lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

ප්‍රතිකාර අතරතුර හිස කෙස් ගැලවී යාම පිළිබඳ සතුටු වුණෙමි

කිහිල්‍ලේ හටගත් ගෙඩිය සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු වෛද්‍ය ගමගේ නිවසට පැමිණේ. දින කිහිපයකින් යළි රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු යළි පේරාදෙණිය රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි. එහිදී ඔහු තම කිහිල්ලෙන් ඉවත් කළ ගෙඩියේ පරික්ෂණ වාර්තාවෙන් වැලඳී ඇත්තේ පිළිකාවක් බව තහවුරු වීමෙන් අනතුරුව ඒ පිළිබද වැඩිදුරටත් අන්තර්ජාලය ඔස්සේ දැනුවත් වෙයි. ඉන් අනතුරුව වෛද්‍යගමගේ පිළිකා ප්‍රතිකාර වෙත යොමුවේ.
අද එතැන් සිට...

පළමු කීමෝතෙරපිය සහ ඉමියුනෝතෙරපිය මා හට ලබා දුන්නේ පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේදීම ය. ඉන් පසු සති තුනකට වරක් කීමෝතෙරපි සහ ඉමියුනෝතෙරපි ලබා ගැනීම සඳහා මා ගියේ මහනුවර රෝහලේ පිළිකා වාට්ටුවට ය.
එහිදී මා හට R-CHOP ප‍්‍රතිකාරය ලබා දුන් අතර ඒ නිසාම මා හට විවිධ අතුරු ආබාධ රැසකට මුහුණ පෑමට සිදු විය.
කීමෝතෙරපි ලබා ගන්න මුල් අවධියේ දී දැඩි ආහාර අප‍්‍රියතාවයක් ඇති විය. ආහාරවල රස වෙනස් වී ගොසිනි. සමහර ආහාරවල රස බලාපොරොත්තු වන රස නොවේ. ඊට හාත්පසින්ම වෙනස් වූ රසයකි.
සුප්, කොළ කැඳ, කිරි, කැඳ, පැපොල්, කොමඩු, දෙඵම්, අඹ වැනි දේ අනුභව කළ හැකි වුවත් තුනපහ යොදන ලද හොඳි, බැදුම් වැනි දේ අමිහිරි රසයෙන් හෝ තිත්ත රසයෙන් යුක්ත විය. ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගැනීමට බාගෙට තැම්බූ බිත්තර දිනකට 2-4 ප‍්‍රමාණය ගිල දැමුවෙමි. ඒ කෙසේ වෙතත් කීමෝතෙරපි කාලය තුළ මාගේ සිරුරේ බර කිලෝග‍්‍රෑම් 8 කින් පමණ අඩු විය.
ආහාර අරුචිය කීමෝතෙරපි ලබා දී සති හතරක් පමණ යන විට ක‍්‍රමයෙන් අඩු වී ගියත් ඊළග කීමෝතෙරපිය සමග නැවතත් එය ආරම්භ විය. කෙසේ වෙතත් කීමෝතෙරපිය ඇගට පුරුදු වෙත්ම ගත යුතු ආහාර තෝරා බේරා ගෙන කෑමට පුරුදු වුණත් ඇෙඟ් හට ගත් දුර්වලකම සහ මහන්සිය නම් එන්න එන්නම වැඩි විය.
ඊට අමතරව වමනය, ඔක්කාරය, කටට කෙළ ඉනීම, ආහාර හපන විට හකුපාඩ හිරි වැටීම, නිතර අත් විඳින්නට සිදු වූ අතුරු ආබාධයන් ය.  
කීමෝතෙරපි ඖෂධ ගත් කල ඇති විය හැකි දරුණුම අතුරු ආබාධය නම් විවිධ ආසාධනයන් ඇති වීම ය. එනම් වෛරස් උණ, මුත‍්‍ර ආසාදන, පාචනය, උගුර වන වීම හා නියුමෝනියාව වැනි ආසාදන ඉතාමත් ලෙහෙසියෙන් ඇති වෙන්නේ කීමෝතෙරපි නිසා රුධිරයේ ඇති සුදු රුධිරාණු (WBC)  සීඝ‍්‍රයෙන් අඩු වීම හෙවත් නියුට්‍රොපීනියා තත්ත්වය ඇති වීම නිසා ය.
