේ ඉහත සඳහන් රෝග ලක්ෂණවලින් 1 සහ 8 පමණි. 
කලාතුරකින් ලිම්ෆෝමාවක් මොළයේ ඇති වීමට ද පුළුවණි. එවිට හිසරදය, හැසිරීමේ වෙනස් කම්, ශරීරයේ කොටසක් පණ නැති වීම (අංශභාගය), එක දෙක වී පෙනීම, කතා කිරීමේ අපහසුතාවය වැනි රෝග ලක්ෂණ ඇති විය හැකි ය. 
මා එම ගෙඩිය වහා පරීක්ෂාවට ලක්කොට ඉක්මන් ප‍්‍රතිකාර නොකළා නම් එය ඉක්මනින් පැතිරී සුව කළ නොහැකි තත්ත්වයකට පත් වීමට ද ඉඩ තිබුණි. 
මා ඊළගට බලාපොරොත්තු වන්නේ මාගේ රෝගය නීර්ණය කිරීමේ දී මා හට කරන ලද වෛද්‍ය පරීක්ෂණ පිළිබඳව ඔබට කියා දීමට ය. 
රෝගී තත්ත්වයක් ඇති වූ විට මූලික වශයෙන් කරනු ලබන රුධිර පරීක්ෂණ වන FBC (ෆුල් බ්ලඞ් කවුන්ට්ල) ESR, CRP, CXR (චෙස්ට් එක්ස්රේ) වැනි පරීක්ෂණ පිළිබඳව මින් පෙර ද සඳහන් කළෙමි. එහෙත් මාගේ කිහිල්ලේ ඇති වූ ලිම්ෆෝමාව හඳුනා ගැනීමට කරන ලද විශේෂ ඵැාසජ්ක ෂප්ටසබට (වෙද රූ) පරීක්ෂණ පිළිබඳව මෙතැන් සිට සාකච්ඡුා කරමු.
  
අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑනින් - Ultra Sound Scanning
 
මෙය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ TV කිරීම, TV පරීක්ෂණය හෙවත් ස්කෑනින් පරීක්ෂණය ලෙස ය. මෙහි දී ශරීරය තුළට යවනු ලබන පාරද්‍රවනි තරංග (කනට නො ඇසෙන තරම් වූ ශබ්ධ තරංග) ශරීරය තුළට යවා ඒවා ඉන්ද්‍රියන්හි සහ පටකවල වැදී පරිවර්තනය වන ආකාරය අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑනරය මගින් සටහන් කරනු ලැබේ. එමගින් ශරීරයේ අභ්‍යන්තරයේ ඇති ඉන්ද්‍රියන් මෙන්ම ඒවායේ ඇති රෝගී තත්ත්වයන් ද පැහැදිලිව දැක ගැනීමට හැකි වේ. 
පරීක්ෂා කළ යුතු ස්ථානයේ ශබ්දය හොඳින් ගමන් කර හැකි වන පරිදි ජෙලි විශේෂයක් තවරා එතනට ඔර්බාමිැර හෙවත් ට‍්‍රන්ඩියුසරය නැමති උපකරණය තබා එමගින් පාරද්‍රවනි තරංග සිරුර තුළට යවනු ලැබේ. එයින් ලැබෙන තොරතුරු කොම්පියුටරයක් මගින් පින්තූර බවට පරිවර්තනයකොට එයින් ලැබෙන පින්තූර රූපවාහිනි තිරය මත දිස් වීමට සලස්වනු ලැබේ. ට‍්‍රන්ඩියුසරය එහෙ මෙහෙ ගෙන යමින් ශරීරයේ අභ්‍යන්තරය පිළිබඳ සැහෙන තොරතුරු පළපුරුදු විකිරණශීලි විශේෂඥ වෛද්‍යවරුන්ට සොයා ගත හැකි වේ. වෛද්‍යවරයාට අවශ්‍ය නම් රෝග විනිශ්චයට වැදගත් යැයි සිතන ඡුායාරූප ද ඒ සමගම ලබා ගැනීමට හැකි වේ. 
අල්ට‍්‍රා සවුන්ඞ් පරීක්ෂණය වේදනා රහිත පරීක්ෂණයකි. අවශ්‍ය වන්නේ පරීක්ෂා කරනු ලබන ස්ථානයේ ඇදුම් ඉවත් කර ඇඳ මත දිගා වීම පමණි. 
අල්ට‍්‍රා සවුන්ඞ් ස්කැනින් මගින් මාගේ කිහිල්ලේ තිබුණු ගෙඩිය හඳුනා ගත්තා මිස එය කිනම් වර්ගයේ ගෙඩියක් ද එසේත් නැතිනම් පිළිකාවක් ද යන්න හඳුනා ගත්තේ නැත. මුල දී එය යටින් සැරව තිබේ යැයි පළමු විකිරණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය සැක කළත් එය එසේ නොවී ය. කිහිල්ලේ තිබූ ගෙඩියට කටුවක් යවා බැලූ විට සැරව වෙනුවට ආවේ ලේ ස්වල්පයක් පමණි. මේ අනුව පෙනී යන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ට ද රෝග විනිශ්චයේ දී වරදින බව ය. කෙසේ වෙතත් එය සැරව සහිත ගෙඩියක් නොවන බව දැනගත් පසු ශල්‍ය වෛද්‍යවරයා වහාම මා ෆයින් නීඞ්ල් ඇස්පිරේෂන් බයොප්සි (FNAB) පරීක්ෂණය සඳහා ව්‍යාධිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය වෙත යොමු කරන ලදී. ඒ අතරතුර මා තවත් අල්ට‍්‍රා සවුන්ඞ් පරීක්ෂණයක් මා මිත‍්‍ර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විකිරණවේදී මහාචාර්ය භද්‍රාණි හේවාවිතාරන පරීක්ෂා කර ගැනීමට තීරණය කළෙමි. එහිදි පෙනී ගියේ එම ගෙඩිය නිසා කිහිල්ලේ ඇති ප‍්‍රධාන ශිරා පවා අවහිර වෙමින් පවතින බව ය.
 
