lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

ආගමික පූජා මගින් පිළිකාව සුව කළ හැකිද?

කිහිල්‍ලේ හටගත් ගෙඩිය සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු වෛද්‍ය ගමගේ නිවසට පැමිණේ. දින කිහිපයකින් යළි රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු යළි පේරාදෙණිය රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි. එහිදී ඔහු තම කිහිල්ලෙන් ඉවත් කළ ගෙඩියේ පරික්ෂණ වාර්තාවෙන් වැළඳී ඇත්තේ පිළිකාවක් බව තහවුරු වීමෙන් අනතුරුව ඒ පිළිබද වැඩිදුරටත් අන්තර්ජාලය ඔස්සේ දැනුවත් වෙයි. ඉන් අනතුරුව වෛද්‍ය ගමගේ පිළිකා රෝගය සඳහා රසායන ප්‍රතිකාර වෙත යොමුවේ.
අද එතැන් සිට...
 
මාපලගම මා ඉපදුණු ගමයි. ගමේ සියල්ලන්ම පාහේ සිංහල බෞද්ධයන්ය. එබැවින් මා කුඩා කල සිට හැදුණේ වැඩුණේ සිංහල බෞද්ධ පරිසරයක් තුළය. තුන් වන පන්තිය අවසානයේදී මාගේ දෙමව්පියන් මා බද්දේගම ක‍්‍රිස්තුදේව විද්‍යාලයට ඇතුළත් කරන ලදී. එවිට ක‍්‍රිස්තියානි ආගම යැයි තවත් ආගමක් ඇති බව දැන ගතිමි. ක‍්‍රිස්තියානි සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියට වඩා වෙනස් බව ද අත් දුටුවෙමි. විද්‍යා විෂය ඉගෙන ගැනීම සඳහා ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ 9 වන ශ්‍රේණියට ඇතුළත් කෙරිණි. එහිදි බෞද්ධ, ක‍්‍රිස්තියානි මෙන්ම මුස්ලිම් ළමුන් ද හඳුනා ගන්නට ලැබුණි. අ.පො.ස. උ.පෙළ. සමත් වී කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ පසු බෞද්ධ, ක‍්‍රිස්තියානි, මුස්ලිම් ළමුන්ට අමතර විශාල දෙමළ ළමුන් සංඛ්‍යාවක් ද හඳුනා ගතිමි. දෙමළ, හින්දු යහ ඵවන් සමග යාපනය, මඩකළපුව ප‍්‍රදේශවල ද සංචාරය කළෙමි. හින්දු සංස්කෘතික උත්සවවලට ද සහභාගි වුණෙමි. එමගින් විවිධ ආගම් සහ ජාතීන්ගේ සංස්කෘතීනට ගරු කිරීමට පුරුදු වුණෙමි.
මා කොළඹ වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්නා කාලයේ දී බෞද්ධ සහෝදර සංගමයේ සංස්කාරක ලෙස කටයුතු කළෙමි. එහි සභාපති වූයේ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරයන්ය. අනුශාසක මහාචාර්ය නන්දදාස කෝදාගොඩය. භක්ති ගීත කණ්ඩායමට සමහර ගීත සැපයුවේ ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයේ උපදේශක මහාචාර්ය කාලෝ ෆොන්සේකාය. 
‘‘ ඕනෑම සංස්කෘතියක් තුළ හොඳ ලක්ෂණ මෙන්ම නරක ලක්ෂණ තියෙනවා. බොහෝ සංස්කෘතික ලක්ෂණවල හොඳකුත් නැහැ. නරකකුත් නැහැ. අපි හොඳ සංස්කෘතික ලක්ෂණ තව තවත් වැඩි දියුණු කළ යුතුයි. නරක සංස්කෘතික හෙවත් සමාජයට අහිතකර මිථ්‍යාවන් යටපත් කළ යුතුයි. ඒවාට විරුද්ධ විය යුතුයි. හොඳක් හෝ නරකක් නැති මධ්‍යස්ථ සංස්කෘතික ලක්ෂණ ගැන අපි වද විය යුතු නැහැ. ඒවාට ඔහේ පවතින්නට ඉඩ හරිමු. එතකොට වඩාත් හොඳ සංස්කෘතියක් නිර්මාණය වේවි.’’ මේ එක් දිනක් මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ගුරුතුමා මා හට දුන් අවවාදයකි. 
බුදු ගුණ අඩංගු භක්ති ගීත ලියූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගුරුතුමා වැඩිපුර නැඹුරු වුණේ හේතුවාදී දර්ශනයට ය. ඔහු සමග ගිනි පෑගීමේ කටයුතුවල මෙන්ම අචාර්ය ඒබ‍්‍රහම් ටී. කොවුර්ගේ දේශනවලට ද සහභාගි වුණෙමි. මෑතක දී ඒබ‍්‍රහම් ටී. කොවුර් අනුස්මරණ දේශනයක් පැවැත්වීම සඳහා මට ආරාධනයක් ලැබුණි. දේශනය අවසානයේ දී මා වෙත පැමිණි මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගුරුතුමා මා ආදරයෙන් වැලඳගෙන සුබ පතා කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගත් ගෝලයන් අතරින් හේතුවාදය පැත්තට නැඹුරු වූ එකම ගෝලයා මා බව පැවැසුවා මතකය. පසු කලෙක මා මිත‍්‍ර තිලක් සේනාසිංහයන්ගේ ‘අවතාර ලූහුබැඳ’ නම් ග‍්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී ‘පුනරුත්පත්තිය පිළිබඳ වෛද්‍යවරයෙකු අත්දැකීම්’ නමින් දේශනයක් කළෙමි. එහි මුලසුන හෙබවූයේ ද මහාචාර්ය කාලෝ ෆොන්සේකාය. ඔහු මා වෙත පැමිණ මාගේ අත තදින් අල්ලා පැවැසුවේ ශ‍්‍රී ලංකාව තුළ හේතුවාදී විද්‍යාත්මක චින්තනය මිනිසුන් තුළට ගෙන යාමේ අදහසක් මා තුළ තිබේ නම් බුද්ධාගමට සහ වෙනත් ආගම් තදබල ලෙස විවේචනය නොකරන ලෙසය.
මාවනැල්ල ප‍්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරී ලෙස පත්වීම් ලැබ පැමිණි පසු මා බෙලිගම්මන පන්සලේ නායක පදවිය දැරූ සතර කෝරළේ ප‍්‍රධාන සංඝනායක කහවත්තේ ස්වර්ණජෝති ස්වාමීන් වහන්සේ සමග ඉතා ළ`ගින් ආශ‍්‍රය කළෙමි. පසු කලෙක පන්සලේ දායක සභාවේ සභාපති ධුරයට පත් වුණෙමි.
මා ප‍්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ එම්. ඞී. හෙවත් වෛද්‍ය විශාරද උපාධිය සමත් වූ පසු ප‍්‍රජාව තුළ කටයුතු කිරීමේ දී අනුගමනය කළ සුවිශේෂී චීන ආප්තෝපදේශයක් තිබේ. එනම්,
 