හතර වෙනි කීමෝතෙරපිය දුන් අවස්ථාවේ දී මා හට ඇග පතෙහි අධික වේදනාවක් ඇති විය. ඇගපත වේදනාවට අමතරව හිසරදය, කෑම අප‍්‍රියාව සහ ඇග සීතල කර උණ ගත්තේය. එය වයිරස් ආසාදනයකි. වෙනදා වයිරස් ආසාදනයක් ඇති වූ විට හට ගන්නා රෝග ලක්ෂණ වඩාත් දරුණු ලෙස මෙවර ඇති විය. ඒ සඳහා මහනුවර රෝහලට ඇතුල් වී ප‍්‍රතිජීවක සහ වෙනත් ප‍්‍රතිකාර ලබා ගතිමි. රුධිරයේ සුදු රුධිරාණු ප‍්‍රමාණය වැඩි කිරීම සඳහා GCSF නැතහොත් Filgen නමැති ඖෂධයක් අන්තඃ චර්මීයව (හමට යටින්) නික්ෂේපණය කරන ලදී.
පස්වන කීමෝතෙරපියෙන් පසු සුදු රුධිරාණු වැඩි කරන Filgen ඖෂධය දුන්නත් සුදු රුධිරාණු වැඩි වූයේ සුඵ වශයෙනි. එබැවින් සුදු රුධිරාණු ප‍්‍රමාණය බින්දුවටම බැස්සේය. එම තත්ත්වය යටතේ මා හට හුස්ම ගැනීමේ අපහසුව, හතිය සමග සුඵ කැස්සක් ද ඇති විය. උණ ගත්තේ නැත. වහාම මහනුවර රෝහලේ 33 වෛද්‍ය වාට්ටුවට ඇතුල් කර දින හතක් දිගටම ඔක්සිජන් ලබා දෙමින් ප‍්‍රතිකාර කළේය. මෙවර හට ගත් නියුමෝනියාව නිසා මාගේ ජීවිතය ගැලවුණේ අනූ නවයෙනි.
කීමෝතෙරපි නිසා රුධිරයේ අඩු වන්නේ සුදු රුධිරාණු පමණක් නොවේ, රතු රුධිරාණු සහ ඒවායේ ඇති හිමොග්ලොබින් ප‍්‍රමාණය අඩු වී රක්ත හීනතාවය හෙවත් පාණ්ඩුව ද ඇති වේ. ප‍්‍රතිකාරයට ප‍්‍රථම මගේ රුධිරයේ තිබූ හිමොග්ලොබින් ප‍්‍රමාණය 14 - 16% අතර විය. කීමෝතෙරපි දෙන කාලයේ දී එය 9% දක්වා පහළ බැස්සේ ය.
කීමෝතෙරපි දෙන විට රුධිරයේ ඇති පට්ටිකා ප‍්‍රමාණය ද අඩු වේ. එවිට ලේ ගැලීම නැවැත්විය නොහැකි වේ. තැන තැන ලේ පැල්ලම් ඇති වීම, විදුරුමස්වලින් ලේ ගැලීම සිදු විය හැකි ය. වාසනාවකට මෙන් මගේ රුධිරයේ පට්ටිකා එතරම් අඩු වුණේ නැත.
තුන්වන කීමෝතෙරපියෙන් පසු ව්‍යායාම කිරීමේ දී හෝ නිවසේ එදිනෙදා කටයුතු කිරීමේ දී ඇගට දැනෙන මහන්සි ගතිය වැඩිපුර දැනෙන්නට විය. එවිට වැඩිපුර විවේක ගත්තෙමි. එහෙත් ව්‍යායාම හෝ ඇග ක‍්‍රියාශීලීව තබා ගැනීම තරමක් දුරට හෝ කරගෙන යාමට උත්සාහ ගන්නා ලෙස වෛද්‍යවරයාගෙන් උපදෙස් ලැබුණි.  
දෙවන කීමෝතෙරපියෙන් පසු මගේ ඇෙඟ් කෙස් හැලෙන්නට පටන් ගත්තේ ය. එයට හේතුව කීමෝතෙරපි ඖෂධ මගින් පිළිකා ෙසෙල පමණක් නොව වේගයෙන් වැඩෙන ඇෙඟ් ස්වාභාවික ෙසෙල ද විනාශ කරන බැවිනි. එබැවින් කොණ්ඩය ගැලවී යාම, ඇස් බැම, ඇස් පිහාටු ගැලවී යාම, ශරීරයේ වෙනත් තැන්වල (ලිංගික ප‍්‍රදේශයේ පවා)  කෙස් වැටීම ක‍්‍රමයෙන් සිදු විය. මෙහිදී සැලකිය යුතු කරුණක් නම් එළියට පහලියට යන විට හිස් ආවරණයක් පැළඳීමයි. එසේ නොකළ අවස්ථාවන්හි දී හිස වියලීම සහ හිසරදය ඇති විය.
කීමෝතෙරපි අවසන් වී ටික කලකින් කොණ්ඩය නැවත කලින් තිබුණු ආකාරයටම වැඩෙන නිසා ඒ පිළිබඳව කනගාටුවට පත් නොවුණෙමි. කීමෝතෙරපි ගන්නා කාලයේ දී කෙස් හැලෙන්නේ එය ශරීරය තුළ නිසියාකාරව ක‍්‍රියා කරන බැවිනි. එබැවින් ඇත්ත වශයෙන්ම මගේ හිසකෙස් ගැලවීම පිළිබඳව මම සතුටට පත් වුණෙමි. ඊට හේතුව හිස කෙස් හැලෙන්නේ කීමෝතෙරපි ප‍්‍රතිකාර නිසි ලෙස ශරීරයට ලැබීම නිසා බව මා දැන සිටීමය.