ඊට අමතරව මාගේ අක්මාව හා උදරය පරීක්ෂා කළ ඇය පැවැසුවේ අක්මාව හා උදරය තුළ වෙනත් රෝගී තත්ත්වයක් නොමැති බවය. තත්ත්වය බරපතල බව දැන ගත් මා වහාම ඔස්රෝ පෞද්ගලික රෝහලේ වෛද්‍ය අනුර නානායක්කාර       සාකච්ඡාකොට මහනුවර රෝහලේ විකිරණශීලී විශේෂඥ වෛද්‍ය සම්පත් ගොරොක්ගහගෙදර මහතා ලවා CT ස්කෑන් පරීක්ෂයක් කිරීමට තීරණය කළෙමි.    
 

වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්

1 වන කොටස - දකුණු කිහිල්ලේ වේදනා රහිත ගෙඩියක්

2 වන කොටස - ගෙඩියට හේතුව ක්ෂය රෝගයද? ටොක්සොප්ලැස්මෝසිස්ද?

3 වන කොටස - ශල්‍යකර්මය මගින් වේදනා රහිත ගෙඩිය ඉවත් කෙරේ

4 වන කොටස - පොත් ලියල, ලිපි ලියල හමාරයිද?

5 වන කොටස - දුරකථන ඇමතුමකින් ලැබුණ අසුබ පණිවුඩය

6 වන කොටස - පිළිකාව ජයගන්නට අන්තර් ජාලයෙන් ක්‍රම සෙව්වෙමි

7 වන කොටස - පිළිකාව ඇතිවී පැතිරෙන්නේ මෙහෙමයි

8 වන කොටස - පිළිකාව ජයගත හැකි බවට විශ්වාසයක්

9 වන කොටස - පිළිකාවට ලොව හොඳම ප්‍රතිකාර ලංකාවේදීම ලබා ගතිමි

10 වන කොටස - ප්‍රතිකාර අතරතුර හිස කෙස් ගැලවී යාම පිළිබඳ සතුටු වුණෙමි

11 වන කොටස -  පිළිකාවට හේතුව යකැදුරෙකුගේ සාපයක් බවට මතයක්

12 වන කොටස - අප්‍රාණික වූ දකුණු අතට සුවය ගෙන ආ භෞත චිකිත්සක ප්‍රතිකාර

13 වන කොටස -  විකිරණ ප්‍රතිකාරයෙන් පසු පිළිකාව පලා යයි

14 වන කොටස - ආගමික පූජා මගින් පිළිකාව සුව කළ හැකිද? 

15 වන කොටස - පිළිකාවෙන් මා මිය ගියේ නැත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

හිටපු ඇමති බිරිය සතු නිවාඩු නිකේතනයේ අභිරහස් මරණයක්

IMAGE 2017 Jul 24 10:24
එය  අනුරාධපුර මාත‍ලේ ප්‍රධාන මාර්ගයේ කුරුන්දන්කුලමේ පිහිටි නිවාඩු නිකේතනයකි. එහි...
Views - 1441

හැමෝගෙන්ම බැණුම් අහන දෙවැනි ඉනිමේ ක්‍රිකට් කෝච්

IMAGE 2017 Jul 23 13:26
මේ දවස්වල “දෙවැනි ඉනිම” නරඹන ප්‍රේක්ෂකයන්ගෙන් වැඩිපුරම බැණුම් අහන්නේ කවුද කියලා ඇහුවොත්...
Views - 2159

වෙසක් ‍පෝය අප්‍රේල් මාසයට ආවේ කොහොමද?

IMAGE 2017 Jul 23 10:23
පන්සල් සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව මුහුණ දුන්නේ එතරම් සුබ කලදසාවක් නම් නොවේ. එසේ කියන්නේ,...
Views - 1469

කලක් නිහඬව සිටි ‘ග්‍රීස් යකා’ යළි වැඩ පටන් අරන්?

IMAGE 2017 Jul 21 17:10
සති දෙකක කාලයක් තිස්සේ හංවැල්ල වල්පිට ප්‍රදේශයේ සැරි සැරූ ‘ග්‍රීස් ‍යකෙකු’ අල්ලා...
Views - 1594

කොළඹ නගරයේ යාචක සමීක්ෂණය සැක සහිතයි

IMAGE 2017 Jul 20 15:44
කොළඹ නගරයේ වෘත්තීමය යාචකයන් 4000 ක් සිටින බවටත් සැබෑ යාචකයන් සිටිනුයේ 660 ක් වන බවටත් මහනගර සහ...
Views - 2406

'කොණ්ඩදෙනියේ' නම විකුණන බොරු කාරයෝ (Video)

IMAGE 2017 Jul 20 14:54
කොණ්ඩදෙණියේ හාමුදුරුවන් නමින් ගුප්ත විද්‍යා කටයුතු පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසුලූ...
Views - 3117

Please publish modules in offcanvas position.