‘ජනතාව වෙත යන්න,
ඔවුන් සමග ජීවත් වන්න, 
ඔවුනට ආදරය කරන්න,
ඔවුන් දන්නා තැන සිට පටන් ගන්න,
ඔවුන් සතු දෙය මත 
ගොඩනගන්න,
ඔබගේ කටයුත්ත අවසානයේ දී අසන්න ඔවුන්ගෙන්ම එය කළේ කවුරුන්දැයි.
 
එය කළේ ඔවුන් යැයි ප‍්‍රජාව පිළිතුරු දෙන්නේ නම් ඔබ ඔවුනට නියම ප‍්‍රජා නායකයෙකු වුණාමැයි...’
මා අනුගමනය කළ ක‍්‍රියාමාර්ගය නිවැරදි බව මට දැන් පසක් වේ. මා හට අවශ්‍ය වූ සෞඛ්‍ය හුරුපුරුදු ජනතාව වෙත ලබා දීමට හැකි වුණේ ඔවුන් සංස්කෘතිය හොඳින් දැන හැඳිනගෙන කටයුතු කළ බැවින් හොඳ ලක්ෂණ දියුණු කරමින් නරක චර්යාවන් සමාජයෙන් ඉවත් කරමින් කටයුතු කළ බැවිනි. දෙවියන්ගේ ලෙඩ යනු වෛරස් විසින් හදනු ලබන ලෙඩ බවත් ප‍්‍රතිශක්තිකරණය යනු පංචායුදය පැලඳුවාට වඩා ඵලදායි වෛද්‍ය විද්‍යාත්මක ක‍්‍රියාවක් බවත් පහදා දුනිමි. ‘ළමා සෞඛ්‍ය වර්ධන සටහන’ කේන්දරයටත් වඩා වටින බව පෙන්වා දුනිමි. ඒවාට විරුද්ධව යමින් නක්ෂත‍්‍රකරුවන් සමග විරසක නොවුණෙමි. ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ප‍්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳව පුහුණු පාඨමාලා පවත්වමින් ඔවුන් දැනුවත් කළෙමි. 
‘රජෙක් වුණත් ලෙඩක් වුණොත්’ කළ යුතු දේ ගැන දේශන, රූපවාහිනී, රේඩියෝ සාකච්ඡුා සහ පොත්පත් මගින් සමාජය දැනුවත් කළ වෙදෙක් වූ මා ද ලෙඩෙක් බවට පත් වුණෙමි. ඒ අවස්ථාවේ දී නිවසට මෙන්ම රෝහලට ද පැමිණ ස්වාමීන් වහන්සේ පිරිත් සජ්ඡුායනා කරමින් මා හට සෙත් පැතූහ. ඥාතීන් ගොස් නක්ෂත‍්‍රකරුවන් සහ කට්ටඩිවරුන් හමු වී ඔවුන්ගේ උපදෙස්වලට අනුව අත්ත ගහ මැතිරීම්, දෙහි කැපීම් ද කළහ. ඒවාට මා කැමැත්තෙන් ඉඩ දුන්නේ මාගේ ඥාතීන්ට කරනු ලබන ගෞරවයක් වශයෙනි. යාතු කර්මයක් අවසානයේ දී එම කටයුතු සංවිධානය කළ මගේ ඥාති සොයුරියක් වරක් මෙසේ කීවාය. 
‘‘අයියා සහ අක්කා අපේ ලෙඩ කොයි තරම් සුව කරලා තියෙනව ද? ඉතින් අයියා ලෙඩ වුණහම ඒ වෙනුවෙන් අපට කරන්න පුඵවන් මේ වගේ ශාන්තිකර්ම තමයි. එහෙම කළාම අයියාගේ රෝගය වෙනුවෙන් අපිත් යමක් කළා තියලා අපේ හිත හදා ගන්න පුඵවනි.’’
මම ඇයගේ කියමන ඉතා ඉහළින් අනුමත කළෙමි.
