lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

පිළිකාව ඇතිවී පැතිරෙන්නේ මෙහෙමයි

කිහිල්‍ලේ හටගත් ගෙඩිය සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු වෛද්‍ය ගමගේ නිවසට පැමිණේ. දින කිහිපයකින් යළි රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඔහු යළි පේරාදෙණිය රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි. එහිදී ඔහු තම කිහිල්ලෙන් ඉවත් කළ ගෙඩියේ පරික්ෂණ වාර්තාවෙන් වැළඳී ඇත්තේ පිළිකාවක් බව තහවුරු වෙයි. එම පිළිකාවට හේතු සහ එය පැතිරෙන ආකාරය ඔහු අන්තර්ජාලය ඔස්සේ  අධ්‍යයනය කරයි.
අද එතැන් සිට...

මා මෙලොව එළිය දුටුවේ 1952 දෙසැම්බර් මස 12 වෙනිදාය. එහෙත් ඇත්ත වශයෙන්ම මාගේ පළමු වන සෛල හෙවත් යුක්තානුව ඇති වුනේ ඊට දින 280 කට පමණ පෙරය. එනම් 1952 පෙබරවාරි මාසයේ දිනයකදීය. අම්මාගේ ඩිම්බ සෛලයෙහි තිබූ කේ‍ර්මසෝම හෙවත් වර්ණදේහ 23 ක් තාත්තාගේ ශුක්‍රාණුවක තිබූ වර්ණදේහ 23ක් සමග න්‍යෂ්ටිය තුළදී එකතු වී වර්ණදේහ 46 ක් හෙවත් වර්ණදේහ යුගල 23ක් ඇති වුණි. එබැවින් මා හට අම්මාගේ සහ තාත්තාගේ ගති ලක්ෂණ මෙන්ම ඔවුන්ගේ පරපුරේ ගති ලක්ෂණද ලැබුණේය.
එක සෛලයකින් ආරම්භ වූ මා අද වන විට සෛල ප්‍රකෝටි ගණනකින් සැදි ජීවියෙකු බවට පත්ව තිබේ. එම සැම සෛලයක් තුළම ඇති වර්ණදේහ යුගල විසි තුන මගින් මාගේ ස්වරූපය සහ ගති ලක්ෂණ ඇති වී තිබේ. විවිධ අවයවවලදී මෙන්ම සිරුරේ විවිධ කොටස්වල ක්‍රියාකාරීත්වයට අනුව එම වර්ණදේහ තුළ ඇති DNA අනුවලින් සැදුනු ජාන ක්‍රියාත්මක වේ.
ශුක්‍රාණුවක් හා ඩිම්බය එක් වීමෙන් පළමුවෙන්ම හටගත් යුක්තානු සෛලය 2-4-8-16-32 යන ආකාරයට දෙගුණ වෙමින් මාස දහයක් හෙවත් දින 280 ක් වන විට සෛල කෝටි ගණනින් සැදි මිනිස් පැටියෙකු බවට පත් වේ. ඒ ඒ සෛලයේ ස්වභාවය අනුව ක්‍රියාකාරී වන්නේ ඊට අදාළ ජාන පමණි. මේ කටයුතු සියල්ල සමබර අයුරින් පාලනය කර ගැනීමේ හැකියාව සෛලය මැද පිහිටි DNA අනුවලින් සැදුනු ජාන වලට තිබේ. එමගින් සිරුරට අවශ්‍ය සෛල ප්‍රමාණය පමණක් නිපදවා ගැනීමේ හැකියාව ඕනෑම කෙනෙකුගේ සිරුරට තිබේ.
සමහර ජාන නිසා පාලනයකින් තොරව සෛල නිපදවුවහොත් ඒවා පාලනය කිරීමේ ජාන මගින්, එම සෛල විනාශ කර දැමීමේ ක්‍රියාවලියක් ද සෛලය තුළම නිරන්තරයෙන් ක්‍රියාත්මක වේ. පරිසරයෙන් ඇති වන බලපෑම් (දුම්පානය, බුලත් හැපීම, ආහාර රසායනික ද්‍රව්‍ය හා විකිරණ) නිසා පිළිකා ජාන (ඔන්කො ජින්ස්) ක්‍රියාත්මක වෙද්දී හිටි වනම ඒවා මර්දනය කිරීමේ හැකියාව පිළිකා විනාශ කිරීමේ ජානවලින් ගිලිහී යාමට පුළුවන. එවිට පිළිකා සෛලය ජය ගෙන ඒවා පාලනයකින් තොරව වැඩෙන්නට පටන් ගනී.
උපන් දා සිට අවුරුදු හැටක් පමණ වන තුරු මෙම ක්‍රියාවලිය මගේ  සිරුරේ සෛල තුළ සිදු වෙමින් පැවතුණද දැනට වසර කිහිපයකට පෙර මගේ කිහිල්‍ලේ තිබූ වසා ගැටිත්තක් තුළ වසා සෛල විශේෂයක් පිළිකා සෛලය වේගයෙන් වැඩෙන්නට පටන් ගෙන තිබේ.
බොහෝ පිළිකා සෛල දෙගුණ වීමට දින කිහිපයක් හෝ මාස කිහිපයක් ගත විය හැකිය. මේ අනුව බලන කල තිබ්බටු ගෙඩියක් තරම් විශාල වීම සඳහා පිළිකා සෛලය රොත්තකට අවුරුදු 5-10 ත් අතර කාලයක් ගත වීමට පුළුවන. එබැවින් මාගේ දකුණු කිහිල්ල තුළ ඇති වූ පළමු වන පිළිකා සෛලය උපදින්නට ඇත්තේ දැනට වසර 5-10 කට පමණ පෙර යැයි මට සිතේ. මා හට එය නොදැනුණේ එය කිහිල්ලෙන් පිටතට වඩා කිහිල්‍ලේ ඇතුළට වර්ධනය වූ නිසාය. ඇතුළට වර්ධනය වී එය තුළ ඉඩ මදි වුණ කල එය පිටතට වර්ධනය වෙන්නට ඇත.