කට වණ වීම කීමෝතෙරපි ගන්න කාලයේ දී සිදුවන තවත් අතුරු ආබාධයකි. එයට හේතුව ද මුඛයේ බිත්ති, විදුරුමස් සහ දිව ආවරණය වී ඇති ශ්ලේෂමල පටල තැනී ඇත්තේ වේගයෙන් වැවෙන ෙසෙලවලින් වීම ය. දිනපතා උදේ සවස මෘදු බුරුසුවකින් දත් මැදීම, කෑමට පසු දත් අතර රැුඳුන ආහාර කැබලි දන්ත නූල් (Dental Floss) සහ ටූත් පික් මගින් ඉවත් කිරීම. මුඛය සේදීම සඳහා විෂබීජනාශක දියර භාවිත කිරීම සහ දිලීර රෝග ඇති වීම වැළැක්වීම සඳහා දිලීර නාශක, ජෙල් වර්ග දිවේ සහ කටේ ඇතිල්ලීම කරන ලදී.
මලබද්ධය කීමෝතෙරපි ලබා ගන්නන් අතර දක්නට ලැබුණු සුලබ රෝග ලක්ෂණයකි. එය ඇති කරනු ලබන්නේ වින්ක‍්‍රිස්ටින් නමැති ඖෂධය මගිනි. එමගින් බඬේ වේදනාව ද වරින් වර ඇති විය.
තන්තු සහිත එළවඵ, පළතුරු සහ පලා කොළ වර්ග අනුභව කිරීම, දිනකට අඩු තරමින් ජලය හෝ දියර වර්ග ලීටර් 2 ක් (පයින්ට් 3 1/2) බීම මෙහිදී අත්‍යවශ්‍ය වේ. දින දෙකකට වඩා මලපහ වුණේ නැතිනම් ඩල්කොලැක්ස් සපොස්ටරි හෝ වෙනත් බඩ බුරුල් වෙන ඖෂධයක් ලබා ගැනීම කරන ලදී.
මූත‍්‍රා කිරීමට යාමේ දී යටි බඬේ වේදනාවක් ඇති වේ. මුත‍්‍රා කිරීමේ අපහසුතාවයක් ද ඇති වේ. එයට හේතුව සයික්ලොෆොස්මයිඞ් නමැති ඖෂධයේ බලපෑම යි. මුත‍්‍රා බර වූ විගස මුත‍්‍රා කිරීම වැදගත් ය. මුත‍්‍ර දැවිල්ල ඇති වේ නම් ඒ මුත‍්‍රා ආසාදනයක් නිසා විය හැකි ය. එවන් අවස්ථාවල දී මුත‍්‍රා පරීක්ෂණයට (UFR) ලක් කර අවශ්‍ය ප‍්‍රතිකාර ගන්නා ලදී. මුත‍්‍රාවල රතු වර්ණයට හේතුව එයට රුධිරය එකතු වීම විය හැකි ය. එවන් අවස්ථාවල දී වහාම වෛද්‍යවරයා හමු වී ප‍්‍රතිකාර ගත යුතු වේ.  
කීමෝතෙරපිි දුන් දින හා පසු දින මුත‍්‍රාවල රතු වර්ණය  ඇති වුවහොත් එයට හේතුව රතු වර්ණ Doxorubicin  (ඩොක්සාරුබිසින්) නමැති ඖෂධයේ වර්ණය නිසා ය. එහෙත් එවැනි තත්ත්වයක් මා හට ඇති වුණේ ද නැත.
දෙවැනි සහ තුන් වන කීමෝතෙරපි ලබා දෙන කාලය වන විට මාගේ අතේ ඇගිලි සහ කකුල්වල ඇගිලි මෙන්ම යටි පතුල් ද හිරි වැටුණේ ය. එම තත්ත්වය ඇති වීමට  හේතුව වින්ක‍්‍රිස්ටින් නමැති ඖෂධය යි. එමගින් ස්නායු කෙළවරවල් අප‍්‍රාණික කරනු ලැබේ. මෙම තත්වය හඳුන්වන්නේ පෙරිෆරල් නියුරොපති Peripheral Neuropathy යනුවෙනි. මෙම කාරණය නිසා මාගේ අප‍්‍රාණිකව ඇති දකුණු අත සුව වීමේ සීඝ‍්‍රතාවය ද අඩු වී ඇති බව පෙනුණි. දිගින් දිගට දකුණු අතට පිසියෝතෙරපි ලබා දුන්නත් එය සුව අතට හැරුනේ ඉතාමත් සෙමිනි. මේ හේතුව නිසාම කමිසයේ බොත්තන් දමා ගැනීමට, බඳ පටියේ ගාංචුව දමා ගැනීමට සහ ඇඳෙහි මදුරු දැල ආවරණය කිරීම සඳහා තවත් කෙනෙකුගේ සහාය ලබා ගැනීමට සිදු විය.

වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්

1 වන කොටස - දකුණු කිහිල්ලේ වේදනා රහිත ගෙඩියක්

2 වන කොටස - ගෙඩියට හේතුව ක්ෂය රෝගයද? ටොක්සොප්ලැස්මෝසිස්ද?

3 වන කොටස - ශල්‍යකර්මය මගින් වේදනා රහිත ගෙඩිය ඉවත් කෙරේ

4 වන කොටස - පොත් ලියල, ලිපි ලියල හමාරයිද?

5 වන කොටස - දුරකථන ඇමතුමකින් ලැබුණ අසුබ පණිවුඩය

6 වන කොටස - පිළිකාව ජයගන්නට අන්තර් ජාලයෙන් ක්‍රම සෙව්වෙමි

7 වන කොටස - පිළිකාව ඇතිවී පැතිරෙන්නේ මෙහෙමයි

8 වන කොටස - පිළිකාව ජයගත හැකි බවට විශ්වාසයක්

9 වන කොටස - පිළිකාවට ලොව හොඳම ප්‍රතිකාර ලංකාවේදීම ලබා ගතිමි

 
IMAGE

සිංහල මාධ්‍යවල අපරාධ වාර්තාකරණයත් බිහිසුණුයි

IMAGE 2017 Jun 28 11:07
එකම පවුලක කිහිප දෙනෙකු ඝාතනය කිරීම ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක් මගින් මහත් පිළිකුලින් යුතුව...
Views - 699

අන්තර් ජාලයේ උයන පිහන මස්තානම්මා

IMAGE 2017 Jun 28 08:49
අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල...
Views - 1630

'මළගමකට' වෙන් කළ මුදලත් පැහැරගෙන ගිහින් !

IMAGE 2017 Jun 27 20:45
ජීවත් වන්නවුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ගසා කන්නවුන් පිළිබඳ තොරතුරු අපට නොයෙක් විට...
Views - 528

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 1458

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 3231

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 1259

Please publish modules in offcanvas position.