පිළිකාව වැලඳීමෙන් පසු මාවනැල්ලේ ජනතාව මා හට නිරෝගී සුව පතා බෙලිගම්මන පන්සලේ පිරිත් සජ්ඣායනා සහ බෝධි පූජා පැවැත්වූහ. මුස්ලිම් පල්ලිවල සහ ක‍්‍රිස්තියානි පල්ලිවල යාච්ඤා කළහ. ‘විශ්වකර්ම වෛද්‍යවරයා’ නමින් නවනැලියේ විජේතුංග විසින් මා ගැන රචනා කරන ලද පොතක් දොරට වඩම්මා උපහාර උළෙලක් ද සංවිධානය කළහ.
මේ මැයි 16 වැනි දින මා උපන් ගමේ ඥාති හිතමිත‍්‍රාදීන් එකතු වී මා වෙනුවෙන් මාපලගම ශ‍්‍රී වර්ධනාරාමයේ දී මල් පහන් පූජාවක්, සර්ව රාත‍්‍රික පිරිත් පින්කමක් සහ දානයක් ද පිළියෙල කළහ. ඒ සඳහා මුල් වුණේ මාපලගම ශ‍්‍රී වර්ධනාරාමයේ නායක ස්වාමීන් වහන්සේ වූ ලේල්වල ජිනවංශ අධිකරණ සංඝනායක ස්වාමීන් වහන්සේ සහ විශ‍්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ ගුණපාල ගොඩගම ඇතුළු දායක සභාවය. 
මාපලගම කෘතගුණ දත් මිනිසුන් එවන් පුණ්‍යකර්මයක් මා වෙනුවෙන් කළේ පසුගිය වසර තිහ තුළ සෑම පොහොය දිනකම ගමට ගොස් නොමිලේ ඔවුනට ප‍්‍රතිකාර කළ බැවිනි. සෑම වසරකම පන්සලට ගොස් පෙරපාසල් ළමුන්ට සහ උපාසක උපාසිකාවන්ට නොමිලේ ප‍්‍රතිකාර කළ බැවිනි. වැසී ගිය මලාමුරේ   කනිෂ්ඨ පාසල නැවත විවෘතකොට එහි දරුවන්ට සෑම වසරකම සෞඛ්‍ය සායන පැවැත්වූ බැවිනි. 
මාපලගම ජනතාව විසින් මා වෙත දක්වන ලද එම කෘතඥතාව නිසා මා ඉතාමත් සතුටට පත් වුණෙමි. මා හට නිරෝගී සුව පැතීමේ මල් පහන් පූජා, පිරිත් සජ්ඣායනා සහ දානමාන කටයුතු අවසානයේ දී පින් පැමිණවීමේ දේශනය කළ ස්වාමීන් වහන්සේ මෙසේ පැවැසූ සේක.
‘‘අපේ දොස්තර මහත්තයට රෝගය සුව වීම සඳහා බේත් හේත් දෙන්න අපට පු`ඵවන්කමක් නැහැ. ප‍්‍රතිකාර ගැනීම සඳහා අවශ්‍ය වන මුදල් හදල්වලිනුත් එතුමාට අඩුවක් නැහැ. ඒ නිසා අපට කළ හැකි එකම දෙය නම් මෙවැනි ආශිර්වාදාත්මක පුණ්‍ය කටයුතු කර එතුමාට නිරෝගී සුවය ප‍්‍රාර්ථනා කිරීමයි.’’
සෞඛ්‍ය සම්පන්නභාවය යනු හුදෙක් රෝගයට ප‍්‍රතිකාර ගැනීම පමණක් නොව, කායික, සමාජයීය, මානසික මෙන්ම ආධ්‍යාත්මික සමෘද්ධිමත්භාවය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කරන ලද අර්ථ දැක්වීම සත්‍යයක් බව මම තේරුම් ගතිමි.
 

වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්

1 වන කොටස - දකුණු කිහිල්ලේ වේදනා රහිත ගෙඩියක්

2 වන කොටස - ගෙඩියට හේතුව ක්ෂය රෝගයද? ටොක්සොප්ලැස්මෝසිස්ද?

3 වන කොටස - ශල්‍යකර්මය මගින් වේදනා රහිත ගෙඩිය ඉවත් කෙරේ

4 වන කොටස - පොත් ලියල, ලිපි ලියල හමාරයිද?

5 වන කොටස - දුරකථන ඇමතුමකින් ලැබුණ අසුබ පණිවුඩය

6 වන කොටස - පිළිකාව ජයගන්නට අන්තර් ජාලයෙන් ක්‍රම සෙව්වෙමි

7 වන කොටස - පිළිකාව ඇතිවී පැතිරෙන්නේ මෙහෙමයි

8 වන කොටස - පිළිකාව ජයගත හැකි බවට විශ්වාසයක්

9 වන කොටස - පිළිකාවට ලොව හොඳම ප්‍රතිකාර ලංකාවේදීම ලබා ගතිමි

10 වන කොටස - ප්‍රතිකාර අතරතුර හිස කෙස් ගැලවී යාම පිළිබඳ සතුටු වුණෙමි

11 වන කොටස -  පිළිකාවට හේතුව යකැදුරෙකුගේ සාපයක් බවට මතයක්

12 වන කොටස - අප්‍රාණික වූ දකුණු අතට සුවය ගෙන ආ භෞත චිකිත්සක ප්‍රතිකාර

13 වන කොටස -  විකිරණ ප්‍රතිකාරයෙන් පසු පිළිකාව පලා යයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

හිටපු ඇමති බිරිය සතු නිවාඩු නිකේතනයේ අභිරහස් මරණයක්

IMAGE 2017 Jul 24 10:24
එය  අනුරාධපුර මාත‍ලේ ප්‍රධාන මාර්ගයේ කුරුන්දන්කුලමේ පිහිටි නිවාඩු නිකේතනයකි. එහි...
Views - 1446

හැමෝගෙන්ම බැණුම් අහන දෙවැනි ඉනිමේ ක්‍රිකට් කෝච්

IMAGE 2017 Jul 23 13:26
මේ දවස්වල “දෙවැනි ඉනිම” නරඹන ප්‍රේක්ෂකයන්ගෙන් වැඩිපුරම බැණුම් අහන්නේ කවුද කියලා ඇහුවොත්...
Views - 2166

වෙසක් ‍පෝය අප්‍රේල් මාසයට ආවේ කොහොමද?

IMAGE 2017 Jul 23 10:23
පන්සල් සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව මුහුණ දුන්නේ එතරම් සුබ කලදසාවක් නම් නොවේ. එසේ කියන්නේ,...
Views - 1470

කලක් නිහඬව සිටි ‘ග්‍රීස් යකා’ යළි වැඩ පටන් අරන්?

IMAGE 2017 Jul 21 17:10
සති දෙකක කාලයක් තිස්සේ හංවැල්ල වල්පිට ප්‍රදේශයේ සැරි සැරූ ‘ග්‍රීස් ‍යකෙකු’ අල්ලා...
Views - 1600

කොළඹ නගරයේ යාචක සමීක්ෂණය සැක සහිතයි

IMAGE 2017 Jul 20 15:44
කොළඹ නගරයේ වෘත්තීමය යාචකයන් 4000 ක් සිටින බවටත් සැබෑ යාචකයන් සිටිනුයේ 660 ක් වන බවටත් මහනගර සහ...
Views - 2408

'කොණ්ඩදෙනියේ' නම විකුණන බොරු කාරයෝ (Video)

IMAGE 2017 Jul 20 14:54
කොණ්ඩදෙණියේ හාමුදුරුවන් නමින් ගුප්ත විද්‍යා කටයුතු පිළිබඳව මහත් ප්‍රසිද්ධියක් ඉසුලූ...
Views - 3118

Please publish modules in offcanvas position.