ලිම්ෆෝමාව කිහිල්ල තුළට වැඩෙන විට එමගින් දකුණු අත වෙත ගමන් කරන්නා වූ ස්නායු තෙරපෙන්නට ඇත. මාවනැල්ල විනෝද ක්‍රීඩා සමාජයට ගොස් රාත්‍රී කාලයේ කාඩ් සෙල්ලම් කරන විට කාඩ් දෙක බැගින් බෙදන්නට ඇත්තේ සුළැඟිල්ල සහ වෙඳැඟිල්ල හිරිවැටී තිබුණ නිසා විය යුතුය. නමුත් එය එසේ සිදු වුණේ වයසට යාමත් සමග ස්නායු දුර්වල වීම නිසා යැයි සිතුවා මිස කිහිල්‍ලේ ඇති පිළිකාවක් නිසා යැයි මා හට නිකමටවත් හිතුණේ නැත.
පිළිකා සෛල වේගයෙන් වැඩෙන විට එය අවට ඇති ඇති පටක තෙරපනු ලැබේ. ඒ පිළිකාව ප්‍රාදේශීය වශයෙන් පැතිරෙන ආකාරයයි. සමහර විට එය උරස් ප්‍රදේශයට වර්ධනය වූවා නම් ඉල ඇට හරහා පෙනහැල්ල දෙසට වර්ධනය වෙන්නටද ඉඩ තිබුණි. එමෙන්ම එය ඒ අවට ඇති වෙනත් වසා ගැටිතිවලට පැතිරෙන්නට ඉඩ තිබුණි. එවිට බෙල්‍ලේ හෝ පපුවේ කුද්දටි ඇති වීමට ඉඩ තිබුණි. ඇත්ත වශයෙන්ම එය සැරව ගෙඩියක් යැයි සිතා කටුවක් ඇතුල් කල අවස්ථාවේද සහ ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය (පැතලොජිස්ට්) විසින් FNAB නමැති පරීක්ෂණය සඳහා කටු හතරක් ඇතුල් කළ අවස්ථාවේදී පිළිකාව කැඪි ඉතා කෙටි කාලයක් තුළ අවට වසා ගැටිතිවලට පැතිර ගොස් ඒවා ඉදිමුණේය.
පිළිකාවක් ඊළඟට පැතිරිය හැකි භයානකම ක්‍රමය නම් රුධිරය මගිනි. එහිදී පිළිකාවට ඔබ්බෙහි පිහිටි වෙනත් ඉන්ද්‍රියන් කරා පිළිකා සෙල පැතිරේ. රුධිරය හෝ වසා වාහිනී මගින් පෙණහලු, අක්මාව, මොළය පමණක් නොව ඇට මිදුළු කරා පිළිකා ෙසෙල ගමන් කිරීමේ හැකියාව තිබේ. මෙම තත්ත්වය හඳුන්වන්නේ මෙටාස්ටෙසිස් (Metastasis) නමිනි. වාසනාවකට මෙන් එවන් තත්ත්වයක් ඇති වීමට පෙර මට මගේ පිළිකාව හඳුනාගැනීමට හැකි වීම සතුටට කරුණකි.
මේ අනුව බලන කළ මාගේ මුළු ශරීරයම වර්ණ දේහ යුගල 23ක් සහිත න්‍යෂ්ඨි ඇති විවිධ සෛල වර්ගවලින් තැනී ඇති නිසා ඕනෑම සෛලයකින් පිළිකා සෛලයක් නිපද වීමේ හැකියාව තිබේ. නිපදවෙන පිළිකාවේ ස්වභාවය එය නිපදවෙන පටකය ඉන්ද්‍රිය, ග්‍රන්ථිය හෝ සිරුරේ කොටස අනුව තීරණය වේ. උදාහරණ ලෙස පියයුරු, මුඛ, පෙණහලු, තයිරොයිඩ් චර්ම පිළිකා දැක්විය හැකිය.
බොහෝ විට සම හෝ ශ්‍ලේෂ්මල පටල ආශ්‍රිතව ඇතිවන පිළිකා කාසිනෝමා ලෙසත්, ඇට සහ සම්බන්ධක පටක ආශ්‍රයෙන් ඇති වන පිළිකා සාකෝමා ලෙසත්, වසා ගැටිති ආශ්‍රිතව ඇති වෙන පිළිකා ලිම්ෆෝමා ලෙසත්, ඇට මිදුළු ආශ්‍රිතව හට ගන්නා පිළිකා ලියුකීමියා ලෙසත්, සමෙහි වර්ණක නිපදවන සෛලවලින් ඇති වන පිළිකා මෙලනෝමා සෙන් ලෙසත්, මොළය හා සුෂුම්නාව ආශ්‍රිතව හට ගන්නා පිළිකා ග්ලියෝමා ලෙසත් හඳුන්වනු ලැබේ.
පිළිකාව හට ගන්නා ස්ථානය, පටකය, හෝ ඉන්ද්‍රිය අනුව රෝග ලක්ෂණ වෙනස් වන අතර පිළිකාව හට ගන්නා සෛලයේ ස්වභාවය අනූවද එය කොයි තරම් වේගයෙන් පැතිරෙනවාද යන්න තීරණය වේ. එලෙස හට ගන්නා පිළිකා වර්ගයට අනුව සහ එය කොයි තරම් දුරට පැතිර තිබේද යන කාරණා මත රෝගියාගේ බැරෑරුම්කම රඳා පවතී. මේ අනූව බලන කල රෝගියා කොයි තරම් කල් ජීවත් වන්නේද යන්න තීරණය වෙන්නේ පිළිකාවෙ ස්වභාවය, පිළිකාව හටගෙන ඇති ස්ථානය සහ පිළිකාව සිරුර පුරා පැතිර ඇති ආකාරය අනුවය.
මා හට වැළඳුනේ අප රටේ බහුලව පවතින පිළිකා වර්ගයක් නොවේ. ලෝකයේම ගත් විට පිළිකා වර්ග 100 පමණ හඳුනාගෙන තිබෙන අතර ලිම්ෆෝමාව සඳහා එහි බහුලත්වය අනුව ලැබෙන්නේ 25 වන ස්ථානයය.
මිනිසාට වැළඳෙන ඒවා අතරින් මුඛ පිළිකා හා පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා සහ පුරස්ථි ග්‍රන්ථි සහ සමේ පිළිකා ඇති වීමට පෙර විශේෂිත වූ වළක්වාගත හැකි පිළිකා තත්ත්වයන් (pre cancers) ලෙස හඳුනාගත හැකිය. මුඛ පරීක්ෂණ,   ස්වයං පියයුරු, පරීක්ෂාව හා මැමෝග්‍රෑම් මගින් කල්තියා පෙර කී තත්ත්වයන් හඳුනාගතහොත් අනාගතයේදී එම ස්ථානයේදී පිළිකාවක් ඇති වීම වළක්වා ගත හැකි වේ.
එහෙත් මා හට වැළඳුන ලිම්ෆෝමාව සඳහා කල් තියා හඳුනාගත හැකි පෙර පිළිකා තත්ත්වයන් නොමැත. වාසනාවකට මෙන් අහම්බෙන් මා හට එය සොයා ගැනීමට හැකි විය.

වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්

1 වන කොටස - දකුණු කිහිල්ලේ වේදනා රහිත ගෙඩියක්

2 වන කොටස - ගෙඩියට හේතුව ක්ෂය රෝගයද? ටොක්සොප්ලැස්මෝසිස්ද?

3 වන කොටස - ශල්‍යකර්මය මගින් වේදනා රහිත ගෙඩිය ඉවත් කෙරේ

4 වන කොටස - පොත් ලියල, ලිපි ලියල හමාරයිද?

5 වන කොටස - දුරකථන ඇමතුමකින් ලැබුණ අසුබ පණිවුඩය

6 වන කොටස - පිළිකාව ජයගන්නට අන්තර් ජාලයෙන් ක්‍රම සෙව්වෙමි

 
IMAGE

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 581

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 1304

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 473

නතාෂා රට හැර යාමට සැරසෙයි

IMAGE 2017 Jun 25 19:41
නතාෂා පෙරේරා ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද? ඇය රටේම ආදරය දිනා ගත්තේ පුංචිම පුංචි...
Views - 2047

අපේ හොර වැඩවලට උදව් කරන්නේ මාලනී නැන්දා

IMAGE 2017 Jun 25 19:26
මාලනී ෆොන්සේකා පරම්පරා දෙකක පිරිසක් කලාවට කැඳවාගෙන ආවා. ඒ දෙවැනි පරපුරේ බාලම පුරුක තමයි...
Views - 2086

ජීවිතයේ මුල්වරට කෝච්චියේ අධිවේගයේ ගිය කෙවිලියාමඩුවේ...

IMAGE 2017 Jun 25 11:18
කෙවිලියාමඩුව ගමේ දරුවෝ හරියට “හෝ ගාන ‍පොකුණ” චිත්‍රපටයේ හුන් දරුවන් මෙන් යැයි මට සිතුණේ...
Views - 928

Please publish modules in offcanvas position.